යෙදුමෙන් කියවන්න

410. උදෙනත්‍ථෙරාපදානං

410. උදෙනත්‍ථෙරාපදානං

410. උදේන ස්ථවිරාවදානය

4219. හිමවන‍්තස‍්ස අවිදූරෙ පදුමො නාම පබ‍්බතො, අස‍්සමො සුකතො මය‍්හං පණ‍්ණසාලා සුමාපිතා.

4219. හිමවතට නුදුරෙහි පදුම නම් පර්‍වතයක් විය. එහි මට අසපුවක් මැනැවින් කරණ ලදී. පන්සල ද මැනැවින් නිමවන ලදී.

4220. නදියො සන්‍දරෙ සුපතිත්‍ථා මනොරමා, අච‍්ඡොදකා සීතජලා සුන්‍දරා නදියො සදා.

4220. මනා වූ තොට ඇති, මනෝඥ වූ නදීහු එහි ගලා බසිත්. ඒ නදීහු හැමකල්හි පිරිසිදු දිය ඇත්තාහු ය. සිසිල් දිය ඇත්තාහු ය. සුන්‍දර ද වෙති.

4221. පාඨීනා පාවුසා මච‍්ඡා වලජා මුඤ‍්ජරොහිතා, සොභෙන‍්තා නදියො එතෙ වසන‍්ති නදියා සදා.

4221. නදීන් හොබවන්නා වූ පාඨින (පෙටියෝ) ද, පාවුස (ලූල්ලු) ද, වලජ (වලයෝ) ද, මුඤ්ජ (මොද්දු) ද, රෝහිත (රෙහෙරු) ද, යන මත්ස්‍යයෝ හැම කල්හි නදියෙහි වසත්.

4222. අම‍්බජම‍්බූහි සඤ‍්ඡන‍්නා කරෙරිතිලකා තථා, උද‍්දාලකා පාටලියො සොභෙන‍්ති මම අස‍්සමං.

4222. අඹ දඹ රුක්වලින් වැසී ගිය නදිය ද, එසේ ම ලුණුවරණ තිලක (මදටය), උද්දාලක (ඇසළ), පාටලි (පළොල්) යන වෘක්‍ෂයෝ ද මාගේ අසපුව හොබවත්.

4223. අඞ‍්කොලකා බිම‍්බිජාලා මායාකාරී ච පුප‍්ඵිතා, ගන්‍ධෙන උපවායන‍්තා සොභෙන‍්ති මම අස‍්සමං.

4223. පිපී ගිය අඞ්කෝලක (රුකඟුන) බිම්බිජාල, රත්කරවු, මායාකාරී, මෙකී වෘක්‍ෂයන්ගේ සුවඳින් හමන වාතයෝ මාගේ අසපුව හොබවත්.

4224. අතිමුත‍්තා සත‍්තලිකා නාගා සාලා ච පුප‍්ඵිතා, දිබ‍්බගන්‍ධං සම‍්පවන‍්තා සොභෙන‍්ති මම අස‍්සමං.

4224. මැනැවින් පිපීගිය අතිමුත්ත (යොහොඹු), සත්තලික (සත්පෙති දෑසමන්), නාග (නා), සාල (සල්) යන මොහු දිව සුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.

4225. කොසම‍්බා සලලා නීපා අට‍්ඨඞ‍්ගා ච සුපුප‍්ඵිතා, දිබ‍්බගන්‍ධං සම‍්පවන‍්තා සොභෙන‍්ති මම අස‍්සමං.

4225. කෝසම්බ (කොසඹ), සලල (හොර), නීප (=කොළොම්), අට්ඨඞ්ග - වෘක්‍ෂයෝ පිපී ගියාහු දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.

4226. හරීතකා ආමලකා අම‍්බජම‍්බු විභීටකා, කොලා භල‍්ලාතකා බිල‍්ලා ඵලානි බහු අස‍්සමෙ.

4226. අරළු, නෙල්ලි, අඹ, දඹ, බුළු, ඩෙබර, බදුලු, බෙලි මෙකී ඵලයෝ අසපුවෙහි බොහෝ වෙති.

4227. කලම‍්බා කන්‍දලී තත්‍ථ පුප‍්ඵන‍්ති මම අස‍්සමෙ, දිබ‍්බගන්‍ධං සම‍්පවන‍්තා සොභෙන‍්ති මම අස‍්සමං.

4227. කලම්බ (කොළොම්), කන්‍දලී (බිම් කෙහෙල්) ද එහි මාගේ අසපුවෙහි පිපෙත්. දිව සුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.

4228. අසොකපිණ‍්ඩී චවරී නිම‍්බරුක‍්ඛා ච පුප‍්ඵිතා, දිබ‍්බගන්‍ධං සම‍්පවන‍්තා සොභෙන‍්ති මම අස‍්සමං.

4228. අසෝකපිණ්ඩී, චවරී කොසඹ මෙකී වෘක්‍ෂයෝ පිපී ගියාහු දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.

4229. පුන‍්නාගා ගිරිපුන‍්නාගා තිමිරා තත්‍ථ පුප‍්ඵිතා, දිබ‍්බගන්‍ධං සම‍්පවන‍්තා සොභෙන‍්ති මම අස‍්සමං.

4229. පුන්නාග (දොඹ), ගිරිපුන්නාග මේ වෘක්‍ෂයෝ එහි පිපී ගියාහු දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.

4230. නිග‍්ගුණ‍්ඩී සිරිනිග‍්ගුණ‍්ඩී චම‍්පරුක‍්ඛෙත්‍ථ පුප‍්ඵිතා, දිබ‍්බගන්‍ධං සම‍්පවන‍්තා සොභෙන‍්ති මම අස‍්සමං.

4230. නිග්ගුණ්ඩී (සිරිනික), සපු මේ වෘක්‍ෂයෝ පිපී ගියාහු දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.

4231. අවිදූරෙ පොක‍්ඛරණී චක‍්කවාකූපකූජිතා, මන්‍දාලකෙහි සඤ‍්ඡන‍්නා පදුමුප‍්පලකෙහි ච.

4231. අසපුවට නුදුරෙහි පොකුණ සක්වාලිහිණියන් විසින් හඬන ලද ය. හෙල්මැල්ලෙන් නොහොත් දියකන්‍දරයෙන්, විලපලායෙන්, පියුම් උපුල් මලින් ගැවසුනේ ය.

4232. අච‍්ඡොදකා සීතජලා සුපතිත්‍ථා මනොරමා, අච‍්ඡා ඵලිකසමානා සොභෙන‍්ති මම අස‍්සමං.

4232. පැහැදි දිය ඇති සිසිල් ජලය ඇති මනා තොට ඇති මනරම්පලිඟු මෙන් පැහැදිලි පුෂ්කරණී තොමෝ මාගේ අසපුව හොබවයි.

4233. පදුමා පුප‍්ඵරෙ තත්‍ථ පුණ‍්ඩරීකා ච උප‍්පලා, මන්‍දාලකෙහි සඤ‍්ඡන‍්නා සොභෙන‍්ති මම අස‍්සමං.

4233. එහි රත් පියුම්, හෙළ පියුම්, උපුල් ද පිපෙත්. හෙල්මැලියෙන් ගැවසීගත් ඒ පුෂ්කරණී තොමෝ මාගේ අසපුව හොබවයි.

4234. පාඨීනා පාවුසා මච‍්ඡා වලජා මුඤ‍්ජරොහිතා, විචරන‍්තා ච තෙ තත්‍ථ සොභෙන‍්ති මම අස‍්සමං.

4234. පාඨීන, පාවුස වලජ, මුඤ්ජ, රෝහිත යන මත්ස්‍යයෝ එහි හැසිරෙමින් මාගේ අසපුව හොබවත්.

4235. කුම‍්භීලා සුංසුමාරා ච කච‍්ඡපා ච ගහා බහූ, ඔගුහා අජගරා ච සොභෙන‍්ති මම අස‍්සමං.

4235. කුම්භීල, සුංසුමාර යන චණ්ඩ ජලජ සත්ත්‍වයෝ ද, කැසුබුවෝ, ඔගුහ නම් සත්ත්‍වයෝ, අජගරයෝ ද බොහෝ වූවාහු මාගේ අසපුව හොබවත්.

4236. පාරෙවතා රවිහංසා චක‍්කවාකා නදීචරා, දින්‍දිභා සාලිකා චෙත්‍ථ සොභෙන‍්ති මම අස‍්සමං.

4236. පරෙවි, රවිහංස, චක්‍රවාක, නදීවර, දින්‍දිහ (කිරලු), සාළික - මේ පක්‍ෂීහු මාගේ අසපුව හොබවත්.

4237. නයිතා අම‍්බගන්‍ධී ච කෙතකා තත්‍ථ පුප‍්ඵිතා, දිබ‍්බගන්‍ධං සම‍්පවන‍්තා සොභෙන‍්ති මම අස‍්සමං.

4237. නයිතා, අම්බගන්‍ධි, කේතකී - මෙකී වෘක්‍ෂයෝ පිපී ගියාහු එහි දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.

4238. සීහා ව්‍යග‍්ඝා ච දීපී ච අච‍්ඡකොකතරච‍්ඡකා, අනුසඤ‍්චරන‍්තා පවනෙ සොභෙන‍්ති මම අස‍්සමං.

4238. සිංහ, ව්‍යාඝ්‍ර, දිවි, වලස්සු, කොක්නහ, කරබානාවලස්සු මොහු මහවෙනෙහි හැසිරෙන්නාහු මාගේ අසපුව හොබවත්.

4239. ජටාභාරෙන භරිතා අජිනුත‍්තරවාසනා, අනුසඤ‍්චරන‍්තා පවනෙ සොභෙන‍්ති මම අස‍්සමං.

4239. අඳුන් දිවිසම් ඈ ජටාහාරයෙන් බර වූ තවුසෝ මහ වෙනෙහි හැසිරෙන්නාහු මාගේ අසපුව හොබවත්.

4240. අජිනානි ධරා එතෙ නිපකා සන‍්තවුත‍්තිනො, අප‍්පාහාරා ච තෙ සබ‍්බෙ සොභෙන‍්ති මම අස‍්සමං.

4240. මේ තවුසෝ අඳුන් දිවිසම් දරන්නෝ ය. ප්‍රාඥයෝ ය. සන්හුන් පැවතුම් ඇත්තෝ ය. අල්පාහාර ඇති ඒ සියල්ලෝ මාගේ අසපුව හොබවත්.

4241. ඛාරිභාරං ගහෙත්‍වාන අජ‍්ඣොගය‍්හ වනං තදා, මූලඵලානි භුඤ‍්ජන‍්තා වසන‍්ති අස‍්සමෙ සදා.

4241. පිරිකර කද ගෙණ වනයට පිවිස මුල් හා ගෙඩි අනුභව කරන්නා වූ ඔහු එකල හැම දා අසපුවෙහි වසත්.

4242. න තෙ දාරුං ආහරන‍්ති උදකං පාදධොවනං, සබ‍්බෙසං ආනුභාවෙන සයමෙවාහරීයති.

4242. ඔහු දර, පා දෝනා දිය නො ගෙණෙත්. සියල්ලන්ගේ ආනුභාවයෙන් (ඒ දෑ තෙමේ ම) පැමිණෙයි.

4243. චුල‍්ලාසීති සහස‍්සානි ඉසයෙත්‍ථ සමාගතා, සබ‍්බෙව ඣායිනො එතෙ උත‍්තමත්‍ථගවෙසකා.

4243. අසූහාර දහසක් ඍෂීහු මෙහි රැස් වූහ. මේ සියල්ලෝ ම ධ්‍යාන කරන්නෝ උත්තමාර්‍ත්‍ථය වූ විමුක්තිය සොයන්නෝ ය.

4244. තපස‍්සිනො බ්‍රහ‍්මචාරී චොදෙන‍්තා අප‍්පණාවතෙ, අම‍්බරාවචරා සබ‍්බෙ වසන‍්ති අස‍්සමෙ තදා.

4244. තපස්වී වූ බ්‍රහ්මචාරී වූ අර්‍පණාව්‍රතයෙහි යෙදුනාවූ අහසෙහි හැසිරෙන්නා වූ (ඒ) සියල්ලෝ එකල්හි අසපුවෙහි වෙසෙත්.

4245. පඤ‍්චාහං සන‍්නිපතන‍්ති එකග‍්ගා සන‍්තවුත‍්තිනො, අඤ‍්ඤොඤ‍්ඤං අභිවාදෙත්‍වා පක‍්කමන‍්ති දිසාමුඛා.

4245. එකඟ වූ සන්හුන් පැවතුම් ඇති මොහු පස් දිනකට වරක් රැස් වෙත්. (රැස්ව) ඔවුනොවුනට වැඳ ඒ ඒ දිශාභිමුඛ වූවාහු යෙත්.

4246. පදුමුත‍්තරො නාම ජිනො සබ‍්බධම‍්මානපාරගූ, තමන්‍ධකාරං විධමං උප‍්පජ‍්ජි තාවදෙ ජිනො.

4246. සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර නම් බුදුරජ තෙම එකෙණෙහි මොහඳුර දුරුකරමින් ලොව පහළ විය.

4247. මම අස‍්සමසාමන‍්තා යක‍්ඛො ආසි මහිද‍්ධිකො, සො මෙ සංසිත්‍ථ සම‍්බුද‍්ධං ජලජුත‍්තමනායකං.

4247. මාගේ අසපුව සමීපයෙහි මහා ඍද්ධි ඇති යක්‍ෂයෙක් විය. හෙතෙම පදුමුත්තර නම් වූ බුදුරජුන්හට (මෙසේ) ප්‍රශංසා කෙළේ ය:

4248. එස බුද‍්ධො සමුප‍්පන‍්නො පදුමුත‍්තරො මහාමුනි, ඛිප‍්පං ගන‍්ත්‍වාන සම‍්බුද‍්ධං පයිරුපාසය මාරිස.

4248. “නිදුකානෙනි, මේ මහාමුනි වූ පදුමුත්තර නම් බුදුරජ තෙම ලොව පහළ විය. වහා ගොස් ඒ සම්බුදුරජුන් භජනය කරනු මැනව” (කියා යි.)

4249. යක‍්ඛස‍්ස වචනං සුත්‍වා විප‍්පසන‍්නෙන චෙතසා, අස‍්සමං සංසාමෙත්‍වාන නික‍්ඛමිං විපිනා තදා.

4249. එකල්හි යක්‍ෂයාගේ වචනය අසා පැහැදි සිතින් අසපුව පිළියෙළ කොට තබා මහවනයෙන් නික්මුනෙමි.

4250. වෙළෙව ඩය‍්හමානම‍්හි නික‍්ඛමිත්‍වාන අස‍්සමා, එකරත‍්තිං නිවසිත්‍වා උපගච‍්ඡිං විනායකං.

4250. වස්ත්‍රය ගිනි ඇවිළගත් කල්හි මෙන් අසපුවෙන් නික්ම එක් රැයක් (මග) වැස බුදුරජුන් වෙත එළඹියෙමි.

4251. පදුමුත‍්තරො ලොකවිදූ ආහුතීනං පටිග‍්ගහො, චතුසච‍්චං පකාසෙන‍්තො දෙසෙසි අමතං පදං.

4251. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙම සිවුසස් පවසමින් අමෘතපදය දේශනා කෙළේ ය.

4252. සුඵුල‍්ලං පදුමං ගය‍්හ උපගන‍්ත්‍වා මහෙසිනො, පසන‍්නචිත‍්තො සුමනො බුද‍්ධස‍්ස අභිරොපයිං.

4252. මනාව පිපුණු පියුමක් ගෙණ (බුදුරජුන් වෙත) එළඹ පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මහර්ෂී වූ සර්‍වඥයන් වහන්සේට පිදීමි.

4253. පූජයිත්‍වාන සම‍්බුද‍්ධං ජලජුත‍්තමනායකං, එකංසං අජිනං කත්‍වා සන්‍ථවිං ලොකනායකං.

4253. පදුමුත්තර නම් වූ බුදුරජානන් වහන්සේ පුදා අඳුන් දිවිසම එකස් කොට ලෝකනායක වූ තථාගතයන් හට ස්තූති කෙළෙමි.

4254. යෙන ඤාණෙන සම‍්බුද‍්ධො වසතීහ අනාසවො, තං ඤාණං කිත‍්තයිස‍්සාමි සුණොථ මම භාසතො.

4254. යම් සර්‍වඥතාඥානයක් කරණකොට ගෙණ සම්බුදු රජ තෙම ආස්‍රව රහිත ව මෙලොව්හි වැඩ වෙසේ ද, ඒ ඥානය කීර්‍තනය කරන්නෙමි. පවසන්නා වූ මාගේ වචනය අසවු.

4255. සංසාරසොතං ඡින්‍දිත්‍වා තාරෙසි සබ‍්බපාණිනො, තව ධම‍්මං සුණිත්‍වාන තණ‍්හාසොතං තරන‍්ති තෙ.

4255. (ඔබ) සසර සැඩ පහර කපා සියලු ප්‍රාණීන් (සසරසයුරින්) එතෙර කෙරෙහි ය. ඒ සත්ත්‍වයෝ ඔබවහන්සේගේ ධර්‍මය අසා තෘෂ්ණාව නමැති සැඩ පහර තරණය කෙරෙත්.

4256. තුවං සත්‍ථා ච කෙතු ච ධජො යූපො ච පාණිනං, පරායණො පතිට‍්ඨා ච දීපො ච දිපදුත‍්තම.

4256. ද්විපදෝත්තම වූ බුදුරජානන් වහන්ස, ඔබ සත්ත්‍වයන්හට ශාස්තෘ වන සේක. කොඩියක් ධජයක් යාගස්ථම්භයක් වන සේක. ආරක්‍ෂාව වන සේක.

4257. යාවතා ගණිනො ලොකෙ සත්‍ථවාහා පවුච‍්චරෙ, තුවං අග‍්ගොසි සබ‍්බඤ‍්ඤූ තව අන‍්තොගධාව තෙ.

4257. ලෙව්හි යම්තාක් ගණප්‍රධාන වූවාහු සාර්‍ත්‍ථවාහයෝ ය යි කියනු ලබද්ද, සර්‍වඥයන් වහන්ස, ඔවුනට ඔබ අග්‍ර වන සේක. ඔහු ඔබවහන්සේට ම ඇතුළත් වෙත්.

4258. තව ඤාණෙන සබ‍්බඤ‍්ඤූ තාරෙසි ජනතං බහුං, තව දස‍්සනමාගම‍්ම දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සරෙ.

4258. සර්‍වඥයන් වහන්ස, ඔබ වහන්සේගේ නුවණ කරණකොට ගෙණ බොහෝ දෙන (සසර සයුරින්) එතෙර කරණ සේක. ඔහු ඔබවහන්සේගේ දර්‍ශනය නිසා දුක් කෙළවර කෙරෙත්.

4259. යෙ කෙචි මෙ ගන්‍ධජාතා ලොකෙ වායන‍්ති චක‍්ඛුම, තව ගන්‍ධසමො නත්‍ථි පුඤ‍්ඤක‍්ඛෙත‍්තෙ මහාමුනෙ.

4259. පසැස් ඇතියානන් වහන්ස, ලෙව්හි මේ යම්කිසි සුගන්‍ධ ජාතයෝ හමත් නම්, මහාමුනීන් වහන්ස, පින්කෙත්හි වූ ඔබගේ ගුණ සුවඳ වැනි අනික් සුවඳෙක් නැත.

4260. තිරච‍්ඡානයොනිං නිරයං පරිමොචෙසි චක‍්ඛුම, අසංඛතං පදං සන‍්තං දෙසෙසි ත්‍වං මහාමුනෙ.

4260. පසැස් ඇතියානන් වහන්ස, ඔබ තිරිසන් ගතිය ද, නිරය ද, දුරු කරණ සේක. මහාමුනීන් වහන්ස, ඔබ අසංස්කෘත වූ ශාන්තපදය හෙවත් නිවන දේශනා කරණ සේක. (කියා යි.)

4261. පදුමුත‍්තරො ලොකවිදූ ආහුතීනං පටිග‍්ගහො, භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා ඉමා ගාථා අභාසථ:

4261. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙම භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථා වදාළ සේක:

4262. “යො මෙ ඤාණං අපූජෙසි පසන‍්නො සෙහි පාණිහි, තමහං කිත‍්තයිස‍්සාමි සුණාථ මම භාසතො.

4262. “යමෙක් තෙම පහන්වූයේ සියතින් මාගේ සර්‍වඥතාඥානය පිදී ද, හේ (කවරෙක්දැයි) මම පවසන්නෙමි. පවසන්නා වූ මාගේ වචනය අසවු.

4263. තිංසකප‍්පසහස‍්සානි දෙවලොකෙ රමිස‍්සති, සහස‍්සක‍්ඛත‍්තුං රාජා ච චක‍්කවත‍්තී භවිස‍්සති.”

4263. (මෙතෙම) කල්ප තිස්දහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. දහස් වරක් සක්විති රජ වන්නේ ය” (කියා යි.)

4264. සුලද‍්ධලාභං ලද‍්ධොම‍්හි තොසයිත්‍වාන සුබ‍්බතං, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය විහරාමි අනාසවො.

4264. මම මනා ව්‍රත ඇති බුදුරජුන් තුටු කොට උතුම් ලාභයක් ලැබුයෙම් වෙමි. සියලු ආස්‍රවයන් ප්‍රහාණ කොට ආස්‍රව රහිත ව වෙසෙමි.

4265. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4265. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.

4266. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4266. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4267. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4267. සිවු පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා උදෙනො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මේ අයුරින් ආයුෂ්මත් උදේන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.

උදෙනත්‍ථෙරස‍්ස අපදානං දසමං.

උදේන ස්ථවිරාවදානය දසවැනි යි.

උද‍්දානං:

උද්දානය:

මෙත‍්තෙය්‍යො පුණ‍්ණකො ථෙරො මෙත‍්තගූ ධොතකො’පි ච, උපසීවො ච නන්‍දො ච හෙමකො සත‍්තමො තහිං තොදෙය්‍යො ජතුකණ‍්ණී ච උදෙනො ච මහායසො, තීණි ගාථාසතානෙත්‍ථ අසීති තීණි චුත‍්තරිං.

මෙත්තෙය්‍ය පුණ්ණකථේර මෙත්තගු ධෝතක සහ, උපසීව නන්‍ද හේමක තෝදෙය්‍ය ජතුකණ්ණී උදේන ද, ගී තෙසිය තෙ අසූවකින් එවග මෙහි කීයේ,

මෙත‍්තෙය්‍යවග‍්ගො එකචත‍්තාළීසතිමො.

මෙත්තෙය්‍යවර්‍ගය එක්සාළිස්වැනි යි.