යෙදුමෙන් කියවන්න

407. හෙමකත්‍ථෙරාපදානං

407. හෙමකත්‍ථෙරාපදානං

407. හේමක ස්ථවිරාවදානය

4072. පබ‍්භාරකූටං නිස‍්සාය අනොමො නාම තාපසො, අස‍්සමං සුකතං කත්‍වා පණ‍්ණසාලෙ වසී තදා.

4072. එකල්හි අනෝම නම් තවුසෙක් තෙම පර්‍වතප්‍රාන්තයක් ඇසුරු කොට මනා අසපුවක් කොට ඒ පන්සලෙහි විසී ය.

4073. සිද‍්ධං තස‍්ස තපොකම‍්මං සිද‍්ධිපත‍්තො සකෙ බලෙ, සකසාමඤ‍්ඤවික‍්කන‍්තො ආතාපී නිපකො මුනි.

4073. ඔහුගේ තපෝකර්‍මය සිද්ධිප්‍රාප්ත ය. ස්වකීය ධ්‍යානබලයෙහි ද සිද්ධිප්‍රාප්ත ය. ස්වීය ශ්‍රාමණ්‍ය ගුණයෙන් මැඩ පවත්වන ලද කෙලෙස් ඇත්තෙක. කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තෙක. ප්‍රාඥයෙක. ඍෂිවරයෙක.

4074. විසාරදො සසමයෙ පරවාදෙ ච කොවිදො, පට‍්ඨො භූමන‍්තලික‍්ඛම‍්හි උප‍්පාතම‍්හි ච කොවිදො.

4074. විශාරදයෙක. ස්වසමය පරසමයයන්හි දක්‍ෂයෙක. පොළොවෙහි හා අහසෙහි ප්‍රකට වූවෙක. උත්පාත ශාස්ත්‍රයෙහි දක්‍ෂයෙක.

4075. වීතසොකො නිරාරම‍්භො අප‍්පාහාරො අලොලුපො, ලාභාලාභෙන සන‍්තුට‍්ඨො ඣායී ඣානරතො මුනි.

4075. එකල්හි පහ වූ ශෝක ඇති ආරම්භ රහිත වූ ස්වල්පාහාරයකින් යැපෙන ලොල්බව නැති ලාභාලාභ දෙක්හි (සමව) සතුටු වන ධ්‍යානයෙහි ඇළුනා වූ මෝනෙය්‍ය ගුණ යුතු,

4076. පියදස‍්සී නාම සම‍්බුද‍්ධො අග‍්ගො කාරුණිකො මුනි, සත‍්තෙ තාරෙතුකාමො සො කරුණාය ඵරී තදා.

4076. සර්‍වඥ වූ අග්‍රකාරුණික වූ පියදස්සී නම් බුදුරජ තෙම සත්ත්‍වයන් (සසර සයුරින්) එතෙර කරනු කැමැත්තේ මහාකරුණාව පැතිර වී ය.

4077. බොධනෙය්‍යං ජනං දිස‍්වා පියදස‍්සී මහාමුනි, චක‍්කවාළසහස‍්සම‍්පි ගන‍්ත්‍වා ඔවදතෙ මුනි.

4077. පියදස්සී බුදුරජ තෙමේ ධර්‍මාවබෝධයෙහි සමතකු දැක සක්වළ දහසකට වුව ද ගොස් (ඒ විනෙයජනයනට) අවවාද කරයි.

4078. මමුද‍්ධරිතුකාමො සො මමස‍්සමමුපාගමි, න දිට‍්ඨො මෙ ජිනො පුබ‍්බෙ න සුතො පි ච කස‍්ස චි.

4078. ඒ බුදුරජ තෙම මා සසර සයුරින් ගොඩ ලනු කැමැත්තේ මාගේ අසපුවට වැඩියේ ය. මා විසින් (ඊට) පෙර බුදුරජ තෙම නො දක්නා ලදී. කිසිවකුගෙන් (උන්වහන්සේ ගැන) නො අසන ලද්දෙම් ද වෙමි.

4079. උප‍්පාතා සුපිනා මය‍්හං ලක‍්ඛණා සුප‍්පකාසිතා, පට‍්ඨො භූමන‍්තලික‍්ඛම‍්හි නක‍්ඛත‍්තපදකොවිදො.

4079. මට උත්පාතය, සුපිනය, ලක්‍ෂණය යන මේ ශාස්ත්‍රයෝ මැනවින් ප්‍රකාශිතයහ. මම පොළොවෙහි හා අහසෙහි පතළ වූවෙක් වෙමි. නක්‍ෂත්‍ර පදයන්හි ද දක්‍ෂ වෙමි.

4080. සො’හං බුද‍්ධස‍්ස සුත්‍වාන තත්‍ථ චිත‍්තං පසාදයිං, භුඤ‍්ජන‍්තො වා නිසින‍්නො වා සරාමි නිච‍්චකාලිකං.

4080. මම බුදුරජුන්ගේ (තොරතුරු) අසා උන්වහන්සේ කෙරෙහි සිත පැහැද වීමි. අනුභව කරන්නේ ද, හුන්නේ ද, නිතිකල් (උන්වහන්සේ ම) සිහි පත් කරමි.

4081. මයි එවං සරන‍්තම‍්හි භගවාපි අනුස‍්සරි, බුද‍්ධං අනුස‍්සරන‍්තස‍්ස පීති මෙ හොති තාවදෙ.

4081. මෙසේ මා උන්වහන්සේ සිහි කරණ කල්හි බුදුරජානන් වහන්සේ ද මා සිහි කළ සේක. බුදුරජානන් වහන්සේ සිහිපත් කරන්නාවූ මට එකෙණෙහි ප්‍රීතිය ඇති විය.

4082. කාලඤ‍්ච පුනරාගම‍්ම උපෙසි මං මහාමුනි, සම‍්පත‍්තෙපි න ජානාමි අයං බුද‍්ධො මහාමුනි.

4082. නැවත සුදුසු කාලය ද එළඹ බුදුරජ තෙම මා සමීපයට වැඩියේ ය. (එසේ) වැඩි කල්හි දු “මේ මහාමුනි වූ බුදුරජ තෙමේ” ය යි මම නො දනිමි.

4083. අනුකම‍්පකො කාරුණිකො පියදස‍්සී මහාමුනි, සඤ‍්ජානාපෙසි අත‍්තානං අහං බුද‍්ධො සදෙවකෙ.

4083. (සත්ත්‍වලෝකයට) අනුකම්පා කරන්නා වූ, කාරුණික වූ පියදස්සී මහාමුනි තෙම “මම දෙවියන් සහිත ලෝකයෙහි සර්‍වඥ වෙමැ” යි තෙමේ ම දැන්වීය.

4084. සඤ‍්ජානිත්‍වාන සම‍්බුද‍්ධං පියදස‍්සිං මහාමුනිං සකං චිත‍්තං පසාදෙත්‍වං ඉදං වචනමබ්‍රවිං:

4084. මහාමුනි වූ ‘පියදස්සී’ බුදුරජුන් ය යි හැඳින සිය සිත පහදවා මේ වචනය කීමි:

4085. “අඤ‍්ඤෙ පීඨෙ ච පල‍්ලඞ‍්කෙ ආසන්‍දීසු නිසීදරෙ, තුවම‍්පි සබ‍්බදස‍්සාවී නිසීදි රතනාසනෙ”

4085. අන්‍යයෝ පුටුවෙහි ද පලඟෙහි ද දික්සඟලාහි ද හිඳිත්. සියල්ල දක්නා වූ බුදුරජානන් වහන්ස (ඔබ ද) රුවන් අසුනෙහි හිඳිනු මැනව.

4086. සබ‍්බරතනමයං පීඨං නිම‍්මිනිත්‍වාන තාවදෙ, පියදස‍්සිස‍්ස මුනිනො අදාසිං ඉද‍්ධිනිම‍්මිතං.

4086. මෙසේ කියා එකෙණෙහි සියල්ල රුවන්මුවා පුටුවක් මවා ඍද්ධියෙන් නිර්මිත වූ ඒ පුටුව පියදස්සී බුදුරජුන්හට දුනිමි.

4087. රතනෙ ච නිසින‍්නස‍්ස පීඨකෙ ඉද‍්ධිනිම‍්මිතෙ, කුම‍්භමත‍්තං ජම‍්බුඵලං අදාසිං තාවදෙ අහං.

4087. ඍද්ධියෙන් නිර්මිත කරණ ලද රුවන්පුටුවෙහි වැඩ හුන් (බුදුරජුන්හට) එකෙණෙහි මම කළයක් පමණ වූ ජම්බුඵලයක් දුනිමි.

4088. මම හාසං ජනෙත්‍වාන පරිභුඤ‍්ජි මහාමුනි, තදා චිත‍්තං පසාදෙත්‍වා සත්‍ථාරම‍්හිවාදයිං.

4088. බුදුරජ තෙම මාගේ සතුට උපදවමින් (එය) වැළඳීය. එකල්හි සිත පහදවා ශාස්තෲන් වහන්සේ වැන්දෙමි.

4089. පියදස‍්සී තු භගවා ලොකජෙට‍්ඨො නරාසභො, රතනාසනමාසීනො ඉමා ගාථා අභාසථ:

4089. ලෝකජ්‍යේෂ්ඨ වූ, නරශ්‍රේෂ්ඨ වූ රුවන් අසුනෙහි වැඩහුන්නා වූ පියදස්සී භාග්‍යවත් තෙමේ මේ ගාථාවන් වදාළේ ය:

4090. “යො මෙ රතනමයං පීඨං අමතං ච ඵලං අදා, තමහං කිත‍්තයිස‍්සාමි සුණාථ මම භාසතො.

4090. “යමෙක් මට රුවන්මුවා පුටුවක් ද, අමා වැනි (දඹ) ඵලයක් ද දුන්නේ නම් හේ (කවරෙක් දැයි) කියන්නෙමි. කියන්නා වූ මාගේ වචනය අසවු:

4091. සත‍්තසත‍්තති කප‍්පානි දෙවලොකෙ රමිස‍්සති, පඤ‍්චසත‍්තතික‍්ඛත‍්තුඤ‍්ච චක‍්කවත‍්තී භවිස‍්සති.

4091. (මෙ තෙම) සත්සැත්තෑ කපක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. පන්සැත්තෑ වරක් සක්විති රජ ද වන්නේ ය.

4092. ද‍්වත‍්තිංසක‍්ඛත‍්තුං දෙවින්‍දො දෙවරජ‍්ජං කරිස‍්සති, පදෙසරජ‍්ජං විපුලං ගණනාතො අසංඛියං.

4092. දේවේන්‍ද්‍රව දෙතිස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. ලබන්නා වූ ප්‍රදේශරාජ්‍යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නො හැකිය.

4093. සොණ‍්ණමයං රූපිමයං පල‍්ලඞ‍්කං සුකතං බහුං, ලොහිතඞ‍්කමයං චෙව ලච‍්ඡති රතනාමයං.

4093. රන්මුවා වූ ද රිදීමුවා වූ ද පියුම්රාමිණිමුවා වූ ද රුවන්මුවා වූ ද මැනැවින් කළ පර්‍ය්‍යඞ්ක ලබන්නේ ය.

4094. චඞ‍්කමන‍්තම‍්පි මනුජං පුඤ‍්ඤකම‍්මසමඞ‍්ගිනං, පල‍්ලඞ‍්කානි අනෙකානි පරිවාරිස‍්සරෙ තදා.

4094. පුණ්‍යකර්‍මය සහ යෙදුනා වූ සක්මන් කරන්නා වූ මේ මිනිසා එකල්හි බොහෝ පර්‍ය්‍යඞ්කයෝ පිරිවරත්.

4095. කූටාගාරා ච පාසාදා සයනඤ‍්ච මහාරහං, ඉමස‍්ස චිත‍්තමඤ‍්ඤාය නිබ‍්බත‍්තිස‍්සන‍්ති තාවදෙ.

4095. කූටාගාරයෝ ද, ප්‍රාසාදයෝ ද, මාහැඟි සයනාසනයෝ ද මොහුගේ සිත දැනගෙන මෙන් එකෙණෙහි පහළ වෙත්.

4096. සට‍්ඨිනාගසහස‍්සානි සබ‍්බාලඞ‍්කාරභූසිතා, සුවණ‍්ණකච‍්ඡා මාතඞ‍්ගා හෙමකප‍්පනවාසසා.

4096-4097. ඇතුන්ගේ පා විදිනා තෝමර හා අකුසු (=හෙන්ඩු) ගත් අත් ඇති ග්‍රාමණීන් (ගම්ප්‍රධානයන්) විසින් නැගුනු සියලු අලඞ්කාරයෙන් සරසන ලද සැටදහසක් ඇත්තු ද හෙම්මුවා පලස් ආදි වූ ආස්තරණ ඇති ඇත්තු ද මොහු පිරිවරත්. රත්නපීඨ දානයාගේ මේ විපාක යි.

4097. ආරූළ‍්හා ගාමණීයෙහි තොමරඞ‍්කුසපාණිහි, ඉමං පරිචරිස‍්සන‍්ති රතනපීඨස‍්සි’දං ඵලං.

4098. සට‍්ඨිඅස‍්සසහස‍්සානි සබ‍්බාලඞ‍්කාරභූසිතා, ආජානීයාව ජාතියා සින්‍ධවා සීඝවාහිනො.

4098-4099. කරපාලිකායෙන් උපලක්‍ෂිතව දුනු දරණ ග්‍රාමණීන් (ගම්ප්‍රධානයන්) විසින් නැගුනු ජන්මයෙන් ම ආජානීය වූ ශීඝ්‍රවාහී සෛන්‍ධව වූ සැට දහසක් අශ්වයෝ ද මොහු නිතර පිරිවරත්. රත්නපීඨ දානයාගේ මේ විපාක යි.

4099. ආරූළ‍්හා ගාමණීයෙහි ඉල‍්ලියාචාපධාරිහි, තෙපි’මං පරිචරිස‍්සන‍්ති රතනපීඨස‍්සි’දං ඵලං.

4100. සට‍්ඨිරථසහස‍්සානි සබ‍්බාලඞ‍්කාරභූසිතා, දීපා අථොපි වෙය්‍යග‍්ඝා සන‍්නද‍්ධා උස‍්සිතද‍්ධජා.

4100-4101. දුනු ගත් අත් ඇති, සන්නාහසන්නද්ධ වූ, ග්‍රාමණින් විසින් නැගුනු ඔසවන ලද ධජ ඇති සන්නද්ධ වූ දිවිසමින් වළඳන ලද රථ ද ව්‍යාඝ්‍රසමින් වළඳන ලද රථ දැයි මෙසේ සැට දහසක් රථයෝ මා නිතර පිරිවරත්. රත්නපීඨ දානයාගේ මේ විපාක යි.

4101. ආරූළ‍්හා ගාමණීයෙහි චාපහත්‍ථෙහි වම‍්මිහි, පරිවාරෙස‍්සන‍්ති’මං නිච‍්චං රතනපීඨස‍්සිදං ඵලං.

4102. සට‍්ඨිධෙනුසහස‍්සානි දොහඤ‍්ඤා පුඞ‍්ගවූසභෙ, වච‍්ඡකෙ ජනයිස‍්සන‍්ති රතනපීඨස‍්සි’දං ඵලං.

4102. දෙවීමට සුදුසු වූ සැටදහසක් දෙන්නු අතිශ්‍රේෂ්ඨ වූ වස්සන් උපදවත්. රත්නපීඨ දානයාගේ මේ විපාක යි.

4103. සොළසිත්‍ථිසහස‍්සානි සබ‍්බාලඞ‍්කාරභූසිතා, විචිත‍්තවත්‍ථාභරණා ආමුත‍්තමණිකුණ‍්ඩලා.

4103-4104. මැනැවින් අලඞ්කාර කරණ ලද සොළොස් දහසක් ස්ත්‍රීහු විසිතුරු වස්ත්‍රාභරණ ඇත්තාහු, පළඳින ලද මිණිකොඬොල් ඇත්තාහු, දිග ඇසිපිය ඇත්තාහු, සිනා සහිත වූවාහු, සිහිනිඟ ඇත්තාහු නිරතුරුව ම මොහු පිරිවරන්නාහු ය. රත්නපීඨ දානයාගේ මේ විපාක යි.

4104. අළාරපම‍්හා හසුලා සුසඤ‍්ඤා තනුමජ‍්ඣිමා, පරිවාරෙස‍්සන‍්ති මං නිච‍්චං රතනපීඨස‍්සිදං ඵලං.

4105. අට‍්ඨාරසෙ කප‍්පසතෙ ගොතමො නාම චක‍්ඛුමා, තමන්‍ධකාරං විධමෙත්‍වා බුද‍්ධො ලොකෙ භවිස‍්සති.

4105. මෙයින් අටළොස් සියවන කපෙහි පසැස් ඇත්තා වූ ගෞතම නම් බුදුරජ තෙමේ ගනඳුර නසා ලොව පහළ වන්නේ ය.

4106. තස‍්ස දස‍්සනමාගම‍්ම පබ‍්බජිස‍්සතකිඤ‍්චනො, තොසයිත්‍වාන සත්‍ථාරං සාසනෙ’භිරමිස‍්සති.

4106. උන්වහන්සේගේ දර්‍ශනය නිසා අකිඤ්චනව හෙවත් ධන රැස් කිරීම් නො මැතිව, පැවිදි වන්නේ ය. ශාස්තෲන් වහන්සේ තුටු කොට සසුනෙහි සිත් අලවා වසන්නේ ය.

4107. තස‍්ස ධම‍්මං සුණිත්‍වාන කිලෙසෙ ඝාතයිස‍්සති, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය නිබ‍්බායිස‍්සතනාසවො.

4107. උන්වහන්සේගේ ධර්‍මය අසා කෙලෙස් නසන්නේ ය. සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පානේ ය” (කියායි).

4108. විරියං මෙ ධුරධොරය‍්හං යොගක‍්ඛෙමාධිවාහනං, උත‍්තමත්‍ථං පත්‍ථයන‍්තො සාසනෙ විහරාමහං.

4108. යෝගක්‍ෂේම සඞ්ඛ්‍යාත නිවන දක්වා මා උසුලාගෙන යන මාගේ ධුරවාහක ගවයා වීර්‍ය්‍යය යි. මම උත්තමාර්‍ත්‍ථය වූ නිවන පතන්නෙම් සසුනෙහි වෙසෙමි.

4109. ඉදං පච‍්ඡිමකං මය‍්හං චරිමො වත‍්තතෙ භවො, සබ‍්බාසවපරික‍්ඛීණො නත්‍ථි දානි පුනබ‍්භවො.

4109. මේ මාගේ අවසානය යි. මේ පවත්නේ අන්තිමභවය යි, සියලු ආස්‍රව ක්‍ෂය කරණ ලදි. දැන් නැවත ඉපදීමෙක් නැත.

4110. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ච බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4110. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. හැම භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ අනාස්‍රව ව වෙසෙමි. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4111. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4111. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත පැමිණීම ඒකාන්තයෙන් මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4112. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4112. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා හෙමකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මේ අයුරින් ආයුෂ්මත් හේමක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

හෙමකත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං.

හේමක ස්ථවිරාවදානය සත්වැනි යි.

සත‍්තරසමං භාණවාරං.

සතළොස් වැනි බණවර යි.