යෙදුමෙන් කියවන්න

406. නන්‍දකත්‍ථෙරාපදානං

406. නන්‍දකත්‍ථෙරාපදානං

406. නන්‍දක ස්ථවිරාවදානය

4050. මිගලුද‍්දො පුරෙ ආසිං අරඤ‍්ඤෙ කානනෙ අහං, පසදං මිගමෙසන‍්තො සයම‍්භුං අද‍්දසං ජිනං.

4050. පෙර මම මහවෙනෙහි වැද්දෙක් වීමි. පසද මෘගයකු සොයන්නෙම් සියල්ල තෙමේ ම දත් බුදුරජුන් දිටිමි.

4051. අනුරුද‍්ධො නාම සම‍්බුද‍්ධො සයම‍්භූ අපරාජිතො, විවෙකකාමො සො ධීරො වනමජ‍්ඣොගහී තදා.

4051. පස්මරුන් දිනූ, ස්වයං විද් ප්‍රාඥ වූ අනුරුද්ධ නම් සම්බුදු තෙම විවෙක සැප කැමැත්තේ එකල්හි වනමැද පිවිසියේ වේ.

4052. චතුදණ‍්ඩෙ ගහෙත්‍වාන චතුට‍්ඨානෙ ඨපෙසහං, මණ‍්ඩපං සුකතං කත්‍වා පදුමපුප‍්ඵෙහි ඡාදයිං.

4052. මම (දඬු සතරක් එක් කොට කෙළවරකින් බැඳ සාදා ගත්) චතුදණ්ඩය ගෙණ දඬු සතර තැනක පිහිටන සේ (දිග හැර) තැබීමි. මැනැවින් මඩුවක් ද කොට නෙළුම් මල් වලින් වැසීමි.

4053. මණ‍්ඩපං ඡාදයිත්‍වාන සයම‍්භූං අභිවාදයිං, ධනුං තත්‍ථෙව නික‍්ඛිප‍්ප පබ‍්බජිං අනගාරියං.

4053. ඒ මඩුව (නෙළුම්මලින්) වසා බුදුරජුන් වැන්දෙමි. දුන්න එහි ම තබා ශාසනයෙහි පැවිදි වී මි.

4054. පබ‍්බජිතස‍්ස අචිරං ව්‍යාධි මෙ උපපජ‍්ජථ, පුබ‍්බකම‍්මං සරිත්‍වාන තත්‍ථ කාලකතො අහං.

4054. පැවිදි වී නො බෝ කලකින් මට රෝගයෙක් විය. පූර්‍ව කර්‍මය සිහිපත් කොට මම එහි කලුරිය කෙළෙමි.

4055. පුබ‍්බකම‍්මෙන සංයුත‍්තො තුසිතං අගමාසහං, තත්‍ථ සොණ‍්ණමයං ව්‍යම‍්හං නිබ‍්බත‍්තති යදිච‍්ඡකං.

4055. (ඒ පසේබුදු රජුන්හට කුටිය පිදීමේ) පූර්‍වකර්‍මය හා යෙදුනෙම් මම තුෂිත දිව්‍යලෝකයෙහි උපනිමි. එහි කැමති දෑ ලැබෙන රුවන්මුවා විමනක් පහළ වේ.

4056. සහස‍්සයුත‍්තහවාහිං දිබ‍්බයානමධිට‍්ඨිතො, ආරුහිත්‍වාන තං යානං ගච‍්ඡාමහං යදිච‍්ඡකං.

4056. ඉටූයේ ම දහසක් අසුන් උසුලන දිව්‍යයානය පහළ වෙයි. මම ඒ දිව්‍යයානයට නැගී කැමති තැනකට යෙමි.

4057. තතො මෙ නීයමානස‍්ස දෙවභූතස‍්ස මෙ සතො, සමන‍්තා යොජනසතං මණ‍්ඩපො මෙ ධරීයතී.

4057. ඒ යානයෙන් ගෙණ යනු ලබන්නා වූ දෙවි වූ ම මා හාත්පස යොදුන් සියක් තන්හි මට මණ්ඩපයක් දැරෙයි.

4058. සයනෙ’හං තුවට‍්ටාමි අච‍්චන‍්තං පුප‍්ඵසන්‍ථතෙ, අන‍්තළික‍්ඛා ච පදුමා වස‍්සන‍්ති නිච‍්චකාලිකං.

4058. මම නිති මල් අතුළ යහනෙහි නිදමි. නිරතුරුව ම අහසිනු දු නෙළුම්මල් වැසි වසී.

4059. මරීචිකෙ ඵන්‍දමානෙ තප‍්පමානෙ ච ආතපෙ, න මං තාපෙති ආතාපො මණ‍්ඩපස‍්ස ඉදං ඵලං.

4059. මිරිඟු සැලෙන අව් පහරන කල්හි දු ඒ අව් මා නො තවයි. මණ්ඩපදානයාගේ මේ විපාක යි.

4060. දුග‍්ගතිං සමතික‍්කන‍්තො අපායා පිහිතා මම, මණ‍්ඩපෙ රුක‍්ඛමූලෙ වා සන‍්තාපො මෙ න විජ‍්ජති.

4060. දුගතිය ඉක්මවූයෙම් වෙමි. අපායෝ මට වසන ලදහ. මණ්ඩපයෙහි හෝ වෘක්‍ෂමූලයෙහි හෝ හුන්නා වූ මට සන්තාපයෙක් නො වේ.

4061. මහීසඤ‍්ඤං අධිට‍්ඨාය ලොණතොයං තරාමහං, තස‍්ස මෙ සුකතං කම‍්මං බුද‍්ධපූජායිදං ඵලං.

4061. පෘථිවි සංඥාව ඉටා මම මහසයුර තරණය කරමි. ඒ මා විසින් මැනැවින් කරණ ලද කර්‍මඵලය යි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

4062. අපථම‍්පි පථං කත්‍වා ගච‍්ඡාමි අනිලඤ‍්ජසෙ, අහො මෙ සුකතං කම‍්මං බුද‍්ධපූජායිදං ඵලං.

4062. නො මග ද මග කොට අහසෙහි යෙමි. මා විසින් මනා කොට කරණ ලද කර්‍මය ආශ්චර්‍ය්‍ය යි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

4063. පුබ‍්බෙනිවාසං ජානාමි දිබ‍්බචක‍්ඛු විසොධිතං, ආසවා මෙ පරික‍්ඛීණා බුද‍්ධපූජායිදං ඵලං.

4063. පෙර විසූ කඳපිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරණ ලදි. මාගේ ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

4064. ජහිතා පුරිමා ජාතී බුද‍්ධස‍්ස ඔරසො අහං, දායාදො’ම‍්හි ච සද‍්ධම‍්මෙ බුද‍්ධපූජායිදං ඵලං.

4064. පුරිම ජාතීහු හරණ ලදහ. බුදුරජුන්ගේ ඖරස පුත්‍රයෙක් වීමි. සද්ධර්‍මයෙහි දායාද (=උරුමය ඇත්තෙක්) වෙමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

4065. ආරාධිතො’ම‍්හි සුගතං ගොතමං සක්‍යපුඞ‍්ගවං, ධම‍්මද‍්ධජො ධම‍්මදායාදො බුද‍්ධපූජායිදං ඵලං.

4065. ශාක්‍යකුලශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජුන් ආරාධනය (=සතුටු) කෙළෙමි. ධර්‍මයට ධජයක් වූයෙම් ධර්‍මයට දායාද වෙමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

4066. උපට‍්ඨිත්‍වාන සම‍්බුද‍්ධං ගොතමං සක්‍යපුඞ‍්ගවං, පාරඞ‍්ගමනියං මග‍්ගං අපුච‍්ඡිං ලොකනායකං.

4066. ශාක්‍යකුලතිලක වූ ගෞතම බුදුරජුන් උවටැන් කොට බුදුරජුන්ගෙන් නිවන්මග විචාළෙමි.

4067. අජ‍්ඣිට‍්ඨො කථයී බුද‍්ධො ගම‍්භීරං නිපුණං පදං, තස‍්සාහං ධම‍්මං සුත්‍වාන පත‍්තොම‍්හි ආසවක‍්ඛයං.

4067. (මා විසින්) ආරාධිත වූ බුදුරජ තෙම ගැඹුරු වූ සියුම් වූ නිර්‍වාණපදය වදාළේ ය. මම උන්වහන්සේගේ ධර්‍මය අසා ආස්‍රවක්‍ෂය සඞ්ඛ්‍යාත නිවනට පැමිණියෙමි.

4068. අහො මෙ සුකතං කම‍්මං පරිමුත‍්තොම‍්හි ජාතියා, සබ‍්බාසවපරික‍්ඛීණො නත්‍ථිදානි පුනබ‍්භවො.

4068. මා විසින් මැනැවින් කරණ ලද කර්‍මය ආශ්චර්‍ය්‍ය යි. (නැවත සසරෙහි) ඉපදීමෙන් මිදුනෙම් වෙමි. ක්‍ෂය කළ සියලු ආස්‍රවයන් ඇත්තෙම් වෙමි. දැන් නැවත ඉපදීමෙක් නැත.

4069. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4069. ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ අනාස්‍රව ව වෙසෙමි.

4070. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4070. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

4071. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4071. සිවු පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා නන්‍දකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මේ අයුරින් ආයුෂ්මත් නන්‍දක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

නන්‍දකත්‍ථෙරස‍්ස අපදානං ඡට‍්ඨං.

නන්‍දකස්ථවිරාවදානය සවැනි යි.