404. ධොතකත්ථෙරාපදානං
404. ධොතකත්ථෙරාපදානං
404. ධෝතක ස්ථවිරාවදානය
3962. ගඞ්ගා භාගීරථී නාම හිමවන්තා පභාවිතා, හංසවතියා ද්වාරෙන අනුසන්දති තාවදෙ.
3962. හිමවතින් ප්‍රභූත භාගිරථි ගඞ්ගා තොමෝ (ගඞ්ගානදිය) එකල්හි හංසවතී නගරද්වාරයෙන් ගලා බස්නී ය.
3963. සොභිතො නාම ආරාමො ගඞ්ගාකූලෙ සුමාපිතො, තත්ථ පදුමුත්තරො බුද්ධො වසතෙ ලොකනායකො.
3963. ගංඉවුරෙහි මැනවින් කරණ ලද සෝභිත නම් ආරාමයෙක් විය. එහි ලෝකනායක වූ පදුමුත්තර බුදුරජ තෙමේ වැඩ වෙසෙයි.
3964. තිදසෙහි යථා ඉන්දො මනුජෙහි පුරක්ඛතො, නිසීදි තත්ථ භගවා අසම්භීතො’ව කෙසරී.
3964. තව්තිසාවෙහි දෙවියන් සහිත ශක්‍රයා මෙන් මනුෂ්‍යයන් විසින් පිරිවරණ ලද භාග්‍යවත් තෙමේ එහි අභීත කේශරසිංහ රාජයකු මෙන් වැඩහුන්නේ ය.
3965. නගරෙ හංසවතියා වසාමි බ්රාහ්මණො අහං, ඡළඞ්ගො නාම නාමෙන එවන්නාමො මහාමුනි.
3965. මම හංසවතී නගරයෙහි බමුණෙක් ව වෙසෙමි. නමින් ඡළඞ්ග නම් වෙමි. එනම් ඇති මහමුනිවරයෙක් වෙමි.
3966. අට්ඨාරසසිස්සසතා පරිවාරෙන්ති මං තදා, තෙහි සිස්සෙහි සමිතො ගඞ්ගාතීරං උපාගමිං.
3966. එකල්හි අටළොස් සියක් (-එක්දහස් අටසියයක්) ශිෂ්‍යයෝ මා පිරිවරත්. ඒ ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයෙම් ගඞ්ගාතීරයට එළඹියෙමි.
3967. තත්ථද්දසාසිං සමණෙ නික්කුහෙ ධොතපාපකෙ, භාගීරථිං තරන්තෙ’හං එවං චිත්තෙසි තාවදෙ.
3967. එහි දී කොහොන්කම් විරහිත දොවා හළ පව් ඇති ශ්රමණයන් වහන්සේ දිටිමි. (උන්වහන්සේ) භාගීරථි ගඟ තරණය කරණ කෙණෙහි මම මෙසේ සිතීමි.
3968. “සායං පාතං තරන්තා’මෙ බුද්ධපුත්තා මහායසා, විහෙසයන්ති අත්තානං තෙසං අත්තා විහඤ්ඤති.
3968. “මහත් කීර්ති ඇති මේ බුද්ධපුත්‍රයෝ සවස්හි ද උදයෙහි ද මේ ගඟ තරණය කරන්නාහු තමන් වෙහෙසට පමුණුවත්. ඔවුන්ගේ ආත්මභාවය පෙළෙයි.
3969. සදෙවකස්ස ලොකස්ස බුද්ධො අග්ගො පවුච්චති. නත්ථි මෙ දක්ඛිණෙ කාරං ගතිමග්ගවිසොධනං.
3969. දෙවියන් සහිත ලෝකයා අතුරෙන් බුදුරජ තෙම අග්‍රයයි කියනු ලැබේ. දක්ෂිණාර්හයන් කෙරෙහි (කළ) සසර ගමන්මග පිරිසිදු කරණ පින්කමකුදු මට නැත.
3970. යන්නූන බුද්ධසෙට්ඨස්ස සෙතුං ගඞ්ගාය කාරයෙ, කාරාපෙත්වා ඉමං කම්මං සන්තරාමි ඉමං භවං.”
3970. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ගඟෙහි හෙයක් කරන්නෙම් නම් ඉතා මැනැවි. මේ පින්කම කරවා මේ භවය තරණය කරමි යි.
3971. සතසහස්සං දත්වාන සෙතුං කාරාපයිං අහං, සද්දහන්තො “කතං කාරං විපුලං මෙ භවිස්සති.”
3971. මා විසින් කරණ ලද පින්කම් මහත්ඵල වන්නේ යයි අදහමින් මම ලක්ෂයක් දී හෙයක් කරවීමි.
3972. කාරාපෙත්වාන තං සෙතුං උපෙසිං ලොකනායකං, සිරසි අඤ්ජලිං කත්වා ඉදං වචනමබ්රවිං.
3972. ඒ හෙය කරවා ලෝකනායක බුදුරජුන් වෙත එළඹියෙමි. සිරසෙහි ඇඳිලි බැඳ මේ වචනය ද කීමි:
3973. “සතසහස්සස්ස වයං කත්වා කාරාපිතො මයා, තවත්ථාය මහාසෙතු පටිගණ්හ මහාමුනි.”
3973. “මහාමුනීන් වහන්ස, මා විසින් ලක්ෂයක් වැය කොට ඔබ වහන්සේ උදෙසා මහත් වූ හෙයක් කරවන ලදී. ඒ පිළිගණු මැනව” යී.
3974. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ:
3974. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙමේ භික්ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේය:
3975. “යො මෙ සෙතුං අකාරෙසි පසන්නො සෙහි පාණිහි, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
3975. “යමෙක් පහන් වූයේ සියතින් මට හෙයක් කරවූයේ ද, මම හේ (කවරෙක්දැයි) පවසන්නෙමි. එසේ පවසන්නා වූ මාගේ වචනය අසවු.
3976. දරිතො පබ්බතාතො වා රුක්ඛාතො පතිතොප’යං, චුතොපි ලච්ඡතී ඨානං සෙතුදානස්සිදං ඵලං.
3976. මෙ තෙම කඳුරකින් (=පර්‍වතවිවරයකින්) වේවයි පර්වතයකින් වේවයි ගසකින් වේවයි ගිලිහුනේ නමුදු (ඉන්) ගිලිහුනේ ම පිහිට ලබන්නේ ය. සේතුදානයාගේ මේ විපාක යි.
3977. විරූළ්හමූලසන්තානං නිග්රොධමිව මාලුතො, අමිත්තා නප්පසහන්ති සෙතුදානස්සිදං ඵලං.
3977. වැඩිගිය මුල්සමූහය ඇති නුගගසක් වාතය බලයෙන් උදුරා නො දමන්නාක් මෙන් පසමිතුරෝ (මොහු) නො මැඩලත්.
3978. නාස්ස චොරා පසහන්ති නාතිමඤ්ඤන්ති ඛත්තියා, සබ්බෙ තරිස්සතාමිත්තෙ සෙතුදානස්සිදං ඵලං.
3978. මොහුගේ (දෙය) සොරු බලයෙන් පැහැර නො ගනිත්. රජවරු මොහුට අවමන් නො කරත්. සියලු පසමිතුරන් ජය ගන්නේ ය. සේතුදානයාගේ මේ විපාක යි.
3979. අබ්භොකාසගතං සන්තං කඨිනාතපතාපිතං, පුඤ්ඤකම්මෙන සංයුත්තං න භවිස්සන්ති වෙදනා.
3979. එලිමහනකට ගියේ නමුදු දැඩි අව්වෙන් තැවුනේ නමුදු ඒ සේතුදානමය පුණ්යකර්මයෙන් යුත් මොහුට (දුක්) වේදනාවෝ නො වන්නාහු ය.
3980. දෙවලොකෙ මනුස්සෙ වා හත්ථියානං සුනිම්මිතං, තස්ස සඞ්කප්පමඤ්ඤාය නිබ්බත්තිස්සති තාවදෙ.
3980. දෙව්ලොවෙහි හෝ මිනිස්ලොවෙහි හෝ මැනවින් නිර්මිත හස්තියානයක් ඔහුගේ අදහස පරිදි එකෙණෙහි පහළ වන්නේ ය.
3981. සහස්සස්සා වාතජවා සින්ධවා සීඝවාහනා, සායං පාතං උපෙස්සන්ති සෙතුදානස්සිදං ඵලං.
3981. වාතවේගයෙන් දුවන ශීඝ්‍රවාහන වූ දහසක් සෛන්ධවයෝ උදය සවස වෙත එළඹෙන්නාහු ය. සේතුදානයාගේ මේ විපාක යි.
3982. ආගන්ත්වාන මනුස්සත්තං සුඛිතො’යං භවිස්සති, ඉහාපි මනුජස්සෙව හත්ථියානං භවිස්සති.
3982. මෙ තෙම මිනිසත්බවට පැමිණ සැපවත් වන්නේ ය. මෙහි මිනිස්කල්හි දු ඔහුට හස්තියානයක් වන්නේ ය.
3983. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
3983. කල්පලක්ෂයකින් මතුයෙහි ඔක්කාක වංශයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
3984. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සත’නාසවො.”
3984. උන්වහන්සේගේ ධර්මයෙහි දායාද වූ ධර්මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධපුත්‍ර වූ මෙතෙම සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පානේය” යී.
3985. අහො මෙ සුකතං කම්මං ජලජුත්තමනාමකෙ, තත්ථ කාරං කරිත්වාන පත්තො’හං ආසවක්ඛයං.
3985. පදුමුත්තර බුදුරජුන් කෙරෙහි මා විසින් මැනැවින් කරණ ලද කර්මය ආශ්චර්‍ය්‍යයකි. උන්වහන්සේ කෙරෙහි බුහුමන් කොට මම ආස්රවක්ෂය සඞ්ඛ්‍යාත නිවණට පැමිණියෙම් වෙමි.
3986. පධානපහිතත්තොම්හි උපසන්තො නිරූපධි, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
3986. කාය - ජීවිත දෙක්හිත් අපේක්ෂා රහිත වූයෙම් වීර්‍ය්‍ය කිරීමෙහි යෙදුනෙම් වෙමි. සන්හුන් වූයෙම් උපධිරහිත වූයෙම් ඇතකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
3987. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
3987. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. පැමිණෙනලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහ. මා විසින් බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි
3988. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා නත්ථිදානි පුනබ්භවො.
3988. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්ෂය වූහ. දැන් පුනර්භවයෙක් නැත.
3989. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
3989. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුසසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා ධොතකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මේ අයුරින් ආයුෂ්මත් ධෝතක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
ධොතකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
ධෝතක ස්ථවිරාවදානය සිවුවැනි යි.