යෙදුමෙන් කියවන්න

335. ඵුසිතකම‍්පියත්‍ථෙරාපදානං

335. ඵුසිතකම‍්පියත්‍ථෙරාපදානං

335. ඵුසිතකම්පිය ස්ථවිරාවදානය

2969. විපස‍්සී නාම සම‍්බුද‍්ධො ලොකජෙට‍්ඨො නරාසභො, ඛීණාසවෙහි සහිතො සඞ‍්ඝාරාමෙ වසී තදා.

2969. එකල්හි ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විපස්සී බුදුරජ තෙම රහතුන් විසින් පිරිවරන ලදුයේ සඞ්ඝාරාමයෙහි විසීය.

2970. ආරාමද‍්වාරා නික‍්ඛම‍්ම විපස‍්සී ලොකනායකො, සහ සතසහස‍්සෙහි අට‍්ඨඛීණාසවෙහි තු.

2970. ලෝකනායක වූ විපස්සී බුදුරජ තෙමේ අටලක්‍ෂයක් රහතුන් සමග අරම්දොරින් නික්මෙයි.

2971. අජිනෙන නිවත්‍ථො’හං වාකචීරධරො’පි ච, කුසුම‍්භොදකමාදාය සම‍්බුද‍්ධං උපසඞ‍්කමිං.

2971. (එකල) අඳුන්දිවිසම් පෙරෙවි වැහැරි සිවුරු දරන්නා වූ මම වනුක්මල් (තම්බා ගත් වර්‍ණවත්) දිය ගෙණ සම්බුදුරජුන් වෙත එළඹියෙමි.

2972. සකං චිත‍්තං පසාදෙත්‍වා වෙදජාතො කතඤ‍්ජලී, කුසුම‍්භොදකමාදාය බුද‍්ධමබ‍්භුක‍්කිරිං අහං.

2972. මම තුටු වූයෙම් සිය සිත පහදවා කළ ඇඳිලි ඇත්තෙම් වනුක්මල් (තම්බා ගත් වර්‍ණවත්) ජලය ගෙණ බුදුරජුන් (උදෙසා) උඩ ඉසීමි.

2973. තෙන කම‍්මෙන සම‍්බුද‍්ධො ජලජුත‍්තමනාමකො, මම කම‍්මං පකිත‍්තෙත්‍වා අගමා යෙන පත්‍ථිතං.

2973. ඒ කර්‍මයෙන් පදුමුත්තර නම් සර්‍වඥයන් වහන්සේ මාගේ කුශල කර්‍මය පසසා අභිමත තන්හි වැඩි සේක.

2974. ඵුසිතා පඤ‍්චසහස‍්සා යෙහි පූජෙසහං තදා, අඩ‍්ඪතෙය්‍යසහස‍්සෙ හි දෙවරජ‍්ජං අකාරයිං.

2974-2975. මම එකල්හි යම් සුවඳ දැයකින් බිඳු පන්දහසක් පිදූයෙම් ද (ඒ හේතුවෙන්) මම දෙදහස් පන්සිය වරක් දිව්‍යරාජ්‍යය කරවීමි. දෙදහස් පන්සිය වරක් සක්විති රජ වීමි. ශේෂ වූ කර්‍මයෙන් රහත්බවට පැමිණියෙමි.

2975. අඩ‍්ඪතෙය්‍යසහස‍්සෙ හි චක‍්කවත‍්තී අහොසහං, අවසෙසෙන කම‍්මෙන අරහත‍්තමපාපුණිං.

2976. දෙවරාජා යදා හොමි මනුජාධිපතී යදා, තමෙව නාමධෙයං මෙ ඵුසිතො නාම හොම’හං.

2976. යම් කලෙක් හි ශක්‍රදේවේන්‍ද්‍රයා වෙම් ද, යම් කලෙක් හි මිනිස් ලොව රජ වෙම් ද, මට ඒ නම ම විය. මම ‘ඵුසිත’ නම් වෙමි.

2977. දෙවභූතස‍්ස සන‍්තස‍්ස අථාපි මානුසස‍්ස වා, සමන‍්තා ව්‍යාමතො මය‍්හං ඵුසිතංව පවස‍්සති.

2977. දෙවි වූ ද මනුෂ්‍ය වූ ද මාගේ හාත්පස බඹයක් පමණ (සුවඳ) වැසි බිඳු වස්නේයි.

2978. භවා උග‍්ඝාටිතා මය‍්හං කිලෙසා ඣාපිතා මම, සබ‍්බාසවපරික‍්ඛීණො ඵුසිතස‍්ස ඉදං ඵලං.

2978. මා විසින් භවයෝ නසන ලදහ. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු ආස්‍රවයන් ප්‍රහීණ කෙළෙම් වෙමි.(සුවඳ) බිඳු ඉසීමෙහි මේ විපාකයි.

2979. චන්‍දනස‍්සෙව මෙ කායා තථා ගන්‍ධො පවායති, සාරීරිකො මමං ගඣො අඩ‍්ඪකොසෙ පවායති.

2979. මාගේ සිරුරින් සඳුන් සුවඳට බඳු සුවඳ පැතිරෙයි. මාගේ සිරුරින් විහිදෙන සුවඳ අඩහඬසනක් (දුනු දෙසියපණසක්) තන්හි පැතිරේ.

2980. දිබ‍්බගන්‍ධං සම‍්පවන‍්තං පුඤ‍්ඤකම‍්මසමඞ‍්ගිනං, ගන්‍ධං ඝත්‍වාන ජානන‍්ති ඵුසිතො ආගතො ඉධ.

2980. පුණ්‍යකර්‍මයට අනුකූල ව මා සිරුරින් හමන දිවසුවඳ ආඝ්‍රාණය කොට “ඵුසිත තෙම මෙහි පැමිණියේ ය”යි ජනයෝ දනිති.

2981. සාඛාපලාස කට‍්ඨානි තිණානි පි ච සබ‍්බසො, මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය ගන්‍ධො සම‍්පජ‍්ජතෙ ඛණෙ.

2981. අතු කොළ දර තණ යන මේ දෑ හැම ලෙසින් ම මාගේ අදහස දැනගෙන (මෙන් මා ගත්) කෙණෙහි සුවඳ විහිදුවයි.

2982. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ චන්‍දනං අභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි ඵුසිතස‍්ස ඉදං ඵලං.

2982. මෙයින් කල්පලක්‍ෂයකට පෙර සඳුන් දිය පිදූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (සුවඳ) බිඳු ඉසීමෙහි මේ විපාක යි.

2983. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2983. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ඵුසිතකම‍්පියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵුසිතකම්පිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

ඵුසිතකම‍්පියත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

ඵුසිතකම්පිය ස්ථවිරාවදානය පස්වැනි යි.