344. තිකිඞ‍්කිණිපූජකත්‍ථෙරාපදානං
344. තිකිඞ‍්කිණිපූජකත්‍ථෙරාපදානං.
344. තිකිඞ්කිණිපූජක ස්ථවිරාවදානය
3100. හිමවන‍්තස‍්සාවිදූරෙ භූතගණො නාම පබ‍්බතො, තත්‍ථද‍්දසං පංසුකූලං දුමග‍්ගම‍්හි විලග‍්ගිතං.
3100. හිමවතට නුදුරෙහි භූතගණ නම් පර්‍වතයෙක් ඇත. එහි දී ගස් මුදුනක එල්බුනු පවුල් සිවුරක් (පාංශුකූල චීවරයක්) දිටිමි.
3101. තීණි කිඞ‍්කිණිපුප‍්ඵානි ඔචිනිත්‍වා අහං තදා, හට‍්ඨො හට‍්ඨෙන චිත‍්තෙන පංසුකූලමපූජයිං.
3101. මම එකල්හි සතුටු වූයෙම් කටුකිහිරි මල් තුණක් කඩා සොම්නස් සිතින් පවුල් සිවුර පිදීමි.
3102. එකතිංසෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි තිණ‍්ණං පුප‍්ඵානිදං ඵලං.
3102. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. කටුකිහිරි මල් තුණක් පිදීමෙහි මේ විපාක යි.
3103. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.
3103. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්‍ථං සුදං ආයස‍්මා තිකිඞ‍්කිණිපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිකිඞ්කිණිපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිකිඞ‍්කිණිපූජකත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.
තිකිඞ්කිණිපූජක ස්ථවිරාවදානය සිවුවැනි යි.