යෙදුමෙන් කියවන්න

333. පුන‍්නාගපුප‍්ඵියත්‍ථෙරාපදානං

333. පුන‍්නාගපුප‍්ඵියත්‍ථෙරාපදානං

333. පුන්නාගපුප්ඵිය ස්ථවිරාවදානය

2944. කානනං වනමොගය‍්හ වසාමි ලුද‍්දකො අහං, පුන‍්නාගං පුප‍්ඵිතං දිස‍්වා බුද‍්ධසෙට‍්ඨං අනුස‍්සරිං.

2944. වැද්දෙක් වූ මම මහවනයට පිවිස වෙසෙමි. පිපුණු දොඹ ගසක් දැක බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි.

2945. තං පුප‍්ඵං ඔචිනිත්‍වාන සුගන්‍ධං ගන්‍ධිතං සුභං, ථූපං කරිත්‍වා පුලිනෙ බුද‍්ධස‍්ස අභිරොපයිං.

2945. වස්නි යුතු (එහෙයින් ම) සුවඳැති ඒ මල් නෙලා වැල්ලෙහි සෑයක් කොට බුදුරජුන්හට පිදීමි.

2946. ද‍්වෙනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

2946. මෙයින් දෙඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

2947. එකම‍්හි නවුතෙ කප‍්පෙ එකො ආසිං තමොනුදො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

2947. මෙයින් එක්අනූවන කපෙහි අඳුරු දුරුකරන්නා වූ සත්රුවනින් යුත් මහත් බල ඇති එක් සක්විති රජෙකිම් වීමි.

2948. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2948. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා පුන‍්නාගපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුන්නාගපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

පුන‍්නාගපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං තතියං.

පුන්නාගපුප්ථිය ස්ථවිරාවදානය තෙවැනි යි.