343. ධජදායකත්ථෙරාපදානං
343. ධජදායකත්ථෙරාපදානං.
343. ධජදායක ස්ථවිරාවදානය
3093. තිස්සො නාම අහූ සත්ථා ලොකජෙට්ඨො නරාසභො, තස්සොපධික්ඛයෙ දිස්වා ධජමාරොපිතං මයා.
3093. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ තිස්ස නම් ශාස්තෘ තෙමේ ලොව පහළ විය. උන්වහන්සේගේ උපධික්ෂය (=ස්කන්‍ධොපධි සඞ්ඛ්‍යාත පඤ්චස්කන්ධයාගේ නිරෝධය වූ නිරුපධිශේෂ පරිනිර්වාණය) දැක මා විසින් ධජයක් නගන ලදි.
3094. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
3094. මැනැවින් කළ ඒ කර්මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මම මිනිස් සිරුර හැර තව්තිසාවට ගියෙමි.
3095. සතානං තීණික්ඛත්තුඤ්ච දෙවරජ්ජමකාරයිං, සතානං පඤ්චක්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං.
3095. මම තුන්සිය වරක් දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සිය වරක් සක්විති රජ වීමි.
3096. පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං, අනුභොමි සකං කම්මං පුබ්බෙ සුකතමත්තනො.
3096. මා ලත් ප්‍රදේශ රාජ්‍යය (මෙ පමණයයි) ගිණිය නො හැකිය. පෙර තමා විසින් මොනොවට කළ ස්වකීය කර්මඵලය අනුභව කරමි.
3097. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි ධජදානස්සිදං ඵලං.
3097. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ධජදානයාගේ මේ විපාක යි.
3098. ඉච්ඡමානො’වහං අජ්ජ සකානනං සපබ්බතං, ඛොමදුස්සෙන ඡාදෙය්යං තදා මය්හං කතෙ ඵලං.
3098. අද මම කැමැත්තෙම් නම් කඳු වන සහිත වූ ලෝකය කොමුපිළියෙන් වසන්නෙමි. මේ එදා මා විසින් කළ කමේ විපාක යි.
3099. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
3099. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා ධජදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධජදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ධජදායකත්ථෙරස්ස අපදානං තතියං.
ධජදායක ස්ථවිරාවදානය තෙවැනි යි.