යෙදුමෙන් කියවන්න

348. තිණමුට‍්ඨිදායකත්‍ථෙරාපදානං

348. තිණමුට‍්ඨිදායකත්‍ථෙරාපදානං.

348. තිණමුට්ඨිදායක ස්ථවිරාවදානය

3121. හිමවන‍්තස‍්ස අවිදූරෙ ලම‍්බකො නාම පබ‍්බතො, උපතිස‍්සො නාම සම‍්බුද‍්ධො අබ‍්භොකාසම‍්භී චඞ‍්කමි.

3121. හිමවතට නුදුරෙහි ලම්බක නම් පර්‍වතයෙක් ඇත. එහි උපතිස්ස නම් බුදුරජතෙම එළිමහන්හි සක්මන් කෙළේය.

3122. මිගලුද‍්දො තදා ආසිං අරඤ‍්ඤෙ කානනෙ අහං, දිස‍්වාන තං දෙවදෙවං සයම‍්භුං අපරාජිතං.

3122. එකල්හි මම මහවනයෙහි මුවවැද්දෙක් වීමි. දෙවියනට දෙවි වූ සියල්ල තෙමේ ම අවබෝධ කළ පස්මරුන් දිනූ ඒ බුදුරජුන් දැක-

3123. විප‍්පසන‍්නෙන චිත‍්තෙන තදා තස‍්ස මහෙසිනො, නිසීදනත්‍ථං බුද‍්ධස‍්ස තිණමුට‍්ඨිමදාසහං.

3123. එකල්හි මම පැහැදි සිතින් ඒ බුදුරජුන්හට වැඩ හිඳීම පිණිස තණ මිටක් දිනිමි.

3124. දත්‍වාන දෙවදෙවස‍්ස භිය්‍යො චිත‍්තං පසාදයිං, සම‍්බුද‍්ධමභිවාදෙත්‍වා සක‍්කාමිං උත‍්තරාමුඛො.

3124. දේවාතිදේව වූ බුදුරජුන්හට එය දී බෙහෙවින් සිත පැහැදවීමි. ඉක්බිති සම්බුදුරජුන් වැඳ උතුරු දෙස බලා ගියෙමි.

3125. අචිරං ගතමත‍්තං මං මිගරාජා අහෙඨයී, සීහෙන පාතිතො සන‍්තො තත්‍ථ කාලකතො අහං.

3125. එසේ ගිය නොබෝ වෙලාවකින් සිංහයෙක් මා පෙළී ය. සිංහයා විසින් බිම හෙළන ලද මම එහි කලුරිය කෙළෙමි.

3126. ආසන‍්නෙ මෙ කතං කම‍්මං බුද‍්ධසෙට‍්ඨෙ අනාසවෙ, සුමුත‍්තො සරවෙගොව දෙවලොකමගච‍්ඡහං.

3126. ආස්‍රව රහිත වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ විෂයෙහි මරණාසන්නයෙහි ම මා විසින් කළ කර්‍මය (හේතුකොට ගෙණ) මම දුනුයෙන් මුදන ලද වේගවත් හීයක් මෙන් දෙව්ලොව ගියෙමි.

3127. යූපො තත්‍ථ සුභො ආසි පුඤ‍්ඤකම‍්මාභිනිම‍්මිතො, සහස‍්සකණ‍්ඩො සතභෙණ‍්ඩු ධජාලූ හරිතාමයො.

3127. එහි (මාගේ) පුණ්‍යකර්‍මයෙන් නිර්මිත ශෝභන ප්‍රාසාදයක් විය. එහි සහස්‍ර භාග ඇත්තේය. සියයක් ගෝලාකාර මුදුන් ඇත්තේය. (මුදුන්වල එල්ලෙන) ධජ බහුල ය. නිල්මුවා පැහැ ඇත්තේ ය.

3128. පභා නිද‍්ධාවතෙ තස‍්ස සතරංසීව උග‍්ගතො, ආකිණ‍්ණො දෙවකඤ‍්ඤාහි ආමොදිං කාමකාමහං.

3128. උදා වූ හිරු මෙන් ඒ ප්‍රාසාදයාගේ රශ්මිය ද පැතිරෙයි. මම එහි දිව්‍යකන්‍යාවන් විසින් පිරිවරන ලදුයෙම් කාමකාමීව සතුටු වීමි.

3129. දෙවලොකා චවිත්‍වාන සුක‍්කමූලෙන චොදිතො, ආගන‍්ත්‍වාන මනුස‍්සත‍්තං පත‍්තොම‍්හි ආසවක‍්ඛයං.

3129. ඒ කුශල කර්‍මයෙන් මෙහෙයන ලදුයෙම් දෙව්ලොවින් සැවැ මිනිසත්බවට පැමිණ ආස්‍රවක්‍ෂයට (=රහත්බවට) පැමිණියෙම් වෙමි.

3130. චතුනවුතෙ ඉතො කප‍්පෙ නිසීදනමදාසහං, දුග‍්ගතිං නාභිජානාමි තිණමුට‍්ඨිස‍්සිදං ඵලං.

3130. මම මින් සිවුඅනූවන කපෙහි නිසීදනයක් දුනිමි. ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. තණමිටෙහි මේ විපාක යි.

3131. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3131. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා තිණමුට‍්ඨිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණමුට්ඨිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

තිණමුට‍්ඨිදායකත්‍ථෙරස‍්ස අපදානං අට‍්ඨමං.

තිණමුට්ඨිදායක ස්ථවිරාවදානය අටවැනි යි.