349. තින්දුකඵලදායකත්ථෙරාපදානං
349. තින්දුකඵලදායකත්ථෙරාපදානං
349. තින්දුකඵලදායක ස්ථවිරාවදානය
3132. කණිකාරංව ජොතන්තං නිසින්නං පබ්බතන්තරෙ, අද්දසං විරජං බුද්ධං ඔඝතිණ්ණමනාසවං.
3132. පර්වත අතුරෙහි වැඩහුන්නා වූ කිණිහිරි රුකක් මෙන් බබලන කෙලෙස් රජස් නැති ඕඝ තරණය කළ ආස්රව රහිත වූ වෙස්සභූ බුදුරජුන් දිටිමි.
3133. තින්දුකං සඵලං දිස්වා භින්දිත්වාන සකොටකං, පසන්නචිත්තො සුමනො වෙස්සභුස්ස අදාසහං.
3133. පල ගත් තිඹිරි ගසක් දැක පල කිණිති සහිත ව කඩා පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මම වෙස්සභූ බුදුරජුන්හට දිනිමි.
3134. එකනවුතෙ ඉතො කප්පෙ යං ඵලමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
3134. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් තිඹිරිපල දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
3135. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
3135. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා තින්දුකඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තින්දුකඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තින්දුකඵලදායකත්ථෙරස්ස අපදානං නවමං.
තින්දුකඵලදායක ස්ථවිරාවදානය නවවැනි යි.
350. එකඤ්ජලියත්ථෙරාපදානං
350. ඒකඤ්ජලිය ස්ථවිරාවදානය
3136. රෙවතො නාම සම්බුද්ධො නදීකූලෙ වසී තදා, අද්දසං විරජං බුද්ධං පීතරංසිංව භානුමං.
3136. එකල්හි රේවත නම් සර්වඥ තෙම ගඞ්ගාතීරයෙහි වැඩ විසීය. කෙලෙස් රජස් විරහිත වූ පීතවර්ණ් රස් ඇති උදා හිරු බඳු වූ ඒ බුදුරජුන් දිටිමි.
3137. උක්කාමුඛපහට්ඨංව ඛදිරඞ්ගාරසන්නිභං, ඔසධිංව විරොචන්තං එකඤ්ජලිමකාසභං.
3137. කඹුරුඋදුන ලා පිරිසිදු කළ ස්වර්ණයක් මෙන් ද, ඇවිලෙන කිහිරඟුරු මෙන් ද ඕසධී තාරකාව මෙන් ද බබලන (ඒ බුදුරජුන් දැක) මම එක් වරක් ඇඳිලි කෙළෙමි.
3138. චතුනවුතෙ ඉතො කප්පෙ යමඤ්ජලිමකාසහං, දුග්ගතිං නාභිජානාමි අඤ්ජලියා ඉදං ඵලං.
3138. මෙයින් සිවු අනූවන කපෙහි මම යම් ඇඳිලි බැඳීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඇඳිලි බැඳීමෙහි මේ විපාක යි.
3139. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
3139. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා එකඤ්ජලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකඤ්ජලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
එකඤ්ජලියත්ථෙරස්ස අපදානං දසමං.
ඒකඤ්ජලිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානං:
උද්දානය:
පදුමී උප්පලමාලී ධජො කිඞ්කිණිකො නළො චම්පකො පදුමො මුට්ඨි තින්දුකෙකඤ්ජලී තථා ඡ ච සට්ඨි ච ගාථායො ගණිතායො විභාවිහි.
පදුමී උප්පල මාලි ධජ කිඞ්කිණික නළ චම්පක පදුම මුට්ඨි තින්දුක ඒකඤ්ජලී ගී සසැටකැයි ගිණුවෝ ගැණුම් දත් නුවණැත්තෝ
එකපදුමියවග්ගො පඤ්චතිංසතිමො.
ඒකපදුමියවර්ගය පන්තිස් වැනි යි.