346. චම්පකපුප්ඵියත්ථෙරාපදානං
346. චම්පකපුප්ඵියත්ථෙරාපදානං
346. චමපකපුප්ඵිය ස්ථවිරාවදානය
3112. හිමවන්තස්ස අවිදූරෙ චාපලො නාම පබ්බතො, බුද්ධො සුදස්සනො නාම විහාසි පබ්බතන්තරෙ.
3112. හිමවතට නුදුරෙහි චාපල නම් පර්වතයෙක් ඇත. සුදස්සන නම් බුදුරජ තෙම එහි පර්වත අතුරෙහි විසී ය.
3113. පුප්ඵං හෙමවතං ගය්හ ගච්ඡං වෙහාසෙනහං, අද්දසං විරජං බුද්ධං ඔඝතිණ්ණමනාසවං.
3113. හිමවත්හි හටගත් මල් ගෙණ අහසින් යන්නා වූ මම කෙලෙස් රජස් නැති ඕඝයන් තරණය කළ ආස්‍රව විරහිත බුදුරජුන් දිටිමි.
3114. සත්ත චම්පකපුප්ඵානි සීසෙ කත්වානහං තදා, බුද්ධස්ස අභිරොපෙසිං සයම්භුස්ස මහෙසිනො.
3114. එකල්හි මම සපුමල් සතක් හිසෙහි තමා සියල්ල තෙමේ ම අවබෝධ කළ බුදුරජුන්හට පිදීමි.
3115. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
3115. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද (එ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3116. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
3116. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා චම්පකපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චම්පකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
චම්පකපුප්ඵියත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
චම්පකපුප්ඵිය ස්ථවිරාවදානය සවැනි යි.
347. පදුමපූජකත්ථෙරාපදානං.
347. පදුමපූජක ස්ථවිරාවදානය
3117. හිමවන්තස්ස අවිදූරෙ රොමසො නාම පබ්බතො, බුද්ධොපි සම්භවො නාම අබ්භොකාසෙ වසී තදා.
3117. හිමවතට නුදුරෙහි රෝමස නම් පර්වතයෙක් ඇත. එකල්හි සම්භව නම් පසේබුදුරජ තෙමේ ද අභ්‍යවකාශයෙහි (එළිමහනෙහි) වැඩ විසීය.
3118. භවනා නික්ඛමිත්වාන පදුමං ධාරයිං අහං, එකාහං ධාරයිත්වාන පුන භවනමුපාගමිං.
3118. මම භවනයෙන් නික්ම අවුත් උන්වහන්සේට පියුමක් දැරීමි. එක් දිනක් එය දරමින් සිට යළි භවනයට එළඹියෙමි.
3119. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
3119. මෙයින් එක් අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3120. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
3120. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා පදුමපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පදුමපූජකත්ථෙරස්ස අපදානං සත්තමං.
පදුමපූජක ස්ථවිරාවදානය සත්වැනි යි.