යෙදුමෙන් කියවන්න

399. සබ‍්බදායකත්‍ථෙරාපදානං

399. සබ‍්බදායකත්‍ථෙරාපදානං.

399. සබ්බදායක ස්ථවිරාවදානය

3828. මහාසමුද‍්දං ඔගය‍්හ භවනං මෙ සුනිම‍්මිතං, සුනිම‍්මිතා පොක‍්ඛරණී චක‍්කවාකූපකූජිතා.

3828-3830. මහසමුදුර සමීපයෙහි මට භවනයක් මැවිනි. (ඒ අසල) සක්වාරැව් ඇති මන්‍දාලක මලින් හා පියුමින් හා උපුලින් හා ගැවසීගත් පොකුණක් මැවිනි. ඒ පෙදෙසෙහි සිත්කලු මනා තොට ඇති මස්කැසුබුවන්ගෙන් ගැවසීගත් මුළුදුන් නන් විහගගණා ඇති නදියක් ගලා බස්නීය. එහි මොණර හා කොස්වාලිහිණි කොවුල් ආදි පක්‍ෂීන්ගේ මනරම් නදින් එපෙදෙස දොඩමලුය.

3829. මන්‍දාලකෙහි සඤ‍්ඡන‍්නා පදුමුප‍්පලකෙහි ච, නදී ච සන්‍දතෙ තත්‍ථ සුපතිත්‍ථා මනොරමා.

3830. මච‍්ඡකච‍්ඡපසඤ‍්ඡන‍්නා නානාදිජසමොත්‍ථතා, මයූරකොඤ‍්චාභිරුදා කොකිලාදීහි වග‍්ගුහි.

3831. පාරෙවතා රවිහංසා චක‍්කවාකා නදීචරා, දින්‍දිභා සාළිකා චෙත්‍ථ පම‍්පකා ජීවජීවකා.

3831. පරෙවි, රවිහංස, සක්වා ලිහිණි, (ගඞ්ගාවන්හි හැසිරෙන) නදීචර, දියකිරල, සැළලිහිණි උණහපුළු (ජීවජීව අනුකරණයෙන් හඬන්නාවූ) ජීවංජීවක යන මොහු එහි බොහෝ වූහ.

3832. හංසා කොඤ‍්චාභිනදිතා කොසියා පිඞ‍්ගලා බහූ, සත‍්තරතනසම‍්පන‍්නො මණිමුත‍්තිකවාලුකා.

3832-3833. එහි රැව් දෙන හංසයෝ ද, කොස්වා ලිහිණියෝ ද, බකමුහුනෝ ද, පිඞ්ගලයෝ ද, යන මේ පක්‍ෂීහු බොහෝ වූහ. සත්රුවනින් යුත් මිණි මුතු සහිත වැලි ද, නොයෙක් සුවඳ හමන හැම රන්මුවා වූ ගස් ද, ඒ භවනය දිව රෑ හැමකල්හි බබුලුවත්.

3833. සබ‍්බසොණ‍්ණමයා රුක‍්ඛා නානාගන්‍ධසමෙරිතා, උජ‍්ජොතෙන‍්ති දිවාරත‍්තිං භවනං සබ‍්බකාලිකං.

3834. සට‍්ඨිතුරියසහස‍්සානි සායං පාතො පවජ‍්ජරෙ, සොළසිත්‍ථිසහස‍්සානි පරිවාරෙන‍්ති මං සදා.

3834. සැටදහසක් තූර්‍ය්‍යයෝ සවස්හි ද උදාසන්හි ද වැයෙත්. හැම කල්හි සොළොස් දහසක් ස්ත්‍රීහු මා පිරිවරත්.

3835. අභිනික‍්ඛම‍්ම භවනා සුමෙධං ලොකනායකං, පසන‍්නචිත‍්තො සුමනො වන්‍දයිං තං මහායසං.

3835. මම භවනයෙන් නික්ම පහන්සිත් ඇත්තෙම් සොම්නස් ඇත්තෙම් මහත් යශස් ඇති ලෝකනායක වූ ඒ සුමේධ බුදුරජුන් වැන්දෙමි.

3836. සම‍්බුද‍්ධං අභිවාදෙත්‍වා සසඞ‍්ඝං තං නිමන‍්තයිං, අධිවාසෙසි සො ධීරො සුමෙධො ලොකනායකො.

3836. සම්බුදුරජුන් වැඳ සඞ්ඝයා සහිත ඒ බුදුරජුන් නිමන්ත්‍රණය කෙළෙමි. (මාගේ නිමන්‍ත්‍රණය) ලෝකනායක වූ ප්‍රාඥ වූ ඒ බුදුරජ තෙම ඉවසී ය.

3837. මම ධම‍්මකථං කත්‍වා උය්‍යොජෙසි මහාමුනි, සම‍්බුද‍්ධං අභිවාදෙත්‍වා භවනං මෙ උපාගමිං.

3837. බුදුරජ තෙම මට ධර්‍මකථාවක් කොට (මා පින්දහම්හි) යෙදවී ය. ඒ සම්බුදුරජුන් වැඳ මාගේ භවනයට එළඹියෙමි.

3838. ආමන‍්තයිං පරිජනං සබ‍්බෙ සන‍්නිපතාථ වො, පුබ‍්බන‍්හසමයං බුද‍්ධො භවනං ආගමිස‍්සති.

3838. “පෙරවරු කල්හි බුදුරජ තෙම මාගේ භවනයට වඩනේ ය. තෙපි සියල්ලෝ රැස්වවු” ය යි පිරිවර ජනයාට ඇමතීමි.

3839. ලාභා අම‍්හං සුලද‍්ධං නො යෙ වසාම තවන‍්තිකෙ, මයම‍්පි බුද‍්ධසෙට‍්ඨස‍්ස පූජං කස‍්සාම සත්‍ථුනො.

3839. “යම් හෙයකින් ඔබ සමීපයෙහි වෙසෙමු ද, ඒ අපට මනා ලැබීමෙකි. යහපත් ලාභයෙකි. අපි දු ශාස්තෘ වූ බුදුරජුන්හට පූජාවක් කරන්නෙමු” යි.

3840. අන‍්නං පානං පට‍්ඨපෙත්‍වා කාලමාරොචයිං අහං, වසීසතසහස‍්සෙහි උපෙසි ලොකනායකො.

3840. මම ආහාර-පාන පිළියෙල කොට තබා කාලය දැන්වීමි. ලෝකනායක වූ බුදුරජ තෙම රහතුන් සියදහසක් සමඟ වැඩියේ ය.

3841. පඤ‍්චඞ‍්ගිකෙහි තුරියෙහි පච‍්චුග‍්ගමනමකාසහං, සබ‍්බසොවණ‍්ණමයෙ පීඨෙ නිසීදි පුරිසුත‍්තමො.

3841. මම පසඟතුරු සහිතව පෙරගමන් කෙළෙමි. පුරුෂෝත්‍තම වූ බුදුරජ තෙම සියල්ල රුවන්මුවා වූ පුටුවෙහි වැඩහුන්නේ ය.

3842. උපරිච‍්ඡදනං ආසි සබ‍්බසොණ‍්ණමයං තදා, වීජනියො පවායන‍්ති භික‍්ඛුසඞ‍්ඝස‍්ස අන‍්තරෙ.

3842. එකල්හි සියල්ල රුවන්මුවා වූ උඩුවියනක් විය. බික්සඟන අතුරෙහි විජිනිපත්හු පවන් සලත්.

3843. පහූතෙන’න‍්නපානෙන භික‍්ඛුසංඝමතප‍්පයිං, පච‍්චෙකදුස‍්සයුගලෙ භික‍්ඛුසඞ‍්ඝස‍්ස’දාසහං.

3843. බොහෝ වූ ආහාරපානයෙන් භික්‍ෂුසඞ්ඝයා සන්‍තර්‍පණය කෙළෙමි. මම වෙන වෙන ම වස්ත්‍ර යුග්මය බැගින් බික්සඟනට දිනිමි.

3844. යං වදන‍්ති සුමෙධොති ලොකාහුතිපටිග‍්ගහං, භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා ඉමා ගාථා අභාසථ.

3844. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ සුමේධ ය යි යමකුට කියත් ද, (ඒ බුදුරජ තෙම) භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේ ය:

3845. “යො මං අන‍්නෙන පානෙන සබ‍්බෙ ඉමෙ ච තප‍්පයි, තමහං කිත‍්තයිස‍්සාමි සුණාථ මම භාසතො.

3845. “යමෙක් මා ද මේ සියල්ලන් ද ආහාරයෙන් හා පානයෙන් තෘප්ත කෙළේ නම් හේ (කවරෙක්දැයි) මම පවසන්නෙමි. එසේ පවසන්නා වූ මාගේ වචනය අසවු.

3846. අට‍්ඨාරසෙ කප‍්පසතෙ දෙවලොකෙ රමිස‍්සති, සහස‍්සක‍්ඛත‍්තුං රාජා ච චක‍්කවත‍්තී භවිස‍්සති.

3846. (හෙතෙම) අටළොස්සියක් කප් දෙව්ලොවෙහි සිත් අලවා වසන්නේ ය. දහස්වරක් සක්විති රජ ද වන්නේ ය.

3847. උපගච‍්ඡති යං යොනිං දෙවත‍්තං අථ මානුසං, සබ‍්බදා සබ‍්බසොවණ‍්ණං ඡදනං ධාරයිස‍්සති.

3847. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් උපතකට යේ ද, හැමදා සර්‍වස්වර්‍ණමය වූ වියනක් දරන්නේ ය.

3848. තිංසකප‍්පසහස‍්සම‍්හි ඔක‍්කාකකුලසම‍්භවො, ගොතමො නාම නාමෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

3848. තිස්දහස් කපකින් මතුයෙහි ඔක්‍කාක කුලයෙහි උපදනා වූ නමින් ගොතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.

3849. තස‍්ස ධම‍්මෙසු දායාදො ඔරසො ධම‍්මනිම‍්මිතො, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය නිබ‍්බායිස‍්සතනාසවො.

3849. (හෙතෙම) උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධ පුත්‍රයෙක් වේ. සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පානේ ද වේ.

3850. භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා සීහනාදං නදිස‍්සති චිතකෙ ඡත‍්තං ධාරෙන‍්ති හෙට‍්ඨාඡත‍්තම‍්භි ඩය‍්හථ.

3850. බික්සඟන මැද හිඳ අභීතනාද කරන්නේ ය. (ඔහුගේ මළසිරුර තැන්පත් කළ) චිතකයෙහි පවා ඡත්‍රයක් දරත්. ඒ ඡත්‍රය යටදී ආදාහනය වන්නේ ය.”

3851. සාමඤ‍්ඤං මෙ අනුප‍්පත‍්තං කිලෙසා ඣාපිතා මයා, මණ‍්ඩපෙ රුක‍්ඛමූලෙ වා සන‍්තාපො මෙ න විජ‍්ජති.

3851. මා විසින් දැන් පැමිණෙන ලද (සෝවාන් ආදී වූ) සතරමග නුවණ ශ්‍රාමණ්‍යඵල ඇත්තේ ය. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. මණ්ඩපයක හෝ වෘක්‍ෂමූලයක හෝ සිටි මට සන්තාපයක් ඇති නො වේ.

3852. තිංසකප‍්පසහස‍්සම‍්හි යං දානමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි සබ‍්බදානස‍්සිදං ඵලං.

3852. තිස්දහස් කපකට පෙර වූ එකල්හි යම් දනක් දුනිම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. සර්‍වදානයාගේ මේ විපාක යි.

3853. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, සබ‍්බාසවා පරික‍්ඛීණා විහරාමි අනාසවො.

3853. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. භවයෝ නසන ලදහ. සර්‍වාස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. අනාස්‍රවයෙම් වෙසෙමි.

3854. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

3854. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

3855. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3855. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරන ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා සබ‍්බදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සබ්බදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

සබ‍්බදායකත්‍ථෙරස‍්ස අපදානං නවමං.

සබ්බදායක ස්ථවිරාවදානය නවවැනි යි.