338. උත්තරෙය්යදායකත්ථෙරාපදානං
338. උත්තරෙය්යදායකත්ථෙරාපදානං
338. උත්තරෙය්‍යදායක ස්ථවිරාවදානය
3021. නගරෙ හංසවතියා අහොසිං බ්රාහ්මණො තදා, අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදාන පාරගූ.
3021. එකල්හි (මම) හංසවතී නගරයෙහි වේදහදාරන්නා වූ මන්ත්‍ර දරන්නා වූ වේදත්‍රයෙහි පරතෙරට ගිය බමුණෙක් වීමි.
3022. පුරක්ඛතො සසිස්සෙහි ජාතිමා ච සුසික්ඛිතො, තොයාභිසෙවනත්ථාය නගරා නික්ඛමිං තදා.
3022. මැනවින් හික්මුනු ජාතිමත් (=කුලවත්) වූ මම ස්වකීය ශිෂ්‍යයන් විසින් පෙරටු කරණ ලදුයෙම් ජලස්නානය පිණිස නුවරින් නික්මුනෙමි.
3023. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මාන පාරගූ, ඛීණාසවසහස්සෙහි නගරං පාවිසී ජිනො.
3023. සියලු (දතයුතු) ධර්මයන්ගේ පරතෙරට ගියා වූ පස්මරුන් දිනූ පදුමුත්තර බුදුරජ තෙමේ රහතුන් සමග නගරයට පිවිසියේ ය.
3024. සුචාරුරූපං දිස්වාන අනෙජකාරිතං විය, පරිවුතමරහන්තෙහි දිස්වා චිත්තං පසාදයිං.
3024. රහතුන් විසින් පිරිවරන ලද විරාගයෙන් කරණ ලද්දාක් බඳු මනෝඥ රූප ඇති (බුදුරජුන්) දැක සිත පැහැදවීමි.
3025. සිරසි අඤ්ජලිං කත්වා නමස්සිත්වාන සුබ්බතං, පසන්නචිත්තො සුමනො උත්තරීයමදාසහං.
3025. හිසෙහි ඇඳිලි බැඳ මනා ව්‍රත ඇති (බුදුරජුන්හට) වැඳ පහන් සිත් ඇත්තෙම්. සොම්නස් සහිත වූයෙම් මම උතුරු සළුව පිදීමි.
3026. උභො හත්ථෙහි පග්ගය්හ සාටකං උක්ඛිපිං අහං, යාවතා බුද්ධපරිසා තාව ඡාදෙසි සාටකො.
3026. මම සළුව දොහොතින් ගෙණ උඩට දැමීමි. සළුව බුදුපිරිස යම්තාක් ද ඒ තාක් (පැතිරී වියනකින් මෙන් බුදුපිරිස) වැසීය.
3027. පිණ්ඩචාරං චරන්තස්ස මහාභික්ඛුගණාදිනො, ඡදං කරොන්තො අට්ඨාසි හාසයන්තො මමං තදා.
3027-3028. එකල්හි පිඬු පිණිස හැසිරෙන්නා වූ ගෘහයෙන් නික්මෙන්නා වූ මහා භික්‍ෂුසඞ්ඝයාගේ ආදිම වූ බුදුරජුන්හට සෙවෙනියක් (=වියනක්) කරමින් මා සතුටු කරවමින් (ඒ සළුව) අහසෙහි සිටියේය. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ අග්‍රපුද්ගල වූ ශාස්තෘ තෙමේ වීථියෙහි සිටියේ ම මට අනුමෝදනා කෙළේය:
3028. ඝරතො නික්ඛමන්තස්ස සයම්භූ අග්ගපුග්ගලො, විථියංව ඨිතො සත්ථා අකා මෙ අනුමොදනං.
3029. “පසන්නචිත්තො සුමනො යො මෙ පාදාසි සාටකං, තමහං කිත්තයිස්සාමි සුණොථ මම භාසතො:
3029. “පහන් සිත් ඇත්තේ සොම්නස් සහිත වූයේ යමෙක් මට සළුවක් පිළිගැන්වූයේ ද මම හේ කවරෙක්දැ යි කියන්නෙමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසවු.
3030. තිංසකප්පසහස්සානි දෙවලොකෙ රමිස්සති, පඤ්ඤාසක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සති.
3030. මෙතෙම කප් තිස් දහසක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. පණස් වරක් ශක්රදේවේන්ද්ර ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
3031. දෙවලොකෙ වසන්තස්ස පුඤ්ඤකම්මසමඞ්ගිනො, සමන්තා යොජනසතං දුස්සච්ඡන්නං භවිස්සති.
3031. පුණ්යකර්මයාගේ විපාකයෙන් යුතු වූයේ දෙව්ලොව වසන්නහුට හාත්පස සියක් යොදුන් වස්ත්‍ර සෙවෙනියක් (=වියනක්) වන්නේ ය.
3032. ඡත්තිංසක්ඛත්තුං රාජා ච චක්කවත්තී භවිස්සති, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං.
3032. සතිස් වරක් සක්විතිරජ වන්නේ ය. (ලබන්නා වූ) මහත් ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකිය.
3033. භවෙ සංසරමානස්ස පුඤ්ඤකම්මසමඞ්ගිනො, මනසා පත්ථිතං සබ්බං නිබ්බත්තිස්සති තාවදෙ.
3033. පුණ්යකර්මවිපාකයෙන් යුක්ත ව භවයෙහි සැරිසරන්නා වූ මොහුට සිතින් පතන සියල්ල එකෙණෙහි නිපැදෙන්නේ ය.
3034. කොසෙය්යකම්බලීයානි ඛොමකප්පාසිකානි ච, මහග්ඝානි ච දුස්සානි පටිලච්ඡතයං නරො.
3034. කෝසෙය්‍ය ද, කම්බිලි ද, කොමුපිළී ද, කපුපිළී ද, යන අනගි වස්ත්‍ර මේ මිනිස් තෙම ලබන්නේ ය.
3035. මනසා පත්ථිතං සබ්බං පටිලච්ඡතයං නරො, එකදුස්සස්ස විපාකං අනුභොස්සති සබ්බදා.
3035. මේ මිනිස් තෙම සිතින් පතන සියල්ල ලබන්නේ ය. එක වස්ත්‍රයක් පිදීමේ විපාකය හැම කල්හි අනුභව කරන්නේ ය.
3036. සො පච්ඡා පබ්බජිත්වාන සුක්කමූලෙන චොදිතො, ගොතමස්ස භගවතො ධම්මං සච්ඡිකරිස්සති.”
3036. කුශල මූලයෙන් මෙහෙයන ලද හෙතෙම පසුව පැවිදිව ගෞතම බුදුරජානන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්නේ ය” කියායි.
3037. අහො මෙ සුකතං කම්මං සබ්බඤ්ඤුස්ස මහෙසිනො, එකාහං සාටකං දත්වා පත්තොම්හි අමතං පදං.
3037. මහර්ෂි වූ බුදුරජුන් සඳහා මා විසින් මැනවින් කරණ ලද කර්මය ආශ්චර්‍ය්‍යයකි. මම එක සළුවක් පුදා (ඒ හේතුවෙන්) නිවණට පැමිණියෙම් වෙමි.
3038. මණ්ඩපෙ රුක්ඛමූලෙ වා වසතො සුඤ්ඤකෙ ඝරෙ, ධාරෙති දුස්සඡදනං සමන්තා ව්යාමතො මම.
3038. මඩුවක හෝ රුක්මුලක හො හිස්ගෙයක හෝ වසන්නා වූ මට හාත්පස බඹයක් තන්හි රෙදි වියනක් දරයි.
3039. අවිඤ්ඤත්තං නිවාසෙමි චීවරං පච්චයඤ්ච’හං, ලාභී අන්නස්ස පානස්ස උත්තරෙය්යස්සිදං ඵලං
3039. මම නො විනවන (=වචනයෙන් පිළියෙල නො කරවන) ලද සිවුරු හදිමි. ප්‍රත්‍යය ද (ලබමි.) ආහාර පාන ද ලබන්නෙක් වෙමි. උතුරුසළුදනෙහි මේ විපාක යි.
3040. සතසහස්සෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි වත්ථදානස්සිදං ඵලං.
3040. මෙයින් සියක් දහස් වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වස්ත්‍රදානයාගේ මේ විපාක යි.
3041. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
3041. ප්‍රතිසම්භිදාවෝ ද ... සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා උත්තරෙය්යදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උත්තරෙය්‍යදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
උත්තරෙය්යදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
උත්තරෙය්‍යදායක ස්ථවිරාවදානය අටවැනි යි.