යෙදුමෙන් කියවන්න

339. ධම‍්මසවණියත්‍ථෙරාපදානං

339. ධම‍්මසවණියත්‍ථෙරාපදානං.

339. ධම්මසවණිය ස්ථවිරාවදානය

3042. පදුමුත‍්තරො නාම ජිනො සබ‍්බධම‍්මාන පාරගූ, චතුසච‍්චං පකාසෙන‍්තො සන‍්තාරෙසි බහුං ජනං.

3042. සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර බුදුරජ තෙම චතුස්සත්‍යය දේශනා කරමින් බොහෝ දෙන (සසරසයුරින්) එතෙර කෙළේ ය.

3043. අහං තෙන සමයෙන ජටිලො උග‍්ගතාපනො, ධුනන‍්තො වාකචීරානි ගච‍්ඡාමි අම‍්බරෙ තදා.

3043. මම එකල්හි උග්‍ර තපස් ඇති ජටිලයෙක් (ජටාධර තවුසෙක්) වූයෙම් වැහැරි සිවුරු සලමින් අහසෙහි යමි.

3044. බුද‍්ධසෙට‍්ඨස‍්ස උපරි ගන‍්තුං න විසහාමහං, පක‍්ඛීව සෙලමාසජ‍්ජ ගමනං නාලභිං තදා,

3044. මම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ මතුයෙහි යන්නට නො හැකි වෙමි. එකල්හි පර්‍වතයක හැපුනු පක්‍ෂියකු මෙන් ගමන් නො ලැබීමි.

3045. න මෙ ඉදං භූතපුබ‍්බං ඉරියස‍්ස විකොපනං, දකෙ යථා උම‍්මුජ‍්ජිත්‍වා එවං ගච‍්ඡාමි අම‍්බරෙ.

3045. මාගේ ගමනට මෙබඳු අවහිර වීමක් පෙර නො වූ විරූ ය. (පෙර) ජලයෙහි කිමිදගෙණ මෙන් මෙසේ අහසෙහි යමි.

3046. උළාරභූතො මනුජො හෙට‍්ඨාසීනො භවිස‍්සති, හන්‍දමෙනං ගවෙසිස‍්සං අපි අත්‍ථං ලභෙය්‍යහං.

3046. “උදාර වූ මනුෂ්‍යයෙක් යට (පොළොවෙහි) හුන්නේ වන්නේ ය. ඒකාන්තයෙන් හේ කවරෙක් දැයි සොයන්නෙමි. මම එයින් අභිවෘද්ධියක් ලබන්නෙම් නම් මැනවි” (යයි සිතීමි.)

3047. ඔරොහන‍්තො අන‍්තලික‍්ඛා සදදමස‍්සොසිං සත්‍ථුනො, අනිච‍්චතං කථෙන‍්තස‍්ස තමහං උග‍්ගහිං තදා.

3047. මම අහසින් බස්නෙම් අනිත්‍යය දේශනා කරන්නා වූ බුදුරජුන්ගේ ශබ්දය ඇසීමි. එකල්හි මම එය උගතිමි.

3048. අනිච‍්චසඤ‍්ඤමුග‍්ගය‍්හ අගමාසිං මමස‍්සමං, යාවතායුං වසිත්‍වාන තත්‍ථ කාලකතො අහං.

3048. අනිත්‍යසංඥාව ඉගෙණ මාගේ අසපුවට ගියෙමි. එහි ආයු ඇතිතාක් වැස මම කලුරිය කෙළේ වෙමි.

3049. චරිමෙ වත‍්තමානම‍්හි තං ධම‍්මසවණං සරිං, තෙන කම‍්මෙන සුකතෙන තාවතිංසමගච‍්ඡහං.

3049. චුතිය වන්නා වූ අවස්ථාවෙහි ඒ ධර්‍මශ්‍රවණය සිහි කෙළෙමි. මැනවින් කරණ ලද එම කර්‍මය හේතුකොට ගෙණ මම තව්තිසා දෙව්ලොවට ගියෙමි.

3050. තිංසකප‍්පසහස‍්සානි දෙවලොකෙ රමිං අහං, එකපඤ‍්ඤාසක‍්ඛත‍්තුඤ‍්ච දෙවරජ‍්ජමකාරයිං.

3050. මම කල්ප තිස් දහසක් දෙව්ලොව සිත් අලවා විසීමි. එක් පණස් වරක් දිව්‍යරාජ්‍යය ද කෙළෙමි.

3051. එකසත‍්තකික‍්ඛත‍්තුඤ‍්ච චක‍්කවත‍්තී අහොසහං, පදෙසරජ‍්ජං විපුලං ගණනාතො අසඞ‍්ඛියං.

3051. මම එක්සැත්තෑ වරක් සක්විතිරජ වීමි. (ලබන ලද) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් විසින් ගිණිය නො හැකිය.

3052. පිතු ගෙහෙ නිසීදිත්‍වා සමණො භාවිතින්‍ද්‍රියො, ගාථාය පරිදීපෙන‍්තො අනිච‍්චතමුදාහරි.

3052. පියාගේ ගෘහයෙහි වැඩ හිඳ වැඩූ ඉඳුරන් ඇති ශ්‍රමණ තෙම ගාථායෙකින් අනිස බව (අනිත්‍යතාව) දක්වමින් වදාළේය.

3053. අනුස‍්සරාමි තං සඤ‍්ඤං සංසරන‍්තො භවාභවෙ, න කොටිං පටිවිජ‍්ඣාමි නිබ‍්බානං අච‍්චුතං පදං.

3053. කුදු මහත් භවයෙහි සැරිසරමින් එම අනිත්‍යසංඥාව සිහි කරමි. (එහෙත් සසර) කෙළෙවර වූ අමෘත පදය වූ නිවණ නො පිළිවිඳිමි.

3054. අනිච‍්චා වත සඞ‍්ඛාරා උප‍්පාදවයධම‍්මිනො, උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣන‍්ති තෙසං වූපසමො සුඛො.

3054. “ඒකාන්තයෙන් සංස්කාරයෝ අනිත්‍යයහ. ඇතිවීම හා නැති වීම ස්වභාවය කොට ඇත්තාහ. උපද නිරුද්ධ වෙත්. ඒ සංස්කාරයන්ගේ සන්හිඳීම (අනුත්පාදනිරෝධය) සැප යි”.

3055. සහ ගාථං සුණිත්‍වාන පුබ‍්බකම‍්මං අනුස‍්සරිං, එකාසනෙ නිසීදිත්‍වා අරහත‍්තමපාපුණිං.

3055. මේ ගාථාව අසන්නා හා ම පූර්‍වකර්‍මය සිහි කෙළෙමි. එම අසුනෙහි ම හිඳ රහත් බවට පැමිණියෙමි.

3056. ජාතියා සත‍්තවස‍්සොහං අරහත‍්තමපාපුණිං, උපසම‍්පාදයී බුද‍්ධො ගුණමඤ‍්ඤාය චක‍්ඛුමා.

3056. මම උත්පත්තියෙන් සත්හැවිරිදි වූයෙම් රහත් බවට පැමිණියෙමි. පසැස් ඇති සර්‍වඥ තෙම මාගේ ගුණ දැන මා උපසම්පදා කෙළේය.

3057. දාරකොව අහං සන‍්තො කරණීයං සමාපයිං, කිං මෙ කරණීයං අජ‍්ජ සක්‍යපුත‍්තස‍්ස සාසනෙ.

3057. ලදරු වියෙහි ම වූ මම කරයුතු දෑ අවසන් කෙළෙමි. ශාක්‍යපුත්‍ර වූ බුදුරජානන් වහන්සේගේ සස්නෙහි අද මා විසින් කටයුතු කිම?

3058. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි සද‍්ධම‍්මසවණෙ ඵලං.

3058. මෙයින් සියදහස් වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. සද්ධර්‍මශ්‍රවණයෙහි මේ විපාක යි.

3059. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3059. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කෘතයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා ධම‍්මසවණියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධම්මසවණීය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක්යී.

ධම‍්මසවණියත්‍ථෙරස‍්සඅපදානං නවමං.

ධම්මසවණිය ස්ථවිරාවදානය නවවැනි යි.