යෙදුමෙන් කියවන්න

398. සලලමණ‍්ඩපියත්‍ථෙරාපදානං

398. සලලමණ‍්ඩපියත්‍ථෙරාපදානං.

398. සල්ලමණ්ඩපිය ස්ථවිරාවදානය

3821. නිබ‍්බුතෙ කකුසන්‍ධම‍්හි බ්‍රාහ‍්මණම‍්හි වුසීමති, ගහෙත්‍වා සලලං මාලං මණ‍්ඩපං කාරයිං අහං.

3821. වැස නිමවන ලද බඹසර ඇති, බහා තබන ලද පව් ඇති, කකුසඳ බුදුරජුන් පිරිනිවි කල්හි මම සලල මල් ගෙණ මණ්ඩපයක් කරවීමි.

3822. තාවතිංසගතො සන‍්තො ලභාමි ව්‍යම‍්හමුත‍්තමං, අඤ‍්ඤෙ දෙවෙ’තිරොචාමි පුඤ‍්ඤකම‍්මස‍්සිදං ඵලං.

3822. (ඒ පිනින්) තව්තිසා දෙව්ලොවට ගියෙම් උතුම් විමනක් ලබමි. අනෙක් දෙවියන් මැඩගෙන බබළමි. පුණ්‍යකර්‍මයාගේ මේ විපාක යි.

3823. දිවා වා යදි වා රත‍්තිං චඞ‍්කමන‍්තො ඨිතො ච’හං, ඡන‍්නො සලලපුප‍්ඵෙහි පුඤ‍්ඤකම‍්මස‍්සිදං ඵලං.

3823. ඉදින් දවල් හෝ රාත්‍රි හෝ සක්මන් කරන්නා වූ ද සිටියා වූ ද මම සලල මල්වලින් වැසුනෙම් වෙමි. පුණ්‍යකර්‍මයාගේ මේ විපාක යි.

3824. ඉමස‍්මිං යෙව කප‍්පම‍්හි යං බුද‍්ධමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

3824. මේ කපෙහි ම යම් බුදුවරයකු පිදූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

3825. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, සබ‍්බෙසවා පරික‍්ඛීණා විහරාමි අනාසවො.

3825. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරන ලදහ. දැන් යලි ඉපැදීමෙක් නැත. ආස්‍රව රහිතව වෙසෙමි.

3826. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

3826. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.

3827. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3827. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා සලලමණ‍්ඩපියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සල්ලමණ්ඩපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

සලලමණ‍්ඩපියත්‍ථෙරස‍්ස අපදානං අට‍්ඨමං.

සල්ලමණ්ඩපිය ස්ථවිරාවදානය අටවැනි යි.