342. තිඋප‍්පලමාලියත්‍ථෙරාපදානං
342. තිඋප‍්පලමාලියත්‍ථෙරාපදානං
342. තිඋප්පලමාලිය ස්ථවිරාවදානය
3084. චන්‍දභාගානදීතීරෙ අහොසිං වානරො තදා, අද‍්දසං විරජං බුද‍්ධං නිසින‍්නං පබ‍්බතන‍්තරෙ.
3084. මම එකල්හි චන්‍ද්‍රභාගා නදීතීරයෙහි වඳුරෙක් වීමි. කඳු අතුරෙහි වැඩහුන් කෙලෙස් රජස් නැති බුදුරජුන් දිටිමි.
3085. ඔභාසෙන‍්තං දිසා සබ‍්බා සාලරාජංව ඵුල‍්ලිතං, ලක‍්ඛණබ්‍යඤ‍්ජනූපෙතං දිස‍්වා අත‍්තමනො අහුං.
3085. දස දික් බබුළුවන පිපී ගිය උතුම් සල්රුකක් වැනි (දෙතිස් මහා පුරිස්) ලකුණින් අසූ අනුව්‍යඤ්ජනයන්ගෙන් යුත් බුදුරජුන් දැක තුටු වීමි.
3086. උදග‍්ගචිත‍්තො සුමනො පීතියා හට‍්ඨමානසො, තීණි උප‍්පලපුප‍්ඵානි මත්‍ථකෙ අභිරොපයිං.
3086. ඔද වැඩි සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ප්‍රීතියෙන් පිනාගියෙමි. උපුල් මල් තුණක් මතුයෙහි නගා පිදීමි.
3087. පුප‍්ඵානි අභිරොපෙත්‍වා විපස‍්සිස‍්ස මහෙසිනො, සගාරවො ගමිත්‍වාන පක‍්කමිං උත‍්තරාමුඛො.
3087. විපස්සී බුදුරජුන්හට මේ මල් පුදා ගෞරව සහිතව ගොස් උතුරුදිග බලා ගියෙමි.
3088. ගච‍්ඡන‍්තො පතිකුටිකො විප‍්පසන‍්නෙන චෙතසා, සෙලන‍්නරෙ පතිත්‍වාන පාපුණිං ජීවිතක‍්ඛයං.
3088. පැහැදි සිතින් හැකිළී යන්නෙම් ගලතුර වැටී ජීවිතක්‍ෂයට පැමිණියෙමි.
3089. තෙන කම‍්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසං අගච‍්ඡහං.
3089. මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද, මිනිස් සිරුර හැර මම තව්තිසා දෙව්ලොවට ගියෙමි.
3090. සතානං තීණික‍්ඛත‍්තුඤ‍්ච දෙවරජ‍්ජමකාරයිං, සතානං පඤ‍්චක‍්ඛත‍්තුඤ‍්ච චක‍්කවත‍්තී අහොසහං.
3090. මම තුන්සියක් වර දිව්‍යරාජ්‍යය කෙළෙමි. පන්සියක් වර සක්විති රජ වීමි.
3091. එකනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.
3091. මෙයින් අනූඑක්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කරණ ලද ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජායෙහි මේ විපාකයි.
3092. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.
3092. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්‍ථං සුදං ආයස‍්මා තිඋප‍්පලමාලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිඋප්පලමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිඋප‍්පලමාලියත්‍ථෙරස‍්ස අපදානං දුතියං.
තිඋප්පලමාලිය ස්ථවිරාවදානය දෙවැනි යි.