411. භද්දාලිත්ථෙරාපදානං
411. භද්දාලිත්ථෙරාපදානං
411. භද්දාලි ස්ථවිරාවදානය
4268. සුමෙධො නාම සම්බුද්ධො අග්ගො කාරුණිකො මුනි, විවෙකකාමො ලොකග්ගො හිමවන්තමුපාගමි.
4268. මෝනෙය්‍යගුණ යුත් අග්‍රකාරුණික වූ ලොකාග්‍ර වූ සුමේධ නම් සර්වඥ තෙමේ විවෙක සුව කැමැත්තේ හිමවතට එළඹියේ ය.
4269. අජ්ඣොගහෙත්වා හිමවං සුමෙධො ලොකනායකො, පල්ලඞ්කමාභූජිත්වාන නිසීදි පුරිසුත්තමො.
4269. පුරුෂෝත්තම වූ සුමේධ නම් ලෝකනායක තෙම හිමවතට පිවිස පලක් බැඳ වැඩ හුන්නේ ය.
4270. සමාධිං සො සමාපන්නො සුමෙධො ලොකනායකො, සත්තරත්තින්දිවං බුද්ධො නිසීදි පුරිසුත්තමො.
4270. ලෝකනායක වූ ඒ සුමේධ බුදුරජ තෙම සමාධියට සමවැදුනේ ය. පුරුෂෝත්තම වූ සර්වඥ තෙම රෑ දාවල් සතක් (සතියක්) එසේ වැඩ හුන්නේ ය.
4271. ඛාරිකාජං ගහෙත්වාන වනමජ්ඣොගහිං අහං, තත්ථද්දසාසිං සම්බුද්ධං ඔඝතිණ්ණමනාසවං.
4271. පිරිකර කද ගෙණ මම වනයට පිවිසියෙමි. එහි දී චතුරෝඝයන් තරණය කළා වූ සම්බුදුරජුන් දිටිමි.
4272. සම්මජ්ජනිං ගහෙත්වාන සම්මජ්ජිත්වාන අස්සමං, චතුදණ්ඩෙ ථම්භිත්වාන අකාසිං මණ්ඩපං තදා.
4272. මුස්න ගෙණ අසපුව හැමද චතුදණ්ඩය (=එකට බැඳ සාදා ගත් දඬුසතර) සිටුවා එකල්හි මණ්ඩපයක් කෙළෙමි.
4273. සාලපුප්ඵං ආහරිත්වා මණ්ඩපං ඡාදයිං අහං, පසන්නචිත්තො සුමනො අභිවන්දිං තථාගතං.
4273. මම සල්මල් ගෙණවුත් මඩුව සෙවෙනි කෙළෙමි: පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුදුරජුන් වැන්දෙමි.
4274. යං වදන්ති සුමෙධොති භූරිපඤ්ඤං සුමෙධසං, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ.
4274. මහා ප්‍රාඥ වූ උතුම් නුවණැති යමකුට සුමේධ යයි කියත් ද, ඒ සුමේධ බුදුරජ තෙම භික්ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේ ය.
4275. බුද්ධස්ස ගිරමඤ්ඤාය සබ්බෙ දෙවා සමාගමුං, අසංසයං බුද්ධසෙට්ඨො ධම්මං දෙසෙති චක්ඛුමා.
4275. බුදුරජුන්ගේ හඬය යි දැන “නිසැකව ම පසැස් ඇති බුද්ධශ්‍රේෂ්ඨ තෙම දහම් දෙසා” ය යි දෙවියෝ රැස් වූහ.
4276. සුමෙධො නාම සම්බුද්ධො ආහුතීනං පටිග්ගහො, දෙවසඞ්ඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ.
4276. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ සුමේධ නම් සර්වඥ තෙමේ දිව්‍යසමූහයා මැද වැඩ හිඳ මේ ගාථාවන් වදාළේ ය.
4277. “යො මෙ සත්තාහං මණ්ඩපං ධාරයී සාලඡාදිතං, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
4277. “යමෙක් තෙම සල්මලින් සෙවෙනි කළ මඩුවක් සතියක් මුළුල්ලෙහි මා පිණිස දැරී ද, හේ (කවරෙක්දැයි) කියන්නෙමි. කියන්නා වූ මාගේ වචනය අසවු.
4278. දෙවභූතො මනුස්සො වා හෙමවණ්ණො භවිස්සති, පහූතභොගො හුත්වාන කාමභොගී භවිස්සති.
4278. මෙතෙම දෙවි වූයේ ද ස්වර්ණවර්ණ වන්නේ ය. සම්පූර්ණ භෝගසම්පත් ඇත්තේ ම කම්සුව අනුභව කරන්නෙක් වන්නේ ය.
4279. සට්ඨිනාගසහස්සානි සබ්බාලඞ්කාර භූසිතා, සුවණ්ණකච්ඡා මාතඞ්ගා හෙමකප්පනවාසසා.
4279-4280. ඇතුන්ගේ පා විදින තෝමර හා අකුසු ගත් අත් ඇති, ඇතරුවන් විසින් නගින ලද සියලු ආභරණයෙන් සරසන ලද සැට දහසක් ඇත්තු ද, හෙම් වැනි වත් හැඳ වූ රන්පොරොදු බැඳි ඇත්තු ද මේ මිනිස්හට උදේ සවස උවැටනට පැමිණෙන්නාහු ය. මේ මිනිස් තෙම ඒ ඇතුන් විසින් පිරිවරන ලදුව රමණය කරන්නේ ය.
4280. ආරූළ්හා ගාමණීයෙහි තොමරඞ්කුසපාණිභි, සායංපාතො උපට්ඨානං ආගමිස්සන්ති’මං නරං, තෙහි නාගෙහි පරිවුතො රමිස්සති අයං නරො.
4281. සට්ඨිඅස්සසහස්සානි සබ්බාලඞ්කාරභූසිතා, ආජානීයා ව ජානියා සින්ධවා සීඝවාහිනො.
4281-4282. කඩු හා දුනු දරන්නා වූ යෝධාජීවයන් විසින් නගින ලද ජාතියෙන් ම ආජානීය වූ ශීඝ්‍රගාමී වූ සියලු අබරණින් සරසන ලද සැට දහසක් සෛන්ධව අශ්වයෝ මොහු නිතර පිරිවරත්. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4282. ආරූළ්හා ගාමණීයෙහි ඉල්ලියාචාපධාරිහි, පරිවාරෙස්සන්තිමං නිච්චං බුද්ධපූජායිදං ඵලං.
4283. සට්ඨිරථසහස්සානි සබ්බාලඞ්කාරභූසිතා, දීපා අථොපි වෙය්යග්ඝා සන්නද්ධා උස්සිතද්ධජා.
4283-4284. දුනු ගත් අත් ඇති සන්නාහ සන්නද්ධ වූ යෝධාජීවයන් විසින් නගින ලද ඔසවන ලද ධජ ඇති සන්නද්ධ වූ දිවිසමින් වළඳන ලද රථ ද ව්‍යාඝ්‍රසමින් වළඳන ලද රථ දැ යි මෙසේ සර්වාලඞ්කාරයෙන් සරසන ලද සැට දහසක් රථයෝ මොහු නිතර පිරිවරන්නාහු ය. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
4284. ආරූළ්හා ගාමණීයෙහි චාපහත්ථෙහි වම්මිහි, පරිවාරෙස්සන්තිමං නිච්චං බුද්ධපූජායිදං ඵලං.
4285. සට්ඨිගාමසහස්සානි පරිපුණ්ණානි සබ්බසො, පහූතධනධඤ්ඤානි සුසමිද්ධානි සබ්බසො, සදා පාතුභවිස්සන්ති බුද්ධපූජායිදං ඵලං.
4285. සර්වාකාරයෙන් සම්පූර්ණ වූ ධනධාන්‍ය ඇති හැම අයුරින් ම මැනවින් සමෘද්ධ වූ සැට දහසක් ග්‍රාමයෝ හැම කල්හි පහළ වන්නාහු ය. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
4286. හත්ථි අස්සා රථා පත්තී සෙනා ච චතුරඞ්ගිනී, පරිවාරෙස්සන්තිමං නිච්චං බුද්ධපූජායිදං ඵලං.
4286. ඇත් අස් රිය පාබළ යන සිවුරඟ සෙනඟ මොහු නිතර පිරිවරත්. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4287. අට්ඨාරසෙ කප්පසතෙ දෙවලොකෙ රමිස්සති, සහස්සක්ඛත්තුං රාජා ච චක්කවත්තී භවිස්සති.
4287. (මෙ තෙම) අටළොස් සියක් කප් මුළුල්ලෙහි දෙව්ලොවෙහි සිත් අලවා වසන්නේ ය. දහස් වරක් සක්විති රජ වන්නේ ය.
4288. සතානං තීණික්ඛත්තුඤ්ච දෙවරජ්ජං කරිස්සති, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං.
4288. තුන්සිය වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. (මොහු ලබන) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
4289. තිංසකප්පසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
4289. මෙයින් තිස්දහස් වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදනා නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙම ලොව පහළ වන්නේ ය.
4290. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරිස්සතනාසවො”
4290. උන්වහන්සේගේ ධර්මයෙහි දායාද වූ ධර්මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධපුත්රයෙක් ව ආස්‍රව රහිත ව සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන වාසය කරන්නේ ය”
4291. තිංසකප්පසහස්සම්හි අද්දසං ලොකනායකං, එත්ථන්තරමුපාදාය ගවෙසිං අමතං පදං.
4291. මෙයින් කල්ප තිස් දහසකට පෙර ලෝකනායක වූ බුදුරජුන් දිටිමි. (එදින පටන් අද දක්වා) මේ අතුරෙහි අමෘතපදය - නිවන සෙවීමි.
4292. ලාභා මය්හං සුලද්ධං මෙ යමහඤ්ඤාසි සාසනං, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4292. යම් බුදුසසුනක් මම දැනගනිම් ද, එය මට ලාභයකි. මා විසින් එය මනා කොට ලබන ලදි. (මා විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ, බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4293. නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම, තව ඤාණං පකිත්තෙත්වා පත්තොම්හි අචලං පදං.
4293. පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. ඔබ වහන්සේගේ සර්වඥතාඥානයට පසසා අමෘතපදය හෙවත් නිවනට පැමිණියෙම් වෙමි.
4294. යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, සබ්බත්ථ සුඛිතො හොමි ඵලං මෙ ඤාණකිත්තනෙ,
4294. දෙවි වූ හෝ මිනිස් වූ හෝ යම් යම් භවයක උපදිම් නම් හැම තන්හි සුව ඇත්තෙම් වෙමි. සර්වඥතාඥානයට පැසසීමෙහි මේ විපාක යි.
4295. ඉදං පච්ඡිමකං මය්හං චරිමො වත්තතෙ භවො, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4295. මේ මාගේ පශ්චිම භවය යි. අවසන් භවය මේ පවතී. ඇතකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
4296. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4296. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4297. ස්වාගතං වන මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4297. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4298. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
4298. සිවු පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා භද්දාලි ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මේ අයුරින් ආයුෂ්මත් භද්දාලි ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
භද්දාලිත්ථෙරස්ස අපදානං පඨමං.
භද්දාලි ස්ථවිරාවදානය පළමුවැනි යි.