345. නළාගාරිකත්ථෙරාපදානං
345. නළාගාරිකත්ථෙරාපදානං.
345. නළාගාරික ස්ථවිරාවදානය
3104. හිමවන්තස්ස අවිදූරෙ හාරිතො නාම පබ්බතො, සයම්භූ නාරදො රුක්ඛමූලෙ වසී තදා.
3104. හිමවතට නුදුරෙහි හාරිත නම් පර්වතයෙක් ඇත. එකල්හි නාරද නම් බුදුරජ තෙම රුක්මුලක වැඩවිසීය.
3105. නළාගාරං කරිත්වාන තිණෙන ඡාදයිං අහං, චඞ්කමං සොධයිත්වාන සයම්භුස්ස අදාසහං.
3105. මම බටකිළියක් කොට එහි තණ (=බටකොළ) සෙවිනි කෙළෙමි. මම සක්මනක් ද පිරිසිදු කොට තථාගතයන් වහන්සේට දිනිමි.
3106. චතුද්දසසු කප්පෙසු දෙවලොකෙ රමිං අහං, චතුසත්තතික්ඛත්තුඤ්ච දෙවරජ්ජමකාරයිං.
3106. මම තුදුස් කපක් දෙව්ලොව සිත් අලවා විසීමි. සූසැත්තෑ වරක් දිව්‍යරාජ්‍ය කරවීමි.
3107. සත්තසත්තතික්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං.
3107. මම සත්සැත්තෑවරක් සක්විති රජ වීමි. (ලබන ලද) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණනින් ගිණිය නො හැකි ය.
3108. උබ්බිද්ධං භවනං මය්හං ඉන්දලට්ඨීව උග්ගතං, සහස්සථම්භං අතුලං විමානං සපභසසරං.
3108. පැනනැංගා වූ මාගේ භවනය දේදුන්නක් මෙන් උස් ව නැගුනේ ය. දහසක් ටැම් ඇති අනුපම වූ ඒ විමානය පැහැ විහිදුවන්නේ ය.
3109. ද්වෙ සම්පත්ති අනුභොත්වා සුක්කමූලෙන චොදිතො, ගොතමස්ස භගවතො සාසනෙ පබ්බජිං අහං.
3109. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් ද්විවිධ (දිව්‍ය-මනුෂ්‍ය) සම්පත් අනුභව කොට මම ගෞතම බුදුරජුන්ගේ සසුනෙහි පැවිදි වීමි.
3110. පධානපහිතත්තොම්හි උපසන්තො නිරූපධි, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
3110. වීර්‍ය්‍යයෙහි මෙහෙයන ලද සිත් ඇත්තෙම් වෙමි. එසේ ම උපශාන්තයෙමි. උපධී රහිතයෙමි. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
3111. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
3111. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා නළාගාරිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් නළාගාරික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
නාළාගාරිකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
නළාගාරික ස්ථවිරාවදානය පස්වැනි යි.