391. පිළින්දිවච්ඡත්ථෙරාපදානං
391. පිළින්දිවච්ඡත්ථෙරාපදානං.
391. පිළින්දිවච්ඡ ස්ථවිරාවදානය
3374. නගරෙ හංසවතියා ආසිං දොවාරිකො අහං, අක්ඛොභං අමිතං භොගං ඝරෙ සන්නිචිතං මම.
3374. මම හංසවතී නගරයෙහි දොරටුපාලයෙක් වීමි. මාගේ ගෘහයෙහි නිරවුල් වූ අපමණ භොග සම්පත් ද විය.
3375. රහො ගතො නිසීදිත්වා සම්පහංසිත්ව මානසං, නිසජ්ජ පාසාදවරෙ එවං චින්තෙසහං තදා.
3375. මම එකල්හි පහයෙහි විවේකව හිඳ සිත පහදවා මෙසේ සිතීමි.
3376. බහූ මෙ’ධිගතා භොගා ඵීතං අන්තෙපුරං මම, රාජාපි සන්නිමන්තෙසි ආනන්දො පඨවිස්සරො.
3376. මා විසින් බොහෝ භෝගසම්පත්තීහු ලබන ලදහ. මාගේ ඇතුළුනුවර සමෘද්ධය. පෘථිවීශ්වර වූ ආනන්ද රජතෙමේ ද (බුදුරජුන් ප්‍රධාන සඞ්ඝයාට දානය සඳහා) ආරාධනය කෙළේය.
3377. අයඤ්ච බුද්ධො උප්පන්නො අධිච්චුප්පත්තිකො මුනි, සංවිජ්ජන්ති ච මෙ භොගා දානං දස්සාමි සත්ථුනො.
3377. සර්වඥ තෙමේ ලෝ වැඩ සඳහා පහළ වන්නේ වේ. මේ ඒ සර්වඥතෙම ලොව පහළ විය. මාගේ භෝගයෝ ද විද්‍යාමාන වෙත්. ශාස්තෲන් වහන්සේට දනක් දෙන්නෙමි.
3378. පදුමෙන රාජපුත්තෙන දින්නං දානවරං ජිනෙ, හත්ථිනාගෙ ච පල්ලඞ්කෙ අපස්සෙනඤ්ච’නප්පකං.
3378. පදුම නම් රාජපුත්‍රයා විසින් බුදුරජානන් වහන්සේ කෙරෙහි උතුම් වූ දානයක් දෙන ලදි. (ඒ දනෙහි) හස්තිරාජයන් ද, පර්‍ය්‍යඞ්කයන් ද හේත්තු වන පුවරු ද යන බොහෝ දේ වෙයි.
3379. අහම්පි දානං දස්සාමි සඞ්ඝෙ ගණවරුත්තමෙ, අදින්නපුබ්බමඤ්ඤෙසං භවිස්සං ආදිකම්මිකො.
3379. මම ද උතුම් වූ සඞ්ඝයා කෙරෙහි දනක් දෙන්නෙමි. අනුන් විසින් නො දුන් විරූ (දෑ දීමෙහි) ආදිකර්මිකයෙක් වන්නෙමියී-
3380. චින්තෙත්වාහං බහුවිධං යාගෙ යස්ස සුඛං ඵලං, පරික්ඛාරදානමද්දක්ඛිං මම සඞ්කප්පපූරණං.
3380. යම් යම් දෑ දීමෙහි සුඛවිපාක නන් අයුරින් සිතා මාගේ අදහස් පුරා ලන පරිෂ්කාරදානය දිටිමි.
3381. පරික්ඛාරානි දස්සාමි සඞ්ඝෙ ගණවරුත්තමෙ, අදින්නපුබ්බමඤ්ඤෙසං භවිස්සං ආදිකම්මිකො.
3381. ගණවරොත්තම වූ සඞ්ඝයා කෙරෙහි පිරිකර දෙන්නෙමි. අනුන් විසින් නො දුන් විරූ (දෑ දීමෙහි) ආදිකර්මිකයෙක් වන්නෙමියී-
3382. නළකාරෙ උපාගම්ම ඡත්තං කාරෙසිං තාවදෙ, ඡත්තසතසහස්සානි එකතො සන්නිපාතයිං.
3382. එකෙණෙහි කුලුපොත්තන් (=බටවලින් කර්මාන්ත කරන්නන්) වෙත එළඹ ඡත්‍ර කරවීමි. ඡත්‍ර ලක්ෂයක් එක්රැස් කෙළෙමි.
3383. දුස්සසතසහස්සානි එකතො සන්නිපාතයිං, පත්තසතසහස්සානි එකතො සන්නිපාතයිං.
3383. වස්ත්‍ර ලක්ෂයක් ද එක්රැස් කෙළෙමි. පාත්‍ර ලක්ෂයක් ද එක්රැස් කෙළෙමි.
3384. වාසියො සත්ථකෙ චාපි සූචියො නඛඡෙකෙ, හෙට්ඨා ඡත්තෙ ලග්ගාපෙසිං කාරෙත්වා තදනුච්ඡවෙ.
3384. වෑ ද කුඩා පිහි ද, හිදි ද, නියකපන සැත් ද, ඊට සුදුසු ලෙස කරවා ඡත්‍රයෙහි එල්බවීමි.
3385. විධූපනෙ තාලවණෙට මොරහත්ථෙ ච චාමරෙ, පරිස්සාවනෙ තෙලධරෙ කාරයිං තදනුච්ඡවෙ.
3385. පවන්අතු ද, විජිනිපත් ද, මොණරපියාපත් ද, සෙමරවල් ද, පෙරහන්කඩ ද, තෙල්බඳුන් ද, එයට සුදුසු ලෙස කරවීමි.
3386. සූචිඝරෙ අංසබන්ධෙ අථොපි කායබන්ධනෙ, ආධාරකෙ ච සුකතෙ කාරයිං තදනුච්ඡවෙ.
3386. හිදිගුලා ද, අස්බහන් ද, යලි කාබහන් ද, (පාත්රාධාරාදි) මැනවින් කළ ආධාරක ද එයට සුදුසු ලෙස කරවීමි.
3387. පරිභොගභාජනෙ ච අථොපි ලොහථාලකෙ, භෙසජ්ජෙ පූරයිත්වාන හෙට්ඨාඡත්තෙ ඨපෙසහං.
3387. පරිභෝගයට ගන්නා බඳුන් ද, එසේ ම ලොහොතලි ද බෙහෙත් පුරවා ඡත්‍ර යට තැබීමි.
3388. වචං උසීරං ලට්ඨිමධුං පිප්ඵලී මරිචානි ච, හරීතකිං සිඞ්ගිවෙරං සබ්බං පූරෙසිං භාජනෙ.
3388. වදකසාය, සැවැන්න (විෂ්ණුක්‍රාන්ති) මුල් ය, වැල්මී ය, තිප්පිලි ය, ගම්මිරිස් ය, අරළු ය, හිඟුරු ය යන මේ සියල්ල බඳුන්හි පිරවීමි.
3389. උපාහනෙ පාදුකායො අථො උදකපුඤ්ඡනෙ, කත්තරදණ්ඩෙ සුකතෙ කාරයිං තදනුච්ඡවෙ.
3389. වහන් ද, මිරිවැඩි ද, එසේම දිය පිස්නාවන් ද, මැනවින් කළ සැරයටි ද, එයට සුදුසු ලෙස කරවීමි.
3390. ඔසධඤ්ජනනාළී ච සලාකා ධම්මකුත්තරා, කුඤ්චිකා පඤ්චවණ්ණෙහි සිබ්බිතෙ කුඤ්චිකාඝරෙ.
3390. බෙහෙත් අඳුන් නාළිකා ද (බෙහෙත් ගෑම් ආදිය සඳහා ගන්නා) ලහ ද, දම්කොතුරු (=ඩබරා) ද කෙසි (යතුරු) ද පස්වණින් මසා කළ කෙසිගුලා හෙවත් යතුරු කොපු ද,
3391. ආයොගෙ ධූමනෙත්තෙ ච අථොපි දීපධාරකෙ, තුම්බකෙ ච කරණ්ඩෙ ච කාරයිං තදනුච්ඡවෙ.
3391. අයෝගපට්ට ද, දුම් (බොන) කෝව ද පහන් එල්ලන කොකු ද තිඹ නම් මානපාත්ර ද කරඬු ද එයට සුදුසු ලෙස කරවීමි.
3392. සණ්ඩාසෙ පිප්ඵලෙ චෙව අථොපි මලහාරකෙ, භෙසජ්ජථවිකෙ චෙව කාරයිං තදනුච්ඡවෙ.
3392. අඬු ද, කතුරු ද, යලිදු මල හරනා හඬු (=කන්හැඳි) ද බෙහෙත් පහි ද එයට සුදුසු ලෙස කරවීමි.
3393. ආසන්දියො පීඨකෙ ච පල්ලඞ්කෙ චතුරොමයෙ, තදනුච්ඡවෙ කාරයිත්වා හෙට්ඨාඡත්තෙ ඨපෙසහං.
3393. දික්හඟලා පුටු ද, කුඩා පුටු ද, පලඟ ද මම එයට සුදුසු ලෙස කරවා ඡත්රයයට තැබීමි.
3394. උණ්ණාභිසී තූලභිසී අථොපි පීඨිකාභිසී, බිම්බොහනෙ ච සුකතෙ කාරයිං තදනුච්ඡවෙ.
3394. එළුලොම් පිර වූ බිසි ද, පුලුන් පිර වූ බිසි ද, යලිදු පුටු බිසි ද මැනවින් කරන ලද මෙට්ට ද එයට සුදුසු ලෙස කරවීමි.
3395. කුරුවින්දෙ මධුසිත්ථෙ තෙලං හත්ථප්පතාපකං, සිපාටී ඵලකෙ සූචි මඤ්චමත්ථරණෙන ච.
3395. (ඇඟ ඉළීමට ගන්නා) කුරුඳුගල් ද, මී ඉටි ද (තල) තෙල් ද එසේ ම ඇඟ ඉළීමට ගන්නා (ඉරි ඇඳ කෙරොස් කළ) අත්වන අඟුරු කබල ද (මට කළ) ගල්පතුරු ද, පුවරු ද, හිඳි ද, ඇඳ අතුරුණු ද,
3396. සෙනාසනෙ පාදපුඤ්ඡෙ සයනාසනදණ්ඩකෙ, දන්තපොණෙ ච ආටලී සීසාලෙපනගන්ධකෙ.
3396. සෙනසුන් ද, පාබිසි ද, යහන්දඬු ද, දැහැටි ද, දත් කටු ද, හිසෙහි ගල්වන ගන්ධ (තෛලාදිය) ද,
3397. අරණී පලාලපීඨෙ ච පත්තපිධානථාලකෙ, උදකස්ස කටච්ඡු ච චුණ්ණකං රජනම්මණං.
3397. ගිනිගානා දඬු ද, පිදුරු පුටු ද, පාත්‍රයන් වහන පියන් හා තලි ද, දිය ගන්නා පිණිස යොදන කිණිසි ද, සුණුවර්ග ද පඬුඔරු ද,
3398. සම්මජ්ජනිං උදපත්තං තථා වස්සිකසාටිකං, නිසීදනං කණ්ඩුඡාදී අථ අන්තරවාසකං.
3398. මුසුන් ද, දියබඳුන් ද, එසේ ම වැසිසළු ද, හිඳිනා ඇතිරි ද, කස්පිළිසන් පටි ද, යලි හඳනාකඩ ද,
3399. උත්තරාසඞ්ගසඞ්ඝාටී නත්ථුකං මුඛසොධනං, බිලඞ්ගලොණං පහූතං ච මධුඤ්ච දධිපානකං.
3399. උතුරුසඟසිවුරු හා සඟලසිවුරු ද, නශ්‍ය කරණ යුගහැඳි ද, මුවදෝනා බඳුන් ද, ඇඹුල් කාඩි ද, ලුණු ද, බොහෝ වූ මී ද, දිහියෙන් කළ පානවර්ග ද,
3400. ධූපං සිත්ථං පිලොතිඤ්ච මුඛපුඤ්ඡනසුත්තකං, දාතබ්බං නාම යං අත්ථි යං ච කප්පති සත්ථුනො.
3400. දුම් නඟනා ද්‍රව්‍ය ද, ඉටි ද, මහලුපිළී ද, මුව පිස්නා හා හූ දැයි (මෙසේ) දිය යුතු යමක් ඇත් ද, යමක් ශාස්තෲන් වහන්සේටත් කැප ද.
3401. සබ්බමෙතං සමානෙත්වා ආනන්දං උපසඞ්කමිං, උපසඞ්කම්ම රාජානං ජනෙතාරං මහෙසිනො, සිරසා අභිවාදෙත්වා ඉදං වචනමබ්රවිං:
3401. මේ සියල්ල රැස් කරවා මහර්ෂි වූ බුදුරජුන්ගේ පියා වූ ආනන්ද රජු වෙත එළඹියෙමි. එළඹ හිස නමා වැඳ මේ වචනය කීමි.
3402. එකතො ජාතසංවද්ධා උභින්නං එකතො මනං, සාධාරණා සුඛදුක්ඛෙ උභො ච අනුවත්තකා.
3402. (අප දෙදෙන) එක්ව ඉපද එක්ව ම වැඩුනෝ වෙමු. දෙදෙනාගේ සිත ද එක්ව ම පවතී. (දෙදෙනා පිළිබඳ සුවදුක් දෙක) දෙදෙනාට ම සාධාරණ ය. (දෙදෙනා ම ඔවුනොවුනට) අනුව පවතින්නෝ වෙමු.
3403. අත්ථි චෙතසිකං දුක්ඛං තවාධෙය්යං අරින්දම, යදි සක්කොසි තං දුක්ඛං විනොදෙය්යාසි ඛත්තිය.
3403. සතුරන් මඩින්නා වූ රජතුමනි, මාගේ සිතෙහි තොප අයත් හෙවත් තොප විසින් මැඩලිය යුතු දුකක් ඇත. ක්ෂත්රියයානෙනි, ඉදින් හැකිවෙහි නම් ඒ දුක දුරු කරන්නෙහිය කියා යි.
3404. තව දුක්ඛං මමං දුක්ඛං උභින්නං එකතො මනං, නිට්ඨිතන්ති විජානාහි මමාධෙය්යං සචෙ තුවං.
3404. ඔබගේ දුක මාගේ දුකය, දෙදෙනාගේ ම සිත එක්බඳුය, ඉදින් තාගේ දුක මා අයත් නම් හෙවත් මා විසින් මැඩලිය හැක්කක් නම් එය අවසන් වීය යි දැන ගණුව.
3405. ජානාහි මෙ මහාරාජ දුක්ඛං මෙ දුබ්බිනොදයං, පහූ සමානො ගජ්ජස්සු එකං තෙ දුච්චජං වරං.
3405. මහරජතුමනි, මාගේ දුරු කළ නො හැකි දුක දැනගණු මැනව, එය ඔබවහන්සේගේ බැහැර කළ නො හැකි එක් වරයක් වෙයි. එය කිරීමෙහි පොහොසත් වන්නේ නම් කියනු මැනව.
3406. යාවතා විජිතං අත්ථි යාවතා මම ජීවිතං, එතෙහි යදි තෙ අත්ථො දස්සාමි අවිකම්පිතො.
3406. විජිතය යම් තාක් ඇද්ද, මාගේ ජීවිතය යම් තාක් ඇද්ද, ඉදින් මෙකී දෙයින් ඔබට ප්‍රයෝජන නම් කම්පා නො වූයෙම් ම (එය) දෙන්නෙමි.
3407. ගජ්ජිතං ඛො තයා දෙව මිච්ඡා තං බහුගජ්ජිතං, ජානිස්සාමි තුවං අජ්ජ සබ්බධම්මෙ පතිට්ඨිතං.
3407. දේවයන් වහන්ස, ඔබ විසින් මෙසේ ගර්ජනා කරන ලදි. එබඳු බොහෝ ගර්ජිතයන් (ඇතැම් විට) බොරු වන්නේ ය. අද ඔබ සියලු ධර්මයන්හි පිහිටියෙක් දැයි දන්මි.
3408. අතිබාළ්හං තිපීළෙසි දදමානස්ස මෙ සතො, කින්තෙ මෙ පීළිතෙනත්ථො පත්ථිතං තෙ කථෙහි මෙ.
3408. (ඇති) යමකු දෙන්නා වූ මා (ඔබ) දැඩි ලෙස පෙළනෙහිය. මා පෙළීමෙන් ඔබට ඇති ප්‍රයෝජනය කිම? ඔබ විසින් පතන ලද්ද මට කියව.
3409. ඉච්ඡාමහං මහාරාජා බුද්ධසෙට්ඨමනුත්තරං, භොජයිස්සාමි සම්බුද්ධං වජ්ජං මෙ මාහු ජීවිතං.
3409. මහරජතුමනි, මම අනුත්තර වූ බුද්ධශ්රෙෂ්ඨයන් වහන්සේ කැමැත්තෙමි. සම්බුදුරජුන් වළඳවන්නෙමි. මෙය වැරදුනහොත් මාගේ ජීවිතය නහමක් වේවා.
3410. අඤ්ඤං තෙහං වරං දම්මි මා යාචිත්ථො තථාගතං, අදෙය්යො කස්සචි බුද්ධො මණිජොතිරසො යථා.
3410. මම ඔබට අනික් වරයක් දෙමි. තථාගතයන් වහන්සේ නො ඉල්ලනු මැනව. දැරඟමිණක් බඳු බුදුරජ තෙම කිසිවෙකුට නො දිය යුත්තෙකි.
3411. නනු තෙ ගජ්ජිතං දෙව යාව ජීවිතමත්තනො, ජීවිතං දදමානෙන යුත්තං දාතුං තථාගතං.
3411. දේවයන් වහන්ස, ඔබ විසින් තමාගේ දිවි වුව ද දෙමැයි ගර්ජනා කරණ ලදුයේ නො වේ ද? ජීවිතය දෙන්නහු විසින් බුදුරජුන් දීම සුදුසුය.
3412. ඨපනීයො මහාවීරො අදෙය්යො කස්සචි ජිනො, න මෙ පටිස්සුතො බුද්ධො චරස්සු අමිතං ධනං.
3412. බුදුරජ තෙම (වෙන් කොට) තැබිය යුතු ය. සර්වඥ තෙම කිසිවකුට නො දිය යුතු වේ. මා විසින් බුදුරජුන් දෙමැයි පිළිවදන් නො දෙන ලදි. අපමණ වූ ධනය ඉල්ලනු මැනව.
3413. විනිච්ඡයං පාපුණාම පුච්ඡිස්සාමි විනිච්ඡයෙ, යථාසන්තං කථෙස්සන්ති පටිපුච්ඡාම තං තථා.
3413. අධිකරණයට පැමිණෙමු. අධිකරණයෙහි දී විචාරන්නෙමු. (එවිට අධිකරණ නායකයෝ) ඇති පරිදි (කරුණු) කියන්නාහු ය. එය එසේ (අධිකරණයෙන් ම) විචාරමු.
3414. රඤ්ඤො හත්ථෙ හහෙත්ථාන අගමාසිං විනිච්ඡයං, පරතො අක්ඛදස්සානං ඉදං වචනමබ්රවිං.
3414. රජුගේ අත ගෙණ විනිශ්චයට ගියෙමි. විනිසකරුවන් ඉදිරියෙහි මේ වචනය කීමි:
3415. සුණන්තු මෙ අක්ඛදස්සා ජීවිතම්පි පචාරයී, න කිඤ්චි ඨපයිත්වාන රාජා වරමදාසි මෙ.
3415. විනිසකරුවෝ මබස අසත්වා, කිසිවක් නො තබා මට රජ තෙම වරයක් දුන්නේය. ජීවිතය පවා පැවරීය.
3416. තස්ස මෙ වරදින්නස්ස බුද්ධසෙට්ඨං වරිං අහං, සුදින්නො හොති මෙ බුද්ධො අථවා සංසයං මම.
3416. මට වර දුන් ඔහුගෙන් මම බුදුරජුන් ඉල්ලීමි. මට බුදුරජ තෙම මැනවින් දෙන ලදී. නො එසේ නම් මාගේ සැකයෙකි.
3417. සොස්සාම තව වචනං භූමිපාලස්ස රාජිනො, උභින්නං වචනං සුත්වා ඡින්දිස්සාමෙත්ථ සංසයං.
3417. තාගේ වචනය ද පෘථිවිපාලක වූ රජුගේ වචනය ද අසමු. දෙදෙනාගේ ම වචන අසා මෙහි සැක දුරු කරමු.
3418. සබ්බං දෙව තයා දින්නං ඉමස්ස සබ්බගාහිකං, න කිඤ්චි ඨපයිත්වාන ජීවිතම්පි පවාරයි.
3418. දේවයන් වහන්ස, කිසිවක් තබා නො ගෙණ සියල්ල ම ගතයුතු සේ කොට සියල්ල ඔබවහන්සේ විසින් මොහුට දෙනලද ද? ජීවිතය ද පැවරී ද?
3419. කිච්ඡප්පත්තොව හුත්වාන යාචී චරමනුත්තරං, ඉමං සුදුක්ඛිතං ඤාත්වා අදාසිං සබ්බගාහිකං.
3419. (මෙ තෙම) දුකට පැමිණියෙක් ව උතුම් වරයක් ඉල්ලීය. අතිශයින් දුකට පත් මොහු දැන (කැමති සියල්ලක් ම දෙමැයි) සර්වග්රාහික කොට (වරයක්) දුනිමි.
3420. පරාජයො තවං දෙව, අස්ස දෙය්යො තථාගතො, උභින්නං සංසයො ඡින්නො යථාසන්තම්හි තිට්ඨථ.
3420. දේවයන් වහන්ස, පරාජය ඔබවහන්සේට ය. බුදුරජ තෙම ඔහුට දිය යුතුය. දෙදෙනාගේ ම සැක පසිඳින ලදි. සත්පුරුෂධර්මය වූ පරිදි ධර්මයෙහි පිහිටුව.
3421. රාජා තත්ථෙව ඨත්වාන අක්ඛදසෙස්තදබ්රවි, සම්මා මය්හම්පි දෙය්යාථ පුන බුද්ධං ලභාමහං.
3421. රජ තෙම එහි ම සිටගෙණ විනිසකරුවනට මෙය කීය. සගයෙනි, මට ද තෙපි (වරයක්) දෙන්නහු නම් නැවත මම බුදුරජුන් ලබමි.
3422. පූරෙත්වා තව සඞ්කප්පං භොජයිත්වා තථාගතං, පුන දෙය්යාසි සම්බුද්ධං ආනන්දස්ස යසස්සිනො.
3422. තාගේ අදහස් සම්පූර්ණ කොට ගෙණ තථාගතයන් වළඳවා ආනන්ද රජුහට නැවත බුදුරජුන් දෙන්නෙහි ය.
3423. අක්ඛදස්සෙ’භිවාදෙත්වා ආනන්දඤ්චාපි ඛත්තියං, තුට්ඨො පමුදිතො හුත්වා සම්බුද්ධමුපසඞ්කමිං.
3423. විනිසකරුවනට ද රජතුමාට ද වැඳ සතුටු වූයෙම් ප්‍රමුදිත වූයෙම් බුදුරජුන් වෙත එළඹියෙමි.
3424. උපසඞ්කම්ම සම්බුද්ධං ඔඝතිණ්ණමනාසවං, සිරසා අභිවාදෙත්වා ඉදං වචනමබ්රවිං.
3424. චතුරෝඝයන් තරණය කළා වූ ආස්‍රව රහිත වූ සම්බුදුරජුන් වෙත එළඹ හිස නමා වැඳ මේ වචනය කීමි.
3425. වසීසතසහස්සෙහි අධිවාසෙහි චක්ඛුම, හාසයන්තො මමං චිත්තං නිවෙසනමුපෙහි මෙ.
3425. පසැස් ඇතියාණන් වහන්ස, රහතුන් ලක්ෂයක් දෙනා වහන්සේ සමඟ (මාගේ දානය) ඉවසා වදාළ මැනව. මාගේ සිත සතුටු කරමින් මාගේ නිවසට වඩිනු මැනව.
3426. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, මම සඞ්කප්පමඤ්ඤාය අධිවාසෙසි චක්ඛුමා,
3426. ලොවැස්සන්ගේ පූජාසත්කාරයන් පිළිගන්නා වූ තුන්ලොව ම මැනවින් දතුවා වූ පසැස් ඇත්තා වූ පදුමුත්තර බුදුරජ තෙම මාගේ අදහස දැන (ඒ ආරාධනය) ඉවසීය.
3427. අධිවාසනමඤ්ඤාය අභිවාදිය සත්ථුනො, හට්ඨො උදග්ගචිත්තොහං නිවෙසනමුපාගමිං.
3427. මම ආරාධනය පිළිගත් බව දැන ශාස්තෲන් වහන්සේ වැඳ සතුටුව ඔදවැඩි සිත් ඇත්තෙම් සිය නිවසට එළඹියෙමි.
3428. මිත්තාමච්චෙ සමානෙත්වා ඉදං වචනමබ්රවිං, සුදුල්ලභො මයා ලද්ධො මණි ජොතිරසො යථා.
3428. මම මිත්‍රාමාත්‍යයන් රැස් කරවා මේ වචන කීමි. දෑරඟ මිණිරුවන වැනි අතිදුර්ලභ වස්තුවක් මා විසින් ලබන ලදි.
3429. කෙන තං පූජයිස්සාම අප්පමෙය්යො අනූපමො, අතුලො අසමො ධීරො ජිනො අප්පටිපුග්ගලො.
3429. බුදුරජානන් වහන්සේ පමණ කළ නො හැකි ගුණ ඇති සේක. උපමාරහිත වූ ගුණ ඇති සේක. අතුල්‍ය වූ සම වූ අනිකකු නොමැති බැවින් අසම නම් වන සේක. මහ නුවණැති සේක. පස්මරුන් දිනූ සේක. අප්‍රතිපුද්ගල වන සේක. ඒ බුදුරජුන්හට කුමකින් පුදන්නෙමු ද?
3430. තථා සමසමො චෙව අදුතියො නරාසභො, දුක්කරං අධිකාරං හි බුද්ධානුච්ඡවිකං මයා.
3430. එසේ ම ඒ බුදුරජානන් වහන්සේ අසම සමය හ. අදුතිය හ. නරශ්‍රේෂ්ඨය හ. මා විසින් ඒ බුදුරජුන්හට සුදුසු වූ පූජාවක් කිරීම දුෂ්කරය.
3431. නානාපුප්ඵෙ සමානෙත්වා කරොම පුප්ඵමණ්ඩපං, බුද්ධානුච්ඡවිකං එතං සබ්බපූජා භවිස්සති.
3431. නොයෙක් මල් රැස් කොට පුෂ්පමණ්ඩපයක් කරමු. මේ සියලු පූජා බුදුරජුන්හට සුදුසු වන්නීය.
3432. උප්පලං පදුමං වාපි වස්සිකං අධිමුත්තකං, චම්පකං නාගපුප්ඵඤ්ච මණ්ඩපං කාරයිං අහං.
3432. උපුල්, පියුම්, දෑසමන්, යොහොඹු (=කෝඹු), සපු, නා යන මලින් මම මණ්ඩපයක් කරවීමි.
3433. සතාසනසහස්සානි ඡත්තච්ඡායාය පඤ්ඤපිං, පච්ඡිමං ආසනං මය්හං අධිකං සතමග්ඝති.
3433. ඡත්‍රයන්ගේ සෙවනෙහි ලක්ෂයක් අසුන් පැණවීමි. මාගේ අන්තිම ආසනය අයිරාසියක් අගනේ ය.
3434. සතාසනසහස්සානි ඡත්තච්ඡායාය පඤ්ඤපිං, පටියාදෙත්වා අන්නපානං කාලමාරොචයිං අහං.
3434. මම සත්සෙවනෙහි ලක්ෂයක් අසුන් පණවා නිමවීමි. ආහාරපාන ද පිළියෙල කරවා (සුදුසු) කලැයි දැන්වීමි.
3435. ආරොචිතම්හි කාලම්හි පදුමුත්තරො මහාමුනි, වසි සතසහස්සෙහි නිවෙසනමුපෙසි මෙ.
3435. කාලය ආරෝචනය කළ කල්හි පදුමුත්තර බුදුරජ තෙමේ ලක්ෂයක් රහතුන් සමග මාගේ නිවසට එළඹියේ ය.
3436. ධාරෙන්තමුපරිච්ඡත්තෙ සුඵුල්ලපුප්ඵමණ්ඩපෙ, වසීසතසහස්සෙහි නිසීදි පුරිසුත්තමො.
3436. මුදුන් සත් දරණ සුපුල් මල්මුවාමඩුවෙහි පුරුෂෝත්තම වූ බුදුරජ තෙම ලක්ෂයක් රහතුන් සමග වැඩහුන්නේ ය.
3437. ඡත්තසතසහස්සානි සතසහස්සමාසනං, කප්පියං අනවජ්ජඤ්ච පටිගණ්හාහි චක්ඛුම.
3437. ඡත්‍ර ලක්ෂයකි. අසුන් ලක්ෂයකි. බුදුරජානන් වහන්ස, මේ කැපය, නිවරදය. පිළිගණු මැනව.
3438. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, මමං තාරෙතුකාමො සො සම්පටිච්ඡි මහාමුනි.
3438. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ඒ මහාමුනි වූ පදුමුත්තර බුදුරජ තෙම මා (සසර සයුරින්) එතෙර කරණු කැමැත්තේ එය පිළිගත්තේ ය.
3439. භික්ඛුනො එකමෙකස්ස පච්චෙකං පත්තදාසහං, ජභිංසු පුබ්බකං පත්තං ලොහපත්තමධාරයුං.
3439. මම එක එක භික්ෂුහට වෙන වෙන ම පාත්‍ර දුනිමි. පළමුවෙන් තුබුනු පාත්‍ර ඉවත් කොට හළහ. (හැමදෙනා වහන්සේ ම) ලෝහපාත්ර දැරුවාහු ය.
3440. සත්තරත්තින්දිවං බුද්ධො නිසීදි පුප්ඵමණ්ඩපෙ, බොධයන්තො බහූ සත්තෙ ධම්මචක්කං පවත්තයී.
3440. බුදුරජ තෙම දිවරෑ සතක් පුෂ්පමණ්ඩපයෙහි වැඩහුන්නේ ය. බොහෝ සත්නට දහම් අවබෝධ කරවමින් දම්සක් පැවැත්වී ය.
3441. ධම්මචක්කං පවත්තෙන්තෙ හෙට්ඨතො පුප්ඵමණ්ඩපෙ, චුල්ලාසීතිසහස්සානං ධම්මාභිසමයො අහු.
3441. පුෂ්පමණ්ඩපය තුළ දම්සක් පවත්වන කල්හි සුවාසූදහසක් ප්‍රාණීන්හට ධර්මාභිසමය වී ය.
3442. සත්තමෙ දිවසෙ පත්තෙ පදුමුත්තරො මහාමුනි, ඡත්තච්ඡායාය මාසීනො ඉමා ගාථා අභාසථ:
3442. සත්වැනි දින පැමිණි කල්හි පදුමුත්තර බුදුරජ තෙම ඡත්රච්ඡායායෙහි වැඩහුන්නේ මේ ගාථාවන් වදාළේ ය.
3443. “අනූනකං දානවරං යො මෙ පාදාසි මාණවො, තමහං කිත්තයිස්සාමි සුණොථ මම භාසතො.
3443. “යම් මාණවකයෙක් මට කිසිවකින් නො අඩු වූ උතුම් දානයක් දුන්නේ ද, මම හේ කවරෙක් දැයි කියන්නෙමි. කියන්නා වූ මාගේ (වචනය) අසවු.
3444. හත්ථි අස්සා රථා පත්තී සෙනා ච චතුරඞ්ගිනී, පරිවාරෙස්සන්ති’මං නිච්චං සබ්බදානස්සිදං ඵලං.
3444. ඇත්තු ද අශ්වයෝ ද රිය ද පාබළ සෙනඟ ද යන සිවුරඟ සෙනඟ මොහු නිතර පිරිවරන්නාහුය. සර්‍වදානයාගේ මේ විපාක යි.
3445. හත්ථියානං අස්සයානං සිවිකා සන්දමානිකා, උපට්ඨිස්සන්ති’මං නිච්චං සබ්බදානස්සිදං ඵලං.
3445. හස්තියානය අශ්වයානය දෝලාය පල්ලැක්කිය යන මෙකී යානයෝ නිරතුරුව මොහු වෙත එළඹ සිටිත්. සර්‍වදානයාගේ මේ විපාක යි.
3446. සට්ඨිරථසහස්සානි සබ්බාලඞ්කාරභූසිතා, පරිවාරෙස්සන්ති’මං නිච්චං සබ්බදානස්සිදං ඵලං.
3446. සියලු ආභරණයන්ගෙන් සරසන ලද සැටදහසක් රථයෝ නිරතුරුව මොහු පිරිවරන්නාහු ය. සර්‍වදානයාගේ මේ විපාක යි.
3447. සට්ඨිතුරියසහස්සානි භෙරියො සමලඞ්කතා, වජ්ජයිස්සන්ති’මං නිච්චං සබ්බදානස්සිදං ඵලං.
3447. සැටදහසක් තූර්‍ය්‍යයෝ ද මැනැවින් අලඞ්කාර කරණ ලද භේරීහු ද මොහුට නිරතුරුව ම වැයුම් කරන්නාහු ය. සර්‍වදානයාගේ මේ විපාක යි.
3448. ඡළාසීතිසහස්සානි නාරියො සමලඞ්කතා, විචිත්තවත්ථාභරණා ආවුත්තමණිකුණ්ඩලා.
3448-3449. මැනැවින් අලඞ්කාර කරණ ලද සයාසූදහසක් ස්ත්‍රීහු විසිතුරු වස්ත්රාභරණ ඇත්තාහු පළඳින ලද මිණිකොඬොල් ඇත්තාහු දිග ඇසිපිය ඇත්තාහු සිනා සහිත වූවාහු මැනවැයි හැඳින්විය යුතු ශරීරාවයව ඇත්තාහු සිහින් කටිප්‍රදේශ ඇත්තාහු නිරතුරුව ම මොහු පිරිවරන්නාහු ය. සර්‍වදානයාගේ මේ විපාක යි.
3449. අළාරපම්හා හසුලා සුසඤ්ඤා තනුමජ්ඣිමා, පරිවාරෙස්සන්ති’මං නිච්චං සබ්බදානස්සිදං ඵලං.
3450. තිංසකප්පසහස්සානි දෙවලොකෙ රමිස්සති, සහස්සක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සති.
3450. කප්තිස්දහසක් කල් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. දහස්වරක් දේවේන්ද්රව දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
3451. සහස්සක්ඛත්තුං රාජා ච චක්කවත්තී භවිස්සති, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං.
3451. දහස්වරක් සක්විති රජ වන්නේ ය. (කරවනු ලබන) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙපමණය යි) ගිණිය නො හැකිය.
3452. දෙවලොකෙ වසන්තස්ස පුඤ්ඤකම්මසමඞ්ගිනො, දෙවලොකපරියත්තං රතනඡත්තං ධරීයති.
3452. පුණ්යකර්මයාගේ (විපාකය හා) යෙදී දෙව්ලොව වසන්නා වූ මොහුට දෙව්ලොව කෙළවර කොට රුවන්සැතක් (=ස්වර්ණමයකුඩයක්) දැරේ.
3453. ඉච්ඡිස්සති යදා ඡායං ඡදනං දුස්සපුප්ඵජං, ඉමස්ස චිත්තමඤ්ඤාය නිබද්ධං ඡාදයිස්සති.
3453. යම් කලෙක පිළීපුප්මුවා සෙවෙනි සේයාවක් ඉස්නේ නම් (එකල්හි) මොහුගේ සිත දැන (මෙන්) නිරතුරුව ම සෙවන කරන්නේ ය.
3454. දෙවලොකා චවිත්වාන සුක්කමූලෙන චොදිතො, පුඤ්ඤකම්මෙන සංයුත්තො බ්රහ්මබන්ධු භවිස්සති.
3454. කුශලමූලයෙන් මෙහෙයන ලද්දේ දෙව්ලොවින් සැව පුණ්යකර්මවිපාකය හා යෙදුනේ බ්‍රාහ්මණයෙක් වන්නේ ය.
3455. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
3455. මෙයින් කල්පලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
3456. සබ්බමෙතං අභිඤ්ඤාය ගොතමො සක්යපුඞ්ගවො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා එතදග්ගෙ ඨපෙස්සති.
3456. ශාක්‍යකුලයෙහි වූ ගෞතම බුදුරජ තෙමේ සියල්ල දැන භික්ෂුසඞ්ඝයා මැද වැඩහිඳ (මොහු) ඒතදග්‍රස්ථානයෙහි තබන්නේ ය.
3457. පිළින්දිවච්ඡ නාමෙන හෙස්සති සත්ථුසාවකො, දෙවානං අසුරානඤ්ච ගන්ධබ්බානං ච සක්කතො.
3457. දෙවියන් විසින් ද අසුරයන් විසින් ද ගන්ධර්වයන් විසින් ද සත්කාර කරණ ලද පිළින්දිවච්ඡ නම් බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.
3458. භික්ඛූනං භික්ඛුනීනං ච ගිහීනං ච තථෙව සො, පියො හුත්වාන සබ්බෙසං විහරිස්සතනාසවො.”
3458. එසේ ම හෙතෙමේ මහණුන් හට ද මෙහෙණන් හට ද ගිහියන් හට ද යන සියල්ලනට ප්‍රිය ව ආස්‍රව රහිතව වාසය කරන්නේය” යි.
3459. සතසහසෙස කතං කම්මං ඵලං දස්සෙසි මෙ ඉධ, සුමුත්තො සරවෙගොව කිලෙසෙ ඣාපයී මම.
3459. මෙයින් සියක්දහස් වන කපෙහි කරණ ලද කර්මයාගේ විපාකය මට මෙහි දී දැක්වීය. දුනුදියෙන් මිදුනු හීවේගය මෙන් මාගේ කෙලෙස් දැවී ය.
3460. අහො මෙ සුකතං කම්මං පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ, යත්ථ කාරං කරිත්වාන පත්තොම්හි අචලං පදං.
3460. නිරුත්තර වූ පුණ්යක්ෂේත්රයෙහි මා විසින් මැනැවින් කරන ලද පුණ්‍යකර්මය ආශ්චර්‍ය්‍ය යි. යම් පින්කෙතක පින්කම් කොට අචල වූ නිර්වාණපදයට පැමිණියෙම් වෙම් ද එහෙයිනි.
3461. අනූනකං දානවරං අදාසි යො හි මාණවො, ආදි පුබ්බඞ්ගමො ආසි තස්ස දානස්සිදං ඵලං.
3461. යම් මාණවකයෙක් තෙම කිසිවක් නො අඩු වූ උතුම් දනක් දුන්නේ ද, (එහි) පළමු ප්‍රමුඛයා විය. ඒ දානයාගේ මේ විපාක යි.
3462. ඡත්තෙ සුගතෙ දත්වාන සඞ්ඝෙ ගණවරුත්තමෙ, අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3462. බුදුරජුන් කෙරෙහි ද ගණප්‍රධාන වූ සඞ්ඝයා කෙරෙහි ද ඡත්රයක් පුදා මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් අටක් අනුභව කරමි.
3463. සීතං උණ්හං න ජානාමි රජොජල්ලං න ලිම්පති, අනුපද්දවො අනීතී ච හොමි අපචිතො සදා.
3463. ශීතොෂණයන් නො දනිමි. දැලිකුණු නො තැවරේ. උවදුරු විපත් නැති වේ. හැමකල්හි පුදන ලද්දෙක් වෙමි.
3464. සුඛුමච්ඡවිකො හොමි විසදං හොති මානසං, ඡත්තසතසහස්සානි භවෙ සංසරතො මම.
3464-3465. සියුම් සිවි ඇත්තෙම් වෙමි. සිත පිරිසිදු වේ. භවයෙහි සැරිසරන්නා වූ මට මේ ජාතිය හැර (අනෙක් හැම ජාතියක දී ම) ඒ කර්මයාගේ බලයෙන් සියලු අලඞ්කාරයන්ගෙන් යුක්ත වූ සියක්දහසක් ඡත්‍ර මාගේ හිසට දරත්.
3465. සබ්බාලඞ්කාරයුත්තානි තස්ස කම්මස්ස වාහසා, ඉමං ජාතිං ඨපෙත්වාන මත්ථකෙ ධාරයන්ති මෙ.
3466. කස්මා ඉමාය ජාතියා නත්ථි මෙ ඡත්තධාරණා, මම සබ්බං කතං කම්මං විමුත්තිඡත්තපත්තියා.
3466. ඉහාත්මයෙහි මාගේ ඡත්‍රධාරණයක් නැත්තේ මන් ද? මා විසින් කරණ ලද කර්ම සියල්ල විමුක්තිඡත්රලාභයට (=නිවන් ලැබීමට) හේතු වූ බැවිනි.
3467. දුස්සානි සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තෙමෙ, අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3467. බුදුරජුන් කෙරෙහි ද ගණප්‍රධාන වූ සඞ්ඝයා කෙරෙහි ද වස්ත්‍ර දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් අටක් අනුභව කරමි.
3468. සුවණ්ණවණ්ණො විරජො සප්පභාසො පතාපවා, සිනිද්ධං හොති මෙ ගත්තං භවෙ සංසරතො මම.
3468. ස්වර්ණවර්ණ වූයෙම් රජස් රහිත වූයෙම් ප්‍රභා සහිත වූයෙම් ප්රතාපවත් වූයෙම් වෙමි. භවයෙහි සැරිසරන්නා වූ මාගේ සිරුර සිනිඳු වේ.
3469. දුස්සසතසහස්සානි සෙතා පීතා ච ලොහිතා, ධාරෙන්ති මත්ථකෙ මය්හං දුස්සදානස්සිදං ඵලං.
3469. සුදුවන් වූ ද කහවන් වූ ද ලෙහෙවන් වූ ද සියක්දහසක් වස්ත්‍ර මාගේ මස්තකයෙහ් දරත්. වස්ත්‍රදානයාගේ මේ විපාක යි.
3470. කොසෙය්යකම්බලීයානි ඛොමකප්පාසිකානි ච, සබ්බත්ථ පටිලභාමි තෙසං නිස්සන්දතො අහං.
3470. කෝසෙය්යවස්ත්රය කම්බල වස්ත්‍රය කොමුපිළීය කපුපිළීය යන මේ වස්ත්‍ර ඒ කර්මයාගේ ඵලයෙන් මම සියලු තන්හි දී ම ලබමි.
3471. පත්තෙ සුගතෙ දත්වාන සඞ්ඝෙ ගණවරුත්තමෙ, දසානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3471. බුදුරජුන් කෙරෙහි ද ගණප්‍රධාන වූ සඞ්ඝයා කෙරෙහි ද පාත්‍ර දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් දසයක් අනුභව කරමි.
3472. සුවණ්ණථාලෙ මණිථාලෙ රජතෙ පි ච ථාලකෙ, ලොහිතඞ්කමයෙ ථාලෙ පරිභුඤ්ජාමි සබ්බදා.
3472. රන්තලි ද මිණිතලි ද රිදීතලි ද පියුම්රාමිණිමුවාතලි ද හැම කල්හි පරිභෝග කරමි.
3473. අනුපද්දවො අනීතී ච හොමි අපචිතො සදා, ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස සයනස්ස ච.
3473. උවදුරු රහිත වූයෙම් විපත් රහිත වූයෙම් හැම කල්හි (සියල්ලන් විසින්) පුදන ලදුයෙම් වෙමි. ආහාරපාන වස්ත්‍ර සයනාසන ලබන්නෙක් ද වෙමි.
3474. න විනස්සන්ති මෙ භොගා ඨිතචිත්තො භවාමහං, ධම්මකාමො සදා හොමි අප්පක්ලෙසො අනාසවො.
3474. මාගේ භෝගයෝ විනාශ නො වෙත්. මම නැවතුනා වූ සිත් ඇත්තෙම් වෙමි. හැම කලුහි ධර්මය කැමැති වෙමි. කෙලෙස් නැති වූයෙම් ආස්‍රව රහිත වෙමි.
3475. දෙවලොකෙ මනුස්සෙ වා අනුබන්ධා ඉමෙ ගුණා, ඡායා යථාපි රුක්ඛස්ස සබ්බත්ථ න ජහන්ති මං.
3475. දෙව්ලොව්හි ද මිනිස්ලොව්හි ද මෙකී ගුණයෝ මා අනුව ම ගියාහු ගසේ සෙවන (ගස නොහරින්නාක්) මෙන් සියලු තන්හි දී මා අතහැර නො දමන්නාහුය.
3476. චිත්තබන්ධනසම්බද්ධා සුකතා වාසියො බහූ, දත්වාන බුද්ධසෙට්ඨස්ස සඞ්ඝස්ස ච තථෙවහං, අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3476. මම විසිතුරු බන්ධනයන්ගෙන් බැඳුනු මැනවින් කළ බොහෝ පිහිය ද බුද්ධශ්රෙෂ්ඨයන් වහන්සේට හා එසේ ම සඞ්ඝයාට ද පුදා,
3477. සූරො හොම’විසාරී ච වෙසාරජ්ජෙසු පාරමී, ධිති විරියවා හොමි පග්ගහීතමනො සදා.
3477. සූර වූයෙම් සසල නො වූයෙම් විසාරද බැව්හි කෙළ පැමිණියෙම් වෙමි. හැම කල්හි (කෙලෙස් වසඟව යා නො දී) දැඩි කොට ගත් සිත් ඇත්තෙම් නුවණ හා වීර්‍ය්‍ය ඇත්තෙම් ද වෙමි.
3478. කිලෙසච්ඡෙදනං ඤාණං සුඛුමං අතුලං සුචිං, සබ්බත්ථ පටිලභාමි තස්ස නිස්සන්දතො අහං.
3478. මම සියුම් වූ අතුල පිරිසිදු වූ කෙලෙස් සිඳීමේ නුවණ ද ඒ පුණ්යකර්ම බලයෙන් සියලු තන්හි දී ලබමි.
3479. අකක්කසෙ අඵරුසෙ සුධොතෙ සත්ථකෙ බහූ, පසන්නචිත්තො දත්වාන බුද්ධෙ සඞ්ඝෙ තථෙව ච.
3479. බුදුරජුන් කෙරෙහි ද සඞ්ඝයා කෙරෙහි ද පහන්සිත් ඇත්තෙම් කොරොස් නො වූ රළු නො වූ තියුණු කළ බොහෝ අවි මැනැවින් දී,
3480. පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම, කල්‍යාණචිත්තං විරියං ඛන්තිඤ්ච මෙත්තසත්ථකං.
3480-3481. මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් පසක් අනුභව කරමි. කල්‍යාණ චිත්තය ද, වීර්‍ය්‍යය ද, ක්ෂාන්තිය ද, මෙත් අවිය ද, තණ්හානමැති හුල සිඳුනා ලද බැවින් අනුත්තර වූ ප්රඥාශස්ත්රය වූ විදුරුසම නුවණ ද ඒ කුශලකර්ම බලයෙන් ලබමි.
3481. තණ්හාසල්ලස්ස ඡින්නත්තා පඤ්ඤාසත්ථං අනුත්තරං, වජිරෙන සමං ඤාණං තෙසං නිස්සන්දතො ලභෙ.
3482. සූචියො සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3482. බුදුරජුන් කෙරෙහි ද සඞ්ඝයා කෙරෙහි ද හිදි (කටු) දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් පසක් අනුභව කරමි:
3483. න සංසයො කඞ්ඛච්ඡෙදො අභිරූපො ච භොගවා, තික්ඛපඤ්ඤො සදා හොමි සංසරන්තො භවාභවෙ.
3483. කුදුමහත් භවයෙහි සැරිසරන්නෙම් හැම කල්හි සැක නැත්තෙම් කුකුස් සිඳුනෙම් මනා රූ ඇත්තෙම් භෝගසම්පත් ඇත්තෙම් තියුණු පැණවත් වූයෙම් ද වෙමි.
3484. ගම්භීරං නිපුණං ඨානං අත්ථං ඤාණෙන පස්සයිං, වජිරග්ගසමං ඤාණං හොති මෙ තමඝාතනං.
3484. ගැඹුරු වූ ද සියුම් වූ ද තැන් හා අරුත් නුවණින් දුටුවෙමි. මාගේ මොහඳුර නසන්නා වූ වීදුරු අගක් මෙන් සියුම් නුවණ වේ.
3485. නඛච්ඡෙදනෙ සුගතෙ දත්වා සඞ්ඝෙ ගණුත්තමෙ, පඤ්චනිසසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3485. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද තියසැත් දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් පසක් අනුභව කරමි.
3486. දාසිදාසෙ ගවස්සෙ ච භතකෙ ආරක්ඛකෙ බහූ, න්හාපිතෙ භත්තකෙ සූදෙ සබ්බත්ථෙව ලභාමහං.
3486. බොහෝ දැසිදස්සන් ද ගවයන් හා අශ්වයන් ද බැළයන් ද ආරක්ෂකයන් ද නැවෑමියන් ද මේවඩුවන් ද සූදයන් ද මම (භවයෙහි) සියලු තන්හිදී ම ලබමි.
3487. විධූපනෙ සුගතෙ දත්වා තාලවණ්ටෙ ච සොභනෙ, අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3487. ශෝභන වූ විජිනිපත් ද (තල්පතින් කළ) වටාපත් ද බුදුරජුන් කෙරෙහි ද (උතුම් සඟගණ කෙරෙහි ද දි) මාගේ කර්මයට සුදුසු වූ අනුසස් අටක් අනුභව කරමි.
3488. සීතං උණ්හං න ජානාමි පරිළාහො න විජ්ජති, දරථං නාභිජානාමි චිත්තසන්තාපනං මම.
3488. ශීතොෂ්ණයන් නො දනිමි. (සිරුරෙහි හෝ සිතෙහි) දාහයක් නැත. මාගේ කාය චිත්ත සන්තාපකර දරථයක් නො දනිමි.
3489. රාගග්ගි දොසමොහග්ගි මානග්ගි දිට්ටිඅග්ගි ච, සබ්බග්ගී නිබ්බුතා මය්හං තස්ස නිස්සන්දතො මම.
3489. මාගේ ඒ කුශලකර්‍මයාගේ විපාකයෙන් රාගාග්නිය ද්වේෂාග්නිය මෝහාග්නිය දෘෂ්ට්යග්නිය යන සියලු අග්නීහු නිවී ගියහ.
3490. මොරහත්ථෙ චාමරියො දත්වා සඞ්ඝෙ ගණුත්තමෙ, උපසන්තකිලෙසො’හං විහරාමි අනඞ්ගණො.
3490. මොණරපියාපත් ද, සෙමෙරවලිග ද, බුදුරජුන් කෙරෙහි හා උතුම් සඟගණ කෙරෙහි දී මම සන්හිඳුනු කෙලෙස් ඇත්තෙම් කෙලෙස් රහිත ව වෙසෙමි.
3491. පරිස්සාවනෙ සුගතෙ දත්වා ධම්මකරුත්තමෙ, පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3491. බුදුරජුන් කෙරෙහි හා උතුම් සඟගණ කෙරෙහි පෙරහන් දී මාගේ කර්මයට සුදුසු වූ පඤ්චාසංසයක් අනුභව කරමි:
3492. සබ්බෙසං සමතික්කම්ම දිබ්බං ආයුං ලභාමහං, අප්පසය්හො සදා හොමි චොරපච්චත්ථිකෙහි වා.
3492. මම සෙසු සියල්ලන්ගේ ආයුෂ ඉක්මවා දිව්‍යමය ආයුෂ ලබමි. හැමකල්හි සොරුන් විසින් හෝ පසමිතුරන් විසින් හෝ බලයෙන් මැඩලිය නොහෙන්නේ වෙමි.
3493. සත්ථෙන වා විසෙන වා විහෙසම්පි න කුබ්බතෙ, අන්තරා මරණං නත්ථි තෙසං නිස්සන්දතො මම.
3493. අවියකින් හෝ විසකින් හෝ වෙහෙසකුදු නො කෙරේ. ඒ පුණ්‍යවිපාකයෙන් මාගේ (නියමිත ආයුෂ නො ගෙවී) අතරතුර මරණයකුදු නැත.
3494. තෙලධරෙ සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3494. බුදුරජුන් කෙරෙහි ද, උතුම් සඟගණ කෙරෙහි ද තෙල්ගුලා දී මාගේ කර්මයට සුදුසු වූ අනුසස් පසක් අනුභව කරමි.
3495. සුචාරුරූපො සුගදො සුසමුග්ගතමානසො, අවික්ඛිත්තමනො හොමි සබ්බාරක්ඛෙහි රක්ඛිතො.
3495. මනහර රූ ඇත්තෙම් මනෝඥ හඬ ඇත්තෙම් මැනවින් සමාධිගත සිත් ඇත්තෙම් නො කැළඹුනු සිත් ඇත්තෙම් සියලු ආරක්ෂාවන්ගෙන් රැකුනෙම් ද වෙමි.
3496. සූචිඝරෙ සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3496. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද හිදිගුලාවක් දී මාගේ කර්මයට සුදුසු වූ අනුසස් තුණක් අනුභව කරමි.
3497. චෙතොසුඛං කායසුඛං ඉරියාපථජං සුඛං, ඉමෙ ගුණෙ පටිලභාමි තස්ස නිස්සන්දතො අහං.
3497. චිත්තසුඛය ද කායසුඛය ද ඉරියාපථ සුඛය ද යන මේ ත්රිවිධගුණයන් ඒ පුණ්‍යඵලයෙන් මම ලබමි.
3498. අංසඛන්ධෙ ජිනෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3498. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගුණ කෙරෙහි ද අස් (=අංස) කඩ දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් තුණක් අනුභව කරමි.
3499. චෙතොඤාණඤ්ච වින්දාමි සරාමි දුතියං භවං, සබ්බත්ථ සුච්ඡවී හොමි තස්ස නිස්සන්දතො අහං.
3499. චේතෝපරියඤාණය (පරසිත් දන්නා නුවණ) ලබමි. දෙවෙනි භවය ද සිහි කෙරෙමි. මම ඒ පුණ්‍යඵලයෙන් හැම භවයෙහි ම මනා ඡවි ඇත්තෙම් වෙමි.
3500. කායබන්ධෙ ජිනෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, ඡානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3500. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ දෙරෙහි ද කාබාන් දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් සයක් ලබමි.
3501. සමාධීසු න කම්පාමි වසී හොමි සමාධිසු, අභෙජ්ජපරිසො හොමි ආදෙය්යවචනො සදා.
3501. සමාධීන්හි කම්පා නොවෙමි. (එසේ ම) සමාධීන්හි වශී වෙමි. නො බෙදුනු පිරිස් ඇත්තෙම් වෙමි. හැමකල් අනුන් විසින් පිළිගත යුතු වචන ඇත්තෙම් වෙමි.
3502. උපට්ඨිතසතී හොමි තාසො මය්හං න විජ්ජති, දෙවලොකෙ මනුස්සෙ වා අනුබන්ධා ඉමෙ ගුණා.
3502. එළඹ සිටි සිහි ඇත්තෙම් වෙමි. මට තැති ගැන්මක් නැත. මේ ගුණයෝ දෙව්ලොව හෝ මිනිස්ලොව හෝ මා අනුව ම එති.
3503. ආධාරකෙ ජිනෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, පඤ්චවණ්ණෙහි දායාදො අචලො හොමි කෙනචි.
3503-3504. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද (පාත්‍ර තබන) ආධාරකයන් දී පස්අයුරකින් ගත් දායාද ඇත්තෙම් හෙවත් අනුසස් පසක් ලදුයෙම් වෙමි: කිසිවකින් කම්පා නො වෙමි. මි විසින් අසන ලද යම් කිසි ධර්ම කෙනෙක් වෙත් ද ඒ ධර්මයෝ සිහිය හා නුවණ පොබයන්නෝ වෙති. සිත්හි ලා දරණ ලද්දෝ නො නැසෙත්. මැනවින් නිශ්චිත වූවාහු වෙත්.
3504. යෙ කෙචි මෙ සුතා ධම්මා සතිඤාණප්පබොධනා, ධතා මෙ න විනස්සන්ති භවන්ති සුචිනිච්ඡිතා.
3505. භාජනෙ පරිභොගෙ ච දත්වා බුද්ධෙ ගණුත්තමෙ, තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3505. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද පරිභෝග භාජනයන් දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් තුණක් අනුභව කරමි.
3506. සොණ්ණමයෙ මණිමයෙ අථො පි ඵලිකාමයෙ, ලොහිතඞ්කමයෙ චෙව ලභාමි භාජනෙ අහං.
3506. මම රන්මුවා වූ ද මිණිමුවා වූ ද යලි පිළිමිණිමුවා වූ ද පියුම්රාමිණිමුවා වූ ද බඳුන් ලබමි.
3507. භරියා දාසදාසී ච හත්ථස්සරථපත්තිකා, ඉත්ථි පතිබ්බතා චෙව පරිභොගානි සබ්බදා.
3507. භාර්‍ය්‍යාවෝ ද දාසිදාසයෝ ද හස්ති අශ්ව රථ පාබළ සෙනඟ ද පතිව්රතාස්ත්රීහූ ද හැම කල්හි පරිභෝග වස්තූහු වෙත්.
3508. විජ්ජා මන්තපදෙ චෙව විවිධෙ ආගමෙ බහූ, සබ්බං සිප්පං නිසාමෙමි පරිභොගානි සබ්බදා.
3508. විද්‍යාවන්ට ද මන්ත්රපදයනට ද විවිධ ආගමධර්මයනට ද සියලු ශිල්පයනට ද කන් යොමු කරමි. එ සිප්හු හැම කල්හි පරිභෝගයෝ වෙත්.
3509. ථාලකෙ සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3509. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද තලි දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් තුණක් අනුභව කරමි.
3510. සොණ්ණමයෙ මණිමයෙ අථොපි ඵලිකාමයෙ, ලොහිතඞ්කමයෙ චෙව ලභාමි ථාලකෙ අහං.
3510. රුවන්මුවා වූ ද මිණිමුවා වූ ද යළි පිළිමිණිමුවා වූ ද පියුම්රාමිණිමුවා වූ ද තලි මම ලබමි.
3511. අස්සත්ථකෙ ඵලමයෙ අථො පොක්ඛරපත්තකෙ, මධුපානකසංඛෙ ච ලභාමි ථාලකෙ අහං.
3511. ලබුපලමුවා තලි ද යලි පොකුරුපත් ද මිහි බොන සක් ද යන තලි මම ලබමි.
3512. වත්තෙ ගුණෙ පටිපත්ති ආචාරකිරියාසු ච, ඉමෙ ගුණෙ පටිලභෙ තස්ස නිස්සන්දතො අහං.
3512. වතාවත් ගුණයෙහි ද ආචාරක්රියාවන්හි ද පිළිපැදුම යන මේ ගුණ ඒ පුණ්යකර්ම බලයෙන් මම ලබමි.
3513. භෙසජ්ජං සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, දසානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3513. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද බෙහෙත් දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් දසයක් ලබමි.
3514. ආයුවා බලවා වීරො වණ්ණවා යසවා සුඛී, අනුපද්දවො අනීති ච හොමි චාපචිතො සදා, න මෙ පියචියොගත්ථි තස්ස නිස්සන්දතො මම.
3514. ආයු ඇත්තෙම් බල ඇත්තෙම් වීරගුණ ඇත්තෙම් සිවිපැහැ ඇත්තෙම් කීර්තිමත් වූයෙම් සැප ඇත්තෙම් උවදුරු රහිතයෙම් විපත් රහිතයෙම් හැම කල්හි (අනුන් විසින්) පුදන ලදුයෙම් වෙමි. ඒ පුණ්යකර්මයාගේ ඵලයෙන් මට ප්‍රියවිප්‍රයෝග දුකෙක් නැත.
3515. උපාහනෙ ජිනෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3515. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද පාවහන් දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් තුණක් අනුභව කරමි:
3516. හත්ථියානං අස්සයානං සිවිකා සන්දමානිකා, සට්ඨිසතසහස්සානි පරිවාරෙන්ති මං සදා.
3516. හස්ති අශ්ව යාන ද දෝලා ද පල්ලැක්කි දැයි මේ යානයෝ සැටලක්ෂයක් මා හැම කල්හි පිරිවරත්.
3517. මණිමයා කම්බලිකා සොණ්ණරජතපාදුකා, නිම්බතතන්ති පදුද්ධාරෙ භවෙ සංසරතො මම.
3517. භවයෙහි සැරිසරන්නා වූ මට පියවරක් පාසා මිණියෙන් කරන ලද්දා වූ ද කම්බිලි යෙන් කරණ ලද්දා වූ ද රනින් කරණ ලද්දා වූ ද රිදියෙන් කරන ලද්දා වූ ද පාදුකාවෝ (=පාවහන්) නිපදිත්.
3518. නියාමං පතිධාවන්ති ආගුආචාරසොධනං, ඉමෙ ගුණෙ පටිලභෙ තස්ස නිස්සන්දතො අහං.
3518. ඔහු කර්මනියාමය අනුව පවිටු ආචාරයන්ගේ ශෝධන සඳහා පවතිත්. ඒ පුණ්යබලයෙන් මම මේ ගුණ ලබමි.
3519. පාදුකෙ සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, ඉද්ධාපාදුකමාරුය්හ විහරාමි යදිච්ඡකං.
3519. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද මිරිවැඩි දී කැමැති තාක් ඍද්ධිමය මිරිවැඩි නැගී වෙසෙමි.
3520. උදපුඤ්ඡනකෙ චොළෙ දත්වා බුද්ධෙ ගණුත්තමෙ, පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3520. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද දියපිස්නා දී මාගේ කර්මයට සුදුසු වු අනුසස්පසක් ලබමි.
3521. සුවණ්ණවණ්ණො විරජො සප්පභාසො පතාපවා, සිනිද්ධං හොති මෙ ගත්තං රජොජල්ලං න ලිම්පති, ඉමෙ ගුණෙ පටිලභෙ තස්ස නිස්සන්දතො අහං.
3521. ස්වර්ණවර්ණ වූ රජස් රහිත වූ ප්‍රභාසහිත වූ ප්රතාපවත් වූ මාගේ සිරුර සිනිඳු ද වේ. දැලිකුණු ද නො තැවරේ. ඒ පුණ්‍යඵලයෙන් මම මේ ගුණ ලබමි.
3522. කත්තරදණ්ඩෙ සුගතෙ දත්වා සඞ්ඝෙ ගණුත්තමෙ, ඡානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3522. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද සැරයටි දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් සයක් ලබමි.
3523. පුත්තා මය්හං බහූ හොන්ති තාසො මය්හං න විජ්ජති, අප්පසය්හො සදා හොමි සබ්බාරක්ඛෙහි රක්ඛිතො, ඛලිතම්පි න ජානාමි අභන්තං මානසං මම.
3523. මට බොහෝ පුත්‍රයෝ වෙත්. මාගේ තැති ගැන්මෙක් නැත. සියලු ආරක්ෂාවන්ගෙන් රැකුනෙම් හැම කල්හි බලාත්කාරයෙන් නො මැඩලිය හැක්කෙක් වෙමි. පැකිලීමකුත් නො දනිමි. මාගේ සිත භ්‍රාන්ත නො වෙයි.
3524. ඔසධං අඤ්ජනං දත්වා බුද්ධෙ සඞ්ඝෙ ගණුත්තමෙ, අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3524. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද ඔසු අඳුන් දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් අටක් අනුභව කරමි.
3525. විසාලනයනො හොමි සෙතපීතො ච ලොහිතො, අනාවිලපසන්නක්ඛො සබ්බරොගවිවජ්ජිතො.
3525. සුදුවන් වූ ද කහවන් වූ ද ලෙහෙවන් වූ ද මහත් ඇස් ඇත්තෙම් වෙමි. සියලු රෝගයන්ගෙන් වෙන් වූ නො කැලැඹුණු පහන් ඇස් ඇත්තෙම් වෙමි.
3526. ලභාමි දිබ්බනයනං පඤ්ඤාචක්ඛුං අනුත්තරං, ඉමෙ ගුණෙ පටිලභෙ තස්ස නිස්සන්දතො අහං.
3526. අනුත්තර වූ දිවැස ද පැණැස ද ලබමි. මම ඒ පුණ්‍යඵලයෙන් මේ ගුණ ලබමි.
3527. කුඤ්චිකෙ සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, ධම්මද්වාරවිවරණං ලභාමි ඤාණකුඤ්චිකං.
3527. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද යතුරු දී දහම් දොර හරණා නුවණ නැමැති කෙසිදු ලබමි.
3528. කුඤ්චිකානං ඝරෙ දත්වා බුද්ධෙ සඞ්ඝෙ ගණුත්තමෙ, ද්වානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම, අප්පකොධො අනායසො සංසරන්තො භවෙ අහං.
3528. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද කෙසිගුලා දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් දෙකක් අනුභව කරමි. මම භවයෙහි සැරිසරන්නෙම් ක්‍රෝධ රහිතයෙම් ආයාස රහිතයෙම් ද වෙමි.
3529. ආයොගෙ සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3529. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද ආයෝගපට්ට (එලී සිටින පුවරු හෝ පටි) දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් පසක් අනුභව කරමි.
3530. සමාධීසු න කම්පාමි වසී හොමි සමාධිසු, අභෙජ්ජපරිසො හොමි ආදෙය්යවචනො සදා, ජායති භොගසම්පත්ති භාවෙ සංසරතො මම.
3530. සමාධීන්හි කම්පා නො වෙමි. සමාධීන්හි වසඟව වෙසෙමි. නො බිඳෙන පිරිස් ඇත්තෙම් වෙමි. හැම කල්හි පිළිගත යුතු වචන ඇත්තෙම් ද වෙමි. භවයෙහි සැරිසරන්නා වූ මට භෝගසම්පත් උපදී.
3531. ධූමනෙත්තෙ ජිනෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3531. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද දුම්නළ දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් තුනක් අනුභව කරමි.
3532. සති මෙ උජුකා හොති සුසම්බන්ධා නහාරවො, ලභාමි දිබ්බනයනං තස්ස නිස්සන්දතො අහං.
3532. මාගේ සිහිය ඍජු වේ. මැනවින් සම්බන්ධ වූ නහර ඇත්තේ ඒ පුණ්‍යඵලයෙන් මම දිවැස් ලබමි.
3533. දීපට්ඨානෙ ජිනෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3533. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද පහන්මලා දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් තුණක් අනුභව කරමි.
3534. ජාතිමා අඞ්ගසම්පන්නො පඤ්ඤවා බුද්ධිසම්මතො, ඉමෙ ගුණෙ පටිලභෙ තස්ස නිස්සන්දතො අහං.
3534. ජාත්මත් වෙමි. සම්පූර්ණ වූ ශරීරාවයව ඇත්තෙම් වෙමි. බුද්ධිසම්මත ප්රඥාඇත්තෙම් වෙමි. ඒ පින්බලෙන් මේ ගුණ ලබමි.
3535. තුම්බකෙ ච කරණ්ඩෙ ච දත්වා බුද්ධෙ ගණුත්තමෙ, දසානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3535. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද (ධාන්‍යමාන) ලාස්බඳුන් ද කරඬු ද දී මාගේ ඒ කර්මයට සුදුසු දසඅනුසසක් ලබමි.
3536. සදා ගුත්තො සුඛසමඞ්ගී මහායසවා තථා ගතී, විපත්තිවිගතො සුඛුමාලො සබ්බීතිපරිවජ්ජිතො.
3536. හැම කල්හි ආරක්ෂා සහිත යෙම් සැපයෙන් යුක්තයෙම් මහත් වූ කීර්ති ඇත්තෙම් එසේ ම මනා වූ ගති ඇත්තෙම්, විපත්තීන්ගෙන් වෙන් වූයෙම් සියුමැලි වූයෙම් සියලු උවදුරු බැහැර කරණ ලදුයෙමි.
3537. විපුලෙ ච ගුණෙ ලාභී සමාවචරණා මම, සුචිවජ්ජිතඋබ්බෙගො තුම්බකෙ ච කරණ්ඩකෙ.
3537-3538. මහත් ගුණලාභී වූයෙම් සම වූ පා ඇත්තෙම් මාගේ මැනවින් බැහැර කළ සසල ගති ද වෙයි. මිණුම් බඳුන් ද කරඬු ද වර්ණ සතරකින් යුත් හස්ත්යශ්වරත්නයන් ද ලබමි. මාගේ ඒ සම්පත් විනාශ නො වේ. තුම්බ නම් වූ ධාන්යමාණභාජනදානයෙහි මේ විපාක යි.
3538. ලභාමි චතුරො වණ්ණෙ හත්ථස්සරතනානි ච, තානි මෙ න විනස්සන්ති තුම්බදානෙ ඉදං ඵලං
3539. අඤ්ජන්නාළියො දත්වා බුද්ධෙ සඞ්ඝෙ ගණුත්තමෙ, පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3539. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද අඳුන්ගුළා දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් පසක් අනුභව කරමි.
3540. සබ්බලක්ඛණසම්පන්නො ආයුපඤ්ඤාසමාහිතො, සබ්බායාසවිනිම්මුත්තො කායො මෙ හොති සබ්බදා.
3540. සියලු ලක්ෂණයන්ගෙන් යුක්තයෙම් ආයුෂයෙන් හා ප්‍රඥාවෙන් ද සමන්වාගත, සියලු අයාසයන්ගෙන් වෙන් වූ කයක් හැම කල්හි මට ඇත්තේ ය.
3541. තනුධාරෙ සුනිසිතෙ සඞ්ඝෙ දත්වාන පිප්ඵලෙ, කිලෙසකන්තනං ඤාණං ලභාමි අතුලං සුචිං.
3541. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද සියුම් දහර ඇති මුවහත් වූ කතුරු දී කෙලෙස් සිඳුනා වූ පිරිසිදු වූ අතුල්‍ය නුවණ ලබමි.
3542. සණ්ඩාසෙ සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, කිලෙසලුඤ්චනං ඤාණං ලභාමි අතුලං සුචිං.
3542. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද හඬු දී අතුල්‍ය වූ පිරිසිදු වූ කෙලෙස් සිඳුනා නුවණ ලබමි.
3543. නත්ථුකෙ සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3543. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද නශ්යද්රව්ය දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අටඅනුසසක් ලබමි.
3544. සද්ධං සීලං හිරිඤ්චාපි අථො ඔත්තප්පියං ගුණං, සුතං චාගඤ්ච ඛත්තී ච පඤ්ඤං මෙ අට්ඨමං ගුණං.
3544. ශ්‍රද්ධාව ද ශීලය ද ලජ්ජාව ද භය ද ශ්‍රැතය ද ත්‍යාගය ද ක්ෂාන්තිය ද අටවැනි වූ ප්‍රඥාව ද යන මොහු යි.
3545. පීඨකෙ සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3545. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද පුටු දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් පසක් ලබමි.
3546. උච්චෙ කුලෙ පජායාමි මහාභොගො භවාමහං, සබ්බෙ මං අපචායන්ති කිත්ති අබ්භුග්ගතා මම.
3546. මම උසස් කුලයෙහි උපදිමි. මහත් භොග ඇත්තතෙම් වෙමි. සියල්ලෝ මට ගරුබුහුමන් කෙරෙත්. මාගේ කීර්ති තොමෝ උස්ව පැන නැංගා ය.
3547. කප්පසතසහස්සානි පල්ලඞ්කා චතුරස්සකා, පරිචාරෙන්ති මං නිච්චං සංවිභාගරතො අහං.
3547. කල්ප සියදහසක් මුළුල්ලෙහි චතුරශ්රක පර්‍ය්‍යඞ්කයෝ නිතර මා පිරිවරත්. මම දානසංවිභාගයෙහි යෙදුනෙම් ද වෙමි.
3548. භිසියො සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, ඡානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3548. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද බිසි දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් පසක් අනුභව කරමි.
3549. සමගත්තො අපචිතො මුදුකො චාරුදස්සනො, ලභාමි ඤාණපරිවාරං භිසිදානස්සිදං ඵලං.
3549. සම වූ සිරුරු ඇත්තෙම් වෙමි. (බොහෝ දෙනා විසින්) පුදන ලද්දෙම් වෙමි. මෘදු සිරුරු ඇත්තෙම් වෙමි. මනහර දැකුම් ඇත්තෙම් වෙම්. නැණවත් පිරිවර ද ලබමි. බිසිදනෙහි මේ විපාක යි.
3550. තූලිකා විකතිකායො කට්ඨිස්සා චිත්තකා බහූ, වරපොත්ථකෙ කම්බලෙ ච ලභාමි විවිධෙ අහං.
3550. මම පුලුන් පිරවූ මෙට්ට ද සිංහාදීන්ගේ රූ ඇති පලස් ද මැණික් ඇල්ලූ පටවස්ත්‍ර ද වියමනෙන් විසිතුරු එළුලොම් ඇතිරි ද නියඳින් කළ උතුම් වස්ත්‍ර ද නානාවිධකම්බල ද ලබමි.
3551. පාවාරිකො ච මුදුකෙ මුදුකාජිනවෙණියො, ලභාමි විවිධත්ථාරෙ භිසිදානස්සිදං ඵලං.
3551. මොළොක් උතුරුසළු ද මෘදු අඳුන්දිවිසම් ද නොයෙක් අතුරුණු ද ලබමි. භිසිදානයෙහි මේ විපාක යි.
3552. යතො සරාමි අත්තානං යතො පත්තො’ස්මි විඤ්ඤුතං අතුච්ඡො ඣානමඤ්චො’ම්හි භිසිදානස්සිදං ඵලං.
3552. යම් කලෙක පටන් තමා සිහි කෙරෙම් ද, යම් කලක පටන් නුවණැති බවට පැමිණියෙම් ද (එතැන් පටන් ම) නො සිස් වූයෙම් ධ්‍යාන නමැති මඤ්චය ඇත්තෙමි හෙවත් ධ්‍යානලාභී වෙමි. භිසිදානයාගේ මේ විපාක යි.
3553. බිම්බොහනෙ ජිනෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, ඡානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3553. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද කන්වයින් (=කොට්ට) දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් සයක් අනුභව කරමි.
3554. උණ්ණිකෙ පදුමකෙ ච අථො ලොහිතචන්දනෙ, බිම්බොහනෙ උපධෙමි උත්තමඞ්ගං සදා මම.
3554. ලොම් පිරවූ ද පියුම්රොන් පිරවූ ද රත්සඳුන් සුඹුළු පිරවූ ද බිම්බොහන (=කොට්ට) හැම දා ම හිස තබමි.
3555. අට්ඨඞ්ගිකෙ මග්ගවරෙ සාමඤ්ඤෙ චතුරො ඵලෙ, තෙසු ඤාණං උපනෙත්වා විහරෙ සබ්බකාලිකං.
3555. අෂ්ටාඞ්ගික වූ උතුම් මාර්ගයනට ද සතර ශ්‍රාමණ්‍යඵලයනට ද (පැමිණ) එහි හැමකල්හි ප්රත්යවේක්ෂාඥානය එළවා වෙසෙමි.
3556. දානෙ දමෙ සඤ්ඤමෙ ච අප්පමඤ්ඤාසු රූපිසු, තෙසු ඤාණං උපනෙත්වා විහරෙ සබ්බකාලිකං.
3556. දීමෙහි ද (කායචිත්ත) දමථයෙහි ද සංයමයෙහි හෙවත් සංහුන්බව්හි ද අප්රමාණධර්ම (සිවුබඹවිහරණ) යන්හි ද රූපාවචර ධ්‍යානයන්හි ද යන තෙල ධර්මයන්හි හැමකල් නුවණ මෙහෙයා වෙසෙමි.
3557. වත්තෙ ගුණෙ පටිපත්තිආචාරකිරියාසු ච, ඤාණං උපදහිත්වාන විහරෙ සබ්බදා අහං.
3557. මම වතාවත්හි ද ගුණයන්හි ද පිළිවෙත්හි ද අචාරක්රියාවන්හි ද හැමකල් නුවණ පිහිටුවා වෙසෙමි.
3558. චඞ්කමෙ වා පධානෙ වා විරියෙ බොධිපක්ඛියෙ, තෙසු ඤාණං උපනෙත්වා විහරාමි යථිච්ඡකං.
3558. සක්මන්හි ද පදහන්වැරෙහි ද බෝපැකිදහම්හි ද යන මෙහි නුවණ එළවා කැමැති සේ වෙසෙමි.
3559. සීලං සමාධි පඤ්ඤා ච විමුත්තී ච අනුත්තරා, තෙසු ඤාණං උපනෙත්වා විහරාමි සුඛං අහං.
3559. ශීල සමාධි ප්‍රඥා අනුත්තරවිමුක්ති යන තෙල දහම්හි නුවණ මෙහෙයා මම සුවසේ වෙසෙමි.
3560. ඵලපීඨෙ ජිනෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, ද්වානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3560. ඵලකපීඨ බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද දී මාගේ ඒ කර්මයට ද සුදුසු වූ අනුසස් දෙකක් ලබමි.
3561. සොණ්ණමයෙ මණිමයෙ දන්තසාරමයෙ බහූ, පල්ලඞ්කසෙට්ඨෙ වින්දාමි ඵලපීඨස්සිදං ඵලං.
3561. රන්මුවා මිණිමුවා වූ ද දළමුවා හරමුවා වූ ද බොහෝ උතුම් පර්‍ය්‍යඞ්කයන් ලබමි. ඵලපීඨදානයාගේ මේ විපාක යි.
3562. පාදපීඨෙ ජිනෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, ද්වානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3562. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද පාපුටු දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් දෙකක් ලබමි.
3563. ලභාමි බහුකෙ යානෙ පාදපීඨස්සිදං ඵලං, දාසිදාසා ච භරියා යෙ චඤ්ඤෙ අනුජීවිනො, සම්මා පරිචරන්තෙ මං පාදපීඨස්සිදං ඵලං.
3563. බොහෝ යානයන් ලබමි. පාපුටු දනෙහි මෙ ද විපාකයෙකි. දැසිදස්සෝ ද බිරියෝ තදන්‍ය අනුජීවීහු ද මට මැනවින් පරිවරණය කෙරෙත්. මෙ ද පාපුටු දනෙහි විපාකයෙකි.
3564. තෙලානබ්භඤ්ජනෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම
3564. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද ඇඟ ගල්වන තෙල් දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් පසක් ලබමි.
3565. අව්යාධිතා රූපවතා ඛිප්පං ධම්මනිසන්තිතා, ලාභිතා අන්නපානස්ස ආයුපඤ්චමකං මම.
3565. මාගේ නීරෝග බව ද රූමත් බව ද වහා ධර්මය වැටහෙන බව ද ආහාරපානලාභී බව ද ආයුපඤ්චමකය (ආයු-වර්ණ-සැප-බල-ප්‍රඥා) ද වෙයි.
3566. සප්පිතෙලඤ්ච දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3566. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද ගිතෙල් ද තලතෙල් ද දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් පසක් ලබමි.
3567. ථාමවා රූපසම්පන්නො පහට්ඨතනුජො සදා, අව්‍යාධි විසදො හොමි සප්පිතෙලස්සිදං ඵලං.
3567. හැම කල්හි බල ඇත්තෙම් රූමත් වූයෙම් ඔදවැඩිසිරුර ඇත්තෙම් නීරෝග ද පැහැපත් ද වෙමි. ගිතෙල් හා තලතෙල් දීමෙහි මේ විපාක යි.
3568. මුඛසොධනකං දත්වා බුද්ධෙ සඞ්ඝෙ ගණුත්තමෙ, පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3568. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද මුවදෝනා ඔසුවක් දී මාගේ ඒ කර්මයට සුදුසු වූ අනුසස් පසක් ලබමි.
3569. විසුද්ධකණ්ඨො මධුරසරො කාසසාසවිවජ්ජිතො, උප්පලගන්ධො මුඛතො උපවායති මෙ සදා.
3569. පිරිසිදු කණ්ඨය (=උගුර) ඇත්තෙම් මිහිරි ස්වර ඇත්තෙම් කාශශ්වාසාදියෙන් තොර වෙමි. හැමකල්හි ම මාගේ මුවින් උපුල්මල් සුවඳ විහිදේ.
3570. දධිං දත්වාන සම්පන්නං බුද්ධෙ සඞ්ඝෙ ගණුත්තමෙ, භුඤ්ජාමි අමතං චිත්තං වරං කායගතාසතිං.
3570. බුදුරජුන් කෙරෙහි ද ගණපාමොක් සඟගණ කෙරෙහි ද සමෘද්ධ වූ දිහි දී උතුම් වූ කායගතාසති සඞ්ඛ්‍යාත අමෘත ධනය අනුභව කරමි.
3571. වණ්ණගන්ධරසොපෙතං මධුං දත්වා ජිනෙ ගණෙ, අනූපමං අතුලියං පිවෙ මුත්තිරසං අහං.
3571. බුදුරජුන් කෙරෙහි ද සඟගණ කෙරෙහි ද වර්ණගන්ධරසයෙන් යුත් මී දී මම අනුපම වූ අතුල්‍ය වූ විමුක්තිරසය බොමි.
3572. යථාභූතං රසං දත්වා බුද්ධෙ සඞ්ඝෙ ගණුත්තමෙ, චතුරො ඵලෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3572. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද ඵලයුෂාදි ප්‍රකෘති රසයක් දී මාගේ ඒ කර්මයට සුදුසු වූ (සෝවාන් ආදි) සිවු ඵලයන් අනුභව කරමි.
3573. අන්නං පානඤ්ච දත්වා බුද්ධෙ සඞ්ඝෙ ගණුත්තමෙ, දසානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3573. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද ආහාරපාන දී මාගේ ඒ කර්මයට සුදුසු වූ දස අනුසසක් අනුභව කරමි.
3574. ආයුමා බලවා ධීරො වණ්ණවා යසවා සුඛී, ලාභී අන්නස්ස පානස්ස සූරො පඤ්ඤාණවා සදා, ඉමෙ ගුණෙ පටිලභෙ සංසරන්තො භවෙ අහං.
3574. මම ආයු ඇත්තෙම් බල ඇත්තෙම් නුවණැත්තෙම් සිවිපැහැ ඇත්තෙම් යසස් ඇත්තෙම් සැප ඇත්තෙම් ආහාරපාන ලබන්නෙම් පැණ ඇත්තෙම් පැණ ඇත්තෙම් ශූරයෙම් ද වෙමි. හැමකල්හි භවයෙහි සැරිසරන්නෙම් මේ ගුණ ලබමි.
3575. ධූපං දත්වාන සුගතෙ සඞ්ඝෙ ගණවරුත්තමෙ, දසානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
3575. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගුණ කෙරෙහි ද (සුවඳ) දුම් දී මාගේ ඒ කර්මයට සුදුසු වූ දසඅනුසසක් ලබමි.
3576. සුගන්ධදෙහො යසවා සීඝපඤ්ඤො ච කිත්තිමා, තික්ඛපඤ්ඤො භූරිපඤ්ඤො හාසගම්භීරපඤ්ඤවා.
3576-3577. මම කුදුමහත් භවයෙහි සැරි සරන්නෙම් සුවඳවත් සිරුරු ඇත්තෙම් කීර්තිමත් වූයෙම් යශස් ඇත්තෙම් ශීඝ්‍ර තීක්ෂණ භූරි හාසු ගම්භීර ප්‍රඥා ඇත්තෙම් විපුල ජවන ප්‍රඥා ඇත්තෙම් ඒ පුණ්යකර්ම බලයෙන් ම දැන් නිර්‍වාණසඞ්ඛ්‍යාත ශාන්තිසුඛයට පැමිණියෙම් ද වෙමි.
3577. වෙපුල්ලජවනපඤ්ඤො සංසරන්තො භවාභවෙ, තස්සෙව වාහසා’දානි පත්තො සන්තිසුඛං සිවං.
3578. ස්වාගතං වත මෙ ආසි මම බුද්ධස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
3578. ඒකාන්තයෙන් බුදුජාණන් වහන්සේ ගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. මා විසින් බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදි.
3579. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
3579. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තිරාජයකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
3580. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
3580. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද මා විසින් සාක්ෂාත් කරන ලදහ. බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා පිළින්දිවච්ඡො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙසේ ආයුෂ්මත් පිළින්දිවච්ඡ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පිළින්දිවච්ඡත්ථෙරස්ස අපදානං පඨමං.
පිළින්දිවච්ඡස්ථවිරාවදානය පළමුවැනි යි.