යෙදුමෙන් කියවන්න

36. සද‍්දසඤ‍්ඤකවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

36. සද්දසඤ්ඤක වර්‍ගය

351. සද‍්දසඤ‍්ඤකත්‍ථෙරාපදානං.

351. සද්දසඤ්ඤක ස්ථවිරාවදානය

3140. මිගලුද‍්දො පුරෙ ආසිං අරඤ‍්ඤෙ කානනෙ අහං, තත්‍ථද‍්දසාසිං සම‍්බුද‍්ධං දෙවසඞ‍්ඝපුරක‍්ඛතං.

3140-3141. මම පෙර මහාවනයෙහි මුවවැද්දෙක් වීමි. එහි දී දිව්‍යසමූහයා විසින් පිරිවරන ලද චතුස්සත්‍යය දේශනා කරමින් මහාජනයා සසර සයුරින් ගොඩ නඟන සම්බුදු රජුන් දිටිමි. කොවුල් හඬට බඳු මිහිරි වචන ඇසීමි.

3141. චතුසච‍්චං පකාසෙන‍්තං උද‍්ධරන‍්තං මහාජනං, අස‍්සොසිං මධුරං වාචං කරවීකරුතොපමං.

3142. බ්‍රහ‍්මස‍්සරස‍්ස මුනිනො සිඛිනො ලොකබන්‍ධුනො, ඝොසෙ චිත‍්තං පසාදෙත්‍වා පත‍්තොම‍්හි ආසවක‍්ඛයං.

3142. බ්‍රහ්මස්වරය ඇති ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජානන් වහන්සේගේ ශබ්දයෙහි සිත පහදවා ආස්‍රවක්‍ෂයට පැමිණියෙම් වෙමි.

3143. එකතිංසෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි පසාදස‍්ස ඉදං ඵලං.

3143. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (බුද්ධස්වරයෙහි) පැහැදීමෙහි මේ විපාක යි.

3144. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3144. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා සද‍්දසඤ‍්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

සද‍්දසඤ‍්ඤකත්‍ථෙරස‍්ස අපදානං පඨමං.

සද්දසඤ්ඤක ස්ථවිරාවදානය පළමුවැනි යි.

352. යවකලාපියත්‍ථෙරාපදානං.

352. යවකලාපිය ස්ථවිරාවදානය

3145. නගරෙ අරුණවතියා ආසිං යාවසිකො තදා, පන්‍ථෙ දිස‍්වාන සම‍්බුද‍්ධං යවකලාපමවත්‍ථරිං.

3145. එකල්හි මම අරුණවතී නගරයෙහි යව (තණ) වෙළෙඳෙක් වීමි. මග දී බුදුරජුන් දැක (උන්වහන්සේට වැඩ හිඳීම සඳහා) යව මිටියක් ඇතිරීමි.

3146. අනුකම‍්පකො කාරුණිකො සිඛී ලොකග‍්ගනායකො, මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය නිසීදි යවසන්‍ථරෙ.

3146. අනුකම්පා ඇති කාරුණික වූ සිඛී බුදුරජ තෙම මාගේ අදහස දැන යව ඇතිරියෙහි වැඩ හුන්නේ ය.

3147. දිස‍්වා නිසින‍්නං විමලං මහාඣායිං විනායකං, පාමුජ‍්ජං ජනයිත්‍වාන තත්‍ථ කාලකතො අහං.

3147. එසේ වැඩ හුන්නා වූ නිර්‍මල වූ මහාධ්‍යාන ඇති අසහාය නායක වූ (බුදුරජුන්) දැක සතුට උපදවා මම එහි කලුරිය කෙළෙමි.

3148. එකතිංසෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි යවත්‍ථාරෙ ඉදං ඵලං.

3148. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. යවඇතිරි දනෙහි මේ විපාක යි.

3149. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3149. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා යවකලාපියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් යවකලාපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

යවකලාපියත්‍ථෙරස‍්ස අපදානං දුතියං.

යවකලාපිය ස්ථවිරාවදානය දෙවැනි යි.

353. කිංසුකපූජකත්‍ථෙරාපදානං.

353. කිංසුකපූජක ස්ථවිරාවදානය

3150. කිංසුකං පුප‍්ඵිතං දිස‍්වා පග‍්ගහෙත්‍වාන අඤ‍්ජලිං, බුද‍්ධං සරිත්‍වා සිද‍්ධත්‍ථං ආකාසෙ අභිපූජයිං.

3150. පිපුනු කෑල ගසක් දැක ඇඳිලි බැඳගෙණ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් සිහිපත් කොට ඒ මල් අහසෙහි (ගසේ තිබියදී ම බුදුරජුන්හට) පිදීමි.

3151. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

3151. මෙයින් සිවු අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

3152. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3152. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා කිංසුකපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිංසුකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

කිංසකපූජකත්‍ථෙරස‍්ස අපදානං තතියං.

කිංසුකපූජක ස්ථවිරාවදානය තෙවැනි යි.

354. සකොටකකොරණ‍්ඩදායකත්‍ථෙරාපදානං.

354. සකොටකකොරණ්ඩදායක ස්ථවිරාවදානය

3153. අක‍්කන‍්තඤ‍්ච පදං දිස‍්වා සිඛිනො ලොකබන්‍ධුනො, එකංසං අජිනං කත්‍වා පදසෙට‍්ඨං අවන්‍දහං.

3153. සිඛී බුදුරජානන් වහන්සේගේ තබන ලද පියවර දැක මම අඳුන්දිවිසම එකස් කොට ශ්‍රේෂ්ඨ ශ්‍රීපාදය වැන්දෙමි.

3154. කොරණ‍්ඩං පුප‍්ඵිතං දිස‍්වා පාදපං ධරණීරුහං, සකොටකං ගහෙත්‍වාන පදෙ චක‍්කමපූජයිං.

3154. පිපුනු කටුකරඬු රුකක් දැක කිණිති සහිතව මල් ගෙණ පියවරෙහි (ශ්‍රීපාදයෙහි) චක්‍රලක්‍ෂණය පිදීමි.

3155. එකතිංසෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි පදපූජායිදං ඵලං.

3155. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ශ්‍රීපාදය පිදීමෙහි මේ විපාක යි.

3156. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3156. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා සකොටකකොරණ‍්ඩදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සකොටකකොරණ්ඩදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

සකොටකකොරණ‍්ඩදායකත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.

සකොටකකොරණ්ඩදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.

355. දණ‍්ඩදායකත්‍ථෙරාපදානං

355. දණ්ඩදායක ස්ථවිරාවදානය

3157. කානනං වනමොගය‍්හ වෙළුං ඡෙත්‍වානහං තදා, ආලම‍්බනං ගහෙත්‍වාන සඞ‍්ඝස‍්ස අදදං අහං.

3157. එකල්හි මම වනයට වැද හුණලීයක් කපා එල්බගන්නා දණ්ඩක් (සැරයටියක්) සංඝයාට දුනිමි.

3158. තෙන චිත‍්තප‍්පසාදෙන සුබ‍්බතෙ අභිවාදිය, ආලම‍්බනම‍්පි දත්‍වාන පක‍්කමිං උත‍්තරාමුඛො.

3158. ඒ චිත්තප්‍රසාදය හේතුකොට ගෙණ මනා ව්‍රත ඇති සංඝයා වැඳ සැරයටිය ද දී උතුරු දිගට මුහුණ ලා ගියෙමි.

3159. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං දණ‍්ඩමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි දණ‍්ඩදානස‍්සිදං ඵලං.

3159. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් සැරයටි දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සැරයටි දනෙහි මේ විපාක යි.

3160. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3160. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා දණ‍්ඩදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් දණ්ඩදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

දණ‍්ඩදායකත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

දණ්ඩදායකස්ථවිරාවදානය පස්වැනියි.

356. අම‍්බයාගුදායකත්‍ථෙරාපදානං

356. අම්බයාගුදායක ස්ථවිරාවදානය

3161. සතරංසී නාම සම‍්බුද‍්ධො සයම‍්භූ අපරාජිතො, වුට‍්ඨහිත්‍වා සමාධිම‍්හා භික‍්ඛාය මං උපාගමි.

3161. සියල්ල තෙමේ ම අවබෝධ කොටගත් පස්මරුන් දිනූ සතරංසි නම් පසේබුදුතෙමේ සමාධියෙන් නැගිට මා වෙත පිඬුපිණිස එළඹියේ ය.

3162. පච‍්චෙකබුද‍්ධං දිස‍්වාන අම‍්බයාගුං අදාසහං, විප‍්පසන‍්නමනං තස‍්ස විප‍්පසන‍්නෙන චෙතසා.

3162. මම පිරිසිදු සිත් ඇති ඒ පසේබුදුරජුන් දැක උන්වහන්සේට පැහැදි සිතින් ම අඹ කැඳක් දුනිමි.

3163. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි අම‍්බයාගුයිදං ඵලං.

3163. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අඹකැඳ පිදීමෙහි මේ විපාක යි.

3164. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3164. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා අම‍්බයාගුදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බයාගුදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

අම‍්බයාගුදායකත්‍ථෙරස‍්ස අපදානං ඡට‍්ඨං.

අම්බයාගුදායකස්ථවිරාවදානය සවැනියි.

357. සුපුටකපූජකත්‍ථෙරාපදානං

357. සුපුටකපූජක ස්ථවිරාවදානය

3165. දිවාවිහාරා නික‍්ඛන‍්තො විපස‍්සී ලොකනායකො, භික‍්ඛාය විචරන‍්තො සො මම සන‍්තිකමුපාගමි.

3165. දිවාවිහරණයෙන් නික්මුනු ඒ විපස්සී බුදුරජානන් වහන්සේ පිඬුපිණිස හැසිරෙන සේක් මාගේ සමීපයට එළඹි සේක.

3166. කතො පතීතො සුමනො බුද‍්ධසෙට‍්ඨස‍්ස තාදිනො, ලොණසුපුටකං දත්‍වා කප‍්පං සග‍්ගම‍්හි මොදහං.

3166. ඉක්බිති සතුටු වූ සොම්නස් වූ මම තාදී ගුණ ඇති බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ලුණුපළාවක් දී කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.

3167. එකනවුතෙ ඉතො කප‍්පෙ යං සුපුටකමදාසහං, දුග‍්ගතිං නාභිජානාමි පුටකස‍්ස ඉදං ඵලං.

3167. මෙයින් එක්අනූවන කපෙහි මම (යම්) ලුණුපළා දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (ලුණු) පළාදනෙහි මේ විපාක යි.

3168. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3168. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා සුපුටකපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුපුටකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

සුපුටකපූජකත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං.

සුපුටකපූජකස්ථවිරාවදානය සත්වැනියි.

358. මඤ‍්චදායකත්‍ථෙරාපදානං

358. මඤ්චදායක ස්ථවිරාවදානය

3169. විපස‍්සිනො භගවතො ලොකජෙට‍්ඨස‍්ස තාදිනො, එකං මඤ‍්චං මයා දින‍්නං පසන‍්නෙන සපාණිනා.

3169. ලොවට දෙටු වූ තාදී ගුණ ඇති විපස්සී බුදුරජුන්හට පහන් සිතින් සියතින් ම මා විසින් එක් මඤ්චකයෙක් දෙන ලදි.

3170. හත්‍ථියානං අස‍්සයානං දිබ‍්බයානං සමජ‍්ඣගං, තෙන මඤ‍්චකදානෙන පත‍්තොම‍්හි ආසවක‍්ඛයං.

3170. (එයින්) හස්තියානයන් ද, අශ්වයානයන් ද, දිව්‍යමය යානයන් ද ලැබීමි. ඒ මඤ්චදානයෙන් ම ආස්‍රවක්‍ෂයට ද පැමිණියෙම් වෙමි.

3171. එකනවුතෙ ඉතො කප‍්පෙ යං මඤ‍්චමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි මඤ‍්චදානස‍්සිදං ඵලං.

3171. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් මඤ්චදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මඤ්චදානයාගේ මේ විපාක යි.

3172. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3172. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා මඤ‍්චදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් මඤ්චදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

මඤ‍්චදායකත්‍ථෙරස‍්ස අපදානං අට‍්ඨමං.

මඤ්චදායකස්ථවිරාවදානය අටවැනියි.

359. සරණගමනියත්‍ථෙරාපදානං.

359. සරණගමනිය ස්ථවිරාවදානය

3173. ආරුභිම‍්හ තදා නාමං භික‍්ඛු චාජීවකො චහං, නාවාය භිජ‍්ජමානාය භික‍්ඛු මෙ සරණං අදා.

3173. එකල්හි ආජීවකයෙක් වූ මම ද, භික්‍ෂුනමක් ද නැවකට නැගුනෙමු. නැව බිඳෙන කල්හි භික්‍ෂුතෙම මට සරණ දුන්නේ ය.

3174. එකතිංසෙ ඉතො කප‍්පෙ යං ච මෙ සරණං අදා, දුග‍්ගතිං නාභිජානාමි සරණගමනෙ ඵලං.

3174. මෙයින් එක්තිස්වන කපෙහි මට යම් සරණයක් දුන්නේ ද (ඒ සරණගතවීම් හේතුවෙන්) දුගතියක් නො දනිමි. සරණගමනයෙහි මේ විපාක යි.

3175. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3175. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා සරණගමනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සරණගමනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

සරණගමනියත්‍ථෙරස‍්ස අපදානං නවමං.

සරණගමනියස්ථවිරාවදානය නවවැනියි.

360. පිණ‍්ඩපාතිකත්‍ථෙරාපදානං.

360. පිණ්ඩපාතික ස්ථවිරාවදානය

3176. තිස‍්සො නාමාසි සම‍්බුද‍්ධො විහාසි විපිනෙ තදා, තුසිතා හි ඉධාගන‍්ත්‍වා පිණ‍්ඩපාතමදාසහං.

3176. තිස්ස නම් සම්බුදුවරයෙක් විය. එකල්හි උන්වහන්සේ වනයෙහි විසූ සේක. මම තුසිතයෙන් මෙහි පැමිණ (උන්වහන්සේට) පිණ්ඩපාතදානයක් දුනිමි.

3177. සම‍්බුද‍්ධමභිවාදෙත්‍වා තිස‍්සං නාම මහායසං, සකං චිත‍්තං පසාදෙත්‍වා තුසිතං අගමාසහං.

3177. මහත් වූ ගුණ ඝෝෂ ඇති තිස්ස නම් බුදුරජුන්හට සිය සිත පහදවා වැඳ මම (ආපසු) තුසිත දෙව්ලොවට ගියෙමි.

3178. ද‍්වෙනවුතෙ ඉතො කප‍්පෙ යං දානමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි පිණ‍්ඩපාතස‍්සිදං ඵලං.

3178. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් පිණ්ඩදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පිණ්ඩපාතදානයාගේ මේ විපාක යි.

3179. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3179. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා පිණ‍්ඩපාතිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පිණ්ඩපාතික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

පිණ‍්ඩපාතිකත්‍ථෙරස‍්ස අපදානං දසමං.

පිණ්ඩපාතිකස්ථවිරාවදානය දසවැනි යි.

උද‍්දානං:

උද්දානය:

සද‍්දසඤ‍්ඤී යවසිකො කිංසු කොරණ‍්ඩපුප‍්ඵියො ආලම‍්බනො අම‍්බයාගු සුපටී මඤ‍්චදායකො සරණ පිණ‍්ඩපාතො ද ගාථා තාළීසමෙව ච.

සද්දසඤ්ඤී යවසික කිංසු කොරණ්ඩපුප්ඵිය ආලම්බන අම්බයාගු සුපුටී මඤ්චදායක සරණ පිණ්ඩපාත ද ගී සාළිසෙක් මෙහි වේ.

සද‍්දසඤ‍්ඤකවග‍්ගො ඡත‍්තිංසතිමො.

සද්දසඤ්ඤකවර්‍ගය සතිස්වැනියි.