403. මෙත්තගුත්ථෙරාපදානං
403. මෙත්තගුත්ථෙරාපදානං
403. මෙත්තගු ස්ථවිරාවදානය
3935. හිමවන්තස්ස අවිදූරෙ අසොකො නාම පබ්බතො, තත්ථා’සි අස්සමො මය්හං විස්සකම්මෙන මාපිතො.
3935. හිමවතට නුදුරෙහි අසෝක නම් පර්වතයෙක් විය. එහි මට විශ්වකර්මයා විසින් මවන ලද ආශ්‍රමයෙක් විය.
3936. සුමෙධො නාම සම්බුද්ධො අග්ගො කාරුණිකො මුනි, නිවාසයිත්වා පුබ්බන්හෙ පිණ්ඩාය මං උපාගමි.
3936. අග්‍රකාරුණික වූ සුමේධ නම් සර්වඥ මුනි තෙමේ පෙරවරුයෙහි හැඳ පොරවා මා වෙත පිඬු පිණිස එළඹියේ ය.
3937. උපාගතං මහාවීරං සුමෙධං ලොකනායකං, පග්ගය්හ සුගතප්පත්තං සප්පිතෙලෙන පූරයිං.
3937. එළඹියා වූ මහාවීර වූ ලෝකනායක වූ සුමේධ බුදුරජුන් (දැක) සුගතපාත්රය ගෙණ ගිතෙලින් පිරවීමි.
3938. දත්වානහං බුද්ධසෙට්ඨෙ සුමෙධෙ ලොකනායකෙ, අඤ්ජලිම්පග්ගහෙත්වාන භීයො හාසං ජනෙසහං.
3938. මම ලෝකනායක වූ සුමේධ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි එය පිළිගන්වා ඇඳිලි බැඳගෙණ වැඩියක් ම සතුට ඉපදවීමි. (මෙසේ ද පැතීමි.)
3939. “ඉමිනා සප්පිදානෙන චෙතනාපණිධීහි ච, දෙවභූතො මනුස්සො වා ලභාමි විපුලං සුඛං.
3939. “මේ ගිතෙල් දන හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද දෙවි වූයේ හෝ මනුෂ්‍ය වූයේ හෝ මහත් වූ සැප ලබමි.
3940. විනිපාතං විවජ්ජෙත්වා සංසරාමි භවාභවෙ, තත්ථ චිත්තං පණිධිත්වා ලභාමි අචලං පදං.”
3940. දුගතිය හැර කුදු මහත් භවයෙහි සැරිසරමි. එහි සිත පිහිටුවා අමෘතපදය ලබමි” (කියායි).
3941. “ලාභා තුය්හං සුලද්ධං තෙ යං මං අද්දක්ඛි බ්රාහ්මණං, මම දස්සනමාගම්ම අරහා ත්වං භවිස්සසි.
3941. යම් හෙයකින් බ්‍රාහ්මණ වූ (නසන ලද පව් ඇති) මා දුටුයේ ද, (එය) ඔබට ලාභයකි. ඔබ විසින් මැනැවින් ලබන ලද්දකි. මාගේ දර්ශනයට පැමිණ ඔබ රහත් වන්නෙහි ය.
3942. විස්සත්ථො හොහි මා භායි අධිගන්ත්වා මහායසං, මමං හි සප්පිං දත්වාන පරිමොක්ඛසි ජාතියා
3942. විශ්වාසය ඇත්තෙක් (අස්වැසුනෙක්) වන්න, බිය නො වන්න. මට ගිතෙල් දී මහත් යශස් ලබා ජාතියෙන් ද මිදෙන්නෙහි ය.
3943. ඉමිනා සප්පිදානෙන චෙතනාපණිධීහි ච, දෙවභූතො මනුස්සො වා ලභසෙ විපුලං සුඛං.
3943. මේ ගිතෙල් දන හේතු කොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මුබ දෙවි වූයේ ද මිනිස් වූයේ ද මහත් සුව ලබන්නෙහි ය.
3944. ඉමිනා සප්පිදානෙන මෙත්තචිත්තවතාය ච, අට්ඨාරසෙ කප්පසතෙ දෙවලොකෙ රමිස්සසි
3944. මෙත්සිතින් යුතු ව කළ මේ ගිතෙල් දන හේතු කොට ගෙණ අටළොස්සිය වන හෙවත් එක්දහස්අටසිය වන කපෙහි දෙව්ලොව සිත් අලවා වසන්නෙහි ය.
3945. අට්ඨතිංසතික්ඛත්තුඤ්ච දෙවරාජා භවිස්සසි, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං.
3945. අටතිස් වරක් දෙව්රජ වන්නෙහි ය. මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නො හැකි ය.
3946. එකපඤ්ඤාසක්ඛත්තුඤ්ච චක්කවත්තී භවිස්සසි, චාතුරන්තො විජිතාවී ජම්බුසණ්ඩස්ස ඉස්සරො.
3946. එක්පණස් වරක් සිවුමහදිවයින් හා සිවුසයුරු කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ (සතුරු රජුන්) ජයගන්නාසුලු වූ ජම්බුද්වීපයට ඊශ්වර වූ සක්විතිරජ වන්නෙහි ය.
3947. මහාසමුද්දොව’ක්ඛොභො දුද්ධරො පඨවී යථා, එවමෙව ච තෙ භොගා අප්පමෙය්යා භවිස්සරෙ.”
3947. යම් සේ මහසයුර නො කැළඹිය හැකි ද මහපොළොව නො සෙල්විය හැකි ද ඔබගේ භෝගසම්පත්හු ද පමණ කළ නො හැක්කාහු වෙති.”
3948. සට්ඨිකොටි හිරඤ්ඤස්ස චජිත්වා පබ්බජිං අහං, කිං කුසලං ගවෙසන්තො බාවරිං උපසඞ්කමිං.
3948. මම සැටකෙළක් අගනා හිරණ්‍ය හැර දමා කුසල් කර්මය යි සොයමින් බාවරි වෙත එළඹියෙමි.
3949. තත්ථ මන්තෙ අධීයාමි ඡළඞ්ගං නාම ලක්ඛණං, තමන්ධකාරං විධමං උප්පජ්ජි ත්වං මහාමුනි.
3949. එහි මම මන්ත්‍ර ද ෂඩඞ්ගලක්ෂණශාස්ත්රය ද හදාරමි. මහා මුනීන් වහන්ස, මුබවහන්සේ ඝනාන්ධකාරය විධ්වංසනය කරමින් ලොව පහළ වූ සේක.
3950. තව දස්සනකාමොහං ආගතොම්හි මහාමුනි, තව ධම්මං සුණිත්වාන පත්තො’ම්හි අචලං පදං.
3950. මහාමුනීන් වහන්ස, මුබවහන්සේගේ දර්ශනය කැමැත්තෙන් මම පැමිණියෙම් වෙමි. මුබ වහන්සේගේ ධර්මය ද අසා අමෘතපද සඞ්ඛ්‍යාත නිවණට පැමිණියෙම් වෙමි.
3951. තිංසකප්පසහස්සම්හි සප්පිං බුද්ධස්ස’දාසහං, එත්ථන්තරෙ නාභිජානෙ සප්පි විඤ්ඤාපිතං මයා,
3951. මම තිස්දහස් කපකට පෙර බුදුරජුන්හට ගිතෙල් දුනිමි. මේ අතරතුර මා විසින් විනවන ලද (වචනයෙන් ලබා ගන්නා ලද) ගිතෙලක් ගැණ නො දනිමි.
3952. මම සඞ්කප්පමඤ්ඤාය උප්පජ්ජති යදිච්ඡකං, චිත්තමඤ්ඤාය නිබ්බත්තං සබ්බෙ සන්තප්පයාමහං.
3952. මාගේ අදහසට අනුව ඉදින් කැමැති කැමැති දෙය පහළ වේ ද, සිත දැන ගෙණ මෙන් පහළ වූ එයින් මම සියල්ලන් සන්තර්පණය කරමි.
3953. අහො බුද්ධො අහො ධම්මො අහො නො සත්ථුසම්පදා, ථොකං හි සප්පිං දත්වාන අප්පමෙය්යං ලභාමහං.
3953. බුදුරජ තෙම ආශ්චර්‍ය්‍යය. ධර්මය ද ආශ්චර්‍ය්‍යය. අපගේ ශාස්තෘසම්පත්තිය ද ආශ්චර්‍ය්‍ය ය. බුදුරජුන්හට ගිතෙල් මඳක් දී එය අපමණ ව ලබමි.
3954. මහාසමුද්දෙ උදකං යාවතා නෙරුපස්සතො, මම සප්පිං උපාදාය කලභාගං න ඵස්සති.
3954. මේරුපර්වත පාර්ශවයෙහි ඇති මහසමුදුරෙහි දිය යම් පමණ ද මාගේ ඒ ගිතෙල් හා සසඳන කල්හි එය දෙතිසෙන් කොටසක් වූ (කලභාගයකට) ද නො පැමිණෙන්නේ ය.
3955. යාවතා චක්කවාළස්ස කරීයන්තස්ස රාසිතො, මම නිබ්බත්තවත්ථානං ඔකාසො සො න සම්මති.
3955. මට පහළ වන්නා වූ වස්ත්‍ර මුළුසක්වළෙහි ම රැස් කරණ කල්හි ද එයට ඒ අවකාශය නො පොහෝනේ වේ.
3956. පබ්බතරාජා හිමවා පවරොපි සිලුච්චයො, මමානුලිත්තගන්ධස්ස උපනිධිං න හෙස්සති.
3956. ඉතා උස් වූ හිමවත් පර්වතරාජයා පවා මා අලෙව් දුන් සුවඳ විලෙවුන් හා උපමාවකට පමණ නො වන්නේ ය.
3957. වත්ථං ගන්ධඤ්ච සප්පිඤ්ච අඤ්ඤඤ්ච දිට්ඨධම්මිකං, අසඞ්ඛතඤ්ච නිබ්බානං සප්පිදානස්සිදං ඵලං.
3957. වස්ත්‍ර ද සුවඳ ද ගිතෙල් ද මේ අත්බැව්හි දී ම ලබන ලද අසංස්කෘත නිර්වාණය ද ඇත්තෙම් වෙමි. ගිතෙල් දනෙහි මේ විපාක යි.
3958. සතිපට්ඨානසයනො සමාධිඣානගොචරො, බොජ්ඣඞ්ගභොජනො අජ්ජ සප්පිදානස්සිදං ඵලං.
3958. අද මම සතිපට්ඨානසයනය ද, සමාධිධ්යානගෝචරය ද බොධ්යඞ්ගභෝජනය ද ඇත්තෙම් වෙමි. ගිතෙල් දන්හි මේ විපාකයි.
3959. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා විහරාමි අනාසවො.
3959. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සර්වාස්රවයෝ ක්ෂය කරණ ලදහ. අනාස්‍රව වූයෙම් වෙසෙමි.
3960. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
3960. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත පැමිණීම මට ස්වාගත ම විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3961. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
3961. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා මෙත්තගුත්ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මේ අයුරින් ආයුෂ්මත් මෙත්තගු ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මෙත්තගුත්ථෙරස්ස අපදානං තතියං.
මෙත්තගු ස්ථවිරාවදානය තෙවැනි යි.