යෙදුමෙන් කියවන්න

409 ජතුකණ‍්ණිත්‍ථෙරාපදානං

409 ජතුකණ‍්ණිත්‍ථෙරාපදානං.

409. ජතුකණ්ණි ස්ථවිරාවදානය

4165. නගරෙ හංසවතියා සෙට‍්ඨිපුත‍්තො අහොසහං, සමප‍්පිතො කාමගුණෙ පරිවාරෙමහං තදා.

4165. මම හංසවතී නගරයෙහි සිටුපුත්‍රයෙක් වීමි. එකල්හි මම (සියලු) කාමගුණයන්හි යෙදුනෙම් පිනායමි.

4166. තයො පාසාදමාරුය‍්හ උබ‍්බිද‍්ධා ගෙහලඤ‍්ඡකා තත්‍ථ නච‍්චෙහි ගීතෙහි පරිවාරෙමහං තදා.

4166. ගෙවල් ලකුණු දන්නෝ (ප්‍රාසාදතුණක්) ගොඩනැගූහ. ඒ තුන්පහයට නැගී එකල්හි එහි නෘත්‍යයන්ගෙන් ද, ගීතයන්ගෙන් ද පිනායමි.

4167. තුරියා ආහතා මය‍්හං සම‍්මතාලසමාහිතා, නච‍්චන‍්තා ඉත්‍ථියො සබ‍්බා හරන‍්ති යෙව මෙ මනො.

4167. මට කුළුතාලම් ආදියෙන් යුත් තූර්‍ය්‍යයෝ වයන ලදහ. සියලු ස්ත්‍රීහු නටන්නාහු මාගේ සිත පැහැර ගණිත් ම ය.

4168. වෙලාපිකා ලාමණිකා කුඤ‍්ජවාසී තිමජ‍්ඣිකා ලඞ‍්ඝිකා සොකජ‍්ඣායීච පරිවාරෙන‍්ති මං සදා.

4168. පිළී හිස සිසාරන්නෝ ද, අඟුමිටිනැටුම් නටන්නෝ ද, කුදු වූවන් මෙන් නටන්නෝ ද, සිහදෙනකගේ මෙන් මැද පෙදෙස පෙන්වමින් නටන්නෝ ද, උඩට මතුවෙමින් නටන්නෝ ද, උසුළු - විසුළු පාමින් නටන්නෝ ද හැම කල්හි මා පිරිවරත්.

4169. වෙතාලිනො කුම‍්භථූනී නටා ච නච‍්චකා බහූ, නටකා නාටකා චෙව පරිවාරෙන‍්ති මං සදා.

4169. ඝනතාලම්පොට ගසන්නෝ ද, කුම්භථූන නම් එක් මුහුණින් යුත් තූර්‍ය්‍ය විශේෂය වයන්නෝ ද, (රූකඩ) නටවන්නෝ ද, නටන්නෝ ද යන මොහු බොහෝ වෙති. මෙසේ නැටුම් නටවන්නෝ හා නටන්නෝ හැම කල්හි මා පිරිවරත්.

4170. කප‍්පකා නහාපකා සූදා මාලාකාරා සුමාපකා, ජල‍්ලා මල‍්ලාති සබ‍්බෙව පරිවාරෙන‍්ති මං සදා.

4170. කරණැවෑමියෝ ද, දියවඩන්නෝ ද, අරක්කැමියෝ ද, මල්කරුවෝ ද, මැනැවින් පසැට කෙළින්නෝ ද, පොර බදන්නෝ ද, මුෂ්ටි යුද්ධකරන්නෝ ද යන මෙකී සියල්ලෝ හැම කල්හි ම මා පිරිවරත්.

4171. එතෙසු කීළමානෙසු සික‍්ඛිතෙ කතුපාසනෙ, රත‍්තින්‍දිවං න ජානාමි ඉන්‍දොව තිදසඞ‍්ගණෙ.

4171. (ශිල්පයන්හි) හික්මුනා වූ පලපුරුදුකම් ඇති මොවුන් ක්‍රීඩා කරණ කල්හි තව්තිසාවෙහි ශක්‍රයා මෙන් රෑ දාවල් නො දනිමි.

4172. අද‍්ධිකා පථිකා සබ‍්බෙ යාචකා චරකා බහූ, උපගච‍්ඡන‍්ති තෙ නිච‍්චං භික‍්ඛයන‍්තා මමං ඝරං.

4172. දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නෝ ද, මගියෝ ද, යාචකයෝ ද (තැනක් නියමයක් නො මැතිව) ඇවිදින්නෝ ද යන බොහෝ වූ මොහු නිතර ඉල්ලමින් මාගේ ගෙට පැමිණෙත්.

4173. සමණා බ්‍රාහ‍්මණා චෙව පුඤ‍්ඤක‍්ඛෙත‍්තා අනුත‍්තරා, වඩ‍්ඪයන‍්තා මමං පුඤ‍්ඤං ආගච‍්ඡන‍්ති මමං ඝරං.

4173. නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ ශ්‍රමණයෝ ද, බ්‍රාහ්මණයෝ ද, මාගේ පින වැඩි කරන්නාහු මාගේ ගෘහයට පැමිණෙත්.

4174. පටකා ලටකා සබ‍්බෙ නිගණ‍්ඨා පුප‍්ඵසාටකා, තෙදණ‍්ඩිකා එකසිඛා ආගච‍්ඡන‍්ති මමං ඝරං.

4174. පටක ය, ලටක ය, පුප්ඵසාටක ය, තෙදණ්ඩික ය, ඒකසිඛ ය, යන සියලු නිගණ්ඨයෝ මාගේ ගෘහයට පැමිණෙත්.

4175. ආජීවකා විලුත‍්තාවී ගොධම‍්මා දෙවධම‍්මිකා, රජොජල‍්ලධරා එතෙ ආගච‍්ඡන‍්ති මමං ඝරං.

4175. විලුත්තාවී ය, ගෝධම්ම ය, දේවධම්මික ය, රජෝජල්ලධර ය, යන මේ ආජීවකයෝ මාගේ ගෘහයට පැමිණෙත්.

4176. පරිවත‍්තකා සිද‍්ධිපත‍්තා කොණ‍්ඩපුග‍්ගණිකා බහූ, තපස‍්සී වනචාරී ච ආගච‍්ඡන‍්ති මමං ඝරං.

4176. පරිවත්තක ය, සිද්ධිපත්ත ය යන තවුසෝ ද, කොණ්ඩ, පුග්ගණික යන බොහෝ වනචාරීහු ද මාගේ ගෘහයට පැමිණෙත්.

4177. ඔඩ‍්ඩකා දමිළා චෙව සාකුලා මලයාලකා, සබරා යොනකා චෙව ආගච‍්ඡන‍්ති මමං ඝරං.

4177. ඔඩ්ඩක ය, දමිළ ය, සාකුල ය, මලයාලක ය, සබර ය, යොනක ය යන මොහු මාගේ ගෘහයට පැමිණෙත්.

4178. අන්‍ධකා මුණ‍්ඩකා සබ‍්බෙ කොලකා සානුවින්‍දකා, ආරාවචීනරට‍්ඨා ච ආගච‍්ඡන‍්ති මමං ඝරං.

4178. අන්‍ධකයෝ ද, මුණ්ඩකයෝ ද, කෝලකයෝ ද, සානුවින්‍දකයෝ ද, ආරාවචීතරාෂ්ට්‍රිකයෝ ද යන මේ සියල්ලෝ මාගේ ගෘහයට පැමිණෙත්.

4179. අලසන්‍දකා පල‍්ලවකා බබ‍්බරා භග‍්ගකාරුසා, රොහිතා චෙතපුත‍්තා ච ආගච‍්ඡන‍්ති මමං ඝරං.

4179. අලසන්‍දකයෝ ද, පල්ලවකයෝ ද, බබ්බරයෝ ද, භග්ගකාරුසයෝ ද, රෝහිතයෝ ද, වෙතපුත්තයෝ ද, මාගේ ගෘහයට පැමිණෙත්.

4180. මාධුරකා කොසලකා කාසිකා හත්‍ථිපොරිකා, ඉසිණ‍්ඩා මක‍්කලා චෙව ආගච‍්ඡන‍්ති මමං ඝරං.

4180. මාධුරකයෝ ද, කෝසලකයෝ ද, කාසිකයෝ ද, හත්‍ථිපොරිකයෝ ද, ඉසිණ්ඩයෝ ද, මක්කලයෝ ද මාගේ ගෘහයට පැමිණෙත්.

4181. චෙලාවකා අරම‍්මා ච ඔක‍්කලා මෙඝලා බහූ, ඛුද‍්දකා සුද‍්දකා චෙව ආගච‍්ඡන‍්ති මමං ඝරං.

4181. චේලාවකයෝ ද, අරම්මයෝ ද, ඔක්කලයෝ ද, මේඝලයෝ ද, ඛුද්දකයෝ ද, සුද්දකයෝ ද, යන බොහෝ දෙන මාගේ ගෘහයට පැමිණෙත්.

4182. රොහණා සින්‍ධවා චෙව චිතකා එකකණ‍්ණිකා, සුරට‍්ඨා අපරන‍්තා ච ආගච‍්ඡන‍්ති මමං ඝරං.

4182. රෝහණයෝ ද, සින්‍ධවයෝ ද, චිතකයෝ ද, ඒකකණ්ණිකයෝ ද, සුරට්ඨයෝ ද, අපරන්තයෝ ද, මාගේ ගෘහයට පැමිණෙත්.

4183. සුප‍්පාරකා කිකුමාරා මලයා සොණ‍්ණභූමිකා, වජ‍්ජී තාරා ච තෙ සබ‍්බෙ ආගච‍්ඡන‍්ති මමං ඝරං.

4183. සුප්පාරකයෝ ද, කිකුමාරයෝ ද, මලයයෝ ද, සෝණ්ණභූමිකයෝ ද, වජ්ජීහු ද, තාරාවෝ ද යන මේ සියල්ලෝ මාගේ ගෘහයට පැමිණෙත්.

4184. නළකාරා පෙසකාරා චම‍්මකාරා ච තච‍්ඡකා, කම‍්මාරා කුම‍්භකාරා ච ආගච‍්ඡන‍්ති මමං ඝරං.

4184. නළකාරයෝ ද, (රෙදි වියන) පෙසකාරයෝ ද, (සම් වැඩ කරණ) චම්මකාරයෝ ද, වඩුවෝ ද, කම්මාරයෝ ද, කුම්භකාරයෝ ද මාගේ ගෘහයට පැමිණෙත්.

4185. මණිකාරා ලොහකාරා සොණ‍්ණකාරා ච දුස‍්සිකා, තිපුකාරා ච තෙ සබ‍්බෙ ආගච‍්ඡන‍්ති මමං ඝරං.

4185. (මිණිකම් කරණ) මණිකාරයෝ ද, (ලොහො කම් කරණ) ලෝහකාරයෝ ද, (රන් කම් කරණ) සොණ්ණකාරයෝ ද, (රෙදි කම් කරණ) දුස්සිකයෝ ද, (ඊයම් කම් කරණ) තිපුකාරයෝ ද යන මේ සියල්ලෝ මාගේ ගෘහයට පැමිණෙත්.

4186. උසුකාරා භමකාරා පෙසකාරා ච ගන්‍ධීකා, රජ කා තුන‍්නවායා ච ආගච‍්ඡන‍්ති මමං ඝරං.

4186. (ඊ කම් කරණ) උසුකාරයෝ ද, (ලියන වඩු කම් කරණ) භමකාරයෝ ද, (රෙදි වියන) පෙසකාරයෝ ද, (සුවඳ සාදන හෝ විකුණන) ගන්‍ධිකයෝ ද, (රෙදි සෝදන පොවන) රජකයෝ ද, (රෙදි මහන) තුණ්ණවායෝ ද මාගේ ගෘහයට පැමිණෙත්.

4187. තෙලිකා කට‍්ඨහාරා ච උදහාරා ච පෙස‍්සිකා, සූපිකා සුපරක‍්ඛා ච ආගච‍්ඡන‍්ති මමං ඝරං.

4187. (තෙල් සාදන හෝ විකුණන) තෙලිකයෝ ද, (දර අදින) කට්ඨහාරයෝ ද, (ජලය අදින) උදකහාරයෝ ද, (පණිවුඩ ගෙන යන) පෙස්සිකයෝ ද, (සූපසාදන) සූපිකයෝ ද, (සූප රකින) සූපරක්ඛයෝ ද මාගේ ගෘහයට පැමිණෙත්.

4188. දොවාරිකා අනීකට‍්ඨා වන්‍දිකා පුප‍්ඵඡඩ‍්ඩකා, හත්‍ථාරුහා හත්‍ථිපාලා ආගච‍්ඡන‍්ති මමං ඝරං.

4188. (දොරටුපාල) දෝවාරිකයෝ ද, බලඇණි රක්නෝ ද, (තුතිපැවසුම් කරණ) වන්‍දිකයෝ ද, (ගැබ්මල ආදිය බැහැර ලන) පුප්ඵඡඩ්ඩකයෝ ද, (ඇතුන් පිට නගින) හත්‍ථාරුහයෝ ද, (ඇතුන් බලන) හත්‍ථිපාලයෝ ද මාගේ ගෘහයට පැමිණෙත්.

4189. ආනන්‍දස‍්ස මහාරඤ‍්ඤො පමත‍්තස‍්ස අදාසහං, සත‍්තවණ‍්ණෙන රතනෙන ඌනත‍්තං පූරයාමහං.

4189. ප්‍රමාදී වූ ආනන්‍ද මහරජුට මම ධනය දුනිමි. මම සත්රුවනින් ඔහුගේ අඩුබැව් පුරවමි.

4190. යෙ මයා කිත‍්තිතා සබ‍්බෙ නානාවණ‍්ණා බහුජ‍්ජනා, තෙසා’හං චිත‍්තමඤ‍්ඤාය තප‍්පයිං රතනෙන’හං.

4190. මා විසින් මෙහි පවසන ලද ඒ සියල්ලෝ නා නා ජාතිවලට අයත් බොහෝ දෙන වෙති. මම ඔවුන්ගේ සිත් දැන රුවනින් සන්තර්‍පණය කෙළෙමි.

4191. වග‍්ගූසු භාසමානාසු වජ‍්ජමානාසු භෙරිසු, සංඛෙසු ධමයන‍්තෙසු සකගෙහෙ රමාමහං.

4191. මිහිරිවදන් කියන කල්හි බෙර වයන කල්හි සක් පිඹින කල්හි මම ස්වකීය ගෘහයෙහි සිත් අලවා වෙසෙමි.

4192. භගවා තම‍්හි සමයෙ පදුමුත‍්තරනායකො, වසීසතසහස‍්සෙහි පරික‍්ඛීණාසවෙහි සො.

4192-4193. එසමයෙහි භාග්‍යවත් වූ ඒ පදුමුත්තර බුදුරජ තෙමේ ක්‍ෂය කළ ආස්‍රවයන් ඇති රහත් භික්‍ෂූන් ලක්‍ෂයක් සමග වීථියට පිළිපන්නේ ය. පසැස් ඇති සර්‍වඥ තෙම සියලු දිගුන් ආලෝකවත් කරමින් ප්‍රදීප වෘක්‍ෂයක් මෙන් බබළයි.

4193. භික‍්ඛූහි සහිතො වීථිං පටිපජ‍්ජිත්‍ථ චක‍්ඛුමා, ඔභාසෙන‍්තො දිසා සබ‍්බා දීපරුක‍්ඛො’ව ජොතති.

4194. වජ‍්ජන‍්ති භෙරියො සබ‍්බා ගච‍්ඡන‍්තෙ ලොකනායකෙ, පභා නිද‍්ධාවතෙ තස‍්ස සතරංසීව උග‍්ගතො.

4194. බුදුරජුන් වඩින කල්හි සියලු භේරිහු වාදනය වෙත්. උදා වූ හිරු මෙන් උන් වහන්සේගේ රස් විහිදෙයි.

4195. කවාටන‍්තරිකායාපි පවිට‍්ඨෙන ච රංසිනා, අන‍්තොඝරෙ සුවිපුලො ආලොකො ආසි තාවදෙ.

4195. කවුළු අතරින් පිවිසි රසින් ඇතුළු ගෙහි ද එකෙණෙහි මහත් වූ ආලෝකයෙක් විය.

4196. පභං දිස‍්වාන බුද‍්ධස‍්ස පාරිසජ‍්ජෙ අචොචහං, නිස‍්සංසයං බුද‍්ධසෙට‍්ඨො ඉමං වීථිමුපාගතො.

4196. මම බුදුරජුන්ගේ රස් දැක පිරිසට මෙසේ කීමි. (කෙසේ ද යත්?) “නිසැකව බුද්ධශ්‍රේෂ්ඨ තෙම මේ වීථියට එළඹියේ ය” (කියා යි.)

4197. ඛිප‍්පං ඔරුය‍්හ පාසාදා අගමිං අන‍්තරාපණං, සම‍්බුද‍්ධමභිවාදෙත්‍වා ඉදං වචනමබ්‍රවිං:

4197. වහා පහයෙන් බැස ඇතුළු වීථියට ආයෙමි. සම්බුදු රජුන් වැඳ මේ වචනය ද කීමි:

4198. අනුකම‍්පතු මෙ බුද‍්ධො ජලජුත‍්තමනායකො, වසීසතසහස‍්සෙහි අධිවාසෙසි සො මුනි.

4198. “පදුමුත්තර නම් වූ බුදුරජානන් වහන්සේ මට අනුකම්පා කරණ සේක්වා” යනුයි. ඒ බුදුරජතෙම ලක්‍ෂයක් රහතුන් සමග ඒ ආරාධනය පිළිගත්තේ ය.

4199. නිමන‍්තයිත්‍වා සම‍්බුද‍්ධං අභිනෙසිං සකං ඝරං, තත්‍ථ අන‍්නෙන පානෙන සන‍්තප‍්පෙසිං මහාමුනිං.

4199. සම්බුදු රජුන් පවරා ස්වකීය ගෘහයට වැඩම කර වීමි. එහි ආහාරපානයෙන් බුදුරජුන් වැළඳවීමි.

4200. භුත‍්තාවිං කාලමඤ‍්ඤාය බුද‍්ධසෙට‍්ඨස‍්ස තාදිනො, සතඞ‍්ගිකෙන තුරියෙන බුද‍්ධසෙට‍්ඨං උපට‍්ඨහිං.

4200. වළඳා අවසන් වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ (දැක) සුදුසු කලැයි දැන තාදීගුණ ඇති ඒ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ශතාඞ්ගික තූර්‍ය්‍යයන්ගෙන් උවටැන් කළෙමි.

4201. පදුමුත‍්තරො ලොකවිදූ ආහුතීනං පටිග‍්ගහො, අන‍්තොඝරෙ නිසීදිත්‍වා ඉමා ගාථා අභාසථ:

4201. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙම ඇතුළුගෙහි හිඳ මේ ගාථාවන් වදාළේ ය:

4202. “යො මං තුරියෙහුපට‍්ඨාසී අන‍්නපානඤ‍්ච’ දාසි මෙ, තමහං කිත‍්තයිස‍්සාමි සුණාථ මම භාසතො.

4202. “යමෙක් තූර්‍ය්‍යයන්ගෙන් මට උවටැන් කෙළේ ද, මට ආහාර පානයන් දුන්නේ ද, හේ (කවරෙක්දැයි) මම කියන්නෙමි. (එසේ) කියන්නා වූ මාගේ වචනය අසවු.

4203. පහූතභක‍්ඛො හුත්‍වාන සහිරඤ‍්ඤො සභොජනො, චතුදීපෙ එකරජ‍්ජං කාරයිස‍්සත’ යං නරො.

4203. රැස් කළ සම්පත් අනුභව කරන්නෙක් ව අමුරන් සහිතව බොජුන් සහිතව මේ මිනිස් තෙම සිවුමහදිවයිනෙහි ඒකාතපත්‍ර කොට රාජ්‍යය කරවන්නේ ය.

4204. පඤ‍්චසීලෙ සමාදාය දසකම‍්මපථෙ තතො, සමාදාය පවත‍්තෙන‍්තො පරිසං සික‍්ඛපෙස‍්සති.

4204. පන්සිල් සමාදන් ව ඉක්බිති දශකර්‍මපථයන් ද සමාදන් ව පවත්වමින් පිරිස හික්ම වන්නේ ය.

4205. තුරියසතසහස‍්සානි නාරියො සමලඞ‍්කතා, වජ‍්ජයිස‍්සන‍්ති’මං නිච‍්චං උපට‍්ඨානස‍්සසිදං ඵලං.

4205. මැනවින් අලඞ්කාර කරණ ලද ස්ත්‍රීහු නිතර තූර්‍ය්‍යයන් ලක්‍ෂයක් වාදනය කරන්නාහු ය.

4206. තිංසකප‍්පසහස‍්සානි දෙවලොකෙ රමිස‍්සති, චතුසට‍්ඨික‍්ඛත‍්තුං දෙවින්‍දො දෙවරජ‍්ජං කරිස‍්සති.

4206. කල්ප තිස්දහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. සූසැට වරක් ශක්‍රදේවේන්‍ද්‍ර ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය.

4207. චතුසට‍්ඨික‍්ඛත‍්තුං රාජා ච චක‍්කවත‍්තී භවිස‍්සති, පදෙසරජ‍්ජං විපුලං ගණනාතො අසංඛියං.

4207. සූසැට වරක් සක්විතිරජ වන්නේ ය. (ලබන) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.

4208. කප‍්පසතසහස‍්සම‍්හි ඔක‍්කාකකුලසම‍්භවො, ගොතමො නාම නාමෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

4208. මෙයින් කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.

4209. උපපජ‍්ජති යං යොනිං දෙවත‍්තං අථ මානුසං, අනූනභොගො හුත්‍වාන මනුස‍්සත‍්තං ගමිස‍්සති.

4209. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යෝනියක උපදින්නේ නම්, අනූන වූ භොග සම්පත් ඇත්තේ ම මිනිසත් බවට පැමිණෙන්නේ ය.

4210. අජ‍්ඣායකො භවිත්‍වාන තිණ‍්ණං වෙදානපාරගූ, උත‍්තමත්‍ථං ගවෙසන‍්තො චරිස‍්සති මහිං ඉමං.

4210. වේද හදාරන්නෙක් ව වේදත්‍රයෙහි පරතෙරට ගියේ උත්තමාර්‍ත්‍ථය වූ (නිවන) සොයමින් මේ පෘථිවියෙහි හැසිරෙන්නේ ය.

4211. සො පච‍්ඡා පබ‍්බජිත්‍වාන සුක‍්කමූලෙන චොදිතො, ගොතමස‍්ස භගවතො සාසනෙ’භිරමිස‍්සති.

4211. කුශලමූලයෙන් මෙහෙයන ලද හෙතෙම පසුව පැවිදි ව ගෞතම බුදුරජුන්ගේ සසුනෙහි සිත් අලවා වසන්නේ ය.

4212. ආරාධයිත්‍වා සම‍්බුද‍්ධං ගොතමං සක්‍යපුඞ‍්ගවං, කිලෙසෙ ඣාපයිත්‍වාන අරහා’යං භවිස‍්සති.

4212. මෙතෙම ශාක්‍යකුල ශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජුන් සතුටු කොට කෙලෙස් දවා රහත් වන්නේ ය.

4213. විපිනෙ ව්‍යග‍්ඝරාජාව මිගරාජාව කෙසරී, අභීතො විහරාම’ජ‍්ජ සක්‍යපුත‍්තස‍්ස සාසනෙ.

4213. මහවනයෙහි ව්‍යාඝ්‍රයෙක් මෙන් ද, කේශරසිංහ රාජයකු මෙන් ද, අද ශාක්‍යපුත්‍ර වූ බුදුරජානන් වහන්සේගේ සසුනෙහි නිර්භීතව වෙසෙමි.

4214. දෙවලොකෙ මනුස‍්සෙ වා දළිද‍්දෙ දුග‍්ගතිම‍්හි වා, නිබ‍්බත‍්තිං මෙ න පස‍්සාමි උපට‍්ඨානස‍්සිදං ඵලං.

4214. දෙව්ලොව වුව ද මිනිස් ලොව වුව ද දිළිඳු බැව්හි හෝ දුගතියක හෝ මාගේ ඉපදීමක් නො දකිමි. (බුදුරජුන්ට) උවැටන් කිරීමේ මේ විපාක යි.

4215. විවෙකමනුයුත‍්තොම‍්හි උපසන‍්තො නිරූපධි, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4215. සන්හුන් වූයෙම් උපධි රහිත වූයෙම් විවේකයෙහි යෙදුනෙම් වෙමි. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වසමි.

4216. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4216. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

4217. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4217. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන් කරණ ලදී.

4218. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4218. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා ජතුකණ‍්ණිථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මේ අයුරින් ආයුෂ්මත් ජතුකණ්ණී ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

ජතුකණ‍්ණිත්‍ථෙරස‍්ස අපදානං නවමං.

ජතුකණ්ණී ස්ථවිරාවදානය නවවැනි යි.