340. උක්ඛිත්තපදුමියත්ථෙරාපදානං
340. උක්ඛිත්තපදුමියත්ථෙරාපදානං.
340. උක්ඛිත්තපදුමිය ස්ථවිරාවදානය
3060. නගරෙ හංසවතියා අහොසිං මාලිකො තදා, ඔගාහිත්වා පදුමසරං සතපත්තෙ ඔචිනාමහං.
3060. මම හංසවතී නගරයෙහි මල්කරුවෙක් වීමි. එකල්හි පියුම් විලකට බැස පියුම් නෙළමි.
3061. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මාන පාරගූ, සහ සතසහස්සෙහි සන්තචිත්තෙහි තාදිහි.
3061-3062. සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර නම් සර්වඥ තෙම තාදී ගුණ ඇති සන්හුන් සිත් ඇති ශුද්ධ වූ ෂඩභිඥා අති සිය දහසක් ක්ෂීණාස්රවයන් සමග මාගේ අභිවෘද්ධිය ගැණ සොයමින් මා සමීපයට පැමිණියේ ය.
3062. ඛීණාසවෙහි සුද්ධෙහි ඡළභිඤ්ඤෙහි සො තදා, මම වුද්ධිං සමන්වෙසං ආගච්ඡි මම සන්තිකෙ.
3063. දිස්වානහං දෙවදෙවං සයම්භුං ලොකනායකං, වණ්ටෙ ඡෙත්වා සතපත්තං උක්ඛිපිං අම්බරෙ තදා.
3063. මම දෙවියනට දෙවි වූ තමා ම සියල්ල අවබෝධ කළ ලෝකනායක වූ බුදුරජුන් දැක එකල්හි පියුම නටුයෙන් කඩා අහසෙහි දැමීමි:
3064. යදි බුද්ධො තුවං වීර ලොකජෙට්ඨො නරාසභො, සයං ගන්ත්වා සතපත්තා මත්ථකෙ ධාරයන්තු තෙ.
3064. “වීරයන්වහන්ස, ඉදින් ඔබ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සර්වඥ වෙහි නම් පදමයෝ තුමූ ම ගොස් ඔබ වහන්සේගේ මස්තකයෙහි දරත්වා යී” (කියායි).
3065. අධිට්ඨහි මහාවීරො ලොකෙජෙට්ඨො නරාසභො, බුද්ධස ආනුභාවෙන මත්ථකෙ ධාරයිංසු තෙ.
3065. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ මහාවීර වූ බුදුරජ තෙමේ (එසේ වීමට) ඉටීය. බුද්ධානුභාවයෙන් ඒ පදමයෝ උන්වහන්සේගේ මුදුනෙහි දැරූහ.
3066. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං,
3066. මම මැනැවින් කරණ ලද කර්මය හා චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.
3067. තස්ස මෙ සුකතං ව්යම්හං සතපත්තන්ති වුච්චති, සට්ඨියොජනමුබ්බෙධං තිංසයොජනවිත්ථතං.
3067. එම දෙව්ලොවෙහි මට කරණ ලද විමානය “සතපත්ත” යයි කියනු ලැබේ. එය සැටයොදුන් පුළුල්ය. තිස්යොදුන් උසය.
3068. සහස්සක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං අකාරයිං, පඤ්චසත්තතික්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං.
3068. ශක්‍ර දේවේන්ද්‍ර ව දහස් වරක් දිව්‍යරාජ්‍යය කෙළෙමි. මම පන්සැත්තෑ වරක් සක්විතිරජ වීමි.
3069. පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං, අනුභොමි සකං කම්මං පුබ්බෙ සුකතමත්තනො.
3069. කරවන ලද මහත් වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් විසින් ගිණිය නො හැකිය. පෙර තමා විසින් මැනැවින් කරණ ලද ස්වකීය කර්ම (විපාක) ය අනුභව කරමි.
3070. තෙනෙවෙකපදුමෙන අනුභොත්වාන සම්පදා, ගොතමස්ස භගවතො ධම්මං සච්ඡිකරිං අහං.
3070. ඒ එක පියුම පිදීමෙන් (එහි විපාක) සම්පත් අනුභව කොට මම ගෞතම බුදුරජානන් වහන්සේගේ ධර්මය සාක්ෂාත් කෙළෙමි.
3071. කිලොසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
3071. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. බැඳුම් සිඳි ඇතකු මෙන් ආස්‍රව රහිත ව වෙසෙමි.
3072. සතසහස්සෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි එකපදුමස්සිදං ඵලං.
3072. මෙයින් ලක්ෂයක් වන කපෙහි පුෂ්ප (පද්ම) පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. එක පියුමක් පිදීමෙහි මේ විපාකයි.
3073. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
3073. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා උක්ඛිත්තපදුමියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උක්ඛිත්තපදුමිය ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
උක්ඛිත්තපදුමියත්ථෙරස්ස අපදානං දසමං.
උක්ඛිත්තපදුමිය ස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානං:
උද්දානය:
ගන්ධධූපො ච උදකං පුන්නාගඑකදුස්සිකො, ඵුසිතො ච පභඞ්කරො කුටිදො උත්තරීයකො. සවණී එකපදුමී ගාථායො තත්ථ පිණ්ඩිතා, එකං ගාථාසතඤ්චෙච චතුතාළීසමෙව ච.
ගන්‍ධධූප උදක පුන්නාග ඒකදුස්සික ඵුසිත පහඞ්කර කුටිද උත්තරීයක ස්වර්ණ ඒකපදුමී එහි පිඬුකළ ගී එක්සිය සුසාළිසැයි දන්නේ.
ගන්ධධූපියවග්ගො චතුත්තිංසතිමො.
ගන්‍ධධූපිය වර්ගය සූතිස් වැනි යි.