යෙදුමෙන් කියවන්න

390. පුබ‍්බකම‍්මපිලොතිකාපදානං

390. පුබ‍්බකම‍්මපිලොතිකාපදානං

390. පුබ්බකම්මපිලෝතිකාවදානය

3341. අනොතත‍්තසරාසන‍්තෙ රමණීයෙ සිලාතලෙ, නානාරතනපජ‍්ජොතෙ නානාගන්‍ධවනන‍්තරෙ.

3341. නොයෙක් රත්නයෙන් බබලන නානාවිධ සුගන්‍ධ පුෂ්පයෙන් ගැවසීගත් (හිමාලය) වනයෙහි අනවතප්තවිල සමීපයෙහි වූ සිත්කලු ගල්තලාවෙක්හි,

3342. මහතා භික‍්ඛුසඞ‍්ඝෙන පරෙතො ලොකනායකො, ආසීනො ව්‍යාකරී තත්‍ථ පුබ‍්බකම‍්මානි අත‍්තනො.

3342. මහත් වූ භික්‍ෂුසමූහයා විසින් පිරිවරන ලද බුදුරජානන් වහන්සේ වැඩහුන් සේක්, එහි දී තමන්වහන්සේ ගේ පූර්‍වකර්‍මය ප්‍රකාශ කළ සේක.

3343. සුණාථ භික‍්ඛවො මය‍්හං යං කම‍්මං පකතං මයා, පිලොතිකස‍්ස කම‍්මස‍්ස බුද‍්ධත‍්තෙපි විපච‍්චති.

3343. මහණෙනි, මා විසින් යම් කර්‍මයක් කරන ලද ද මාගේ (ඒ කර්‍මය) අසවු. විපාකාවශේෂකර්‍මය බුදුබැව් ලැබූ කල්හි ද විපාක දේ.

3344. මුනාළී නාමහං ධුත‍්තො පුබ‍්බෙ අඤ‍්ඤාසු ජාතිසු, පච‍්චෙකබුද‍්ධං සරභුං අබ‍්භාචික‍්ඛිං අදූසකං.

3344. පෙර මම අප්‍රකට වූ (ශුද්‍ර) ජාතියට අයත් මුනාළී නම් ධූර්‍තයෙක් වීමි. (එකල්හි) ක්ලේශයන්ගෙන් නින්‍දා නොකටයුතු වූ සරභූ නම් පසේබුදුන් වහන්සේට නින්‍දා කෙළෙමි.

3345. තෙන කම‍්මවිපාකෙන නිරයෙ සංසරිං චිරං, බහුවස‍්සසහස‍්සානි දුක‍්ඛං වෙදෙසිං වෙදනං.

3345. ඒ කර්‍මවිපාකයෙන් බොහෝ කලක් නිරයෙහි සැරිසැරීමි. බොහෝ දහස් ගණන් හවුරුදු දුක්වේදනා වින්දෙමි.

3346. තෙන කම‍්මාවසෙසෙන ඉධ පච‍්ඡිමකෙ භවෙ, අබ‍්භක‍්ඛානං මයා ලද‍්ධං සුන්‍දරිකාය කාරණා.

3346. ඒ කර්‍මයාගේ අවශේෂ විපාක වශයෙන් මේ අන්තිම භවයෙහි සුන්‍දරිකා නම් පරිව්‍රාජිකාව නිසා මා විසින් නින්‍දා වචන ලබන ලදි.

3347. සබ‍්බාභිභුස‍්ස බුද‍්ධස‍්ස නන්‍දො නාමාසි සාවකො, තං අබ‍්භක‍්ඛාය නිරයෙ චිරං සංසරිතං මයා.

3347. සබ්බාභිභු නම් බුදුරජුන්ගේ නන්‍ද නම් ශ්‍රාවකයෙක් වීය. උන්වහන්සේට නින්‍දා කොට මා විසින් බොහෝ කාලයක් නිරයෙහි සැරිසරන ලදි.

3348. දසවස‍්සසහස‍්සානි නිරයෙ සංසරිං චිරං, මනුස‍්සභාවං ලද‍්ධාහං අබ‍්භක‍්ඛානං බහුං ලභිං.

3348. හවුරුදු දසදහසක් පමණ වූ දීර්‍ඝකාලයක් නිරයෙහි සැරි සැරීමි. මිනිසත්බව ලත් මම බොහෝ නින්‍දා ලැබීමි.

3349. තෙන කම‍්මාවසෙසෙන චිඤ‍්චමානවිකා මමං, අබ‍්භක‍්ඛාසි අභූතෙන ජනකායස‍්ස අග‍්ගතො.

3349. ඒ කර්‍මයාගේ ශේෂ වූ විපාකයෙන් චිඤ්චමානවිකා තොමෝ ජනසමූහයා ඉදිරියෙහි මට අභූතයෙන් චෝදනා කළාය.

3350. බ්‍රාහ‍්මණො සුතවා ආසිං අහං සක‍්කතපූජිතො, මහාවනෙ පඤ‍්චසතෙ මන‍්තෙ වාචෙමි මාණවෙ.

3350. මම බොහෝ දෙනා විසින් සත්කාර කරණ ලද්දා වූ පුදන ලද්දා වූ බහුශ්‍රුත බමුණෙක් වීමි. මහවෙනෙහි පන්සියක් මානවකයනට මන්ත්‍ර හදාරවමි.

3351. තත්‍ථාගතො ඉසි භීමො පඤ‍්චාභිඤ‍්ඤො මහිද‍්ධිකො, තඤ‍්චාහමාගතං දිස‍්වා අබ‍්භාචික‍්ඛිමදූසකං.

3351. මහත් ඍද්ධි ඇති පඤ්චාභිඥාලාභී වූ භීම ඍෂිතෙම එහි පැමිණියේ ය. මම (එසේ) පැමිණියහු දැක නින්‍දා නො කටයුතු වූ ඔහුට නින්‍දා කෙළෙමි.

3352. තතොහං අවචං සිස‍්සෙ කාමභොගී අයං ඉසි, මය‍්හම‍්පි භාසමානස‍්ස අනුමොදිංසු මාණවා.

3352. ඉක්බිති මම ශිෂ්‍යයන්හට “මේ ඍෂිතෙම කාමභෝගියෙකැ” යි කීමි. මාණවකයෝ ද මා කී වචනයට සතුටු වූවාහු ය.

3353. තතො මාණවකා සබ‍්බෙ භික‍්ඛමානා කුලෙ කුලෙ, මහාජනස‍්ස ආහංසු කාමභොගී අයං ඉසි.

3353. ඉක්බිති මාණවකයෝ හැමදෙන ගෙයක් පාසා පිඬු සිඟමින් “මේ ඍෂිතෙම කාමභෝගියෙකැ” යි මහජනයාට කීහු.

3354. තෙන කම‍්මවිපාකෙන පඤ‍්චභික‍්ඛුසතා ඉමෙ, අබ‍්භක‍්ඛානං ලභුං සබ‍්බෙ සුන්‍දරිකාය කාරණා.

3354. ඒ කර්‍මවිපාකයෙන් මේ හැම පන්සියක් භික්‍ෂුහු සුන්‍දරිකා පිරිවැජිය නිමිති කොට නින්‍දා ලැබූහ.

3355. වෙමාතුභාතරං පුබ‍්බෙ ධනහෙතු හනිං අහං, පක‍්ඛිපිං ගිරිදුග‍්ගස‍්මිං සිලාය ච අපිංසයිං.

3355. පෙර මම (එක පියකුට දාව දෙමවුකුසින් උපන්) වෙමාතික සොහොයුරු ධනය හේතුකොට ගෙන නැසීමි. ගිරිදූර්‍ගයක හෙළීමි. ගලකින් ද තැළීමි.

3356. තෙන කම‍්මවිපාකෙන දෙවදත‍්තො සීලං ඛිපි, අඞ‍්ගුට‍්ඨං පිංසයී පාදෙ මම පාසාණසක‍්ඛරා.

3356. ඒ කර්‍මවිපාකය හේතු කොට ගෙණ දෙව්දත් තෙමේ මට ගලක් පෙරළීය. (ඉන් නැගුනු) ගල් පතුරක් මාගේ පයෙහි මහැඟිල්ල තැළී ය.

3357. පුරෙභං දාරකො හුත්‍වා කීළමානො මහාපථෙ, පච‍්චෙකබුද‍්ධං දිස‍්වාන මග‍්ගෙ සකලිකං ඛිපිං.

3357. පෙර මම කුල දරුවෙක් ව මහමගෙහි ක්‍රීඩා කරමින් මග (වඩිනා) පසේබුදු නමක් දැක ගල්කැබැල්ලක් (උන්වහන්සේ දෙසට) ලීමි.

3358. තෙන කම‍්මවිපාකෙන ඉධ පච‍්ඡිමකෙ භවෙ, වධත්‍ථං මං දෙවදත‍්තො අභිමාරෙ පයොජයි.

3358. ඒ කර්‍මවිපාකයෙන් මේ අන්තිම භවයෙහි දෙව්දත් තෙමේ මා මැරීම පිණිස දුනුවායන් යෙදවී ය.

3359. හත්‍ථාරොහො පුරෙ ආසිං පච‍්චෙකමුනිමුත‍්තමං, පිණ‍්ඩාය විචරන‍්තං තං ආසාදෙසිං ගජෙනහං.

3359. මම පෙර ඇතරුවෙක් වීමි. පිඬු පිණිස හැසිරෙන පසේබුදුනමක් දැක ඇතා ලවා උන්වහන්සේ ගටා ලැවීමි.

3360. තෙන කම‍්මවිපාකෙන භන‍්තො නාලාගිරී ගජො, ගිරිබ‍්බජෙ පුරවරෙ දාරුණො මං උපාගමි.

3360. ඒ කර්‍මවිපාකයෙන් ගිරිබ්‍බජ නම් උතුම් නගරයෙහි දී (මත් වී) භ්‍රාන්ත වූ දරුණු නාලාගිරි ඇතා මා වෙත එළැඹියේ ය.

3361. රාජාහං පත්‍ථිවො ආසිං සත‍්තිනා පුරිසං හනිං, තෙන කම‍්මවිපාකෙන නිරයෙ පච‍්චිසං භුසං.

3361. මම පෙර පෘථිවීශ්වර වූ රජෙක් වීමි. සැතකින් ගසා පුරුෂයකු මැරීමි. ඒ කර්‍මවිපාකයෙන් බොහෝ කලක් නිරයෙහි පැසුනෙමි.

3362. කම‍්මුනො තස‍්ස සෙසෙන ඉදානි සකලං මම, පාදෙ ඡවිං පකොපෙසි න හි කම‍්මං විනස‍්සති.

3362. ඒ කර්‍මයාගේ ශේෂ වූ විපාකයෙන් මෙකල මාගේ පාදයෙහි සිවිය සියල්ල (ඇතුළත ලේ තැල්ම නිසා) ප්‍රදුෂ්‍ය විය. කර්‍මය නැති නො වේ.

3363. අහං කෙවට‍්ටගාමස‍්මිං අහුං කෙවට‍්ටදාරකො, මච‍්ඡකෙ ඝාතිතෙ දිස‍්වා ජනයිං සොමනස‍්සකං.

3363. මම කෙවුල් ගමක කෙවුල් දරුවෙක් වීමි. නසන ලද මසුන් දැක සොම්නස ඉපදවීමි.

3364. තෙන කම‍්මවිපාකෙන සීසදුක‍්ඛං අහූ මම, සබ‍්බෙ සක‍්කා ච හඤ‍්ඤිංසු යදා හනි විඩූඩභො.

3364. ඒ කර්‍මවිපාකයෙන් මාගේ හිසෙහි දුක් වේදනාවක් ඇති විය. යම් කලෙක්හි විඩූඩභ තෙමේ යුද කෙළේ ද, එකල්හි සියලු ශාක්‍යයෝ ද නැසුනාහු ය.

3365. ඵුස‍්සස‍්සාහං පාවචනෙ සාවකෙ පරිභාසයිං, යවං ඛාදථ භුඤ‍්ජථ මා ච භුඤ‍්ජථ සාලයො.

3365. ඵුස්ස බුදුරජානන් වහන්සේගේ සසුනෙහි ශ්‍රාවකයන්හට යව කවු බුදිවු, හැල් නො බුදිවු යී නින්‍දා කෙළෙමි.

3366. තෙන කම‍්මවිපාකෙන තෙමාසං ඛාදිතං යවං, නිමන‍්තිතො බ්‍රාහ‍්මණෙන වෙරඤ‍්ජායං වසිං තදා.

3366. බමුණකු විසින් ආරාධනය කරණ ලදුයෙම් වේරඤ්ජාවෙහි විසීමි. එකල ඒ කර්‍මවිපාකයෙන් තෙමසක් යව අනුභව කරණ ලදි.

3367. නිබ‍්බුද‍්ධෙ වත‍්තමානම‍්හි මල‍්ලපුත‍්තං නිහෙඨයිං, තෙන කම‍්මවිපාකෙන පිට‍්ඨිදුක‍්ඛං මමං අහුං.

3367. (පෙර) මල්ලයුද්ධයක් පවත්නා කල්හි මල්ලපුත්‍රයකු පෙළීමි. ඒ කර්‍මවිපාකයෙන් මාගේ පිටෙහි දුක්ඛවේදනාවක් විය.

3368. තිකිච‍්ඡකො අහං ආසිං සෙට‍්ඨිපුත‍්තං විරෙචයිං, තෙන කම‍්මවිපාකෙන හොති පක‍්ඛන්‍දිකා මම.

3368. මම පෙර වෙදෙක් වීමි. (ධනලෝභයෙන්) එක් සිටුපුතකු විරේක කරවීමි. ඒ කර්‍මයෙන් මට ලෝහිතපක්‍ඛන්‍දිකා (=ලේ අතීසාර) රෝගය වැළඳුනේ වේ.

3369. අවචාහං ජොතිපාලො සුගතං කස‍්සපං තදා, කුතො නු බොධි මුණ‍්ඩස‍්ස බොධි පරමදුල‍්ලභා.

3369. (පෙර) ජෝතිපාල මාණවක වූ මම එකල්හි කාශ්‍යප බුදුරජානන් වහන්සේට “මුණ්ඩයාට (හිස මුඩු කළහුට) සම්බෝධි ඥානයක් කොයින් ද? සම්බෝධි ඥානය ඉතා දුර්‍ලභය”යි කීමි.

3370. තෙන කම‍්මවිපාකෙන අචරිං දුක‍්කරං බහුං, ඡබ‍්බස‍්සානුරුවෙලායං තතො බොධිමපාපුණිං.

3370. ඒ කර්‍මවිපාකයෙන් උරුවේලායෙහි සාවුරුද්දක් බොහෝ දුෂ්කරක්‍රියා කෙළෙමි. ඉන් පසු සම්‍යක්සම්බෝධියට පැමිණියෙමි.

3371. නාහං එතෙන මග‍්ගෙනන පාපුණිං බොධිමුත‍්තමං, කුම‍්මග‍්ගෙන ගවෙසිස‍්සං පුබ‍්බකම‍්මෙන චාරිතො.

3371. පූර්‍වකර්‍මයෙන් (සැප) වළක්වන ලදුයේ නො මගින් බුදුබව සොයන්නෙම් මම ඒ නො මගින් උතුම් සම්‍යක් සම්බෝධියට නො පැමිණියෙමි.

3372. පුඤ‍්ඤපාපපරික‍්ඛීණො සබ‍්බසන‍්තාපවජ‍්ජිතො, අසොකො අනුපායාසො නිබ‍්බායිස‍්සමනාසවො.

3372. පින්පව් ගෙවා ලූයෙම් කෙලෙස් තැවුල් බැහැර කෙළෙම් ශෝක රහිත වූයෙම් උපායාස රහිත වූයෙම් ආස්‍රව රහිත වූයෙම් පරිනිර්‍වාණයට පත්වන්නෙමි.

3373. එවං ජිනො වියාකාසි භික‍්ඛුසඞ‍්ඝස‍්ස අග‍්ගතො, සබ‍්බාභිඤ‍්ඤාබලප‍්පත‍්තො අනොතත‍්තෙ මහාසරෙ.

3373. සියලු අභිඥාබලයනට පත් සර්‍වඥයන් වහන්සේ අනවතප්ත මහවිල් තෙරෙහි දී බික්සඟන හමුයෙහි මෙසේ වදාළ සේක.

ඉත්‍ථං සුදං භගවා අත‍්තනො පුබ‍්බචරිතං පුබ‍්බකම‍්මපිලොතිකං නාම ධම‍්මපරියායං අභාසි.

මෙහි මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ පූර්‍ව චරිතය (දැක්වෙන) පුබ්බකම්මපිලෝතික නම් වූ ධර්‍මදේශනාව වදාළ සේකි.

පුබ‍්බකම‍්මපිලොතිකං නාම බුද‍්ධාපදානං දසමං.

පුබ්බකම්මපිලෝතික නම් වූ බුද්ධාවදානය දසවැනි යි.

උද‍්දානං:

උද්දානය:

අවණ‍්ටං ලබුජඤ‍්චෙව උදුම‍්බරපිලක‍්ඛු ච ඵාරු වල‍්ලි ච කාදලී පනසො කොටිවීසකො පුබ‍්බකම‍්මපිලොති ච අපදානං මහෙසිනො ගාථායො එකනවුති ගණිතායො විභාවිහි.

අවණ්ට ලබුජ උදුම්බර පිලක්‍ඛු ඵාරු වල්ලී කදලී පනස කෝටිවීසක පුබ්බකම්මපිලෝති සම්බුදුසිරිත ද වේ මෙහි ගී එක් අනූවක් පඬුවන් ගණන ලද වේ.

අවණ‍්ටඵලවග‍්ගො එකූනචත‍්තාළීසතිමො.

අවණ්ටඵල වර්‍ගය එකුන්සාළිස්වැනි යි.