යෙදුමෙන් කියවන්න

412. එකඡත‍්තියත්‍ථෙරාපදානං

412. එකඡත‍්තියත්‍ථෙරාපදානං

412. ඒකඡත්තිය ස්ථවිරාවදානය

4299. චන්‍දභාගානදීතීරෙ අස‍්සමො සුකතො මම, සුසුද‍්ධපුලිනාකිණ‍්ණා පණ‍්ණසාලා සුමාපිතා.

4299. චන්‍ද්‍රභාගා නදීතීරයෙහි මට ආශ්‍රමයක් මැවින් කරණ ලදී. (එහි) සුදු වැල්ලෙන් ගැවසී ගත් පන්සලක් ද නිර්මිත කරණ ලදි.

4300. උත‍්තානකූලා නදිකා සුපතිත්‍ථා මනොරමා, මච‍්ඡකච‍්ඡපසම‍්පන‍්නා සුසුමාරනිසෙවිතා.

4300. එහි නො ගැඹුරු ඉවුරු ඇති මනා වූ තොට ඇති මනෝඥ වූ මස්කැසුබුවන්ගෙන් යුත් ‘සු - සු’ හඬ නගමින් දිය බුබුළු උඩට නංවන සුංසුමාරයන් විසින් සෙව්නා ලද කුඩා නදියක් විය.

4301. අච‍්ඡා මයූරා දීපී ච කරවීකා ච සාලිකා, කූජන‍්ති සබ‍්බදා එතෙ සොභයන‍්තා මම’ස‍්සමං.

4301. වලස්සු, මොණරු, දිවියෝ, කොවුලෝ, සැළලිහිණි යන මොහු හැම කල්හි මාගේ අසපුව හොබවමින් නාද කෙරෙත්.

4302. කොකිලා මඤ‍්ජුභාණී ච හංසා ච මධුරස‍්සරා, අභිකූජන‍්ති තෙ තත්‍ථ සොභයන‍්තා මමස‍්සමං.

4302. මිහිරි හඬ ඇති කොවුලෝ ද, මධුර ස්වර ඇති හංසයෝ ද, යන මොහු එහි මාගේ අසපුව හොබවමින් නාද කෙරෙත්.

4303. සීහා ව්‍යග‍්ඝා වරාහා ච චකා කොකතරච‍්ඡකා, ගිරිදුග‍්ගම‍්හි නාදෙන‍්ති සොභයන‍්තා මමස‍්සමං.

4303. සිංහ, ව්‍යාඝ්‍ර, හූරු, වෘක, කොක්නහ, කරබානා, වලස්සු ද මාගේ අසපුව හොබවමින් ගිරි දුර්‍ගයෙහි නාද කෙරෙත්.

4304. එණීමිගා ච සරභා භෙරණ‍්ඩා සූකරා බහූ, ගිරිදුග‍්ගම‍්හි නාදෙන‍්ති සොභයන‍්තා මමස‍්සමං.

4304. එණිමෘග, සරභ මෘග, කැනහිල්, හූරු ද මොහු බොහෝ දෙන මාගේ අසපුව හොබවමින් ගිරි දුර්‍ගයෙහි නාද කෙරෙත්.

4305. උද‍්දාලකා චම‍්පකා ච පාටලී සින්‍දුවාරකා, අතිමුත‍්තා අසොකා ච පුප‍්ඵන‍්ති මම අස‍්සමෙ.

4305. ඇසළ, සපු, පළොල්, නික, යොහොඹු, අසෝක - මේ වෘක්‍ෂයෝ මාගේ අසපුවෙහි පුෂ්පිත වූවාහු වෙත්.

4306. අඞ‍්කොලා යූථිකා චෙව සත‍්තලී බිම‍්බිජාලිකා, කණ‍්ණිකා කණිකාරා ච පුප‍්ඵන‍්ති මම අස‍්සමෙ.

4306. රුකඟුන, සීනිද්ද, සත්පෙති, දෑසමන්, බිඹුදැල්, කණ්ණික, කිණිහිරි මොහු මාගේ අසපුවෙහි පුෂ්පිත වූවාහු වෙත්.

4307. නාගා සාලා ච සළලා පුණ‍්ඩරීකෙත්‍ථ පුප‍්ඵිතා, දිබ‍්බගන්‍ධං සම‍්පවන‍්තා සොභයන‍්ති මමස‍්සමං.

4307. නා, සල්, හෙළ පියුම් මෙහි පිපියාහු දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.

4308. අජ‍්ජුනා අසනා චෙත්‍ථ මහානාමා ච පුප‍්ඵිතා, සාලා ච කඞ‍්ගුපුප‍්ඵා ච සොභන‍්ති මමස‍්සමං.

4308. කුබුක්, පියා, උක්, සල්, පුවඟු, මේ වෘක්‍ෂයෝ හටගත් මල් ඇත්තාහු මාගේ අසපුව හොබවත්.

4309. අම‍්බා ජම‍්බූ ච තිලකා නිම‍්බා ච සාලකල්‍යාණී, දිබ‍්බගන්‍ධං සම‍්පවන‍්තා සොභයන‍්ති මමස‍්සමං.

4309. අඹ, දඹ, මදට, කොසඹ, සල්කලණ, මේ වෘක්‍ෂයෝ දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.

4310. අසොකා ච කපිත්‍ථා ච භගිනිමාලෙත්‍ථ පුප‍්ඵිතා, දිබ‍්බගන්‍ධං සම‍්පවන‍්තා සොභයන‍්ති මමස‍්සමං.

4310. හෝපළු, ගිවුළු ද, භගිනිමාල, මොහු මෙහි පිපී ගියාහු දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.

4311. කදම‍්බා කදලී චෙව ඉසිමුග‍්ගා ච රොපිතා, ධුවං ඵලානි ධාරෙන‍්ති සොභයන‍්තා මමස‍්සමං.

4311. රෝපණය කරණ ලද කොළොම්, කෙසෙල්, එසේ ම ඍෂිමුද්ග (බොඩහමු) නම් ධාන්‍ය විශේෂය - මොහු මාගේ අසපුව හොබවමින් නිතර ඵල දරත්.

4312. හරීතකා ආමලකා අම‍්බා ජම‍්බූ විභීතකා, කොලා භල‍්ලාතකා බිල‍්ලා ඵලිනො මම අස‍්සමෙ,

4312. අරළු, නෙල්ලි, අඹ, ජම්බු, බුළු, ඩෙබර, බදුලු, බෙලි, මෙකී වෘක්‍ෂයෝ මාගේ අසපුවෙහි ඵල දරත්.

4313. අවිදූරෙ පොක‍්ඛරණී සුපතිත්‍ථා මනොරමා, මන්‍දාලකෙහි සඤ‍්ඡන‍්නා පදුමුප‍්පලකෙහි ච.

4313. (අසපුවට) නුදුරෙහි මනා වූ තොට ඇති මනෝඥ වූ හෙල්මැල්ලෙන් නොහොත් දිය කන්‍දරයෙන් හා විල්පලායෙන් ද, පියුම් හා උපුලින් ද ගැවසී ගත් පොකුණකි.

4314. ගබ‍්භං ගණ‍්හන‍්ති පදුමා අඤ‍්ඤෙ පුප‍්ඵන‍්ති කෙසරී, ඔපත‍්තකණ‍්ණිකා චෙව පුප‍්ඵන‍්ති මම අස‍්සමෙ.

4314. මාගේ අසපුවෙහි ඇතැම් පද්මයෝ කැකුළු ගැබ් ගණිත්. සෙසු රේණු සහිත පද්ම ද පිපෙත්. ඇතැම් විහිදුනු පත් ඇති පද්ම කර්ණිකාවෝ ද ප්‍රබෝධ වෙත්.

4315. පාඨීනා පාවුසා මච‍්ඡා වලජා මුඤ‍්ජරොහිතා, අච‍්ඡොදකම‍්හි විචරං සොභයන‍්ති මමස‍්සමං.

4315. පාඨින, පාවුස, වලජ, මුඤ්ජ, රෝහිත - මත්ස්‍යයෝ පැහැදි දියෙහි හැසිරෙමින් මාගේ අසපුව හොබවත්.

4316. නයිතා අම‍්බගන්‍ධී ච අනුකූලෙ ච කෙතකා, දිබ‍්බගන්‍ධං සම‍්පවන‍්තා සොභයන‍්ති මමස‍්සමං.

4316. නයිතා, අම්බගන්‍ධී මේ වෘක්‍ෂයෝ වාතය අනුව දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.

4317. මධූ භිසම‍්හා සවති ඛීරසප‍්පි මුලාළිහි, දිබ‍්බගන්‍ධං සම‍්පවන‍්තා සොභයන‍්ති මමස‍්සමං.

4317. නෙළුඹලින් මිහි ද නෙළුඹුදැලින් කිරි හා ගිතෙල් ද වැගිරේ. දිවසුවඳ ද විහිදුවමින් මාගේ අසපුව හොබවත්.

4318. පුලිනා සොභනා තත්‍ථ ආකිණ‍්ණා ජලසෙවිතා, ඔපුප‍්ඵා පුප‍්ඵිතා සෙන‍්ති සොභයන‍්තා මමස‍්සමං.

4318. එහි ජලයෙන් සෙව්නා ලද ආකීර්‍ණ වූ වැලිතලාවෝ ශෝභනය. උඩට නැගුනු පුෂ්පයෝ පිපී ගියාහු මාගේ අසපුව හොබවමින් පවතිත්.

4319. ජටාභාරෙන භරිතා අජිනුත‍්තරවාසනා, වාකචීරධරා සබ‍්බෙ සොභයන‍්ති මමස‍්සමං.

4319. අඳුන් දිවිසම් හැඳි ජටාභාරයෙන් බර වූ වැහැරි සිවුරු දරණ සියලු (තවුසෝ) මාගේ අසපුව හොබවත්.

4320. යුගමත‍්තමපෙක‍්ඛන‍්තා නිපකා සන‍්තවුත‍්තිනො, කාමභොගෙ අනපෙක‍්ඛා වසන‍්ති මම අස‍්සමෙ.

4320. වියදඬු පමණ දුර බලන්නා වූ ප්‍රාඥ වූ සන්හුන් පැවතුම් ඇති කම්සුව අනුභවයෙහි බලාපොරොත්තු නැති (තවුසෝ) මාගේ අසපුවෙහි වසත්.

4321. පරූළ‍්හකච‍්ඡනඛලොමා පඞ‍්කදන‍්තා රජස‍්සිරා, රජොජල‍්ලධරා සබ‍්බෙ වසන‍්ති මම අස‍්සමෙ.

4321. වැඩී ගිය කිසිලි නිය ලොම් ඇති මැලියම් සහිත දත් ඇති දූවිලි සහිත හිස් ඇති රජස් දැලි වැකුණු (සිරුරු ඇති) මේ සියලු තවුසෝ මාගේ අසපුවෙහි වෙසෙත්.

4322. අභිඤ‍්ඤාපාරමිප‍්පත‍්තා අන‍්තලික‍්ඛචරා ච තෙ, උග‍්ගච‍්ඡන‍්තා නභං එතෙ සොභයන‍්ති මමස‍්සමං.

4322. අභිඥාවන්ගේ පරතෙරට පැමිණි අහසෙහි හැසිරෙන්නා වූ ඒ මේ තවුසෝ අහසට නගිමින් මාගේ අසපුව හොබවත්.

4323. තෙහි සිස‍්සෙහි පරිවුතො වසාමි විපිනෙ තදා, රත‍්තින්‍දිවං න ජානාමි සදා ඣානසමප‍්පිතො.

4323. එකල්හි මම ඒ ශිෂයයන් විසින් පිරිවරන ලදුයෙම් මහ වෙනෙහි වසමි. හැම කල්හි ධ්‍යානයට සමවැදුනෙම් රෑදාවල් නො දනිමි.

4324. භගවා තම‍්හි සමයෙ අත්‍ථදස‍්සී මහාමුනි, තමන්‍ධකාරං නාසෙන‍්තො උප‍්පජ‍්ජි ලොකනායකො.

4324. එසමයෙහි ලෝකනායක වූ භාග්‍යවත් වූ අත්‍ථදස්සී බුදුරජ තෙම ඝනාන්‍ධකාරය දුරු කරමින් ලොව පහළ විය.

4325. අථ අඤ‍්ඤතරො සිස‍්සො ආගච‍්ඡි මම සන‍්තිකං, මන‍්තෙ අජ‍්ඣෙතුකාමො සො ඡළඞ‍්ගං නාමලක‍්ඛණං.

4325. ඉක්බිති එක්තරා ශිෂ්‍යයෙක් මාගේ සමීපයට පැමිණියේ ය. හෙතෙම මන්ත්‍රයන් ද ෂඩඞ්ගය හා නාම ලක්‍ෂණයන් ද හදාරනු කමැත්තේ ය.

4326. බුද‍්ධො ලොකෙ සමුප‍්පන‍්නො අත්‍ථදස‍්සී මහාමුනි, චතුසච‍්චං පකාසෙන‍්තො දෙසෙති අමතං පදං.

4326. “මහාමුනි වූ අත්‍ථදස්සී බුදුරජ තෙම ලොව පහළ විය. (උන්වහන්සේ) චතුස්සත්‍යය පවසමින් අමෘතපදය වූ නිවණ දේශනා කරණ සේක.” (හේ කීය.)

4327. තුට‍්ඨහට‍්ඨො පමුදිතො ධම‍්මන‍්තරගතාසයො, අස‍්සමා අභිනික‍්ඛම‍්ම ඉමං වචනමබ්‍රවිං:

4327. මම තුටු පහටු වූයෙම් ප්‍රමුදිත වූයෙමි ධර්‍මාන්තරගත සිත් ඇත්තෙම් අසපුවෙන් නික්ම මේ වචනය කීමි:

4328. “බුද‍්ධො ලොකෙ සමුප‍්පන‍්නො බත‍්තිංසවරලක‍්ඛණො, හථ සබ‍්බෙ ගමිස‍්සාම සම‍්මාසම‍්බුද‍්ධසන‍්තිකං.”

4328. “දෙතිස් මහපුරිස් ලකුණින් යුත් බුදුරජ තෙම ලොව පහළ වීය. සියල්ලෝ එවු. සම්බුදුරජුන් වෙත යන්නෙමු” කියා යි.

4329. ඔවාදපටිකරා තෙ සද‍්ධම‍්මෙ පාරමිඞ‍්ගතා, සාධූ’ති සම‍්පටිච‍්ඡිංසු උත‍්තමත්‍ථං ගවෙසකා.

4329. සදහම් පරතෙරට ගිය අවවාදයට අනුව කටයුතු කරණ උත්තමාර්‍ත්‍ථය සොයන්නා වූ ඔහු යහපතැ යි එය පිළිගත්තාහු ය.

4330. ජටාභාරභරිතා තෙ අජිනුත‍්තරවාසිනො, උත‍්තමත්‍ථං ගවෙසන‍්තො නික‍්ඛමිංසු වනා තදා.

4330. ජටාබරින් බර වූ අඳුන් දිවිසම් හඳින ඔහු උත්තමාර්‍ත්‍ථය වූ නිවන සොයමින් එකල්හි වනයෙන් නික්මුණාහු ය.

4331. භගවා තම‍්හි සමයෙ අත්‍ථදස‍්සී මහායසො, චතුසච‍්චං පකාසෙන‍්තො දෙසෙති අමතං පදං.

4331. එසමයෙහි මහත් යශස් ඇති අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේ සිවුසස් පවසමින් අමෘතපදය වූ නිවන දේශනා කරණ සේක.

4332. සෙතච‍්ඡත‍්තං ගහෙත්‍වාන බුද‍්ධසෙට‍්ඨස‍්ස ධාරයිං, එකාහං ධාරයිත්‍වාන බුද‍්ධසෙට‍්ඨමවන්‍දහං.

4332. මම ශ්වේතච්ඡත්‍රය ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දැරීමි. එක් දවසක් මුළුල්ලෙහි දරා බුද්ධශ්‍රේෂ්ඨයන් වැන්දෙමි.

4333. අත්‍ථදස‍්සී තු භගවා ලොකජෙට‍්ඨො නරාසභො, භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා ඉමා ගාථා අභාසථ:

4333. ලෝකජ්‍යේෂ්ඨ වූ අත්‍ථදස්සී භාග්‍යවත් තෙමේ භික්‍ෂු සඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේ ය:

4334. “යො මෙ ඡත‍්තමධාරෙසි පසන‍්නො සෙහි පාණිහි, තමහං කිත‍්තයිස‍්සාමි සුණාථ මම භාසතො.

4334. “යමෙක් තෙම පැහැදුනේ සියතින් ඡත්‍රයක් දැරී ද, හේ (කවරෙක්දැයි) මම කියන්නෙමි. කියන්නා වූ මගේ වචනය අසවු.

4335. ඉමස‍්ස ජායමානස‍්ස දෙවත‍්තෙ අථ මානුසෙ, ධාරෙස‍්සති සදා ඡත‍්තං ඡත‍්තදානස‍්සිදං ඵලං.

4335. දිවත්බවක හෝ මිනිසත්බවක හෝ උපදින්නා වූ මොහුට හැම කල්හි ඡත්‍රයක් දරන්නේ ය. ඡත්‍රදානයාගේ මේ විපාක යි.

4336. සත‍්තසත‍්තතිකප‍්පානි දෙවලොකෙ රමිස‍්සති, සහස‍්සක‍්ඛත‍්තුං රාජා ච වක‍්කවත‍්තී භවිස‍්සති.

4336. මෙතෙම සත්සැත්තෑ කපක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. දහස් වරක් සක්විතිරජ වන්නේ ය.

4337. සත‍්තසත‍්තතික‍්ඛත‍්තුඤ‍්ච දෙවරජ‍්ජං කරිස‍්සති, පදෙසරජ‍්ජං විපුලං ගණනාතො අසඞ‍්ඛියං.

4337. සත්සැත්තෑ වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. (ලබන) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නොහැකිය.

4338. අට‍්ඨාරසෙ කප‍්පසතෙ ගොතමො සක්‍යපුඞ‍්ගවො, තමන්‍ධකාරං නාසෙන‍්තො උප‍්පජ‍්ජිස‍්සති චක‍්ඛුමා.

4338. අටළොස් සිය වන (එක්දහස් අටසිය වන) කපෙහි පසැස් ඇත්තා වූ ශාක්‍යකුල ශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජ තෙමේ ගනඳුරු නසමින් පහළ වන්නේ ය.

4339. තස‍්ස ධම‍්මෙසු දායාදො ඔරසො ධම‍්මනිම‍්මිතො, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය විහරිස‍්සතනාසවො.”

4339. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදව ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි ඖරස බුද්ධපුත්‍රයෙක් ව සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිත ව වසන්නේ ය” (කියා යි.)

4340. යතො අහං කම‍්මමකං ඡත‍්තං බුද‍්ධස‍්ස ධාරයං, එත්‍ථන‍්තරෙ න ජානාමි සෙතච‍්ඡත‍්තං අධාරිතං.

4340. යම් තැනෙක පටන් කොට මම බුදුරජුන්හට ඡත්‍රයක් දරමින් කුශල කර්‍මයක් කෙළෙම් ද, (එතැන් පටන් අද තෙක්) මේ අතරෙහි ශ්වෙච්ඡත්‍ර නො දරන ලද භවයක් නො දනිමි.

4341. ඉදං පච‍්ඡිමකං මය‍්හං චරිමො වත‍්තතෙ භවො, ඡත‍්තධාරණමජ‍්ජාපි වත‍්තතෙ නිච‍්චකාලිකං.

4341. මේ මාගේ පශ්චිම භවය යි. අන්තිම භවය දැන් පවතී. අදත් මට නිත්‍යකාලික ඡත්‍රධාරණය පවතී.

4342. අහො මෙ සුකතං කම‍්මං අත්‍ථදස‍්සිස‍්ස තාදිනො, සබ‍්බාසවපරික‍්ඛීණො නත්‍ථි’දානි පුනබ‍්භවො.

4342. තාදීගුණ ඇති අත්‍ථදස්සී බුදුරජුන්හට මා විසින් මැනැවින් කරණ ලද ඒ කර්‍මය ආශ්චර්‍ය්‍යයෙකි. සියලු ආස්‍රව ක්‍ෂීණ විය. දැන් නැවත ඉපදීමෙක් නැත.

4343. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4343. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.

4344. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4344. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සමීපයට මාගේ පැමිණීම යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4345. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4345. සිවු පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා එකඡත‍්තියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මේ අයුරින් ආයුෂ්මත් ඒකඡත්තිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

එකඡත‍්තියත්‍ථෙරස‍්ස අපදානං දුතියං.

ඒකඡත්තිය ස්ථවිරාවදානය දෙවැනි යි.