යෙදුමෙන් කියවන්න

396. බක‍්කුලත්‍ථෙරාපදානං

396. බක‍්කුලත්‍ථෙරාපදානං.

396. බක්කුල ස්ථවිරාවදානය

3758. හිමවන‍්තස‍්ස අවිදූරෙ සොභිතො නාම පබ‍්බතො, අස‍්සමො සුකතො මය‍්හං සකසිස‍්සෙහි මාපිතො.

3758-3659. හිමවතට නුදුරෙහි සෝභිත නම් පර්‍වතයක් විය. එහි මාහට මැනවින් කරණ ලද අසපුවෙක් විය. ඒ අසපුව ස්‍වකීය ශිෂ්‍යයන් විසින් මවන ලද්දකි. එහි මණ්ඩපයෝ ද බොහෝ වූය. එහි පිපුණු සින්දුවාර වෘක්‍ෂයෝ ද එසේ ම පිපුණු ජීවජීවක වෘක්‍ෂයෝ ද කපිත්‍ථ (=දිවුල්) වෘක්‍ෂයෝ ද බොහෝ වූහ.

3759. මණ‍්ඩපා ච බහූ තත්‍ථ පුප‍්ඵිතා සින්‍දුවාරකා, කපිත්‍ථා ච බහූ තත්‍ථ පුප‍්ඵිතා ජීවජීවකා,

3760. නිග‍්ගුණ‍්ඩියො බහූ තත්‍ථ බදරාමලකානි ච, ඵාරුසකා අලාබූ ච පුණ‍්ඩරීකා ච පුප‍්ඵිතා.

3760. නිකගස් ද ඩෙබර හා නෙල්ලිගස් ද බොරළුදමනු (=උගුරැස්ස) ගස් ද ලබු ද පිපුණු සුදුනෙළුම් ද එහි බොහෝ ය.

3761. ආලකා බෙලුවා තත්‍ථ කදලී මාතුලුඞ‍්ගකා, මහානාමා බහූ තත්‍ථ අජ‍්ජුනා ච පියඞ‍්ගුකා.

3761. ආලක නම් ගස් ද බෙලි කෙසෙල් නාරන් උක් කුඹුක් පුවඟු ගස් ද එහි බොහෝ ය.

3762. කොසම‍්බා සලලා නීපා නිග්‍රොධා ච කපිත්‍ථනා, එදිසො අස‍්සමො මය‍්හං සසිස‍්සොහං තහිං වසිං.

3762. කෙහොඹ ය, සලල (=හොර) ය, කොළොම් ය, නුග ය, ගිවුළු ය යන මේ වෘක්‍ෂයෝ ද එහි බොහෝ වෙති. මාගේ අසපුව මෙබඳු ය. ශිෂ්‍යයන් සහිතව මම එහි විසීමි.

3763. අනොමදස‍්සී භගවා සයම‍්භූ ලොකනායකො, ගවෙසං පටිසල‍්ලානං මමස‍්සමමුපාගමී.

3763. සියල්ල තෙමේ ම අවබෝධ කර ගත් ලෝකනායක වූ අනෝමදස්සී භාග්‍යවත් තෙමේ සැහැල්ලු පැවැත්ම (=විවේකය) සොයන්නේ මාගේ අසපුවට එළඹියේ ය.

3764. උපෙතම‍්හි මහාවීරෙ අනොමදස‍්සිමහායසෙ, ඛණෙන ලොකනාථස‍්ස වාතාබාධො සමුට‍්ඨහි.

3764. මහත් යශස් ඇති අනෝමදස්සී බුදුරජුන් එළඹි කල්හි ක්‍ෂණයකින් ඒ ලෝකනායක වූ බුදුරජුන්ගේ (සිරුරෙහි) වාතාබාධයක් හටගැණින.

3765. විචරන‍්තො අරඤ‍්ඤම‍්හි අද‍්දසං ලොකනායකං, උපගන‍්ත්‍වාන සම‍්බුද‍්ධං චක‍්ඛුමන‍්තං මහායසං.

3765-3766. මම අරණෙහි හැසිරෙන්නෙම් ලෝකනායකයන් වහන්සේ දැක මහත් යශස් ඇත්තා වූ ද පසැස් ඇත්තා වූ ද ඒ සම්බුදු රජුන් වෙත එළඹ උන්වහන්සේගේ පැවැත්ම දැක එකල්හි සියල්ල ස්‍වයම්‍භූඥානයෙන් දත් අපගේ බුදුරජුන්හට නිසැකයෙන් ම ව්‍යාධියෙක් උපනැයි සැළකීමි.

3766. ඉරියඤ‍්චාපි දිස‍්වාන උපලක‍්ඛෙස’හං තදා, අසංසයං හි බුද‍්ධස‍්ස ව්‍යාධි නො උපපජ‍්ජථ

3767. ඛිප‍්පං අස‍්සමමාගච‍්ඡිං මම සිස‍්සාන සන‍්තිකෙ, භෙසජ‍්ජං කත‍්තුකාමො’හං සිස‍්සෙ ආමන‍්තයිං තදා.

3767. (ඉක්බිති) වහා අසපුවට පැමිණියෙමි. එකල්හි මම මාගේ සිසුන් සමීපයෙහි දී බෙහෙදක් කරුණු කැමැත්තෙම් සිසුන් ඇමතීමි.

3768. පටිස‍්සුණිත්‍වා මෙ වාක්‍යං සිස‍්සා සබ‍්බෙ සගාරවා, එකජ‍්ඣං සන‍්නිපතිංසු සත්‍ථුගාරවතා මම.

3768. සියලු ශිෂ්‍යයෝ ගෞරව සහිත වූවාහු මාගේ වචනයට පිළිවදන් දී එක් රැස් වූහ. මාගේ ශාස්තෘගෞරවය හේතු කොට ගෙණ-

3769. ඛිප‍්පං පබ‍්බතමාරුය‍්හ සබ‍්බොසධමහාසහං, පානීයයොගං කත්‍වාන බුද‍්ධසෙට‍්ඨස‍්ස’දාසහං.

3769. මම වහා පර්‍වතයට නැග සියලු ඖෂධ සෙවීමි. මම ඒ ඔසු බීමට සුදුසු කොට බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.

3770. පරිභුත‍්තෙ මහාවීරෙ සබ‍්බඤ‍්ඤුලොකනායකෙ, ඛිප‍්පං වාතො වූපසමි සුගතස‍්ස මහෙසිනො.

3770. මහාවීර වූ සර්‍වඥ වූ ලෝකනායක බුදුරජානන් වහන්සේ ඖෂධය වැළඳූ කල්හි මහර්ෂි බුදුරජුන්ගේ වාතාබාධය වහා සන්සිඳුනේ ය.

3771. පස‍්සද‍්ධං දරථං දිස‍්වා අනොමදස‍්සී මහායසො, සකාසනෙ නිසීදිත්‍වා ඉමා ගාථා අභාසථ:

3771. මහත් යශස් ඇති අනෝමදස්සී බුදුරජ තෙම කාය දරථය (=ක්‍ලාන්තය) සන්හිඳුනා දැක සිය අසුනෙහි හිඳ මේ ගාථාවන් වදාළ සේක:

3772. “යො මෙ පාදාසි භෙසජ‍්ජං ව්‍යාධිඤ‍්ච සමයී මම, තමහං කිත‍්තයිස‍්සාමි සුණාථ මම භාසතො.

3772. “යමෙක් මට බෙහෙත් දුන්නේ ද, මාගේ රෝගය සන්හිඳුවී ද, හේ (කවරෙක්දැයි) මම පවසන්නෙමි. පවසන්නා වූ මාගේ වචනය අසවු.

3773. කප‍්පසතසහස‍්සානි දෙවලොකෙ රමිස‍්සති, වාදිතෙ තුරියෙ තත්‍ථ මොදිස‍්සති සදා අයං.

3773. (හේ මේ හේතුවෙන්) කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. ඒ දෙව්ලොවෙහි වාද්‍යයෙහි ද තූර්‍ය්‍යයෙහි ද මෙතෙම හැමකල්හි සතුටු වන්නේ ය.

3774. මනුස‍්සලොකමාගන‍්ත්‍වා සුක‍්කමූලෙන චොදිතො, සහස‍්සක‍්ඛත‍්තුං රාජා ච චක‍්කවත‍්තී භවිස‍්සති.

3774. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ මිනිස්ලොවට (උත්පත්ති වශයෙන්) අවුත් දහස් වරක් සක්විතිරජ වන්නේ ය.

3775. පඤ‍්චපඤ‍්ඤාසකප‍්පම‍්භි අනොමො නාම ඛත‍්තියො, චාතුරන‍්තො විජිතාවී ජම‍්බුමණ‍්ඩස‍්ස ඉස‍්සරො.

3775-3776. පස්පණස්වන කපෙහි සිවුමහදිවයින් හා සිවුසයුරු කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ (සතුරු රජවරුන්) ජයගන්නා සුලු වූ ජම්බුද්වීපයට අධිපති වූ සත්රුවනින් යුත් මහත් බල ඇති අනෝම නම් ක්‍ෂත්‍රියයෙක් වූයේ තව්තිසාව ද කළඹා ආධිපත්‍යය කරවන්නේ ය.

3776. සත‍්තරතනම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො, තාවතිංසෙපි ඛොභෙත්‍වා ඉස‍්සරං කාරයිස‍්සති.

3777. දෙවභූතො මනුස‍්සො වා අප‍්පාබාධො භවිස‍්සති, පරිග‍්ගහං විවජ‍්ජෙත්‍වා ව්‍යාධිං ලොකෙ තරිස‍්සති.

3777. දෙවි වූයේ ද මිනිස් වූයේ ද ආබාධ රහිත (නීරෝග) වූ වෙක් වන්නේ ය. ගිහිගෙය හැර දමා ලොව්හි වූ ව්‍යාධි (දුඃඛ) ය ඉක්මවන්නේ ය.

3778. අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ ඔක‍්කාකකුලසම‍්භවො, ගොතමො නාම නාමෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

3778. මෙයින් අපරිමෙය්‍ය කල්පයෙහි (කල්පලක්‍ෂයකින් මතුයෙහි) ඔක්‍කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.

3779. තස‍්ස ධම‍්මෙසු දායාදො ඔරසො ධම‍්මනිම‍්මිතො, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය නිබ‍්බායිස‍්සතනාසවො.

3779. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ඖරස (බුද්ධපුත්‍ර) වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ (හෙතෙම) සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පානේ ය.

3780. කිලෙසෙ ඣාපයිත්‍වාන තණ‍්හාසොතං තරිස‍්සති, බක‍්කුලො නාම නාමෙන හෙස‍්සති සත්‍ථුසාවකො.

3780. කෙලෙස් දවා තෘෂ්ණාව නමැති සැඩපහර ද තරණය කරන්නේ ය. නමින් ‘බක්කුල’ නම් වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් ද වන්නේ ය.

3781. ඉදං සබ‍්බං අභිඤ‍්ඤාය ගොතමො සක්‍යපුඞ‍්ගවො, භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා එතදග‍්ගෙ ඨපෙස‍්සති.”

3781. ශාක්‍යකුල ශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජ තෙම මේ සියල්ල දැන භික්‍ෂුසඞ්ඝයා මැද වැඩහිඳ (මොහු) ඒතදග්‍රස්ථානයෙහි තබන්නේ ය.”

3782. අනොමදස‍්සී භගවා සයම‍්භූ ලොකනායකො, විවෙකානුවිලොකෙන‍්තො මම’ස‍්සමමුපාගමි.

3782. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ ලෝකනායක වූ අනෝමදස්සී භාග්‍යවත් තෙමේ විවේකසුවය බලාපොරොත්තු වන්නේ මාගේ අසපුවට එළඹියේ ය.

3783. උපාගතං මහාවීරං සබ‍්බඤ‍්ඤුං ලොකනායකං, සබ‍්බොසධෙන තප‍්පෙසිං පසන‍්නො සෙහි පාණිහි.

3783. එළඹියා වූ මහාවීර වූ ලෝකනායක වූ සර්‍වඥයන් වහන්සේ පහන් සිතැත්තෙම් සියතින් සියලු ඖෂධයෙන් සන්‍තර්‍පණය කෙළෙමි.

3784. තස‍්ස මෙ සුකතං කම‍්මං සුඛෙත‍්තෙ බීජසම‍්පදා, ඛෙපෙතුං නෙව සක‍්කොමි තදා හි සුකතං මම.

3784. ඒ මාගේ මැනවින් කළ කර්‍මය සාරවත් කෙතක (ඇති වූ) බීජසම්පත්තිය (අස්වැන්න) මෙන් (සරුය) අවසන් කරන්නට නො හැක්කෙමි.

3785. ලාභා මම සුලද‍්ධං මෙ යො’හං අද‍්දක‍්ඛි නායකං, තෙන කම‍්මාවසෙසෙන පත‍්තොම‍්හි අචලං පදං.

3785. යම්බඳු වූ මම ලෝකනායකයන් වහන්සේ දුටුයෙම් ද එය මට ලාභයෙකි. මාගේ යහපත් ලැබීමෙකි. ඒ කර්‍මයාගේ අවශේෂ විපාකයෙන් අවලපදය වූ නිවණට පැමිණියෙම් වෙමි.

3786. සබ‍්බමෙතං අභිඤ‍්ඤාය ගොතමො සක්‍යපුඞ‍්ගවො, භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා එතදග‍්ගෙ ඨපෙසි මං.

3786. ශාක්‍යකුලශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජ තෙමේ මේ සියල්ල දැන බික්සඟන මැද හිඳ මා ඒතදග්‍රස්‍ථානයෙහි තැබී ය.

3787. අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි භෙසජ‍්ජස‍්ස ඉදං ඵලං.

3787. මෙයින් අපරිමෙය්‍ය කල්පයෙහි හෙවත් කල්පලක්‍ෂයකින් පෙර වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෙහෙසත් දන්හි මේ විපාකයි.

3788. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, සබ‍්බෙසවා පරික‍්ඛීණා නත්‍ථිදානි පුනබ‍්භවො.

3788. (මා විසින්) ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමෙක් නැත.

3789. ස‍්වාගතං වත මෙ ආසි මම බුද‍්ධස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

3789. බුදුරජුන් වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

3790. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3790. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා බක‍්කුලො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

බක‍්කුලත්‍ථෙරස‍්ස අපදානං ඡට‍්ඨං.

බක්කුලස්ථවිරාවදානය සවැනි යි.