යෙදුමෙන් කියවන්න

336. පභඞ‍්කරත්‍ථෙරාපදානං

336. පභඞ‍්කරත්‍ථෙරාපදානං.

336. පභඞ්කර ස්ථවිරාවදානය

2984. පදුමුත‍්තරස‍්ස භගවතො ලොකජෙට‍්ඨස‍්ස තාදිනො, විපිනෙ චෙතියං ආසි වාළමිගසමාකුලෙ.

2984. තාදී ගුණ ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ පදුමුත්තර බුදුරජුන්ගේ ස්තූපයක් චණ්ඩමෘගයන්ගෙන් ගැවසීගත් මහවනයෙහි විය.

2985. න කොචි විසහි ගන‍්තුං චෙතියං අභිවන්‍දිතුං, තිණකට‍්ඨලතොනද‍්ධං පලුග‍්ගං ආසි චෙතියං.

2985. සෑය වදිනු සඳහා යාමට කිසිවෙක් සමත් නො වීය. චෛත්‍යය තණ දර ලිය යන මෙයින් ගැවසී ගත් බිඳීගිය එකක් විය.

2986. වනකම‍්මිකො තදා ආසිං පිතුපෙතාමහෙන’හං, අද‍්දසං විපිනෙ ථූපං ලුග‍්ගං තිණලතාකුලං.

2986. එකල්හි මම පියමුතුන් පරපුරෙහි ආ සිරිත අනුව වනකාර්මිකයෙක් (වනයෙහි මෙහෙ කරන්නෙක්) වීමි. වනයෙහි තෘණ ලතාවන්ගෙන් ගැවසී ගත් බිඳ වැටුණු එම සෑය ද දිටිමි.

2987. දිස‍්වානාහං බුද‍්ධථූපං ගරුචිත‍්තං උපට‍්ඨහිං, “බුද‍්ධසෙට‍්ඨස‍්ස ථූපො’යං පලුග‍්ගො අච‍්ඡතී වනෙ.

2987. මම බුදුරජුන්ගේ (දා නිදන් කළ) ඒ සෑය දැක ගරු සිතක් ඉපද වීමි: “බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ මේ සෑය වෙනෙහි බිඳ වැටුනේ සිටුනා වෙයි.

2988. නච‍්ඡන‍්නං නප‍්පතිරූපං ජානන‍්තස‍්ස ගුණාගුණං, බුද‍්ධථූපමසොධෙත්‍වා අඤ‍්ඤං කම‍්මං පයොජයෙ.”

2988. බුද්ධස්තූපය නො සෝධා අන්‍යකර්‍ම කරන්නේ නම් හොඳ නොහොඳ දන්නවුනට ඒ නොමැනව, නුසුදුසුය” (යී සිතීමි).

2989. තිණං කට‍්ඨඤ‍්ච වල‍්ලිඤ‍්ච සොධයිත්‍වාන චෙතියෙ, වන්‍දිත්‍වා අට‍්ඨවාරානි පතිකුටිකො අගච‍්ඡහං.

2989. මම චෛත්‍යයෙහි වූ තණ ද දර ද වැල් ද පිරිසිදු කොට අටවරක් වැඳ (පිටුනොපා) ඇකිළී ගියෙමි.

2990. තෙන කම‍්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසමගච‍්ඡහං.

2990. මැනවින් කළ එම කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් (සිතින් කළ පැතුම්) හේතු කොටගෙන ද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.

2991. තත්‍ථ මෙ සුකතං ව්‍යම‍්හං සොවණ‍්ණං සප‍්පභස‍්සරං, සට‍්ඨියොජනමුබ‍්බෙධං තිංසයොජනවිත්‍ථතං.

2991. එහි මට මැනවින් කරණ ලද විමානය රුවන්මුවා ය. පැහැ විහිදෙන්නේය. සැට යොදුන් උසය. තිස් යොදුන් පුළුල් ය.

2992. තිසතානි ච වාරානි දෙවරජ‍්ජමකාරයිං, පඤ‍්චවීසතික‍්ඛත‍්තුඤ‍්ච චක‍්කවත‍්තී අහොස’හං.

2992. මම තෙසිය වරක් දෙව්රජය කරවීමි. පස්විසි වරක් සක්විති රජ වීමි.

2993. භවාභවෙ සංසරන‍්තො මහාභොගං ලභාමහං, භොගෙ මෙ ඌනතා නත්‍ථි සොධනාය ඉදං ඵලං.

2993. මම කුදු මහත් භවයන්හි සැරිසරමින් මහත් භොග ලැබීමි. මාගේ භොග සම්පත්තියෙහි අඩුබවෙක් නම් නැත. (චෛත්‍ය) පිරිසිදු කිරීමෙහි මේ විපාක යි.

2994. සිවිකා හත්‍ථික‍්ඛන්‍ධෙන විපිනෙ ගච‍්ඡතො මම, යං යං දිසාහං ගච‍්ඡාමි සරණං සම‍්පජ‍්ජතෙ වනං.

2994. සිවිකාව (දෝලාව) කින් හෝ ඇතු පිටින් හෝ වනයෙහි ගමන් කරන්නා වූ මම යම් යම් දිශාවකට යෙම් ද වනය ම මට පිහිට සලසයි.

2995. ඛාණුං වා කණ‍්ටකං වාපි නාහං පස‍්සාමි චක‍්ඛුනා, පුඤ‍්ඤකම‍්මෙන සංයුත‍්තො සයමෙවාපනීයරෙ.

2995. එහි මම කණු හෝ කටු හෝ ඇසින් නො දකිමි. පුණ්‍ය කර්‍මයාගේ විපාකය හා යෙදුනේ (එම කණු කටු) තුමූ ම ඉවත් වෙති.

2996. කුට‍්ඨං ගණ‍්ඩො කිලාසො ච අපමාරො විතච‍්ඡිකා, දද‍්දුං කච‍්ඡු ච මෙ නත්‍ථි සොධනාය ඉදං ඵලං.

2996. කුෂ්ට ගණ්ඩ කිලාස ද, අපස්මාර (=මී මැස්මොර) විතච්ඡිකා නම් කුෂ්ට විශේෂය ද, දද කැසිලි ද මට නැත.(චෛත්‍ය) පිරිසිදු කිරීමෙහි මේ විපාක යි.

2997. අඤ‍්ඤම‍්පි මෙ අච‍්ඡරියං බුද‍්ධථූපම‍්හි සොධිතෙ, නාභිජානාමි මෙ කායෙ ජාතං පිලකබින්‍දුකං.

2997. බුදුරජුන්ගේ සෑය පිරිසිදු කිරීමෙහි මට (ලැබුනු) අනෙකුදු ආශ්චර්‍ය්‍යයක් වෙයි: මාගේ සිරුරෙහි හටගත්තා වූ ස්වල්පමාත්‍ර පිළිකා බිඳකුදු නො දනිමි.

2998. අඤ‍්ඤම‍්පි මෙ අච‍්ඡරියං බුද‍්ධථූපම‍්හි සොධිතෙ, දුවෙ භවෙ සංසරාමි දෙවත‍්තෙ අථ මානුසෙ.

2998. බුදුරජුන්ගේ සෑය පිරිසිදු කළ කල්හි (ලද) අනෙකුදු ආශ්චර්‍ය්‍යයක් වෙයි: දිව්‍ය වූ ද මනුෂ්‍ය වූ ද භව දෙකෙහි පමණක් සැරි සරමි.

2999. අඤ‍්ඤම‍්පි මෙ අච‍්ඡරියං බුද‍්ධථූපම‍්හි සොධිතෙ, සුවණ‍්ණවණ‍්ණො සබ‍්බත්‍ථ සප‍්පභාසො භවාමහං.

2999. බුදුරජුන්ගේ සෑය පිරිසිදු කිරීමෙහි අනෙකුදු ආශ්චර්‍ය්‍යයක් වෙයි: මම හැම තන්හි රන්වන් වූයෙම් ද පැහැපත් වූයෙම් ද වෙමි.

3000. අඤ‍්ඤම‍්පි මෙ අච‍්ඡරියං බුද‍්ධථූපම‍්හි සොධිතෙ, අමනාපං විවජ‍්ජති මනාපං උපිට‍්ඨති.

3000. බුදුරජුන්ගේ සෑය පිරිසිදු කිරීමෙහි අනෙකුදු ආශ්චර්‍ය්‍යයක් වෙයි: නො කැමැති දෑ බැහැර වේ. කැමැති දෑ එළඹ සිටී.

3001. අඤ‍්ඤම‍්පි මෙ අච‍්ඡරියං බුද‍්ධථූපම‍්හි සොධිතෙ, විසුද‍්ධං හොති මෙ චිත‍්තං එකග‍්ගං සුසමාහිතං.

3001. බුදුරජුන්ගේ සෑය පිරිසිදු කිරීමෙහි අනෙකුදු ආශ්චර්‍ය්‍යයක් වෙයි: මාගේ සිත එකඟ වූ මැනවින් සමාධියට පත් වූ පිරිසිදු එකක් වේ.

3002. අඤ‍්ඤම‍්පි මෙ අච‍්ඡරියං බුද‍්ධථූපම‍්හි සොධිතෙ, එකාසනෙ නිසීදිත්‍වා අරහත‍්තමපාපුණිං.

3002. බුදුරජුන්ගේ සෑය පිරිසිදු කිරීමෙහි අනෙකුදු ආශ්චර්‍ය්‍යයක් වෙයි: එක අසුනෙහි ම හිඳ රහත් බවට පැමිණියෙමි.

3003. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි සොධනාය ඉදං ඵලං.

3003. මෙයින් සියක් දහස් වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සෑය පිරිසිදු කිරීමෙහි මේ විපාක යි.

3004. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3004. ප්‍රතිසම්භිදාවෝ -පෙ- සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා පභඞ‍්කරො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පභඞ්කර ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළසේක් යී.

පහඞ‍්කරත්‍ථෙරස‍්ස අපදානං ඡට‍්ඨං.

පභඞ්කර ස්ථවිරාවදානය සවැනි යි.