යෙදුමෙන් කියවන්න

331. ගන්‍ධධූපියත්‍ථෙරාපදානං

331. ගන්‍ධධූපියත්‍ථෙරාපදානං.

331. ගන්‍ධධූපිය ස්ථවිරාවදානය

2931. සිද‍්ධත්‍ථස‍්ස භගවතො ගන්‍ධධූපමදාසහං, සුමනෙහි පටිච‍්ඡන‍්නං බුද‍්ධානුච‍්ඡවිකඤ‍්ච තං.

2931. මම සිදුහත් බුදුරජුන්හට සුවඳ දෑ දිනිමි. සමන් මලින් මුසු එය බුදුරජුන්හට නිසි ද වෙයි.

2932. කඤ‍්චනග‍්ඝියසඞ‍්කාසං සම‍්බුද‍්ධං ලොකනායකං, ඉන්‍දීවරංව ජලිතං ආදිත‍්තංව හුතාසනං.

2932. කසුන් ඇගෑවක් මෙන් බබලන නිලුපුල් මලක් මෙන් දිලියෙන ඇවිලෙන ගින්නක් වැනි වූ-

2933. ව්‍යග‍්ඝූසභංව පවරං අභිජාතංව කෙසරිං, නිසින‍්නං සමණානග‍්ගභික‍්ඛුසඞ‍්ඝපුරක‍්ඛතං.

2933. ව්‍යාඝ්‍රර්‍ෂභයකු මෙන් ද අභිජාත කේශරසිංහයකු මෙන් ද ශ්‍රේෂ්ඨ වූ ශ්‍රමණයනට අග්‍ර වූ භික්‍ෂුසඞ්ඝයා පිරිවාරාගෙණ හුන්නා වූ (එම සිදුහත් බුදුරජුන්)-

2934. දිස‍්වා චිත‍්තං පසාදෙත්‍වා පග‍්ගහෙත්‍වාන අඤ‍්ජලිං, වන්‍දිත්‍වා සත්‍ථුනො පාදෙ පක‍්කාමිං උත‍්තරාමුඛො.

2934. දැක සිත පහදවා ඇඳිලි බැඳ ශාස්තෲන් වහන්සේගේ සිරිපා වැඳ උත්තරදිශාභිමුඛ ව (උතුරු දෙසට හැරී) ගියෙමි.

2935. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං ගන්‍ධමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ගන්‍ධපූජායිදං ඵලං.

2935. සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් සුවඳ දැයක් දිනිම් ද (ඒ හේතුවෙන්) දුගතියත් නො දනිමි. ගන්‍ධධූප පිදීමෙහි මේ විපාකය යි.

2936. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2936. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරාජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා ගන්‍ධධූපියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ගන්‍ධධූපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

ගන්‍ධධූපියත්‍ථෙරස‍්ස අපදානං පඨමං.

ගන්‍ධධූපියස්ථවිරාවදානය පළමු වැනි යි.