341. එකපදුමියත්ථෙරාපදානං
341. එකපදුමියත්ථෙරාපදානං.
341. ඒකපදුමිය ස්ථවිරාවදානය
3074. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මාන පාරගූ, භවාභවෙ විභාවෙන්තො තාරෙසි ජනතං බහුං.
3074. සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර සර්වඥ තෙමේ කුදු මහත් භවයන් ප්රකාශ කරණුයේ බොහෝ ජනයා සසර සයුරින් එතෙර කෙළේය.
3075. හංසරාජා තදා හොමි දිජානං පවරො අහං, ජාතස්සරං සමොගය්හ කීළාමි හංසකීළිතං.
3075. එකල්හි මම පක්ෂීන්හට උත්තම වූ හංසරාජයෙක් වෙමි. ස්වයංජාත විලකට බැස හංසක්රීඩා කරමි.
3076. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, ජාතස්සරස්ස උපරි ආගච්ඡි තාවදෙ ජිනො.
3076. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ත්රිවිධලෝකයන් මැනැවින් දැනවදාළ පදුමුත්තර බුදුරජ තෙම එකෙණෙහිම එම ස්වයංජාත විල මතුයෙහි (අහසින් එතැනට) වැඩියේ ය.
3077. දිස්වානහං දෙවදෙවං සයම්භූං ලොකනායකං, වණ්ටෙ ඡෙත්වාන පදුමං සතපත්තං මනොරමං.
3077. මම දෙවියනට දෙවි වූ ස්වයම්භූ වූ ඒ බුදුරජුන් දැක මනරම් වූ සියපත් පියුමක් නටුවෙන් කඩා-
3078. මුඛතුණ්ඩෙන පග්ගය්හ පසන්නො ලොකනායකෙ, උක්ඛිපිත්වාන ගගනෙ බුද්ධසෙට්ඨමපූජයිං.
3078. බුදුරජුන් කෙරෙහි පහන් වූයෙම් තුඩින් ගෙණ ඔසවා අහසෙහි වැඩ සිටි එම බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේට පිදීමි.
3079. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, අන්තලික්ඛෙ ඨිතො සත්ථා අකා මෙ අනුමොදනං:
3079. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජ තෙම අහසෙහි වැඩ සිටියේ මාහට මේ අනුමෝදනාව කෙළේය:
3080. “ඉමිනා එකපදුමෙන චෙතනාපණිධීහි ච, කප්පානං සතසහස්සං විනිපාතං න ගච්ඡසි.”
3080. “මේ එක ම පියුම පිදීම් හේතුවෙන් ද, චිත්ත ප්රණිධි හේතුවෙන් ද කල්පලක්ෂයක් මුළුල්ලෙහි විනිපාත සඞ්ඛ්යාත දුගතියකට නො යන්නෙහි ය”.
3081. ඉදං වත්වාන සම්බුද්ධො ජලජුත්තමනාමකො, මම කම්මං පකිත්තෙත්වා අගමා යෙන පත්ථිතං.
3081. පදුමුත්තර නම් වූ සර්වඥ තෙමේ මේ අනුමෝදනා වදාරා මාගේ කර්මය පිළිබඳ තොරතුරු පවසා වැඩියේය.
3082. සතසහස්සෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
3082. මෙයින් පෙර ලක්ෂයක් වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3083. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
3083. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා එකපදුමියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකපදුමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
එකපදුමියත්ථෙරස්ස අපදානං පඨමං.
ඒකපදුමිය ස්ථවිරාවදානය පළමු වැනි යි.