යෙදුමෙන් කියවන්න

402. පුණ‍්ණකත්‍ථෙරාපදානං

402. පුණ‍්ණකත්‍ථෙරාපදානං

402. පුණ්ණක ස්ථවිරාවදානය

3919. පබ‍්භාරකූටං නිස‍්සාය සයම‍්භු අපරාජිතො, ආබාධිකො ගරු බුද‍්ධො වසතී පබ‍්බතන‍්තරෙ.

3919. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ ගුණගරු වූ පසේබුදුහු හටගත් ආබාධ ඇත්තාහු පර්‍වතකූට පබ්භාරයක් ඇසුරු කොට පර්‍වත අතරෙහි වැඩ වෙසෙන සේක.

3920. මම අස‍්සමසාමන‍්තා පනාදො ආසි තාවදෙ, බුද‍්ධෙ නිබ‍්බායමානම‍්හි ආලොකො උපපජ‍්ජථ.

3920. එකෙණෙහි මාගේ අසපුව හාත්පස මහත් වූ නාදයෙක් විය. බුදුන් පිරිනිවන් පානා කල්හි ආලෝකය පහළ විය.

3921. යාවතා වනසණ‍්ඩස‍්මිං අච‍්ඡකොකතරච‍්ඡකා, ව්‍යග‍්ඝා ච කෙසරී සබ‍්බෙ අභිගජ‍්ජිංසු තාවදෙ.

3921. එකෙණෙහි මුළු වනලැහැබෙහි වලස් වෘක කළුහිස්වලස් ව්‍යාඝ්‍ර සිංහ යන සියලු සත්ත්‍වයෝ නාද කළාහු ය.

3922. උප‍්පාතං තමහං දිස‍්වා පබ‍්බතං අගමාසහං, තත්‍ථ’ද‍්දසාසිං සම‍්බුද‍්ධං නිබ‍්බුතං අපරාජිතං.

3922. මම ඒ භූතවිකෘතිය දැක (බුදුරජුන් වැඩ විසූ) පර්‍වතයට ගියෙමි. එහි දී පිරිනිවි අපරාජිත වූ සම්බුදුරජුන් දිටිමි.

3923. සුඵුල‍්ලං සාලරාජංව සතරංසිංව උග‍්ගතං, වීතච‍්චිකංව අඞ‍්ගාරං නිබ‍්බුතං අපරාජිතං.

3923. සුපිපි සල්රුකක් වැනි, උදා වූ හිරු වැනි, පහ වූ සිළු ඇති ගිනි අඟුරු (රැසක්) වැනි පිරිනිවියා වූ බුදුරජුන් (උදෙසා)-

3924. තිණං කට‍්ඨඤ‍්ච පූරෙත්‍වා චිතකං තත්‍ථ’කාසහං, චිතකං සුකතං කත්‍වා සරීරං ඣාපයිං අහං.

3924. මම එහි තණ ද දර ද පුරවා චිතකයක් කෙළෙමි. ඒ චිතකය මැනැවින් කොට (බුද්ධ) ශරීරය දැවීමි.

3925. සරීරං ඣාපයිත්‍වාන ගන්‍ධතොයං සමොකිරිං, අන‍්තලික‍්ඛෙ ඨිතො යක‍්ඛො නාමමග‍්ගහි තාවදෙ.

3925. සිරුර දවා සුවඳ දිය ඉස්සෙමි. එකෙණෙහි අහසෙහි සිටි යක්‍ෂයෙක් මට නමක් තැබීය:

3926. යං පූරිතං තයා කිච‍්චං සයම‍්භූස‍්ස මහෙසිනො, පුණ‍්ණකො නාම නාමෙන සදා හොහි තුවං මුනෙ.

3926. “සියල්ල තෙමේ ම අවබෝධ කරගත් බුදුරජුන්ට යම් (ආදාහන) කෘත්‍යයක් තා විසින් සම්පූර්‍ණ කරණ ලද ද, මුනිවරය, ඔබ හැමකල්හි නමින් පුණ්ණක නම් වෙව” යී.

3927. තම‍්හා කායා චවිත්‍වාන දෙවලොකං අගච‍්ඡහං, තත්‍ථ දිබ‍්බමයො ගන්‍ධො අන‍්තලික‍්ඛෙ පවායති

3927. මම ඒ අත්බැවින් ච්‍යුතව දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි. එහි අහසෙහි දිව්‍යමය සුවඳ හමයි.

3928. තත්‍රාපි නාමධෙය්‍යං මෙ පුණ‍්ණකො’ති අහූ තදා, දෙවභූතො මනුස‍්සො වා සඞ‍්කප‍්පං පූරයාමහං.

3928. එකල්හි එහිදී ද මාගේ නම ‘පුණ්ණක’ නම් විය. දෙවි වූයේ ද මිනිස් වූයේ ද (මාගේ) අදහස් සම්පූර්‍ණ කරමි.

3929. ඉදං පච‍්ඡිමකං මය‍්හං චරිමො වත‍්තතී භවො, ඉධාපි පුණ‍්ණකො නාම නාමධෙය්‍යං පකාසති.

3929. මේ මාගේ (සසරෙහි) අවසානය යි. (දැන් මේ) අන්තිම භවය පවතී. මෙහි දී ද පූර්‍ණක නාමය ප්‍රකාශ වේ.

3930. තොසයිත්‍වාන සම‍්බුද‍්ධං ගොතමං සක්‍යපුඞ‍්ගවං, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය විහරාමි අනාසවො.

3930. ශාක්‍යකුලශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජුන් සතුටු කොට සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව වෙසෙමි.

3931. එකනවුතෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, සබ‍්බාසවා නාභිජානාමි තනුකිච‍්චස‍්සිදං ඵලං.

3931. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ශරීරාදාහන කෘත්‍යයාගේ මේ විපාක යි.

3932. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, සබ‍්බාසවා පරික‍්ඛීණා විහරාමි අනාසවො.

3932. ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. අනාස්‍රව වූයෙම් වෙසෙමි.

3933. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

3933. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත පැමිණීම ඒකාන්තයෙන් මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

3934. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3934. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා පුණ‍්ණකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මේ අයුරින් ආයුෂ්මත් පුණ්ණක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

පුණ‍්ණකත්‍ථෙරස‍්ස අපදානං දුතියං.

පුණ්ණක ස්ථවිරාවදානය දෙවැනි යි.