යෙදුමෙන් කියවන්න

332. උදකපූජකත්‍ථෙරාපදානං

332. උදකපූජකත්‍ථෙරාපදානං.

332. උදකපූජක ස්ථවිරාවදානය

2937. සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං ගච‍්ඡන‍්තං අනිලඤ‍්ජසෙ, ඝතාසනංව ජලිතං ආදිත‍්තංව හුතාසනං.

2937. දිලියෙන ගින්න බඳුවූ ද ඇවිළගත් අග්නිය වැනිවූ ද අහසෙහි වඩින්නා වූ රන්වන් වූ සම්බුදු රජුන් දුටිමි.

2938. පාණිනා උදකං ගය‍්හ ආකාසෙ උක‍්ඛිපිං අහං, සම‍්පටිච‍්ඡි මහාවීරො බුද‍්ධො කාරුණිකො ඉසි.

2938. (දැක) මම අතින් දිය ගෙණ අහසෙහි ඉසීමි. මහාවීර වූ කාරුණික වූ සර්‍වඥ ඍෂි තෙමේ එය පිළිගත්තේ ය.

2939. අන‍්තලික‍්ඛෙ ඨිතො සත්‍ථා පදුමුත‍්තරනාමකො, මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය ඉමං ගාථමභාසථ:

2939. අහසෙහි වැඩසිටියා වූ පදුමුත්තර නම් ශාස්තෘ තෙමේ මාගේ අදහස දැන මේ ගාථාව වදාළේය:

2940. “ඉමිනා දකදානෙන පීතිඋප‍්පාදනෙන ච, කප‍්පසතසහස‍්සම‍්පි දුග‍්ගතිං නූපපජ‍්ජසි.”

2940. “මේ ජලදානය හේතුකොට ගෙණ ද මා කෙරෙහි ප්‍රීතිය උපදවීම හේතුකොට ගෙණ ද කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපදනෙහි ය”.

2941. තෙන කම‍්මෙන දිපදින්‍ද ලොකජෙට‍්ඨ නරාසභ, පත‍්තොම‍්හි අචලං ඨානං හිත්‍වා ජයපරාජයං.

2941. ද්විපදෝත්තම වූ, ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්ස, එම කර්‍මය හේතුකොට ගෙණ ජය පරාජය හැර අවලස්ථානය වූ නිවණට පැමිණියෙම් වෙමි.

2942. සහස‍්සරාජනාමෙන තයො ච චක‍්කවත‍්තිනො, පඤ‍්චසට‍්ඨිකප‍්පසතෙ චාතුරන‍්තා ජනාධිපා.

2942. එක්සිය හැටපස් වන කපෙහි සිවුසයුර හා (සිවුමහ දිවයින් කෙළවර කොට ඇති) පෘථිවියෙහි අධිපති වූ ජනාධිපති වූ සහස්සරාජ නම් වූ තුන් සක්විති රජකෙනෙක් වූහ.

2943. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2943. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා උදකපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.

උදකපූජකත්‍ථෙරස‍්ස අපදානං දුතියං.

උදකපූජක ස්ථවිරාවදානය දෙවැනි යි.