යෙදුමෙන් කියවන්න

337. තිණකුටිදායකත්‍ථෙරාපදානං

337. තිණකුටිදායකත්‍ථෙරාපදානං.

337. තිණකුටිදායක ස්ථවිරාවදානය

3005. නගරෙ බන්‍ධුමතියා අහොසිං පරකම‍්මිකො, පරකම‍්මායනෙ යුත‍්තො පරභත‍්තං අපස‍්සිතො.

3005. මම බන්‍ධුමතී නගරයෙහි අනුන්ගේ බැළ මෙහෙ කිරීමෙහි යෙදුනෙම් අනුන්ගේ බත් වැටුප් බලාපොරොත්තු වන්නෙම් අනුන්ගේ බැළමෙහෙකරුවෙක් වීමි.

3006. රහොගතො නිසීදිත්‍වා එවං චින‍්තෙසහං තදා, “බුද‍්ධො ලොකෙ සමුප‍්පන‍්නො අධිකාරො ච නත්‍ථි මෙ.

3006. මම එකල්හි රහසිගතව හිඳ මෙසේ සිතීමි. “බුදුරජතෙම ලොව පහළ විය, මට පිනක් ද නැත:

3007. කාලො ගතිං සොධෙතුං ඛණො මෙ පටිපාදිතො, දුක‍්ඛො නිරයසම‍්ඵස‍්සො අපුඤ‍්ඤානං හි පාණිනං”.

3007. මාගේ ගතිය පිරිසිදු කර ගන්නට මේ කාලය යි. මට (අෂ්ටදුෂ්ටක්‍ෂණ විනිර්මුක්ත) සුදුසු මොහොත පිළියෙල විය. පින් නො කළ සතුනට නිරයෙහි පහස දුකය” කියා යි.

3008. එවාහං චින‍්තයිත්‍වාන කම‍්මසාමිං උපාගමිං, එකාහං කම‍්මං යාචිත්‍වා විපිනං පාවිසිං අහං.

3008. මම මෙසේ සිතා මට වැඩ දෙන ස්වාමියා වෙත එළඹියෙමි. මම එක දිනක වැඩ ඉල්වා ගෙණ වනයට පිවිසියෙමි.

3009. තිණකට‍්ඨඤ‍්ච වල‍්ලිඤ‍්ච ආහරිත්‍වාන’හං තදා, තිදණ‍්ඩකෙ ඨපෙත්‍වාන අකං තිණකුටිං අහං.

3009. මම එකල්හි තණ ලී වැල් ද ගෙණවුත් ත්‍රිදණ්ඩකයෙහි (=කතිර සිටිනසේ එකට බැඳි දඬු තුණෙහි) තබා තෘණකුටියක් කෙළෙමි.

3010. සඞ‍්ඝස‍්සත්‍ථාය කුටිකං නිය්‍යාතෙත්‍වාන තං අහං, තදහෙයෙව ආගන‍්ත්‍වා කම‍්මසාමිං උපාගමිං.

3010. මම සඞ්ඝයා පිණිස කළ තෙල කුටිය පිළිගන්වා එදවස්හි ම කර්‍මස්වාමියා වෙත එළඹියෙමි.

3011. තෙන කම‍්මෙන සුකතෙන තාවතිංසමගච‍්ඡහං, තත්‍ථ මෙ සුකතං ව්‍යම‍්භං තිණකුටිකාය නිම‍්මිතං.

3011. මම මැනවින් කළ ඒ කර්‍මය හේතු කොට ගෙණ තව්තිසා දෙව්ලොවට ගියෙමි. එහි මට (සඞ්ඝයාට පිළිගැන්වූ) තෘණකුටිය වෙනුවට මැනවින් කළ විමානයක් මැවුනේ විය.

3012. සහස‍්සකණ‍්ඩං සතභෙණ‍්ඩු ධජාලු හරිතාමයං, සතසහස‍්සනිය්‍යූහා ව්‍යම‍්හෙ පාතුභවිංසු මෙ.

3012. එහි කොටස් දහසකි. ගෝලාකාර මුදුන් සියයකි. ධජ බහුලය. නිල්වන්ය. ඒ මාගේ විමානයෙහි සියක් දහසක් ශිඛර පහළ වූහ.

3013. යං යං යොනුපපජ‍්ජාමි දෙවත‍්තං අථ මානුසං, මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය පාසාදො උපතිට‍්ඨති.

3013. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද, (ඒ සියලු තන්හි) මාගේ අදහසට අනුව ප්‍රාසාදයක් එළඹ සිටී.

3014. භයං වා ඡම‍්භිතත‍්තං ලොමහංසො න විජ‍්ජති, තාසං මම න ජානාමි තිණකුටිකායි’දං ඵලං.

3014. භයක් හෝ තැති ගැණීමක් ලොමුදහ ගැණුමක් හෝ නො වේ. ඔවුන් (භයාදිය) මම නො දනිමි. මෙය තෘණකුටි දානයෙහි විපාක යි.

3015. සීහව්‍යග‍්ඝා ච දීපී ච අච‍්ඡකොකතරච‍්ඡකා, සබ‍්බෙ මං පරිවජ‍්ජෙන‍්ති තිණකුටිකායි’දං ඵලං.

3015. සිංහයෝ ද ව්‍යාඝ්‍රයෝ ද වලස්සු ද වෘකයෝ ද කළුහිස් වලස්සු ද මේ සියලු වනමෘගයෝ මා කෙරෙන් ඉවත් වෙත්. තෘණකුටි දානයෙහි මේ විපාක යි.

3016. සිරිංසපා ච භූතා ච අභිකුම‍්භණ‍්ඩරක‍්ඛසා, තෙ පි මං පරිවජ‍්ජෙන‍්ති තිණකුටිකායි’දං ඵලං.

3016. සර්‍පයෝ ද භූතයෝ ද නාගයෝ ද කුම්භාණ්ඩයෝ ද රකුසෝ ද යන ඔහු ද මා කෙරෙන් ඉවත් වෙත්. තෘණකුටි දානයෙහි මේ විපාක යි.

3017. න පාපසුපිනස‍්සා’හං සරාමි දස‍්සනං මම, උපට‍්ඨිතා සති මය‍්හං තිණකුටිකායි’දං ඵලං.

3017. මට පවිටු සිහින පෙණුමක් ගැණ මම නො දනිමි. මාගේ සිහිය එළඹ සිටියා ය. තෘණකුටිදානයෙහි මේ විපාක යි.

3018. තායෙව තිණකුටිකාය අනුභොත්‍වාන සම‍්පදා, ගොතමස‍්ස භගවතො ධම‍්මං සච‍්ඡිකරිං අහං.

3018. ඒ තෘණකුටිදානය හේතු කොට ගෙණ ම සම්පත් අනුභව කොට මම ගෞතම බුදුරජානන් වහන්සේගේ ධර්‍මය ද ප්‍රත්‍යක්‍ෂ කෙළෙමි.

3019. එකනවුතෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි තිණකුටිකායි’දං ඵලං.

3019. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තෘණකුටි දානයෙහි මේ විපාක යි.

3020. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3020. ප්‍රතිසම්භිදාවෝ ... සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා තිණකුටිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණකුටිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.

තිණකුටිදායකත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං.

තිණකුටිදායක ස්ථවිරාවදානය සත්වැනි යි.