යෙදුමෙන් කියවන්න

334. එකදුස‍්සදායකත්‍ථෙරාපදානං

334. එකදුස‍්සදායකත්‍ථෙරාපදානං.

334. ඒකදුස්සදායක ස්ථවිරාවදානය

2949. නගරෙ හංසවතියා අහොසිං තිණහාරකො, තිණහාරෙන ජීවාමි තෙන පොසෙමි දාරකෙ.

2949. (එකල්හි) මම හංසවතී නගරයෙහි තෘණහාරකයෙක් (තණ වෙළෙන්දෙක්) වීමි. තෘණහාරක කර්‍මයෙන් ජීවත් වෙමි. එයින් ම අඹුදරුවන් පෝෂණය කරමි.

2950. පදුමුත‍්තරො නාම ජිනො සබ‍්බධම‍්මානපාරගූ, තමන්‍ධකාරං නාසෙත්‍වා උප‍්පජ‍්ජි ලොකනායකො.

2950. සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගියා වූ ලෝකනායක වූ පදුමුත්තර බුදුරජතෙම (මෝහ නමැති) ගණඳුර නසා ලොව පහළ විය.

2951. සකෙ ඝරෙ නිසීදිත්‍වා එවං චින‍්තෙසහං තදා, බුද‍්ධො ලොකෙ සමුප‍්පන‍්නො දෙය්‍යධම‍්මො ච නත්‍ථි මෙ.

2951. එකල්හි ස්වකීය ගෘහයෙහි හිඳ මෙසේ සිතීමි. “බුදුරජතෙම ලොව පහළ විය. මට (උන්වහන්සේහට) දිය යුතු දෙයක් ද නැත.

2952. ඉදං මෙ සාටකං එකං නත්‍ථි මෙ කොචි දායකො, දුක‍්ඛො නිරයසම‍්ඵස‍්සො රොපයිස‍්සාමි දක‍්ඛිණං.

2952. මේ මාගේ එක ම සළුව යි. මට කිසි දායකයෙක් (දෙන කෙනෙක්) නැත. නිරයෙහි ස්පර්‍ශය (අපාගතවීම) දුකය. දක්‍ෂිණාවක් (දාන චේතනාමය කුසල් බිජුවටක්) රෝපණය කරන්නෙමි.”

2953. එවා’හං චින‍්තයිත්‍වාන සකං චිත‍්තං පසාදයිං, එකං දුස‍්සං ගහෙත්‍වාන බුද‍්ධසෙට‍්ඨස‍්සදාසහං.

2953. මම මෙසේ සිතා සිය සිත පැහැදැවීමි. (මා සතු) එක ම වස්ත්‍රය ගෙණ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට පිදීමි.

2954. එකං දුස‍්සං දදිත්‍වාන උක‍්කුට‍්ඨිං සම‍්පවත‍්තයිං, යදි බුද‍්ධො තුවං වීර තාරෙහි මං මහාමුනි.

2954. මම එක ම වස්ත්‍රය දි අත්පොළසන් හඬ පැවැත්වීමි “ඉදින් වීරයන් වහන්ස ඔබ වහන්සේ බුදුවරයෙක් වනසේක් නම් මහාමුනීන් වහන්ස මා සසර සයුරින් එතර කරණු මැන වැ” යි කීමි.

2955. පදුමුත‍්තරො ලොකවිදූ ආහුතීනං පටිග‍්ගහො, මම දානං පකිත‍්තෙන‍්තො අකා මෙ අනුමොදනං:

2955. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙමේ මාගේ දානය පසසමින් මට අනුමෝදනාවක් කෙළේය:

2956. “ඉමිනා එකදුස‍්සෙන චෙතනාපණිධීහි ච, කප‍්පසතහස‍්සානි විනිපාතං න ගච‍්ඡති.

2956. “මේ එකම වස්ත්‍රදානය හේතු කොට ගෙණ ද චිත්ත ප්‍රණිධීන් හේතු කොට ගෙණ ද කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නොයයි.

2957. ඡත‍්තිංසක‍්ඛත‍්තුං දෙවින්‍දො දෙවරජ‍්ජං කරිස‍්සති, තෙත‍්තිංසක‍්ඛත‍්තුං රාජා ච චක‍්කවත‍්තී භවිස‍්සති.

2957. ශක්‍රදේවේන්‍ද්‍ර ව සතිස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. තෙතිස් වරක් සක්විති රජ වන්නේ ය.

2958. පදෙසරජ‍්ජං විපුලං ගණනාතො අසංඛියං, දෙවලොකෙ මනුස‍්සෙ වා සංසරන‍්තො තුවං භවෙ.

2958-2959. කරණු ලබන ප්‍රදෙශරාජ්‍ය ( මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නො හැකිය. ඔබ භවයෙහි මිනිස් ලොව හෝ දෙව්ලොව හෝ සැරි සරන්නෙහි නම් රූපසම්පන්න වූ ගුණවත් නො මැඩලියහෙන සිරුරු ඇති (අනුන් විසින්) ගෙණ අවසන් කොට නොලිය හැකි අපමණ වූ වස්ත්‍ර සම්පත් සිත් වූ පරිදි ලබනෙහිය.”

2959. රූපවා ගුණසම‍්පන‍්නො අනවක‍්කන‍්තදෙහවා, අක‍්ඛොභං අමිතං දුස‍්සං ලභිස‍්සසි යදිච‍්ඡකං.”

2960. ඉදං වත්‍වාන සම‍්බුද‍්ධො ජලජුත‍්තමනාමකො, නභං අබ‍්භුග‍්ගමී ධීරො හංසරාජාව අම‍්බරෙ.

2960. ධීර වූ පදුමුත්තර නම් බුදුරජ තෙම මෙම වචනය වදාරා ආකාශයෙහි යන හංසරාජයකු මෙන් අහස් නැගුනේය.

2961. යං යං යොනුපපජ‍්ජාමි දෙවත‍්තං අථ මානුසං, භොගෙ මෙ ඌනතා නත්‍ථි එකදුස‍්සස‍්සිදං ඵලං.

2961. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද, එකල්හි මාගේ භොග සම්පත්තියෙහි අඩුබවක් නැති. එක වස්ත්‍රයක් දීමෙහි මේ විපාක යි.

2962. පදුද‍්ධාරෙ පදුද‍්ධාරෙ දුස‍්සං නිබ‍්බත‍්තතෙ මම, හෙට‍්ඨාදුස‍්සම‍්භි තිට‍්ඨාමි උපරිච‍්ඡදනං මම.

2962. පියවරක් පාසා (පියවිළි අයුරින්) මට වස්ත්‍ර පහළ වේ වස්ත්‍රය (වියන්) යට සිටිමි. මාගේ හිස මතුයෙහි නිරතුරුව ම වියනක් වේ.

2963. චක‍්කවාළමුපාදාය සකානනං සපබ‍්බතං, ඉච‍්ඡමානො ච’ හං අජ‍්ජ දුස‍්සෙහි ඡාදයෙය්‍ය’හං.

2963. වන සහිත වූ ද පර්‍වත සහිත වූ ද චක්‍රවාට පර්‍වතය පටන් කොට ඇති ඒ සියල්ල මම කැමැති වන්නෙම් නම් වස්ත්‍රයෙන් වසන්නෙමි.

2964. තෙනෙව එකදුස‍්සෙන සංසරන‍්තො භවාභවෙ, සුවණ‍්ණවණ‍්ණො හුත්‍වාන සංසරාමි භවාභවෙ.

2964. ඒ එක් වස්ත්‍රයක් පිදීමෙහි විපාකය වශයෙන් කුදු මහත් භවයන්හි සැරිසරන්නෙම් ඒ කුදු මහත් භවයන්හි ස්වර්‍ණවර්‍ණීව ම සැරිසරමි.

2965. විපාකං එකදුස‍්සස‍්ස නාජ‍්ඣගං කත්‍ථවික‍්ඛයං, අයං මෙ අන‍්තිමා ජාති විපච‍්චති ඉධාපි මෙ.

2965. එක වස්ත්‍රයක් දීමෙන් ලද ඒ විපාකය කිසි තැනෙක්හි අවසන් බවට නො යයි. මේ මාගේ අන්තිම ජාතියයි. මෙහිදු ඒ කුසලය මට විපාක දෙයි.

2966. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ යං දුස‍්සමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි එකදුස‍්සස‍්සිදං ඵලං.

2966. මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර වූ එකල්හි යම් වස්ත්‍රදානයක් දුනිම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. එක් වස්ත්‍රයක් දීමෙහි මේ විපාක යි.

2967. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

2967. මවිසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. බැමි සිඳ ගත් හස්තිරාජයකු මෙන් ආස්‍රව රහිතවූයෙම් වෙසෙමි.

2968. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2968. සිවුපිළිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා එකදුස‍්සදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකදුස්සදායක ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි යී.

එකදුස‍්සදායකත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.

ඒකදුස්සදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.