397. ගිරිමානන්‍දත්‍ථෙරාපදානං
397. ගිරිමානන්‍දත්‍ථෙරාපදානං.
397. ගිරිමානන්‍ද ස්ථවිරාවදානය
3791. භරියා මෙ කාලකතා පුත‍්තො සීවථිකං ගතො, මාතා පිතා ච භාතා ච එකචිතකම‍්හි ඩය‍්හරෙ.
3791. මාගේ භාර්‍ය්‍යාව කලුරිය කළා ය. පුත්‍ර තෙමේ ද සොහොනට ගියේ ය (=මළේ ය). මව ද පියා ද සොහොයුරා ද (තිදෙන) එක ම චිතකයෙහි (=දරසෑයෙහි) දැවෙත්.
3792. තෙන සොකෙන සන‍්තත‍්තො කිසො පණ‍්ඩු අහොසහං, චිත‍්තක‍්ඛෙපො ච මෙ ආසි තෙන සොකෙන අට‍්ටිතො.
3792. මම ඒ ශෝකයෙන් තැවුනෙම් කෘශවූයෙම් වෙමි. ඒ ශෝකයෙන් පෙළුනෙම් මාගේ චිත්තක්‍ෂේපය (=සිත්පෙරළීම) ද විය.
3793. සොකසල‍්ලපරෙතො’හං වනන‍්තමුපසඞ‍්කමිං, පවත‍්තඵලං භුඤ‍්ජිත්‍වා රුක‍්ඛමූලෙ වසාමහං.
3793. මම ඒ සෝහුලින් පෙළුනෙම් වනයට එළඹියෙමි. ස්‍වයංපතිත ඵල අනුභව කොට මම රුක්මුල්හි වසමි.
3794. සුමෙධො නාම සම‍්බුද‍්ධො දුක‍්ඛස‍්ස’න‍්තකාරො ජිනො, මමුද‍්ධරිතුකාමො සො ආගච‍්ඡි මම සන‍්තිකෙ.
3794. පස්මරුන් ජය ගත්තා වූ දුක් කෙළවර කරන්නා වූ සුමේධ නම් ඒ බුදුරජතෙම මා (සසරසයුරෙන්) ගොඩලනු කැමැත්තේ මාගේ සමීපයට පැමිණියේ ය.
3795. පදසද‍්දං සුණිත්‍වාන සුමෙධස‍්ස මහෙසිනො, පග‍්ගහෙත්‍වාන’හං සීසං උල‍්ලොකෙසිං මහාමුනිං.
3795. සුමේධ බුදුරජුන්ගේ පාහඬ අසා මම හිස ඔසවා බුදුරජුන් දෙස බැලීමි.
3796. උපගච‍්ඡි මහාවීරො පීති මෙ උපපජ‍්ජථ, තදා’සි මෙකග‍්ගමනො දිස‍්වා තං ලොකනායකං.
3796. මහාවීර වූ බුදුරජතෙම සමීපයට පැමිණියේ ය. මට ප්‍රීතිය පහළ විය. එකල්හි ඒ ලෝකනායක වූ බුදුරජුන් දැක එකඟසිත් ඇත්තෙම් වීමි.
3797. සතිං පටිලභිත්‍වාන පණ‍්ණමුට‍්ඨිමදාසහං, නිසීදි භගවා තත්‍ථ අනුකම‍්පාය චක‍්ඛුමං.
3797. මම සිහිය ලබා (උන්වහන්සේට) කොළ මිටක් දුනිමි. පසැස් ඇති භාග්‍යවත් තෙමේ අනුකම්පාවෙන් එහි වැඩ හුන්නේ ය.
3798. නිසජ‍්ජ තත්‍ථ භගවා සුමෙධො ලොකනායකො, ධම‍්මං මෙ කථයී බුද‍්ධො සොකසල‍්ලවිනොදනං.
3798. භාග්‍යවත් වූ සුමේධ බුදුරජ තෙම එහි වැඩ හිඳ මට (මාගේ) සෝහුල බැහැර කරන්නා වූ ධර්‍මය වදාළේ ය:
3799. “අනවහිතා තතො ආගුං අනනුඤ‍්ඤාතා ඉතො ගතා, යථා’ගතා තථා ගතා තත්‍ථ කා පරිදෙවනා.
3799. “(ඒ භාර්‍ය්‍යාආදීහු) කැඳවීමක් නොමැත්තෝ ව ඒ අතීත ලෝකයෙන් (මෙහි) පැමිණියාහු ය. එසේ ම අනුදැන්වීමක් නො කරණ ලද්දාහු මෙලොවින් පරලොවට ගියාහු ය. යම් සේ (ඇරයුමක් නො මැතිව) මෙලොවට පැමිණියාහු ද, එසේ ම (අනුදැනීමක් නො මැතිව) පරලොවට ගියාහු ය. එහි කවර නම් වැලපීමෙක් ද?
3800. යථාපි පථිකා සත‍්තා වස‍්සමානාය වුට‍්ඨියා, සභණ‍්ඩා උපගච‍්ඡන‍්ති වස‍්සස‍්සාපතනාය තෙ.
3800. යම් සේ මගීජනයෝ වැසි වස්නා කල්හි බඩු සහිතව වැසි නො වැටෙන තැනකට ඔහු එළඹෙත් ද,
3801. වස‍්සෙ ච තෙ ඔරමිතෙ සම‍්පයන‍්ති යදිච‍්ඡකං, එවං මාතා පිතා තුය‍්හං කත්‍ථ කා පරිදෙවනා.
3801. ඔහු වැසි නැවතුනු කල්හි කැමති තැනකට යෙත්. ඔබගේ දෙමාපියෝ ද එසේ වෙති. එහි කවර නම් වැලපීමෙක් ද?
3802. ආගන‍්තුකා පාහුණකා චලිතෙරිතකම‍්පිතා, එවං මාතා පිතා තුය‍්හං තත්‍ථ කා පරිදෙවනා.
3802. (ලොව්වැසි හැම සත්හු ම මෙලොවට) ආගන්තුකයෝ වෙති. අමුත්තෝ වෙති. සැලෙව කම්පා වන පියවි ඇත්තෝ වෙති. තාගේ දෙමාපියෝ ද එබඳු වෙති.
3803. යථාපි උරගො ජිණ‍්ණං හිත්‍වා ගච‍්ඡති සන‍්තචං, එවං මාතා පිතා තුය‍්හං සන‍්තනුං ඉධ හීයරෙ.”
3803. යම් සේ සර්‍පයෙක් ජීර්‍ණ වූ ස්වකීය සැවය හැර දමා යේ ද, එසේ ම තාගේ දෙමාපියෝ සිය සිරුර මෙ ලොව්හි හැර දමත්.”
3804. බුද‍්ධස‍්ස ගිරමඤ‍්ඤාය සොකලස‍්සං විවජ‍්ජයිං, පාමොජ‍්ජං ජනයිත්‍වාන බුද‍්ධසෙට‍්ඨමවන්‍දිහං.
3804. මම බුදුරජානන් වහන්සේගේ වචනය අසා සෝහුල දුරු කෙළෙමි. ප්‍රමෝදය උපදවා බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වැන්දෙමි.
3805. වන්‍දිත්‍වාන මහානාගං ගිරිමඤ‍්ජරිමපූජයිං, දිබ‍්බගන්‍ධෙන සම‍්පන‍්නං සුමෙධං ලොකනායකං.
3805-3806. ඒ බුදුරජුන්හට වැඳ දිව්‍යමය සුවඳින් යුත් ගිරිනිල්මල් කලඹක් පිදීමි. පුදා ලෝකනායක වූ සුමේධ බුදුරජුන්හට සිරසෙහි ඇඳිලි බැඳ අග්‍ර වූ ගුණ සිහි කරමින් පැසසීමි.
3806. පූජයිත්‍වාන සම‍්බුද‍්ධං සිරෙ කත්‍වාන අඤ‍්ජලිං, අනුස‍්සරං ගුණග‍්ගානි සන්‍ථවිං ලොකනායකං.
3807. නිත‍්තිණ‍්ණොසි මහාවීර සබ‍්බඤ‍්ඤූ ලොකනායක, සබ‍්බෙ සත‍්තෙ උද‍්ධරසි ඤාණෙන ත්‍වං මහාමුනෙ.
3807. මහාවීරයන් වහන්ස, ලෝකනායකයන් වහන්ස, ඔබ භවතරණය කළහු ය. මහාමුනීන් වහන්ස, ඔබ නුවණින් සර්‍වසතුන් දුකින් ගොඩලන්නෙහි ය.
3808. විමතිං ද‍්වෙළ‍්හකං චාපි සඤ‍්ඡින්‍දසි මහාමුනි, පටිපාදෙසි මෙ මග‍්ගං තව ඤාණෙන චක‍්ඛුම.
3808. මහාමුනීන් වහන්ස, ඔබ විමතිය ද, ද්වෙළ්හක සඞ්ඛ්‍යාත සැකය ද සිඳිනෙහි ය. පසැස් ඇත්තානන් වහන්ස, ඔබ ඔබගේ නුවණින් මාගේ මාර්‍ගය පිළියෙල කෙරණෙහි ය.
3809. අරහා සිද‍්ධිපත‍්තා ච ඡළභිඤ‍්ඤා මහිද‍්ධිකා, අන‍්තලික‍්ඛචරා ධීරා පරිවාරෙන‍්ති තාවදෙ.
3809. එකෙණෙහි (ධ්‍යාන) සිද්ධියට පත් ෂඩභිඥා ඇති මහර්ද්ධිමත් ප්‍රාඥ වූ ආකාශ්චාරී වූ රහත්හු පිරිවරත්.
3810. පටිපන‍්නා ච සෙඛා ච ඵලට‍්ඨා සන‍්ති සාවකා, සූරොදයෙව පදුමා පුප‍්ඵන‍්ති තව සාවකා.
3810. (ආර්‍ය්‍ය මාර්‍ගයට) පිළිපන්නෝ ද සප්තශෛක්‍ෂයෝ ද (ශුෂ්‍කවිදර්‍ශක වශයෙන්) අර්‍හත්ඵලස්‍ථයෝ ද (ඒ පිරිසෙහි) වෙත්. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ හිරු උදාවන කල්හි (පිබිදෙන) පියුම් මෙන් ප්‍රබෝධ වෙත්.
3811. යථා සමුද‍්දො අක‍්ඛොභො අතුලො ච දුරුත‍්තරො, එවං ඤාණෙන සම‍්පන‍්නො අප‍්පමෙය්‍යොසි චක‍්ඛුම.
3811. පසැස් ඇත්තානන් වහන්ස, යම් සේ සමුදුර නො කැළඹිය හැක්කේ ද, තුලනය (=අනිකක් හා සැසඳීම) කළ නො හැක්කේ ද ඔබ එසේ වූ නුවණින් යුතු වෙහි ය. පමණ කළ නො හැකි (නුවණැත්තේ) වෙහි ය.
3812. වන්‍දිත්‍වාහං ලොකජිනං චක‍්ඛුමන‍්තං මහායසං, පුථු දිසා නමස‍්සන‍්තො පටිකුටිකො අගඤ‍්ඡහං.
3812. මම සියලු දිගුන්හි හිඳ තෙදියත දිනූ මහත් වූ යශස් ඇති බුදුරජුන් වඳිමින් (එ දෙසට) නැමුනෙම් ගියෙමි.
3813. දෙවලොකා චවිත්‍වාන සම‍්පජානො පතිස‍්සතො, ඔක‍්කමිං මාතුයා කුච‍්ඡිං සන්‍ධාවන‍්තො භවාභවෙ.
3813. (මම ඒ පිනින්) කුදු මහත් භවයන්හි සැරිසරමින් දෙව්ලොවින් ච්‍යුතව සම්‍යක් ප්‍රඥාවෙන් යුතු වූයෙම් එළඹ සිටි සිහි ඇත්තෙම් මවුකුසින් බිහි වීමි.
3814. අගාරා අභිනික‍්ඛම‍්ම පබ‍්බජිං අනගාරියං, ආතාපී නිපකො ඣායී පටිසල‍්ලානගොචරො.
3814. (ඉක්බිති වැඩිවියට පැමිණ) ගිහිගෙන් නික්ම සසුනෙහි පැවිදි වීමි. කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුතු වූයෙම් පැණැතියෙම් ධ්‍යානකරණ සුලු වූයෙම් විවේකස්ථානයන් ඇසුරු කෙළෙමි.
3815. පධානං පදහිත්‍වාන තොසයිත්‍වා මහාමුනිං, චන්‍දොව’බ‍්භඝනා මුත‍්තො විචරාමි අහං තදා.
3815. වීර්‍ය්‍යය කොට බුදුරජුන් තුටු කොට මේඝකූටය (=වැසිවලාව) කින් මිදුනු සඳු මෙන් මම හැමකල්හි හැසිරෙමි.
3816. විවෙකමනුයුත‍්තොම‍්භි උපසන‍්තො නිරූපධි, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය විහරාමි අනාසවො.
3816. සන්හුන් වූයෙම් කෙලෙස් උපධි රහිත වූයෙම් විවේකයෙහි යෙදුනෙම් වෙමි. සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව වෙසෙමි.
3817. තිංසකප‍්පසහස‍්සම‍්භි යං බුද‍්ධමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.
3817. මෙයින් තිස්දහස් කපකින් මත්තෙහි යම් සම්බුදුවරයකු මොනවට පිදුයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3818. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, සබ‍්බාසවා පරික‍්ඛීණා නත්‍ථිදානි පුනබ‍්භවො.
3818. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමෙක් නැත.
3819. ස‍්වාගතං වත මෙ ආසි මම බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.
3819. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3820. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.
3820. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්‍ථං සුදං ආයස‍්මා ගිරිමානන්‍දො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ගිරිමානන්‍දත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං.
ගිරිමානන්‍දස්ථවිරාවදානය සත්වැනි යි.