යෙදුමෙන් කියවන්න

408. තොදෙය්‍යත්‍ථෙරාපදානං

408. තොදෙය්‍යත්‍ථෙරාපදානං

408. තෝදෙය්‍ය ස්ථවිරාවදානය

4113. රාජාසි විජයො නාම කෙතුමතිපුරුත‍්තමෙ, සූරො වික‍්කමසම‍්පන‍්නො පුරමජ‍්ඣාවසී තදා.

4113. කේතුමතී නම් උතුම් නගරයෙහි විජය නම් රජෙක් විය. (හෙතෙම) ශූරය. වික්‍රමසම්පන්න ය. එකල්හි හේ (කේතුමතී) පුරයෙහි අධිපති ව විසී ය.

4114. තස‍්ස රඤ‍්ඤො පමත‍්තස‍්ස අටවියො සමුට‍්ඨහුං, ඔතාරා තුණ‍්ඩිකා චෙව රට‍්ඨං විද‍්ධංසයුං තදා.

4114. ප්‍රමත්ත වූ ඒ රජුගේ (-දුර්‍වල අවස්ථාව දැන) වනචාරීහු නැගී සිටියහ. සිදුරු සොයන්නෝ ද මුඛරයෝ ද එකල්හි රට නැසූහ.

4115. පච‍්චන‍්තෙ කුපිතෙ ඛිප‍්පං සන‍්නිපාතෙස’රින්‍දමො, භටෙ චෙව බලත්‍ථෙ ච අරිං නිග‍්ගාහයී තදා.

4115. රජ තෙමේ ප්‍රත්‍යන්තය කුපිත වූ කල්හි භටයන් ද බලසෙනග ද එකල්හි වහා රැස් කර වීය. සතුරාට නිග්‍රහ ද කෙළේ ය.

4116. හත්‍ථාරොහා අනීකට‍්ඨා සූරා ච චම‍්මයොධිනො, ධනුග‍්ගහා ච උග‍්ගා ච සබ‍්බෙ සන‍්නිපතුං තදා

4116. ඇතරුවෝ ද, බලඇණියෙහි වූවෝ ද, ශූරයෝ ද, පලිහ ගෙණ යුද කරන්නෝ ද, දුනුවායෝ ද, බලවත්හු ද සියල්ලෝ එකල්හි රැස් වූහ.

4117. ආළාරිකා කප‍්පකා ච නහාපකා මාලකාරකා, සූරා විජිතසඞ‍්ගාමා සබ‍්බෙ සන‍්නිපතුං තදා.

4117. අරක්කැමියෝ ද, කරනැවෑමියෝ ද, දියවඩන්නෝ ද, මල්කරුවෝ ද, ශූර වූ ජයගන්නා ලද සඞ්ග්‍රාම ඇති සියල්ලෝ එකල්හි රැස් වූහ.

4118. ඛග‍්ගහත්‍ථා ච පුරිසා චාපහත්‍ථා ච වම‍්මිනො, ලුද‍්දා විජිතසඞ‍්ගාමා සබ‍්බෙ සන‍්නිපතුං තදා.

4118. එකල්හි කඩු ගත් ඇත් ඇති පුරුෂයෝ ද, දුනු ගත් ඇත් ඇත්තෝ ද, සන්නාහසන්නද්ධයෝ ද, රෞද්‍ර වූ වැද්දෝ ද යන යුද දිනූ වීරයෝ සියලු දෙන ම රැස් වූහ.

4119. තිධා පභින‍්නා මාතඞ‍්ගා කුඤ‍්ජරා සට‍්ඨිහායනා, සුවණ‍්ණකච‍්ඡාලඞ‍්කාරා සබ‍්බෙ සන‍්නිපතුං තදා.

4119. බඳින ලද රන්පොරොදුවලින් අලඞ්කාර කරණ ලද්දා වූ, ත්‍රිමදගලිත ඇත්තු ද, සැටවයස් වූ කුජ්ජරයෝද ද, මේ සියල්ලෝ එකල්හි රැස් වූහ.

4120. ඛමා සීතස‍්ස උණ‍්හස‍්ස උක‍්කාරහරණස‍්ස ච, යොධාජීවා කතකම‍්මා සබ‍්බෙ සන‍්නිපතුං තදා.

4120. යුදබිම ශීත, උෂ්ණ, කුණපහරණාදිය ඉවසන කෘතහස්ත වූ යොධාජීවයෝ (සෙබලු) සියල්ලෝ එකල්හි රැස්වූහ.

4121. සංඛසද‍්දං භෙරිසද‍්දං අථො උද‍්ධමසද‍්දකං, එතෙහි තෙ හාසයන‍්තො සබ‍්බෙ සන‍්නිපතුං තදා.

4121. සක්හඬ ද, බෙරහඬ ද, කාලම්හඬ ද යන මෙයින් ලොමුදහගන්වමින් ඔහු සියල්ලෝ එකල්හි රැස් වූහ.

4122. තිසූලකොන‍්තමන‍්තෙහි කවචෙහි තොමරෙහි ච, කොට‍්ටයන‍්තා නිපාතෙන‍්තා සබ‍්බෙ සන‍්නිපතුං තදා.

4122. ත්‍රිශූලායුධය කුන්තායුධය මන්ත්‍රය යන මොවුන්ගෙන් ද, අයෝමය සැට්ටවලින් හා තෝමරයන්ගෙන් ද යුක්ත ව කොටමින් හෙළමින් සියල්ලෝ එකල්හි රැස් වූහ.

4123. කිමෙවාත’නිසාමෙත්‍වා ස රාජා අජිනං ජිනො, සට‍්ඨිපාණසහස‍්සානි සූලෙ උත‍්තාසයී තදා.

4123. ජය ගත නො හැකි යුද දිනූ ඒ රජ තෙමෙ කවර දඬුවමක් කළයුතුදැයි (නීතීන්) අසා දැන එකල්හි සැට දහසක් ප්‍රාණීන් හුලෙහි තබවා ලී ය.

4124. සද‍්දං මානුසකා’කංසු අහො රාජා අධම‍්මිකො, නිරයෙ පච‍්චමානස‍්ස කදා අන‍්තො භවිස‍්සති.

4124. “අහෝ, රජ තෙම නො දැහැමි ය. නිරයෙහි පැසෙන්නා වූ ඔහුගේ (ඒ දුකෙහි) අවසානය කවරදා වන්නේදැ’ යි මිනිස්සු හඬ නැගූහ.

4125. සයනෙ’හං තුවට‍්ටෙන‍්තො සයාමි නිරයෙ තදා, න සුපාමි දිවාරත‍්තිං සූලෙන තජ‍්ජයන‍්ති මං.

4125. එකල්හි මම යහනෙහි පෙරළෙමින් නිරයෙහි (මෙන්) සැතපෙමි. දිවා රෑ දෙක්හි නො නිදමි. මා හුලින් (=හුලතබන අයුරින්) තැති ගන්වත්.

4126. කිං පමාදෙන රජ‍්ජෙන වාහනෙන බලෙන ච, න තෙ පහොන‍්ති ධාරෙතුං තාසයන‍්ති මමං සදා.

4126. ප්‍රමාද කාරණ වූ රාජ්‍යයෙන් ද, වාහනයෙන් ද, බලයෙන් ද කවර ප්‍රයෝජන ද? ඒ සියල්ලෝ මා (නිරයෙන් වළකා) දරන්නට නො පොහොසත් වෙත්. හැම කල්හි මා තැති ගන්වත්.

4127. කිං මෙ පුත‍්තෙහි දාරෙහි රජ‍්ජෙන සකලෙන ච, යන‍්නූන පබ‍්බජෙය්‍යාහං ගතිමග‍්ගං විසොධයෙ.

4127. දරුවන්ගෙන් බිරියන්ගෙන් මුළුරජයෙන් හෝ මට ඇති ප්‍රයෝජනය කිම? මම සුගතිමාර්‍ගය ශුද්ධකෙරෙම් නම් පැවිදි වන්නෙම් නම් ඉතා මැනැවැයි සිතී ය.

4128. සට‍්ඨිනාගසහස‍්සානි සබ‍්බාලඞ‍්කාරභූසිතෙ, සුවණ‍්ණකච‍්ඡෙ මාතඞ‍්ගෙ හෙමකප‍්පනවාසසෙ.

4128-4129. ඇතුන්ගේ පා විදින තෝමර හා අකුසු (=හෙන්ඩු) ගත් අත් ඇති ග්‍රාමණීන් (=ගම්ප්‍රධානයන්) විසින් නගිනු ලැබූ සියලු අලඞ්කාරයෙන් සරසන ලද සැටදහසක් ඇතුන් ද හෙම්මුවා පලස් ආදී වූ ආස්තරණ ඇති සඞ්ග්‍රාමාවචර ඇතුන් ද එතන්හි ම අපේක්‍ෂා රහිත ව මම අත හැර ස්වකීය (මිනිසුන් හුල තැබීමේ) පාපකර්‍මයෙන් තැති ගත්තෙම් අනගාරිය සඞ්ඛ්‍යාත සසුනෙහි (පැවිදි වීමට) නික්ම ගියෙමි.

4129. ආරූළ‍්හෙ ගාමණීයෙහි තොමරඞ‍්කුසපාණිහි, සඞ‍්ගාමාවචරෙ ධානෙ අනපෙක‍්ඛො විහාය’හං, සකකම‍්මෙන සන‍්තත‍්තො නික‍්ඛමිං අනගාරියං.

4130. සට‍්ඨිඅස‍්සසහස‍්සානි සබ‍්බාලඞ‍්කාරභූසිතෙ, ආජානීයෙ ච ජාතියා සින්‍ධවෙ සීඝවාහනෙ.

4130-4131. දුනු ගත් අත් ඇති සන්නාහ සන්නද්ධ වූ ග්‍රාමණීන් (=ගම්ප්‍රධානයන්) විසින් නැගුනු ජන්මයෙන් ම ආජානීය වූ ශීඝ්‍රවාහි සෛන්‍ධව වූ සැට දහසක් අශ්වයෝ වෙත් නම් ඒ සියල්ල ද හැර දමා අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සසුනෙහි (පැවිදි වීමට) නික්ම ගියෙමි.

4131. ආරූළ‍්හෙ ගාමණීයෙහි චාපහත්‍ථෙහි වම‍්මිහි, පහායිත්‍වාන තෙ සබ‍්බෙ නික‍්ඛමිං අනගාරියං.

4132. සට‍්ඨිරථසහස‍්සානි සබ‍්බාලඞ‍්කාරභූසිතෙ, දීපෙ අථොපි වෙය්‍යග‍්ඝෙ සන‍්නද‍්ධෙ උස‍්සිතද‍්ධජෙ, තෙ සබ‍්බෙ පරිහාරෙත්‍වා පබ‍්බජිං අනගාරියං.

4132. ඔසවන ලද ධජ ඇති සන්නද්ධ වූ දිවිසමින් වළඳන ලද රථ ද ව්‍යාඝ්‍රසමින් වළඳන ලද රථදැයි මෙසේ සැටදහසක් රථයෝ වූවාහු ද, ඒ සියල්ල හැර දමා (අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) සසුනෙහි පැවිදි වීමි.

4133. සට‍්ඨිධෙනුසහස‍්සානි සබ‍්බා කංසූපධාරණා, තායොපි ඡඩ‍්ඩයිත්‍වාන පබ‍්බජිං අනගාරියං,

4133. (කිරි වැගිරෙන බැවින් නිතර ම බුරුලුවල) ලොහො බඳුන් දරන සියලු සැටදහසක් දෙන්නු වෙත් ද, ඒ දෙනුන් ද හැර දමා (අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) සසුනෙහි පැවිදි වීමි.

4134. සට‍්ඨිඉත්‍ථිසහස‍්සානි සබ‍්බාලඞ‍්කාරභූසිතා, විචිත‍්තවත්‍ථාභරණා ආමුත‍්තමණිකුණ‍්ඩලා.

4134-4135. මැනැවින් අලඞ්කාර කරණ ලද සැටදහසක් ස්ත්‍රීහු විසිතුරු වස්ත්‍රාභරණ ඇත්තාහු පළඳින ලද මිණිකොඬොල් ඇත්තාහු දිග ඇසිපිය ඇත්තාහු සිනා සහිත වූවාහු සිහිනිඟ ඇත්තාහු (වෙත් ද), හඬන්නා වූ ඒ ස්ත්‍රීන් හැර සසුනෙහි පැවිදි වීමි.

4135. අළාරපම‍්හා හසුලා සුසඤ‍්ඤා තනුමජ‍්ඣිමා, තා හිත්‍වා කන්‍දමානායො පබ‍්බජිං අනගාරියං.

4136. සට‍්ඨිගාමසහස‍්සානි පරිපුණ‍්ණානි සබ‍්බසො, ඡඩ‍්ඩයිත්‍වාන තං රජ‍්ජං පබ‍්බජිං අනගාරියං.

4136. සියල්ලෙන් සම්පූර්‍ණ වූ සැට දහසක් ගම් ද ඒ රාජ්‍යය ද හැරපියා සසුනෙහි පැවිදි වීමි.

4137. නගරා නික‍්ඛමිත්‍වාන හිමවන‍්තමුපාගමිං, භාගීරථීනදීතීරෙ අස‍්සමං මාපයිං අහං.

4137. මම නගරයෙන් නික්ම හිමවතට එළඹියෙමි. භාගිරථි ගංඉවුරෙහි අසපුවක් කෙළෙමි.

4138. පණ‍්ණසාලං කරිත්‍වාන අග‍්ග්‍යගාරං අකාසහං, ආරද‍්ධවිරියො පහිතත‍්තො වසාමි අස‍්සමෙ අහං.

4138. මම පන්සලක් ද කොට ගිනිහල් ගෙයක් ද කෙළෙමි. මම පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තෙම් (කාය ජීවිත නිරපේක්‍ෂක ව) භාවනාවට යොමු කළ සිත් ඇත්තෙමි ඒ අසපුවෙහි වෙසෙමි.

4139. මණ‍්ඩපෙ රුක‍්ඛමූලෙ වා සුඤ‍්ඤාගාරෙ ච ඣායතො, න තු විජ‍්ජති තාසො මෙ න පස‍්සෙ භයභෙරවං.

4139. ලියමඩුවෙක්හි හෝ රුක්මුලක හෝ හිස් ගෙයක හෝ ධ්‍යාන කරන්නා වූ මට තැති ගැණීමෙක් නැත. බිය උපදන අරමුණක් නො දකිමි.

4140. සුමෙධො නාම සම‍්බුද‍්ධො අග‍්ගො කාරුණිකො මුනි, ඤාණාලොකෙන ජොතන‍්තො ලොකෙ උප‍්පජ‍්ජි තාවදෙ.

4140. අග්‍රකාරුණික වූ මෝනෙය්‍යගුණ යුත් සුමේධ නම් සර්‍වඥ තෙමේ ඤාණාලෝකයෙන් බබළමින් එකෙණෙහි ලොව පහළ විය.

4141. මම අස‍්සමසාමන‍්තා යක‍්ඛො ආසි මහිද‍්ධිකො, බුද‍්ධසෙට‍්ඨම‍්හි උප‍්පන‍්නෙ ආරොචෙසි මමං තදා.

4141. මාගේ අසපුව හාත්පස මහාඍද්ධි ඇති යක්‍ෂයෙක් විය. (හෙ තෙම) බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ ලොව පහළ වූ කල්හි මට දැන්වීය:

4142. “බුද‍්ධො ලොකෙ සමුප‍්පන‍්නො සුමෙධො නාම චක‍්ඛුමා, තාරෙති ජනතං සබ‍්බං තම‍්පි සො තාරයිස‍්සති.

4142. “සුමේධ නම් වූ පසැස් ඇති බුදුරජ තෙම ලොව පහළ විය. හෙතෙම සියලු ජනසමූහයා සසර සයුරින් එතර කරයි. ඔබ ද එතෙර කරවන්නේ ය” (කියා යි.)

4143. යක‍්ඛස‍්ස වචනං සුත්‍වා සංවිග‍්ගො ආසි තාවදෙ, බුද‍්ධො බුද‍්ධොති චින‍්තෙන‍්තො අස‍්සමං පටිසාමයිං.

4143. යක්‍ෂයාගේ වචනය අසා එකෙණෙහි (ප්‍රීතියෙන්) සැලුනෙම් වීමි. බුදුරජ, බුදුරජ යයි සිතමින් අසපුව පිළියෙල කෙළෙමි.

4144. අග‍්ගිදාරුඤ‍්ච ඡඩ‍්ඩෙත්‍වා සංසාමෙත්‍වාන සන්‍ථතං, අස‍්සමං අභිවන්‍දිත්‍වා නික‍්ඛමිං විපිනා අහං.

4144. ගිනි දර බැහැර කොට ඇතිරිලි පිළියෙල කොට තබා අසපුවට වැඳ මම මහවනයෙන් නික්මීමි.

4145. තතො වන්‍දනමාදාය ගාමා ගාමං පුරා පුර, දෙවදෙවං ගවෙසන‍්තො උපගච‍්ඡිං විනායකං.

4145. ඒ වනයෙන් සඳුන් ගෙණ ගමින් ගමට ද නගරයෙන් නගරයට ද විනායක වූ බුදුරජුන් සොයමින් (උන්වහන්සේ වෙත) ගියෙමි.

4146. භගවා තම‍්හි සමයෙ සුමෙධො ලොකනායකො, චතුසච‍්චං පකාසෙන‍්තො බොධෙති ජනතං බහුං.

4146. එසමයෙහි ලෝකනායක වූ සුමේධ භාග්‍යවත් තෙමේ චතුස්සත්‍යය දේශනා කරමින් බොහෝ ජන සමූහයාට ධර්‍මාවබෝධය කරවයි.

4147. අඤ‍්ජලිම‍්පග‍්ගහෙත්‍වාන සීසෙ කත්‍වාන චන්‍දනං, සම‍්බුද‍්ධං අභිවාදෙත්‍වා ඉමා ගාථා අභාසහං:

4147. මම ඇඳිලි බැඳ හිසෙහි සඳුන් (තවරා) සම්බුදුරජුන් වැඳ මේ ගාථාවන් කීමි:

4148. “වස‍්සිකෙ පුප‍්ඵමානම‍්හි සන‍්තිකෙ උපවායති, ත්‍වං වීර ගුණගන්‍ධෙන දිසා සබ‍්බා පවායසි.

4148. “දෑසමන් පිපෙන කල්හි සමීපයෙහි (=අවට) සුවඳ හමයි. (එසේ ම) වීරයන් වහන්ස, ඔබ ගුණ සුවඳින් සියලු දිගුන් හමවහි ය.

4149. චම‍්පකෙ නාගවනිකෙ අතිමුත‍්තකකෙතකෙ, සාලෙසු පුප‍්ඵමානෙසු අනුවාතං පවායති.

4149. සපු, නා, කෝඹු, වැටකේ, සල් යන මෙකී මල් පිපෙන කල්හි සුළඟ අනුව සුවඳ හමා යෙයි.

4150. තව ගන්‍ධං සුණිත්‍වාන හිමවන‍්තා ඉධාගමිං, පූජෙමි තං මහාවීර ලොකජෙට‍්ඨ මහායස.

4150. (එසේ ම) ඔබ වහන්සේගේ (ගුණ) සුවඳ ආඝ්‍රාණය කොට හිමවතෙහි සිට (මෙහි) ආමි. ලෝකජ්‍යේෂ්ඨයන් වහන්ස, මහත් යසස් ඇත්තානන් වහන්ස, මහාවීරයානන් වහන්ස, ඔබ වහන්සේ පුදමි.

4151. වරචන්‍දන‍්නො’නුලිම‍්පිං සුමෙධං ලොකනායකං, සකං චිත‍්තං පසාදෙත්‍වා තුණ‍්හී අට‍්ඨාසි තාවදෙ

4151. සුමේධ නම් ලෝකනායකයන් උතුම් සඳුනෙන් ආලේප කෙළෙමි. එකෙණෙහි (ඒ බුදුරජ තෙම) සියසිත පහදවා නිශ්ශබ්දව සිටියේ ය.

4152. සුමෙධො නාම භගවා ලොකජෙට‍්ඨො නරාසභො, භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා ඉමා ගාථා අභාසථ:

4152. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සුමේධ නම් භාග්‍යවත් තෙමේ භිෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේ ය:

4153. “යො මෙගුණෙ පකිත‍්තෙසි වන්‍දනඤ‍්ච අපූජයී, තමහං කිත‍්තයිස‍්සාමි සුණාථ මම භාසතො.

4153. “යමෙක් මාගේ ගුණ කීර්‍තනය කෙළේ ද, සඳුනෙන් පිදී ද, හේ කවරෙක් දැයි මම ප්‍රකාශ කරන්නෙමි. (එසේ) පවසන්නා වූ මාගේ වචනය අසවු:

4154. ආදෙය්‍යවාක්‍යවචනො බ්‍රහ‍්මා උජු පතාපවා, පඤ‍්චවීසතිකප‍්පානි සප‍්පභාසො භවිස‍්සති.

4154. (මෙ තෙම) සියල්ලන් විසින් පිළිගතයුතු වචන ඇත්තේ, ශ්‍රේෂ්ඨ වූයේ, ඍජු වූයේ ප්‍රතාපවත් වූයේ වේ. පස්විසි කපක් මුළුල්ලෙහි ප්‍රභා සහිත වූවෙක් වන්නේ ය.

4155. ඡබ‍්බීසතිකප‍්පසතෙ දෙවලොකෙ රමිස‍්සති, සහස‍්සක‍්ඛත‍්තුං රාජා ච චක‍්කවත‍්තී භවිස‍්සති.

4155. කප් සවිසි සියයක් හෙවත් දෙදහස් හසිය කපක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. දහස් වරක් සක්විති රජ වන්නේ ය.

4156. තෙත‍්තිංසක‍්ඛත‍්තුං දෙවින්‍දො දෙවරජ‍්ජං කරිස‍්සති, පදෙසරජ‍්ජං විපුලං ගණනාතො අසංඛියං.

4156. ශක්‍රදේවේන්‍ද්‍ර ව තෙතිස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. (ලබන්නා වූ) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකිය.

4157. තතො චුතො’යං මනුජො මනුස‍්සත‍්තං ගමිස‍්සති, පුඤ‍්ඤකම‍්මෙන සංයුත‍්තො බ්‍රහ‍්මබන්‍ධු භවිස‍්සති.

4157. මේ මිනිස් තෙමේ එයින් චුත වූයේ මිනිසත්බවට යන්නේ නම්, (මේ) පුණ්‍යකර්‍මය හා යෙදුනේ බ්‍රාහ්මණයෙක් වන්නේ ය.

4158. අජ‍්ඣායකො මන‍්තධරො තිණ‍්ණං වෙදාන පාරගූ, තිලක‍්ඛණෙන සම‍්පන‍්නො බාවරී නාම බ්‍රාහ‍්මණො.

4158. වේද හදාරන්නා වූ, මන්ත්‍ර දරන්නා වූ, වේදත්‍රයෙහි පරතෙරට ගියා වූ ලක්‍ෂණත්‍රයකින් යුක්ත වූ බාවරි නම් බමුණෙක් වන්නේය.

4159. තස‍්ස සිස‍්සො භවිත්‍වාන හෙස‍්සති මන‍්තපාරගූ, උපගන‍්ත්‍වාන සම‍්බුද‍්ධං ගොතමං සක්‍යපුඞ‍්ගවං.

4159. (මෙතෙම) ඒ බාවරි බමුණාගේ ශිෂ්‍යයෙක් ව මන්ත්‍රශාස්ත්‍ර යෙහි පරතෙරට ගියේ ශාක්‍යකුලශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරදුන් වෙත එළඹ-

4160. පුච‍්ඡිත්‍වා නිපුණෙ පඤ‍්හෙ භාවයිත්‍වාන අඤ‍්ජසං. සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය නිබ‍්බායිස‍්සත’නාසවො.”

4160. තියුණු ප්‍රශ්න විචාරා මාර්‍ගය වඩා සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පානේ ය (කියායි)

4161. තිවිධග‍්ගී නිබ‍්බුතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය විහරාමි අනාසවො.

4161. මාගේ ත්‍රිවිධාග්නීහු නිවී ගියහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව වෙසෙමි.

4162. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4162. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත වූයෙම් වෙසෙමි.

4163. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4163. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4164. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්සස සාසනං.

4164. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා තොදෙය්‍යො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මේ අයුරින් ආයුෂ්මත් තෝදෙය්‍ය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

තොදෙය්‍යෙත්‍ථෙරස‍්ස අපදානං අට‍්ඨමං.

තෝදෙය්‍ය ස්ථවිරාවදානය අටවැනි යි.