යෙදුමෙන් කියවන්න

405. උපසිවත්‍ථෙරාපදානං

405. උපසිවත්‍ථෙරාපදානං

405. උපසීව ස්ථවිරාවදානය

3990. හිමවන‍්තස‍්ස අවිදූරෙ අනොමො නාම පබ‍්බතො, අස‍්සමො සුකතො මය‍්හං පණ‍්ණසාලා සුමාපිතා.

3990. හිමවතට නුදුරෙහි අනෝම නම් පර්‍වතයෙක් විය. මට එහි මැනැවින් කළ අසපුවෙක් විය. මනා කොට කටයුතු නිම වූ පන්සලක් ද විය.

3991. නදී ච සන්‍දතී තත්‍ථ සූපතිත්‍ථා මනොරමා, අනුපතිත්‍ථෙ ජායන‍්තී පදුමුප‍්පලකා බහූ.

3991. එහි මනා වූ කුඩා තොටු ඇති මනෝඥ වූ නදියක් ගලා බසී. ඒ කුඩා තොටුවල බොහෝ පද්මොත්පලයෝ හට ගනිත්.

3992. පාඨීනා පාවුසා මච‍්ඡා වලජා මුඤ‍්ජරොහිතා, මච‍්ඡකච‍්ඡපසඤ‍්ඡන‍්නා නදිකා සන්‍දතෙ සදා.

3992. පාඨින නම් මත්ස්‍යයෝ (=පෙටියෝ) ද පාවුස නම් මත්ස්‍යයෝ (=ලූල්ලු) ද වලජ නම් මත්ස්‍යයෝ (=වලයෝ) ද මුඤ්ච නම් මත්ස්‍යයෝ (=මොද්දු) ද රෝහිත නම් මත්ස්‍යයෝ (=රෙහෙරු) ද යන මසුන් හා කැසුබුවන්ගෙන් ගැවසීගත්තා වූ නදිය හැමකල්හි ගලා බසී.

3993. තිමිරා පුප‍්ඵිතා තත්‍ථ අසොකා ඛුද‍්දමාලකා, පුන‍්නාගා ගිරිපුන‍්නාගා සම‍්පවන‍්ති මමස‍්සමං.

3993. එහි තිමීරය, අසෝකය, ඛුද්දමාලක (කුඩාමල් ඇතිගස්) ය පුන්නාග (දොඹය) ගිරිපුන්නාග (කඳුවල වැවෙන දොඹ) ය යන මේ වෘක්‍ෂයෝ පිපී ගියාහු මාගේ අසපුවෙහි සුවඳ පතුරුවත්.

3994. කුටජා පුප‍්ඵිතා තත්‍ථ තිණසූලවනානි ච, සාලා ච සලලා තත්‍ථ චම‍්පකා පුප‍්ඵිතා බහූ.

3994. එහි පිපී ගියා වූ කෙලිඳ වෘක්‍ෂයෝ ද බෝලිද්දවනයෝ ද, සාලවෘක්‍ෂයෝ ද, එසේ ම පිපී ගියා වූ සලල (=හොර) වෘක්‍ෂයෝ ද චම්පක (සපු) වෘක්‍ෂයෝ ද එහි බොහෝ වෙති.

3995. අජ‍්ජුනා අතිමුත‍්තා ච මහානාමා ච පුප‍්ඵිතා, අසනා මධුගන්‍ධී ච පුප‍්ඵිතා තෙ මමස‍්සමෙ.

3995. පිපී ගියා වූ කුඹුක් ද යොහොඹු ද උක්ගස් ද, පිපී ගියා වූ පියා ගස් ද, මධුගන්‍ධී වෘක්‍ෂයෝ ද මාගේ අසපුවෙහි බොහෝ වෙති.

3996. උද‍්දාලකා පාටලිකා යූථිකා ච පියඞ‍්ගුකා, බිම‍්බිජාලකසඤ‍්ඡන‍්නා සමන‍්තා අඩ‍්ඪයොජනං.

3996. ඇසළය පළොල් ය සීනිද්දය පුවඟුය රත්කරව්ය යන මෙකී වෘක්‍ෂයන්ගෙන් මාගේ අසපුව හාත්පස අඩයොදුනක් තන්හි වැසී ගියේ ය.

3997. මාතඞ‍්ගවා සත‍්තලියො පාටලී සින්‍දුවාරකා, අඞ‍්කොලකා බහූ තත්‍ථ තාලකූටා ච පුප‍්ඵිතා.

3997. පිපුණා වූ මාතඞ්ගව නම් වෘක්‍ෂයෝ ද, සත්පෙති දෑසමන් ද පළොල් ද නික ද රුකඟුන ද තාලකූට නම් වෘක්‍ෂයෝ ද එහි බොහෝ වූහ.

3998. සෙලෙය්‍යකා බහූ තත්‍ථ පුප‍්ඵිතා මම අස‍්සමෙ, එතෙසු පුප‍්ඵමානෙසු සොභන‍්ති පාදපා බහූ, සමන‍්තා තෙන ගන්‍ධෙන වායතෙ මම අස‍්සමො.

3998. මාගේ ඒ අසපුවෙහි පිපුණා වූ ගල්මල් ද බොහෝ ය. මේ වෘක්‍ෂයෝ පිපෙන කල්හි බෙහෙවින් හොබිත්. ඒ සුවඳින් මාගේ අසපුව හාත්පස සුවඳ හමයි.

3999. හරීතකා ආමලකා අම‍්බා ජම‍්බූ විභීටකා, කොලා භල‍්ලාතකා බිල‍්ලා ඵාරුසකඵලානි ච.

3999. අරළු, නෙල්ලි, අඹ, ජම්බු, බුළු, ඩෙබර, බදුලු, බෙලි, බොරළුදමුණු යන මේ වෘක්‍ෂයන්ගේ ඵල ද,

4000. තින්‍දුකා ච පියාලා ච මධුකා කාසුමාරියො, ලබුජා පනසා තත්‍ථ කදලී බදරීඵලා.

4000. තිඹිරි, පියල්, වැල්මී, කාසුමාරිය, දෙල්, කොස්, කෙසෙල්, ඩෙබර යන මොවුන්ගේ ඵලයෝ ද එහි බොහෝ වෙති.

4001. අම‍්බාටකා බහූ තත්‍ථ වල‍්ලිකාරඵලානි ච, බීජපූරසපාරියො ඵලිතා මම අස‍්සමෙ.

4001. ඇඹරැල්ල, වල්ලිකාර ඵලයෝ ද එහි බොහෝ වෙති. ලප්නාරග, සපාරිය මේ වෘක්‍ෂයෝ ද මාගේ අසපුවෙහි පල ගත්තාහු වෙති.

4002. ආළකා ඉසිමුග‍්ගා ච තතො මොදඵලා බහූ, අවටා පක‍්කභරිතා පිලකඛුදුම‍්බරානි ච.

4002. ආලක, ඉසිමුග්ග (=වනමුං), යලි මෝදඵල යන මොහු එහි බොහෝ වෙති. හාත්පස වූ පුලිල දිඹුල් ද යන මේ වෘක්‍ෂයෝ ඵල භරිත වූවාහු ය.

4003. පිප‍්ඵලී මරිචා තත්‍ථ නිග්‍රොධා ච කපිත්‍ථනා, උදුම‍්බරකා බහවො කණ‍්ඩපක‍්කා ච පාරියො

4003. තිප්පිලි, මිරිස්, නුග, දිවුල්, දිඹුල්, කණ්ඩපක්ක, පාරිය මෙකී වෘක්‍ෂයෝ එහි බොහෝ වෙති.

4004. එතෙ චඤ‍්ඤෙ ච බහවො ඵලිතා අස‍්සමෙ මම, පුප‍්ඵරුක‍්ඛාපි බහවො පුප‍්ඵිතා මම අස‍්සමෙ.

4004. මේ වෘක්‍ෂයෝ ද තවත් බොහෝ වෘක්‍ෂයෝ ද මාගේ අසපුවෙහි පල ගත්තාහු වෙත්. මාගේ අසපුවෙහි බොහෝ මල් ගස් ද, පිපුනාහු වෙත්.

4005. ආලුවා ච කළම‍්බා ච බිලාලී තක‍්කලානි ච, ආලකා තාලකා චෙව විජ‍්ජන‍්ති අස‍්සමෙ මම.

4005. ආලුව, කළම්බ, බීලාලි, තක්කල, ආලක, තාලක, යන අල දෑ ද මා අසපුවෙහි වෙත්.

4006. අස‍්සමස‍්සා’විදූරෙ මෙ මහාජාතස‍්සරො අහු, අච‍්ඡොදකො සීතජලො පුතතිත්‍ථො මනොරමො.

4006. මාගේ අසපුවට නුදුරෙහි පැහැදි සිසිල් දිය ඇති මනා තොට ඇති සිත්කලු ස්වයංජාත විලෙක් විය.

4007. පදුමුප‍්පලා බහූ තත්‍ථ පුණ‍්ඩරීකසමායුතා, මන්‍දාලකෙහි සඤ‍්ඡන‍්නා නානාගන්‍ධසමෙරිතා.

4007. සුදුනෙළුම් හා රතුනෙළුම් හා උපුල් එහි බොහෝ ය. මදාරා ගස්වලින් වැසී ගිය තඩාගය නොයෙක් සුවඳ හමයි.

4008. ගබ‍්භං ගණ්‍යහන‍්ති පදුමා අඤ‍්ඤෙ පුප‍්ඵන‍්ති කෙසරී, ඔපුප‍්ඵපත‍්තා තිට‍්ඨන‍්ති පදුමකණ‍්ණිකා බහූ.

4008. පද්මයෝ ගැබ් ගණිති. ඇතැම් පද්මයෝ පිපෙත්. (ඇතැම් පියුම්හි) පිපුනා වූ පත්‍රයෝ වෙත්. පද්ම කර්ණිකාවෝ ද බොහෝ වෙති

4009. මධු භිසම‍්හා සවති ඛීරං සප‍්පි මුලාළිභි, සමන‍්තා තෙන ගන්‍ධෙන නානා ගන්‍ධසමෙරිතා.

4009. නෙළුඹලමලින් මී ද නෙළුඹුදැලින් කිරි හා ගිතෙල් ද වැගිරේ. නොයෙක් සුගන්‍ධ වහනය වූවාහු හාත්පස සුවඳින් යුක්ත ය.

4010. කුමුදා අම‍්බගන්‍ධී ච නයිතා දිස‍්සරෙ බහූ, ජාතස‍්සරස‍්සානුකූලං කෙතකා පුප‍්ඵිතා බහූ.

4010. කුමුදු සුවඳ ද අඹමල් සුවඳ ද හමන වාතයෝ විද්‍යමාන වෙති. ස්වයංජාත විල් ඉවුරෙහි පිපුණු වැටකේ ගස් බොහෝ ය.

4011. සුඵුල‍්ලා බන්‍ධුජීවා ච සෙතචාරී සුගන්‍ධිකා, කුම‍්භීලා සුංසුමාරා ච ගහකා තත්‍ථ ජායරෙ.

4011. මැනවින් පිපුනු සුවඳවත් බඳුවද ද, සෙතවාරිපුෂ්පයෝ ද වෙති. කිඹුලෝ ද (සු - සු හඬ නගමින් දිය මතුපිට කටින් දිය බුබුළු නංවන්නා වූ) ගැටකිඹුලෝ ද, ජලජ චණ්ඩ සත්ත්‍වයෝ එහි හටගනිති.

4012. උග‍්ගාහකා අජගරා තත්‍ථ ජාතස‍්සරෙ බහූ, පාඨීනා පාවුසා මච‍්ඡා වලජා මුඤ‍්ජරොහිතා.

4012-4013. උඩට මතුවී ගොදුරු ඩැහැගන්නෝ ද පිඹුරෝ ද ඒ විලෙහි බොහෝ වෙති. (එය) පෙටියෝ, ලූල්ලු, වලයෝ, මොද්දු, රෙහෙරු, මෙකී මසුන් හා කැසුබුවන්ගෙන් ද ගැවසී ගත්තේ ය. යලි හුණපුපුළන්ගෙන් ද (එ විල) ගහණය. පරෙවියෝ, රවිහංසයෝ, කුකුත්‍ථක නම් පක්‍ෂීහු, නදීවර නම් පක්‍ෂීහු,

4013. මච‍්ඡකච‍්ඡප සඤ‍්ඡන‍්නා අථො සම‍්පටකෙහි ච, පාරෙවතා රවිහංසා කුකුත්‍ථා ච නදීචරා.

4014. දින්‍දිභා චක‍්කවාකා ච චම‍්පකා ජීවජීවකා, කලන්‍දකා උක‍්කුසා ච සෙනකා උද‍්ධරා බහූ.

4014. කිරළපක්‍ෂීහු සක්වා ලිහිණියෝ, චම්පක පක්‍ෂීහු, (ජීව - ජීව යන අනුකරණයෙන් හඬන) ජීවජීවක පක්‍ෂීහු, ලෙහෙනු, උක්කුස නම් වූ කබරුස්සෝ, සේනක නම් වූ උකුස්සෝ, උද්ධර නම් වූ පක්‍ෂීහු ද එහි බොහෝ වෙති.

4015. කොට‍්ඨකා සුකපොතා ච කුලීරා චමරා බහූ, කාරෙණියො ච තිලකා උපජීවන‍්ති තං සරං.

4015. කොට්ඨක නම් පක්‍ෂීහු, සුව (=ගිරා) පොතකයෝ, කකුළුවෝ, සෙමරු යන මෙකී සත්ත්‍වයෝ ද එහි බොහෝ වෙති. කාරෙණිය, තිලක යන මොහු ද එ විල ඇසුරු කොට ජීවත් වෙති.

4016. සීහා ව්‍යග‍්ඝා ච දීපී ච අච‍්ඡකොකතරච‍්ඡකා, වානරා කින‍්නරා චෙව දිස‍්සන‍්ති මම අස‍්සමෙ.

4016. සිංහයෝ, ව්‍යාඝ්‍රයෝ, දිවියෝ, වලස්සු, කොක්නහවෝ, කරබානා වලස්සු, වඳුරෝ ද මාගේ අසපුවෙහි පැණෙත්.

4017. තානි ගන්‍ධානි ඝායන‍්තො භක‍්ඛයන‍්තො ඵලානහං, ගන්‍ධොදකං පිවන‍්තො ච වසාමි මම අස‍්සමෙ.

4017. මම ඒ සුවඳ ආඝ්‍රාණය කරමින් ඵලවර්‍ග බුදිමින් සුවඳ දිය පානය කරමින් මාගේ අසපුවෙහි වෙසෙමි.

4018. එණිමිගා වරාහා ච පසදා ඛුද‍්දරූපකා, අග‍්ගිකා ජොතිකා චෙව වසන‍්ති මම අස‍්සමෙ.

4018. එණිමෘගයෝ, හූරෝ, පසදමෘගයෝ, (ඔවුනට වඩා කුඩා ස්වරූප ඇති) ඛුද්දරූපකයෝ, අග්ගික, ජෝතික නම් සත්ත්‍වයෝ ද මාගේ අසපුවෙහි වෙසෙත්.

4019. හංසා කොඤ‍්චා මයූරා ච සාළිකා පි ච කොකිලා, මඤ‍්ජරිකා බහූ තත්‍ථ කොසිකා පොට‍්ඨසීසකා.

4019. හංසයෝ, කොස්වාලිහිණියෝ, මොණරු, සැළලිහිණියෝ, කොවුලෝ, මඤ්ජරීක නම් සත්ත්‍වයෝ ද, බකමුහුණෝ පොට්ඨසීස නම් පක්‍ෂීහු ද එහි බොහෝ වෙත්.

4020. පිසාචා දානවා චෙව කුම‍්භණ‍්ඩා රක‍්ඛයා බහූ, ගරුළා පන‍්නගා චෙව වසන‍්ති මම අස‍්සමෙ.

4020. පිසාචයෝ, අසුරයෝ, කුම්භාණ්ඩයෝ, රකුසෝ ද බොහෝ වෙති. ගුරුළෝ ද සර්‍පයෝ ද මාගේ අසපුවෙහි වෙසෙත්.

4021. මහානුභාවා ඉසයො සන‍්තචිත‍්තා සමාහිතා, කමණ‍්ඩලුධරා සබ‍්බෙ අජිනුත‍්තරවාසනා, තෙ ජටාභාරභරිතා වසන‍්ති මම අස‍්සමෙ.

4021. මහත් අනුභාව ඇති සන්හුන් සිත් ඇති එකඟ වූ, පැන්කෙන්ඩි දරන්නා වූ අඳුන් දිවිසම් උතුරුසළු කොට හඳින්නා වූ ඒ සියලු ඍෂීහු දළමඬුලු බරින් යුතු වූවාහු මාගේ අසපුවෙහි වෙසෙත්.

4022. යුගමත‍්තඤ‍්ච පෙක‍්ඛන‍්තා නිපකා සන‍්තවුත‍්තිනො, ලාභාලාභෙන සන‍්තුට‍්ඨා වසන‍්ති මම අස‍්සමෙ.

4022. වියදඬු පමණ දුර බලන්නා වූ ප්‍රාඥ වූ ශාන්ත පැවතුම් ඇති ලාභ - අලාභ දෙකින් ම සමසේ සතුටු වන්නා වූ (ඍෂීහු) මාගේ අසපුවෙහි වෙසෙත්.

4023. වාකචීරං ධුනන‍්තා තෙ ඵොටෙන‍්තා’ජිනචම‍්මකං, සබලෙහි උපත්‍ථද‍්ධා ගච‍්ඡන‍්ති අම‍්බරෙ සදා.

4023. වැහැරි සිවුරු කම්පා කරවමින් අඳුන් දිවිසම් පොළා හරිමින් ස්වකීය ධ්‍යානබලයෙන් ස්ථිරබවට පත් ඔහු හැම කල්හි අහසෙහි යෙති.

4024. න තෙ දකං ආහරන‍්ති කට‍්ඨං වා අග‍්ගිදාරුකං, සයඤ‍්ච උපසම‍්පන‍්නා පාටිහීරස‍්සිදං ඵලං.

4024. ඔහු දිය හෝ දර හෝ ගිනිගානාදඬු හෝ ගෙණ නො එති. ඒ දිය ආදීහු තෙමේ ම ඔවුන් ලඟට පැමිණියාහු වෙති. ප්‍රාතිහාර්‍ය්‍යයාගේ මේ විපාක යි.

4025. ලොහදොණීං ගහෙත්‍වාන වනමජ‍්ඣෙ වසන‍්ති තෙ, කුඤ‍්ජරාව මහානාගා අසම‍්භීතාව කෙසරී.

4025. ඔහු ලොහො දෙණක් ගෙණ කුඤ්ජර නම් වූ මහාහස්ති රාජයන් මෙන් ද, නිර්භීත කේශරසිංහයන් මෙන් ද වනමැදෙහි වසත්.

4026. අඤ‍්ඤෙ ගච‍්ඡන‍්ති ගොයානං අඤ‍්ඤෙ පුබ‍්බවිදෙහකං, අඤ‍්ඤෙ ච උත‍්තරකුරුං සකං බලමවස‍්සිතා, තතො පිණ‍්ඩං ආහරිත්‍වා පරිභුඤ‍්ජන‍්ති එකතො.

4026. (මේ ඍෂීන්ගෙන්) ස්වකීය ධ්‍යානබලයෙහි වශී වූ ඇතැමෙක් අපරගෝයානයට යෙත්. ඇතැමෙක් පූර්‍වවිදේහයට යෙත්. ඇතැමෙක් උතුරුකුරු දිවයිනට යෙත්. ඒ ඒ තැනින් පිඬු ගෙණවුත් සියලු දෙන ම එකතුව වළඳත්.

4027. සබ‍්බෙසං පක‍්කමන‍්තානං උග‍්ගතෙජාන තාදිනං, අජිනචම‍්මසද‍්දෙන වනං සද‍්දායතෙ තදා.

4027. උග්‍ර වූ තෙද ඇති තාදීගුණ ඇති එසේ අහසින් යන්නා වූ සියලු ඍෂීන්ගේ අඳුන් දිවිසම් හඬින් එකල්හි වනය හඬ නගන්නාක් මෙන් වෙයි.

4028. එදිසා තෙ මහාවීර සිස‍්සා උග‍්ගතපා මම, පරිවුතො අහං තෙහි වසාමි මම අස‍්සමෙ.

4028. මහාවීරයන් වහන්ස, උග්‍රතපස් ඇති මෙබඳු ශිෂ්‍යයෝ මාගේ (අසපුවෙහි වෙති.) ඔවුන් විසින් පිරිවරන ලද මම මාගේ අසපුවෙහි වෙසෙමි.

4029. තොසිතා සකකම‍්මෙන විනීතාපි සමාගතා, ආරාධයිංසු මං එතෙ සකකම‍්මාභිලාසිනො, සීලවන‍්තො ච නිපකා අප‍්පමඤ‍්ඤාසු කොවිදා.

4029. ස්වකීය (ධ්‍යානකාර්‍ය්‍යයෙන් තුස් වූ සිල්වත් වූ ප්‍රාඥවූ (මෙත්තා කරුණා මුදිතා උපේක්‍ෂා යන) අප්‍රාමාණ්‍ය ධර්‍මයන් විෂයයෙහි දක්‍ෂ වූ සියකම්හි ඇලුනා වූ එක් රැස් වූ ශිෂ්‍යයෝ මා සිත් ගත්තාහු ය.

4030. පදුමුත‍්තරො ලොකවිදූ ආහුතීනං පටිග‍්ගහො, සමයං සංවිදිත්‍වාන උපගච‍්ඡි විනායකො.

4030. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ විනායක වූ පදුමුත්තර බුදුරජ තෙම සුදුසු කල් දැන එතැනට එළඹියේ ය.

4031. උපගන‍්ත්‍වාන සම‍්බුද‍්ධො ආතාපී නිපකො මුනි, පත‍්තං පග‍්ගය‍්හ සම‍්බුද‍්ධො භික‍්ඛාය මමුපාගමි.

4031. එළඹ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුතු වූ ප්‍රාඥ වූ මෞනගුණ ඇති සර්‍වඥ තෙමේ පාත්‍රය ගෙණ පිඬු පිණිස මා වෙත වැඩියේ ය.

4032. උපාගතං මහාවීරං ජලජුත‍්තමනායකං, තිණසන්‍ථරං පඤ‍්ඤපෙත්‍වා සාලපුප‍්ඵෙහි ඔකිරිං.

4032. (එ සේ) වැඩියා වූ පදුමුත්තර බුදුරජුන්හට තණ ඇතිරියක් පණවා සල්මල් විසිර වීමි.

4033. නිසීදෙත්‍වාන සම‍්බුද‍්ධං හට‍්ඨො සංවිග‍්ගමානසො, ඛිප‍්පං පබ‍්බතමාරුය‍්හ අගරුං අග‍්ගහිං අහං.

4033. සම්බුදුරජුන් වඩා හිඳුවා ප්‍රීතියෙන් පිනා ගියෙම් ප්‍රීතියෙන් ම සැලෙන සිත් ඇත්තෙම් වහා පර්‍වතයට නැගී මම අගිල් රැස් කොට ගතිමි.

4034. කුම‍්භමත‍්තං ගහෙත්‍වාන පනසං දෙවගන්‍ධිකං, ඛන්‍ධෙ ආරොපයිත්‍වාන උපගච‍්ඡිං විනායකං.

4034. කළයක් පමණ වූ දිව්‍යමය සුවඳ ඇති (ඉදුනු) කොස් ගෙඩියක් ද කරෙහි තබා ගෙණ බුදුරජුන් වෙත එළඹියෙමි.

4035. ඵලං බුද‍්ධස‍්ස දත්‍වාන අගරුං අනුලිම‍්පහං, පසන‍්නචිත‍්තො සුමනො බුද‍්ධසෙට‍්ඨං අවන්‍දහං.

4035. මම බුදුරජුන්හට ඒ ඵලය පිළිගන්වා අගිල් ද ආලේප කෙළෙමි. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වැන්දෙමි.

4036. පදුමුත‍්තරො ලොකවිදූ ආහුතීනං පටිග‍්ගහො, ඉසිමජ‍්ඣෙ නිසීදිත්‍වා ඉමා ගාථා අභාසථ:

4036. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙම ඍෂීන් මැද හිඳ මේ ගාථාවන් වදාළේ ය:

4037. “යො මෙ ඵලඤ‍්ච අගරුං ආසනඤ‍්ච අදාසි මෙ, තමහං චිත‍්තයිස‍්සාමි සුණාථ මම භාසතො.

4037. “යමෙක් මට මේ (කොස්) ඵලය ද, අගිල් ද, ආසනය ද, දුන්නේ ද, හේ (කවරෙක්දැයි) මම තොපට කියමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසවු:

4038. ගාමෙ වා යදි වා’රඤ‍්ඤෙ පබ‍්භාරෙසු ගුහාසු වා, ඉමස‍්ස චිත‍්තමඤ‍්ඤාය නිබ‍්බත‍්තිස‍්සති භොජනං.

4038. ගමෙහි හෝ යලි අරණෙහි හෝ පබ්භාරයන්හි හෝ ගුහාවන්හි හෝ වසන මොහුගේ සිත් දැන බොජුන් උපදී.

4039. දෙවලොකෙ මනුස‍්සෙ වා උපපන‍්නො අයං නරො, භොජනෙහි ච වත්‍ථෙහි පරිසං තප‍්පයිස‍්සති.

4039. මේ මිනිස් තෙම දෙව්ලොව හෝ මිනිස්ලොව උපන්නේ භොජනයෙන් ද වස්ත්‍රයෙන් ද පිරිස තෘප්ත කරන්නේ ය.

4040. උපපජ‍්ජති යං යොනිං දෙවත‍්තං අථ මානුසං, අක‍්ඛොභභොගො හුත්‍වාන සංසරිස‍්සත’යං නරො.

4040. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යෝනියක උපදී නම් නො කැලඹුනු භෝගසම්පත් ඇත්තේ ව මෙ මිනිස් තෙම සසර සැරිසරන්නේ ය.

4041. තිංස කප‍්පසහස‍්සානි දෙවලොකෙ රමිස‍්සති, සහස‍්සක‍්ඛත‍්තුං රාජා ච චක‍්කවත‍්තී භවිස‍්සති.

4041. (මෙ තෙම) කප් තිස්දහසක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. දහස් වරක් සක්විති රජ වන්නේ ය.

4042. එකසත‍්තතික‍්ඛත‍්තුඤ‍්ච දෙවරජ‍්ජං කරිස‍්සති, පදෙසරජ‍්ජං විපුලං ගණනාතො අසංඛියං.

4042. එක් සැත්තෑ වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. (මොහු ලබන) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකිය.

4043. කප‍්පසතසහස‍්සම‍්හි ඔක‍්කාකකුලසම‍්භවො, ගොතමො නාම නාමෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

4043. මෙයින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.

4044. තස‍්ස ධම‍්මෙසු දායාදො ඔරසො ධම‍්මනිම‍්මිතො, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය විහරිස‍්සත’නාසවො.”

4044. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධපුත්‍ර වූ (මෙ තෙම) සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව වසන්නේ ය.”

4045. සුලද‍්ධලාභො ලද‍්ධො මෙ යො’හං අද‍්දක‍්ඛිං නායකං, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4045. ඒ මම ලෝකනායකයන් වහන්සේ දිටිමි. මා විසින් මැනැවින් ලැබියයුතු ලාභය ලබන ලදී. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

4046. ගාමෙ වා යදි වා’රඤ‍්ඤෙ පබ‍්භාරෙසු ගුහාසු වා, මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය භොජනං හොති මෙ සදා.

4046. ගමෙහි හෝ යලි අරණෙහි හෝ පබ්භාරයන්හි හෝ ගුහාවන්හි හෝ මා කැමැත්තට අනුව හැම කල්හි මට බොජුන් පහළ වේ.

4047. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ච බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4047. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. හැම භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ අනාස්‍රව ව වෙසෙමි.

4048. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4048. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4049. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4049. සිවු පිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා උපසීවො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මේ අයුරින් ආයුෂ්මත් උපසීවස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.

උපසීවත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

උපසීවස්ථවිරාවදානය පස්වැනි යි.