යෙදුමෙන් කියවන්න

401. තිස‍්සමෙත‍්තෙය්‍යත්‍ථෙරාපදානං

401. තිස‍්සමෙත‍්තෙය්‍යත්‍ථෙරාපදානං

401. තිස්සමෙත්තෙය්‍ය ස්ථවිරාවදානය

3891. පබ‍්භාරකූටං නිස‍්සාය සොභිතො නාම තාපසො, පවත‍්තඵලං භුඤ‍්ජිත්‍වා වසතී පබ‍්බතන‍්තරෙ.

3891. ශිලාපර්‍වතකූටයක පබ්භාරයක් ඇසුරු කොට සෝභිත නම් තවුසෙක් ස්වයංපතිතඵල අනුභව කොට කඳු අතරෙහි වෙසේ.

3892. අග‍්ගිං දාරුං ආහරිත්‍වා උජ‍්ජාලෙසිං අහං තදා, උත‍්තමත්‍ථං ගවෙසන‍්තො බ්‍රහ‍්මලොකූපපත‍්තියා.

3892. මම එකල්හි ගිනි ද දර ද ගෙණවුත් උත්තමාර්‍ත්‍ථය සොයමින් බඹලොව ඉපදීම සඳහා එය දැල්වීමි.

3893. පදුමුත‍්තරො ලොකවිදූ ආහුතීනං පටිග‍්ගහො, මමුද‍්ධරිතුකාමො සො ආගච‍්ඡි මම සන‍්තිකෙ.

3893. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙම මා සසරදුකින් ගොඩලනු කැමැත්තේ මාගේ සමීපයට වැඩියේ ය. (වැඩ මෙසේ ද වදාළේය:)

3894. “කිං කරොසි මහාපුඤ‍්ඤ දෙහි මෙ අග‍්ගිදාරුකං, අහමග‍්ගිං පරිචරෙ තතො මෙ සුද‍්ධි හෙහිති.”

3894. “මහපිනැත්තාණෙනි, කුම් කරහි ද? ගිනි හා දර මට ද දෙව. මම ද අග්නිපරිවරණය කරන්නෙමි. එයින් මාගේ ශුද්ධිය ද වන්නේ ය.”

3895. “සුභද‍්දකො ත්‍වං මනුජෙ දෙවතෙ ත්‍වං පජානසි, තුවමග‍්ගිං පරිචර හන්‍ද තෙ අග‍්ගිදාරුකං.”

3895. “මනුජය, මුඛ සුභද්‍ර වෙහි. දෙවිය, මුඛ දනිහි. මුඛ අග්නිපරිවරණය කළ මැනව. මේ ගිනි හා දර මුබට ය” යී තවුසා කීය.

3896. තතො කට‍්ඨං ගහෙත්‍වාන අග‍්ගිං උජ‍්ජාලයී ජිනො, න තත්‍ථ කට‍්ඨං පජ‍්ඣායි පාටිහීරං මහෙසිනො.

3896. ඉක්බිති බුදුරජ තෙම දර ගෙණ ගිනි දැල්වී ය. එහි ඒ දර නො දැල්විනි. ඒ බුදුරජුන්ගේ ප්‍රාතිහාර්‍ය්‍යයකි.

3897. “න තෙ අග‍්ගි පජ‍්ජලති ආහුතී තෙ න විජ‍්ජති, නිරත්‍ථකං වතං තුය‍්හං අග‍්ගිං පරිචරස‍්සු මෙ.”

3897. “තාගේ ගින්න නො දැල් වේ. තාගේ යාගයෙක් නැත. තාගේ ව්‍රතය නිරර්‍ත්‍ථක ය. මාගේ ගිනි පුදව” යී බුදුහු වදාළහ.

3898. “කීදිසො සො මහාවීර අග‍්ගි තව පවුච‍්චති, මහම‍්පි කථයස‍්සෙ’තං උභො පරිචරාමසෙ.”

3898. “මහාවීරයන් වහන්ස, ඔබගේ ඒ ගින්න (ගිනිපිදුම) කෙබඳු යි කියනු ලැබේ ද, මට ද මෙය කියනු මැනව. අප දෙදෙන ම ගිනි පුදමු” යි තවුසා කීය.

3899. “හෙතුධම‍්මනිරොධාය කිලෙසසමනාය ච, ඉස‍්සා මච‍්ඡරියං හිත්‍වා තයො එතෙ මමා’හුතී.”

3899. දුඃඛධර්‍මයන්ගේ හේතුනිරෝධය, කෙලෙස් සන්හිඳුවීම, ඊර්‍ෂ්‍යාමාත්සර්‍ය්‍යයන් හැර ලීම යන මේ තුණ මාගේ යාග ගින්නය” යි (බුදුරජ තෙම වදාළේය:)

3900. “කීදිසො ත්‍වං මහාවීර කථං ගොත‍්තො’සි මාරිස, ආචාරපටිපත‍්තී තෙ බාළ‍්හං ඛො මම රුච‍්චතී.”

3900. “මහාවීරයන් වහන්ස, මුබ කෙබඳු වූවෙක් වෙහි ද? නිදුකාණෙනි, (ඔබ) කිනම් ගෝත්‍ර ඇත්තෙහි ද? මුබගේ ආචාර ප්‍රතිපත්ති දැඩි සේ මට රුචි කෙරේ” යි.

3901. “ඛත‍්තියම‍්භි කුලෙ ජාතො අභිඤ‍්ඤා පාරමිං ගතො, සබ‍්බාසවපරික‍්ඛීණො නත්‍ථිදානි පුනබ‍්භවො.”

3901. “මම ක්‍ෂත්‍රිය කුලයෙහි උපන්නෙම් වෙමි. අභිඥාවන්ගේ පරතෙරට ද ගියෙම් වෙමි. සියලු ආස්‍රවයන් ක්‍ෂය කෙළෙමි. දැන් නැවත ඉපදීමෙක් ද නැතැ” යි (බුදුරජ තෙම වදාළේය.)

3902. “යදි බුද‍්ධොසි සබ‍්බඤ‍්ඤූ පභඞ‍්කර තමොනුද, නමස‍්සිස‍්සාමි තං දෙව දුක‍්ඛස‍්සන‍්තකරො තුවං”

3902. සර්‍වඥයන් වහන්ස, නිර්‍වාණාලෝකය කරන්නවුන් වහන්ස, (මෝහ නමැති) අඳුර දුරු කරණ උතුමානන් වහන්ස, ඉදින් මුබ බුදු වෙහි නම් (විශුද්ධි) දේවයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර කරන්නෙමි. මුබ දුක් නැති කරන්නෙහි ය”.

3903. පත්‍ථරිත්‍වා, ජිනචම‍්මං නිසීදන මදාසහං, නිසීද නාථ සබ‍්බඤ‍්ඤූ උපට‍්ඨිස‍්සාමහං තුවං.

3903. (එසේ කියා) මම අඳුන්දිවිසම් අතුරා (බුදුරජුන්හට) හිඳීමට දුනිමි. (මෙසේ ද කීමි:) ලෝකනාථයන් වහන්ස, වැඩ හිඳිනු මැනව. සර්‍වඥයන් වහන්ස, මම ඔබට උවටැන් කරන්නෙමි” යි.

3904. නිසීදි භගවා තත්‍ථ අජිනම‍්හි සුවිත්‍ථතෙ, නිමන‍්තයිත්‍වා සම‍්බුද‍්ධං පබ‍්බතං අගමාසහං.

3904. භාග්‍යවත් තෙමේ මොනොවට අතුළ අඳුන්දිවිසමෙහි වැඩ හුන්නේ ය. මම සම්බුදුරජුන් පවරා පර්‍වතයට ගියෙමි.

3905. ඛාරිභාරඤ‍්ච පූරෙත්‍වා තින්‍දුකඵලමාහරිං, මධුනා යොජයිත්‍වාන ඵලං බුද‍්ධස‍්ස’ දාසහං.

3905. පිරිකරද පුරවා තිඹිරිගෙඩි ගෙණ ආමි. මම ඒ ගෙඩි මී සමග යොදා බුදුරජුන්හට දුනිමි.

3906. මම නිජ‍්ඣායමානස‍්ස පරිභුඤ‍්ජි තදා ජිනො, තත්‍ථ චිත‍්තං පසාදෙසිං පෙක‍්ඛන‍්තො ලොකනායකං.

3906. සර්‍වඥ තෙම මා කල්පනාවෙහි යෙදී සිටියදී (ඒ දානය) වැළඳීය. බුදුරජුන් දෙස බලමින් එහි දී සිත පැහැදවීමි.

3907. පදුමුත‍්තරො ලොකවිදූ ආහුතීනං පටිග‍්ගහො, මම’ස‍්සමෙ නිසීදිත්‍වා ඉමා ගාථා අභාසථ:

3907. ලෝකයාගේ පූජාවන් පිළිගැනීමට සුදුසු වූ පදුමුත්තර බුදුරජ තෙමේ මාගේ ආශ්‍රමයෙහි හිඳ මේ ගාථාවන් වදාළ සේක:

3908. “යො මං ඵලෙන තප‍්පෙසි පසන‍්නො සෙහි පාණිහි, තමහං කිත‍්තයිස‍්සාමි සුණාථ මම භාසතො.

3908. “යමෙක් පැහැදුනේ සියතින් ඵලයෙන් මා සන්තර්‍පණය කෙළේ ද, හේ (කවරෙක්දැයි) මම කියන්නෙමි. කියන්නාවූ මාගේ වචනය අසවු.

3909. පඤ‍්චවීසතික‍්ඛත‍්තුං සො දෙවරජ‍්ජං කරිස‍්සති, සහස‍්සක‍්ඛත‍්තුං රාජා ච චක‍්කවත‍්තී භවිස‍්සති.

3909. හෙතෙම පස්විසිවරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. දහස්වරක් සක්විති රජ වන්නේ ය.

3910. තස‍්ස සඞ‍්කප‍්පමඤ‍්ඤාය පුබ‍්බකම‍්මසමඞ‍්ගිනො, අන‍්නං පානඤ‍්ච වත්‍ථඤ‍්ච සයනඤ‍්ච මහාරහං.

3910. පූර්‍වකර්‍මයෙන් සමන්‍වාගත වූ ඔහුගේ අදහස දැන මාහැඟි ආහාර ද පාන ද වස්ත්‍ර ද සෙනසුන් ද,

3911. පුඤ‍්ඤකම‍්මෙන සංයුත‍්තා නිබ‍්බත‍්තිස‍්සන‍්ති තාවදෙ, සදා පමුදිතො චායං භවිස‍්සති අනාමයො.

3911. කුශලකර්‍මවිපාකය හා යෙදුනාහු එකෙණෙහි උපදනාහුය. හැමකල්හි මෙතෙම නීරෝග වූයේ ප්‍රමුදිත වූයේ ද වන්නේ ය.

3912. උපපජ‍්ජති යං යොනිං දෙවත‍්තං අථ මානුසං, සබ‍්බත්‍ථ සුඛිතො හුත්‍වා මනුස‍්සත‍්තං ගමිස‍්සති.

3912. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යෝනියක උපන්නේ ද, ඒ සියලු තන්හි සුව ඇතිව මිනිසත් බවට පැමිණෙන්නේ ය.

3913. අජ‍්ඣායකො මන‍්තධරො තිණ‍්ණං වෙදානපාරගු, සම‍්බුද‍්ධමුපගන‍්ත්‍වාන අරහා සො භවිස‍්සති.”

3913. හෙතෙම වේද හදාරන්නා වූ මන්ත්‍ර දරන්නා වූ වේදත්‍රයෙහි පරතෙරෙට ගිය (බමුණෙක්ව) සම්බුදුරජුන් වෙත එළඹ රහත් වන්නේ ය.” (කියායි).

3914. යතො සරාමි අත‍්තානං යතො පත‍්තොස‍්මි විඤ‍්ඤුතං, භොගෙ මෙ ඌනතා නත්‍ථි ඵලදානස‍්සිදං ඵලං.

3914. යම් තැනක පටන් මාගේ අත්බව සිහි කෙරෙම් ද, යම් තැනක පටන් නුවණැති බවට පැමිණියෙම් වෙම් ද, (ඒ මේ කාලය තුළ) මාගේ භෝගසම්පත්තියෙහි අඩු බවෙක් නැත. ඵලදානයාගේ මේ විපාක යි.

3915. වරධම‍්මමනුප‍්පත‍්තො රාගදොසෙ සමූහනිං, සබ‍්බාසවපරික‍්ඛීණො නත්‍ථිදානි පුනබ‍්භවො,

3915. උතුම් වූ සසුනට පැමිණියෙමි රාගද්වේෂයන් වැනසීමි. සියලු ආස්‍රවයන් ක්‍ෂය කෙළෙම් වෙමි. දැන් නැවත ඉපදීමෙක් නැත.

3916. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

3916. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. හැම භවයෝ නසන ලදහ. හස්තිරාජයකු සේ බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

3917. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

3917. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

3918. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3918. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා තිස‍්සමෙත‍්තෙය්‍යො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මේ අයුරින් ආයුෂ්මත් තිස්ස මෙත්තෙය්‍ය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.

තිස‍්සමෙත‍්තෙය්‍යත්‍ථෙරස‍්ස අපදානං පඨම.

තිස්සමෙත්තෙය්‍ය ස්ථවිරාවදානය පළමු වැනි යි.