යෙදුමෙන් කියවන්න

400. අජිතත්‍ථෙරාපදානං

400. අජිතත්‍ථෙරාපදානං

400. අජිත ස්ථවිරාවදානය

3856. පදුමුත‍්තරො නාම ජිනො සබ‍්බධම‍්මානපාරගූ, අජ‍්ඣොගහෙත්‍වා හිමවන‍්තං නිසීදි ලොකනායකො.

3856. සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය ලෝකනායක වූ පදුමුත්තර නම් බුදුරජ තෙම හිමවතට පිවිස වැඩහුන්නේ ය.

3857. නා’හං අද‍්දක‍්ඛිං සම‍්බුද‍්ධං නපි සද‍්දං සුණොමහං, මම භක‍්ඛං ගවෙසන‍්තො ආහිණ‍්ඩාමි වනෙ තදා.

3857. මම බුදුරජුන් නො දිටිමි. (උන්වහන්ස්ගේ) ශබ්දය ද නො අසමි. එකල්හි මාගේ ආහාරය සොයමින් වනයෙහි ඇවිදිමි.

3858. තත්‍ථ’ද‍්දසාසිං සම‍්බුද‍්ධං බත‍්තිංසවරලක‍්ඛණං, දිස‍්වාන චිත‍්තමාපජ‍්ජිං සත‍්තො කො නාම’යං භවෙ’

3858. එහි දී දෙතිස් මහපුරිස් ලකුණින් යුතු වූ බුදුරජානන් වහන්සේ දිටිමි. දැක “මේ සත්ත්‍ව කිනම් වන්නේ දැ” යි සිතක් ලැබීමි.

3859. ලක‍්ඛණානි විලොකෙත්‍වා මම විජ‍්ජං අනුස‍්සරිං, සුතං හි මෙ’තං වුද‍්ධානං පණ‍්ඩිතානං සුභාසිතං.

3859. ලක්‍ෂණ බලා මාගේ විද්‍යාව සිහි කෙළෙමි. “මා විසින් වෘද්ධ වූ පණ්ඩිතයන්ගේ මේ සුභාෂිතය අසන ලද මැ” යි.

3860. තෙසං යථා තං වචනං අයං බුද‍්ධො භවිස‍්සති, යන‍්නූනාහං සක‍්කරෙය්‍යං ගතිං මෙ සොධයිස‍්සති.

3860. “ඔවුන්ගේ ඒ වචනයට අනුව මෙ තෙම බුදුවරයෙක් වන්නේ ය. මම උන්වහන්සේට සත්කාර කරන්නෙම් නම් ඉතා යෙහෙක. එයින් මාගේ ගතිය ද පිරිසිදු වන්නේය” යි සිතීමි.

3861. ඛිප‍්පං අස‍්සමමාගන‍්ත්‍වා මධුතෙලං ගහිං අහං, කොළම‍්බකං ගහෙත්‍වාන උපගච‍්ඡිං නරාසභං.

3861. මම වහා අසපුවට ගොස් මීතෙල් ගතිමි. සැළියක් ද ගෙණ බුදුරජුන් වෙත එළඹියෙමි.

3862. තිදණ‍්ඩකෙ ගහෙත්‍වාන අබ‍්භොකාසෙ ඨපෙසහං, පදීපං පජ‍්ජලෙත්‍වාන අට‍්ඨක‍්ඛත‍්තුං අවන්‍දහං.

3862. මම ත්‍රිදණ්‍ඩය (පිරිවැජිපුටුව) ගෙණ එළිමහනෙහි තැබීමි. මම පහන දල්වා අටවරක් වැන්දෙමි.

3863. සත‍්තරත‍්තින්‍දිවං බුද‍්ධො නිසීදි පුරිසුත‍්තමො, තතො රත්‍යා විවසානෙ වුට‍්ඨාසි ලොකනායකො.

3863. පුරුෂෝත්තම වූ බුදුහු ද දවරෑ සතක් එහි වැඩහුන් සේක. රැය අවසන්හි ලෝකනායකයන් වහන්සේ ඉන් නැගී සිටි සේක.

3864. පසන‍්නචිත‍්තො සුමනො සත‍්තරත‍්තින්‍දිවං අහං, දීපං බුද‍්ධස‍්ස පාදාසිං පසන‍්නො සෙහි පාණිහි.

3864. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුදුරජුන්හට ප්‍රසන්නව ම දවරෑ සතක් සියතින් පහන් පිදීමි.

3865. සබ‍්බෙ වනා ගන්‍ධමයා පබ‍්බතෙ ගන්‍ධමාදනෙ, බුද‍්ධස‍්ස අනුභාවෙන උපගච‍්ඡුං තදා ජිනං.

3865. එකල ගන්‍ධමාදන පර්‍වතයෙහි සුවඳවත් වූ (ගන්‍ධමය) සියලු වනයෝ බුද්ධානුභාවයෙන් බුදුරජුන් වෙත එළැඹියහ.

3866. යෙ කෙචි පුප‍්ඵගන්‍ධාසෙ පුප‍්ඵිතා ධරණීරුහා, බුද‍්ධස‍්ස අනුභාවෙන සබ‍්බෙ සන‍්නිපතුං තදා.

3866. එකල්හි වෘක්‍ෂයෝ පිපී ගියහ. වෙනෙහි ඇති සියලු පුෂ්පගන්‍ධයෝ බුද්ධානුභාවයෙන් එක්රැස් වූහ.

3867. යාවතා හිමවන‍්තම‍්හි නාගා ච ගරුළා උභො, ධම‍්මඤ‍්ච සොතුකාමා තෙ ආගච‍්ඡුං බුද‍්ධසන‍්තිකං.

3867. හිමවත නා ගුරුළු යම් පමණ වෙද් ද, ඒ පසමිතුරු දෙවග දහම් අසනු කැමැත්තාහු බුදුරජුන් වෙත පැමිණියහ.

3868. දෙවලො නාම සමණො බුද‍්ධස‍්ස අග‍්ගසාවකො, වසීසතසහස‍්සෙහි බුද‍්ධසන‍්තිකුපාගමි.

3868. බුදුරජානන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ දේවල නම් ශ්‍රමණ තෙමේ රහතුන් සියදහසක් සමග බුදුරජානන් වහන්සේ වෙත එළඹියේ ය.

3869. පදුමුත‍්තරො ලොකවිදූ ආහුතීනං පටිග‍්ගහො, භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා ඉමා ගාථා අභාසථ.

3869. ලෝකයාගේ පූජාවන් පිළිගැණීමට සුදුසු වූ පදුමුත්තර බුදුරජ තෙම භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළ සේක:

3870. යො මෙ දීපං පදීපෙසි පසන‍්නො සෙහි පාණිහි, තමහං කිත‍්තයිස‍්සාමි සුණාථ මම භාසතො.

3870. “යමෙක් පහන් වූයේ සියතින් ම මට ප්‍රදීපයක් දැල්වූයේ ද, හේ (කවරෙක්දැ යි) මම පවසන්නෙමි. එය පවසන්නා වූ මාගේ වචනය අසවු.

3871. සට‍්ඨිකප‍්පසහස‍්සානි දෙවලොකෙ රමිස‍්සති, සහස‍්සක‍්ඛතුං රාජා චක‍්කවත‍්තී භවිස‍්සති.

3871. හෙතෙම කල්ප සැටදහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. දහස් වරක් සක්විතිරජ වන්නේ ය.

3872. ඡත‍්තිංසක‍්ඛත‍්තුං දෙවින්‍දො දෙවරජ‍්ජං කරිස‍්සති, පඨවියං සත‍්තසතං විපුලං රජ‍්ජං කරිස‍්සති, පදෙසරජ‍්ජං විපුලං ගණනාතො අසඞ‍්ඛියං.

3872. සතිස් වරක් දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍යය කරන්නේ ය. සත්සිය වරක් පොළොවෙහි මහත් වූ රජය කරවන්නේ ය. (ලබන) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් නො ගිණිය හැකිය.

3873. ඉමිනා දීපදානෙන දිබ‍්බචක‍්ඛු භවිස‍්සති, සමන‍්තතො අට‍්ඨකොසං පස‍්සිස‍්සති අයං සදා.

3873. මේ ප්‍රදීපදානය හේතු කොට ගෙණ දිවැස් ඇත්තේ වන්නේ ය. (එසේ ම) මෙතෙම හැම කල්හි හාත්පස = ක්‍රෝශ අටක් දුර දක්නේ ය.

3874. දෙවලොකා චවන‍්තස‍්ස නිබ‍්බත‍්තන‍්තස‍්ස ජන‍්තුනො, දිවා වා යදි වා රත‍්තිං පදීපං ධාරයිස‍්සති.

3874. දෙව්ලොවින් ච්‍යුත වන්නා වූ ද (අන්තැනක) උපදින්නා වූ ද මේ සත්ත්‍වහට දිවාහිදු රැයිදු ප්‍රදීපයක් දරන්නේ ය.

3875. ජායමානස‍්ස සත‍්තස‍්ස පුඤ‍්ඤකම‍්මසමඞ‍්ගිනො, යාවතා නගරං හොති තාවතා ජොතයිස‍්සති.

3875. (මේ ප්‍රදීපදානමය) පුණ්‍යකර්‍මයෙන් යුක්ත ව උපදනා වූ සත්ත්‍වයා (උපදනා) නගරය යම්තාක් වේ ද, ඒතාක් බබලන්නේ ය.

3876. උපපජ‍්ජති යං යොනිං දෙවත‍්තං අථ මානුසං, අස‍්සෙව දීපදානස‍්ස අට‍්ඨදීපඵලෙන හි, න ජයිස‍්සන‍්ති’මං ජන‍්තු දීපදානස‍්සිදං ඵලං.

3876. මෙ තෙම මේ ප්‍රදීපදානයාගේ ම අෂ්ටප්‍රදීපඵලයෙන් දිව්‍ය වූ හෝ යම් යෝනියක උපදී නම් (කිසිදු) සත්ත්‍වයෙක් මොහු ජය නො ගන්නේ ය. ප්‍රදීපදානයාගේ මේ විපාක යි.

3877. කප‍්පසතසහස‍්සම‍්හි ඔක‍්කාකකුලසම‍්භවො, ගොතමො නාම නාමෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

3877. කල්ප සියදහසකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.

3878. තස‍්ස ධම‍්මෙසු දායාදො ඔරසො ධම‍්මනිම‍්මිතො, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය නිබ‍්බායිස‍්සතනාසවො.

3878. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධපුත්‍ර වූ (මෙතෙම) සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පානේ ය.

3879. තොසයිත්‍වාන සම‍්බුද‍්ධං ගොතමං සක්‍යපුඞ‍්ගවං, අජිතො නාම නාමෙන හෙස‍්සති සත්‍ථුසාවකො.

3879. ශාක්‍යකුල ශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජුන් සතුටු කොට නමින් අජිත නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය.

3880. සට‍්ඨිකප‍්පසහස‍්සානි දෙවලොකෙ රමිං අහං, තත්‍රාපි මෙ දීපසතං ජොතතෙ සබ‍්බකාලිකං.

3880. මම කල්ප සැටදහසක් දෙව්ලොවැ රමණය කෙළෙමි. එහි ද මට සාර්‍වකාලිකව ප්‍රදීප සියයක් බබලයි.

3881. දෙවලොකෙ මනුස‍්සෙ වා නිද‍්ධාවන‍්ති පභා මම, බුද‍්ධසෙට‍්ඨං සරිත්‍වාන භීයො හාසං ජනෙසහං.

3881. දෙව්ලොවෙහි වුව ද, මිනිස්ලොවෙහි වුව ද මාගේ ප්‍රභාවෝ පැතිරෙත්. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කොට වැඩියක් ම සතුට ඉපදවීමි.

3882. තුසිතා’හං චවිත්‍වාන ඔක‍්කමිං මාතුකුච‍්ඡියං, ජායමානස‍්ස සත‍්තස‍්ස ආලොකො විපුලො අහු.

3882. මම තුසිත දෙව්ලොවින් ච්‍යුතව මවුකුසෙහි උපනිමි. ඒ මවුකුසින් බිහිවන්නා වූ මාගේ මහත් වූ ආලොකයෙක් විය.

3883. අගාරා අභිනික‍්ඛම‍්ම පබ‍්බජිං අනගාරියං, බාවරිං උපසඞ‍්කම‍්ම සිස‍්සත‍්තං අජ‍්ඣුපාගමිං.

3883. මම ගිහිගෙන් නික්ම සසුනෙහි පැවිදි වීමි. බාවරි තවුසා වෙත එළඹ ශිෂ්‍යබවට ද පැමිණියෙමි.

3884. හිමවන‍්තෙ වසන‍්තො’හං අස‍්සොසිං ලොකනායකං, උත‍්තමත්‍ථං ගවෙසන‍්තො උපගච‍්ඡිං විනායකං.

3884. හිමවතෙහි වසන්නා වූ මම ලෝකනායක වූ බුදුරජුන් (ගෙණ) ඇසීමි. උත්තමාර්‍ත්‍ථය වූ නිවන සොයන්නෙම් විනායක වූ ඒ බුදුරජුන් වෙත එළඹියෙමි.

3885. දන‍්තො බුද‍්ධො දමෙතාවී ඔඝතිණ‍්ණො නිරූපධි, නිබ‍්බානං කථයී බුද‍්ධො සබ‍්බදුක‍්ඛප‍්පමොචනං.

3885. බුදුරජ දැමුනේ ය. අනුන් දමනය කරන්නේ චතුරෝඝයන් තරණය කෙළේ ය. (ස්‍කන්‍ධාදී) උපධි විරහිත ය. ඒ සර්‍වඥ තෙම සියලු දුක් මුදන නිවන ද වදාළේ ය.

3886. තං මෙ ආගමනං සිද‍්ධං තොසිතො හි මහාමුනි, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

3886. උන්වහන්සේ වෙත මාගේ පැමිණීම සිද්ධ විය. මහාමුනි තෙම තුස්වන ලද්දේ ය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

3887. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ යං දීපමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි දීපදානස‍්සිදං ඵලං.

3887. මෙයින් සියක් දහස් වන කපෙහි වූ එකල්හි යම් ප්‍රදීපයක් පිදිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. දීපදානයාගේ මේ විපාක යි.

3888. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, සබ‍්බාසවා පරික‍්ඛීණා විහරාමි අනාසවො

3888. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. හැම භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ප්‍රහීණ කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

3889. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

3889. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

3890. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3890. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්අභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා අජිතො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් අජිතස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

අජිතත්‍ථෙරස‍්ස අපදානං දසමං.

අජිතස්ථවිරාවදානය දසවැනි යි.

උද‍්දානං:

උද්දානය:

පිළින්‍දිවච‍්ඡො සෙලො ච සබ‍්බකිත‍්තී මධුන්‍දදො, කූටාගාරී බක‍්කුලො ච ගිරි සලලසව‍්හයො, සබ‍්බදො අජිතො චෙව ගාථායො ගණිතා ඉහ, සතානි පඤ‍්ච ගාථානං වීසති ච තදුත‍්තරි.

පිළින්‍දිවච්ඡ සෙල සබ්බකිත්ති මධුන්‍දද කූටාගාරී බක්කුල ගිරිමානන්‍ද සලල සබ්‍බද අජිත දස වේ - පන්සියෙන් මතු විසි ගීයෙක.

පිළින්‍දිවච‍්ඡවග‍්ගො චත‍්තාළීසතිමො.

පිළින්‍දිවච්ඡවර්‍ගය සතළිස් වැනි යි.

අථවග‍්ගුද‍්දානං:

යලි වග්ගුද්‍දානය:

පදුමාරක‍්ඛදො චෙව උම‍්මා ගන්‍ධොදකෙන ච, එකපදම සද‍්දසඤ‍්ඤී මන්‍දාරං බොධි වන්‍දකො, අවණ‍්ටඤ‍්ච පිළින්‍දී ච ගාථායො ගණිතා පි ච, චතුසත‍්තති ගාථායො එකාදස සතානි ච.

පදුමාරක්‍ඛද, උම්මාගන්‍ධොදක ද, ඒකපදුමසද්දසඤ්ඤි, මන්‍දාර බෝධිවන්‍දක, අවණ්ට ද පිළින්‍දි - මෙහි ගිණු ගී ගණන, එක්දහස් එක්සියෙක - යළිදු සූ සැත්තෑවෙක.

පදුමවග‍්ගදසකං.

පද්මවර්‍ග දශක ය යි.

චතුත්‍ථං සතකං සමත‍්තං.

චතුර්‍ත්‍ථශතකය සමාප්ත යි.