යෙදුමෙන් කියවන්න

330. සපරිවාරඡත‍්තදායකත්‍ථෙරාපදානං

330. සපරිවාරඡත‍්තදායකත්‍ථෙරාපදානං.

330. සපරිවාරඡත්තදායක ස්ථවිරාවදානය

2907. පදුමුත‍්තරො ලොකවිදූ ආහුතීනං පටිග‍්ගහො, අකාසෙ ජලවුට‍්ඨී’ව වස‍්සති ධම‍්මවුට‍්ඨියා.

2907. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙමේ අහස් ජලමේඝයක් මෙන් දහම් වහරේ (වැසි) වස්වයි.

2908. තමද‍්දසාසිං සම‍්බුද‍්ධං දෙසෙන‍්තං අමතං පදං, සකං චිත‍්තං පසාදෙත්‍වා අගමාසිං සකං ඝරං.

2908. අමාපදය (නිවණ) දෙසන්නා වූ සම්බුදුරජුන් දිටිමි. දැක තම සිත පහදවා සිය ගෙට ගියෙමි.

2909. ඡත‍්තං අලඞ‍්කතං ගය‍්හ උපගච‍්ඡිං නරුත‍්තමං, හට‍්ඨො හට‍්ඨෙන චිත‍්තෙන ආකාසෙ උක‍්ඛිපිං අහං.

2909. සැරසූ ඡත‍්‍රයක් ගෙණ නරෝත්තම වූ බුදුරජුන් වෙත එළඹියෙමි. සතුටු වූයෙම් සොම්නස් සිතින් මම එය අහස්හි නගා ලීමි.

2910. සුසඞ‍්ගහිතයානංව දන‍්තොව සාවකුත‍්තමො, උපගන‍්ත්‍වාන සම‍්බුද‍්ධං මත්‍ථකෙ සම‍්පතිට‍්ඨහි.

2910. එය මැනවින් සකස් කළ යානයක් මෙන් ද, උතුම් ශ‍්‍රාවකයකු මෙන් ද සම්බුදුන් වෙත එළඹ හිස මතුයෙහි උඩ පිහිටියේ ය.

2911. අනුකම‍්පකො කාරුණිකො බුද‍්ධො ලොකග‍්ගනායකො, භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා ඉමා ගාථා අභාසථ:

2911. ලොවට අනුකම්පා කරන්නා වූ කාරුණික වූ ලෝකාග්‍රනායක බුදුරජ තෙමේ භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේය:

2912. “යෙන ඡත‍්තමිදං දින‍්නං අලඞ‍්කතං මනොරමං, තෙන චිත‍්තප‍්පසාදෙන දුග‍්ගතිං සො න ගච‍්ඡති.

2912. “යමකු විසින් අලඞ්කාර කරණ ලද මනරම් වූ මේ ඡත‍්‍රය දෙන ලද ද, ඒ චිත්තප‍්‍රසාදයෙන් හෙතෙම දුගතියට නො යයි.

2913. සත‍්තක‍්ඛත‍්තුඤ‍්ච දෙවෙසු දෙවරජ‍්ජං කරිස‍්සති, බත‍්තිංසක‍්ඛත‍්තුං රාජා ච චක‍්කවත‍්තී භවිස‍්සති.

2913. හේ දෙව්ලොවෙහි සත්වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. දෙතිස් වරක් සක්විති රජ වන්නේ ය.

2914. කප‍්පසතසහස‍්සම‍්හි ඔක‍්කාකකුලසම‍්භවො, ගොතමො නාම නාමෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

2914. කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.

2915. තස‍්ස ධම‍්මෙසු දායාදො ඔරසො ධම‍්මනිම‍්මිතො, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය නිබ‍්බායිස‍්සතනාසවො.”

2915. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් ම කොට නිම කළාක් වැනි ඖරස බුද්ධපුත‍්‍රයෙක් ව සියලු ආස‍්‍රවයන් ප්‍රහාණපරිඥා වශයෙන් දැන රහත් ව පිරිනිවෙන්නේ ය.”

2916. බුද‍්ධස‍්ස ගිරමඤ‍්ඤාය වාචාසභිමුදීරිතං, පසන‍්නචිත‍්තො සුමනො භිය්‍යො හාසං ජනෙසහං.

2916. වදාරණ ලද ඒ අභීත වචන බුදුරජුන්ගේ හඬ යයි දැන මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් වැඩියක් ම සතුට ඉපද වීමි.

2917. ජහිත්‍වා මානුසිං යොනිං දෙවයොනිං සමජ‍්ඣගං, විමානමුත‍්තමං මය‍්හං අබ‍්භුග‍්ගතං මනොරමං.

2917. මිනිස් අත්බව හැර දෙව් අත්බවට පැමිණියෙමි. මට මනරම් වූ උතුම් විමනෙක් පහළ විය.

2918. විමානා නික‍්ඛමන‍්තස‍්ස සෙතච‍්ඡත‍්තං ධරීයති, තදා සඤ‍්ඤං පටිලභිං පුබ‍්බකම‍්මස‍්සි’දං ඵලං.

2918. විමානයෙන් නික්මෙන්නා වූ මට සේසතක් දැරෙයි. එකල්හි (පෙර කඳ පිළිවෙළ) සිහි ලැබීමි. පූවකර්‍මයාගේ මේ විපාක යි.

2919. දෙවලොකා චවිත්‍වාන මනුස‍්සතත‍්තඤ‍්ච ආගමිං, ඡත‍්තිංසක‍්ඛත‍්තුං චක‍්කවත‍්තී සත‍්තකප‍්පසතම‍්භි’ තො.

2919. දෙව්ලොවින් සැවැ මිනිසත් බවට ද පැමිණියෙමි. මින් සත්සිය වන කපෙහි සවරක් සක්විති රජ වීමි.

2920. තම‍්හා කායා චවිත්‍වාන ආගඤ‍්ඡිං තිදසං පුරං, සංසරිත්‍වා’ නුපුබ‍්බෙන මානුස‍්සං පුනරාගමිං.

2920. ඒ මිනිසත් බැවින් සැවැ දෙව්ලොවට පැමිණියෙමි. පිළිවෙළින් (එහි) හැසිරැ නැවත මිනිසත් බවට පැමිණියෙමි.

2921. ඔක‍්කන‍්තං මාතුකුච‍්ඡිං මං සෙතච‍්ඡත‍්තමධාරයුං, ජාතියා සත‍්තවස‍්සො’හං පබ‍්බජිං අනගාරියං.

2921. මවුකුස්හි පිළිසඳ ගත් මට සේසතක් දැරූහ. මම උපතින් සත්හැවිරිදි වූයෙම් සසුන් වන්මි.

2922. සුනන්‍දො නාම නාමෙන බ්‍රාහ‍්මණො මන‍්තපාරගූ, ඵලිකං ඡත‍්තමාදාය සාවකග‍්ගස‍්ස සො අදා.

2922. වේදපාරප්‍රාප්ත වූ ඒ සුනන්‍ද නම් බමුණු තෙමේ පළිඟු ඡත‍්‍රයක් ගෙණ අග‍්‍රශ‍්‍රාවකයන් වහන්සේට දුන්නේ ය.

2923. අනුමොදි මහාවීරො සාරිපුත‍්තො මහාකථී, සුත්‍වා’නුමොදනං තස‍්ස පුබ‍්බකම‍්මමනුස‍්සරිං.

2923. මහාවීර වූ ද මහාකථක වූ ද ශාරීපුත්‍රස්ථවිර තෙමේ අනුමෝදනා කෙළේය. උන්වහන්සේගේ අනුමෝදනාව අසා පූර්‍ව කර්‍මය සිහි කෙළෙමි.

2924. අඤ‍්ජලිම‍්පග‍්ගහෙත්‍වාන සකං චිත‍්තං පසාදයිං, සරිත්‍වා පුරිමං කම‍්මං අරහත‍්තමපාපුණිං.

2924. ඈඳිලි බැඳගෙණ සිය සිත පැහැදවීමි. පූර්‍ව (කුශල) කර්‍මය සිහි කොට රහත් බවට පැමිණියෙමි.

2925. උට‍්ඨාය ආසනා තම‍්හා සිරෙ කත්‍වාන අඤ‍්ජලිං, සම‍්බුද‍්ධමභිවාදෙත්‍වා ඉමං වාචමුදීරයිං:

2925. මම ඒ අස්නෙන් නැගිට දොහොත් මුදුනේ තබා ආදරයෙන් බුදුරජුන් වැඳ මෙම වචන කීමි:

2926. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ බුද‍්ධො ලොකෙ අනුත‍්තරො, පදුමුත‍්තරො ලොකවිදූ ආහුතීනං පටිග‍්ගහො.

2926. මෙයින් සියක් දහස් වන කපෙහි ලොව්හි හැමට ම උතුම් වූ චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළා වූ (ත‍්‍රිවිධ) ලෝකය මැනවින් දත් ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජතෙම (ලොව පහළ විය.)

2927. තස‍්ස ඡත‍්තං මයා දින‍්නං විචිත‍්තං සමලඞ‍්කතං, උභො හත්‍ථෙහි පග‍්ගණ‍්හි සයම‍්භූ අග‍්ගපුග‍්ගලො.

2927. මා විසින් විසිතුරු වූ මනාව අලඞ්කාර කරණ ලද ඡත‍්‍රයක් උන්වහන්සේට දෙන ලදී. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ අග‍්‍රපුද්ගල වූ සර්‍වඥතෙම දොහොතින් එය පිළිගත්තේ ය.

2928. අහො බුද‍්ධො අහො ධම‍්මො අහො නො සත්‍ථු සම‍්පදා, එකච‍්ඡත‍්තස‍්ස දානනෙ දුග‍්ගතිං නූපපජ‍්ජ’හං.

2928. බුදුරජතෙම ආශ්චර්‍ය්‍ය යි. ධර්‍මය ආශ්චර්‍ය්‍ය යි. අපගේ ශාස්තෘ සම්පත්තිය ද ආශ්චර්‍ය්‍ය යි. මම එක ඡත‍්‍රයක් දීම හේතුකොට ගෙණ දුගතියක නො උපන්මි.

2929. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය විහරාමි අනාසවො.

2929. මවිසින් කෙලෙස් දැවින. සියලු භව නැසින. සියලු ආස‍්‍රව පරිඥානයෙන් දැන රහත් ව වෙසෙමි.

2930. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛා පි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

2930. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා සපරිවාරජත‍්තදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සපරිවාරඡත්තදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

සපරිවාරජත‍්තදායකත්‍ථෙරස‍්ස අපදානං දසමං.

සපරිවාරඡත්තදායක ස්ථවිරාවදානය දසවැනි යි.

උද‍්දානං:

උද්දානය:

උම‍්මාපුප‍්ඵඤ‍්ච පුලිනං හාසො යඤ‍්ඤො නිමිත‍්තකො, සංසාවකො නිග‍්ගුණ‍්ඩී ච සුමනං පුප‍්ඵඡත‍්තකො, සපරිවාරඡත‍්තො ච ගාථා සත‍්තසතුත‍්තරා.

උම්මාපුප්ඵිය පුලින හාස යඤ්ඤ නිමිත්තක සංසාවක නිග්ගුණ්ඩී සුමන පුප්ඵච්ඡත්තක සපරිවාරච්ඡත්ත දැයි එක්සියසතෙක් ගී වෙයි.

උම‍්මාපුප‍්ඵියවග‍්ගො තෙත‍්තිංසතිමො.

උම්මාපුප්ඵිය වර්‍ගය තෙතිස් වනු යි.