යෙදුමෙන් කියවන්න

413. තිණසූලකඡදනියත්‍ථෙරාපදානං

413. තිණසූලකඡදනියත්‍ථෙරාපදානං

413. තිණසූලකඡදනිය ස්ථවිරාවදානය

4346. ජාතිජරඤ‍්ච මරණං පච‍්චවෙක‍්ඛිං අහං තදා, එකතො අභිනික‍්ඛම‍්ම පබ‍්බජිං අනගාරියං.

4346. මම එකල්හි ජාති ජරා මරණ සිහි කෙළෙමි. එකලාව ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදි වීමි.

4347. චරමානො’ නුපුබ‍්බෙන ගඞ‍්ගාතීර මුපාගමිං, තත්‍ථද‍්දසාසිං පඨවිං ගඞ‍්ගාතීරෙ සමුන‍්නතං.

4347. පිළිවෙළින් හැසිරෙන්නෙම් ගංතෙරට එළඹියෙමි. එහි ගංතෙරෙහි උස්ව ගිය පොළොවක් දිටිමි.

4348. අසස‍්මං තත්‍ථ මාපෙත්‍වා වසාමි අස‍්සමෙ අහං, සුකතො චඞ‍්කමො මය‍්හං නානාදිජගණායුතො.

4348. මම එහි අසපුවක් සාදා ගෙණ ඒ අසපුවෙහි වසමි. මැනැවින් කරණ ලද මාගේ අසපුව නොයෙක් පක්‍ෂි සමූහයාගෙන් යුක්තය.

4349. මමුපෙන‍්ති ච විස‍්සත්‍ථා කූජන‍්ති ච මනොහරං, රමමානො සහ තෙහි වසාමි අස‍්සමෙ අහං.

4349. (ඒ පක්‍ෂීහු) විශ්වාස ඇත්තාහු මා වෙත එළඹෙත්. මනහර ලෙස නාද කෙරෙත්. මම ඔවුන් සමග තුටු වෙමින් අසපුවෙහි වෙසෙමි.

4350. මම අස‍්සමසාමන‍්තා මිගරාජා චතුක‍්කමො, ආසයා අභිනික‍්ඛම‍්ම ගජ‍්ජි සො අසනී විය.

4350. මාගේ අසපුව හාත්පස සිවුදිගින් යනු සමත් ඒ මෘගරාජ තෙම ගුහාවෙන් නික්ම හෙන (පුපුරන්නාක්) මෙන් ගර්‍ජනා කෙළේ ය.

4351. නදිතෙ මිගරාජෙ ච හාසො මෙ උපපජ‍්ජථ, මිගරාජං ගවෙසන‍්තො අද‍්දසං ලොකනායකං.

4351. මෘගරාජයා ගර්‍ජනය කළ කල්හි මට හර්‍ෂයෙක් විය. මෘගරාජයා සොයනෙම් ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.

4352. දිස‍්වානහං දෙවදෙවං තිස‍්සං ලොකග‍්ගනායකං, හට‍්ඨො හට‍්ඨෙන චිත‍්තෙන පූජයිං නාගකෙසරං.

4352. මම දේවාතිදේව වූ තිස්ස බුදුරජුන් දැක සතුටු වූයෙම් සතුටු සිතින් ම නාගකේසර (=නාමල් රේණු) පිදීමි.

4353. උග‍්ගච‍්ඡන‍්තංව සුරියං සාලරාජංව පුප‍්ඵිතං, ඔසධිංව විරොචන‍්තං සන්‍ථවිං ලොකනායකං.

4353. උදාවන හිරු වැනි වූ පිපුනු උතුම් සල් රුකක් වැනි වූ බබලන ඕසධීතාරකාවක් වැනි වූ ලෝකනායක බුදුරජුන්හට ස්තූති කෙළෙමි.

4354. තව ඤාණෙන සබ‍්බඤ‍්ඤූ මොචෙසි’මං සදෙවකං, තවං ආරාධයිත්‍වාන ජාතියා පරිමුච‍්චරෙ.

4354. සර්‍වඥයන් වහන්ස, ඔබ වහන්සේගේ ඤාණයෙන් මේ දෙවියන් සහිත ලෝකයා (සසරින්) මිදුවෙහි. ඔබවහන්සේ සතුටු කොට (ඔහු) මේ ජාති සංසාරයෙන් මිදෙත්.

4355. අදස‍්සනෙන සබ‍්බඤ‍්ඤූ බුද‍්ධානං සබ‍්බදස‍්සිනං, පතන‍්ත්‍යවීචිනිරයං රාගදොසෙහි ඔඵුටා.

4355. සර්‍වදර්ශී වූ සර්‍වඥ බුදුවරයන්ගේ නො දැකීමෙන් රාද්වෙෂයන්ගෙන් පැතිරී ගිය සත්ත්‍වයෝ අවීචිනිරයෙහි වැටෙති.

4356. තව දස‍්සනමාගම‍්ම සබ‍්බඤ‍්ඤූ ලොකනායක, පමුච‍්චන‍්ති භවා සබ‍්බෙ ඵුසන‍්ති අමතං පදං.

4356. සර්‍වඥයන් වහන්ස, ලෝකනායකයන් වහන්ස, ඔබ වහන්සේගේ දර්‍ශනය නිසා සියල්ලෝ භවයෙන් මිදෙත්. අමෘත පදය වූ නිවන ස්පර්‍ශ කෙරෙත්.

4357. යදා බුද‍්ධා චක‍්ඛුමන‍්තො උප‍්පජ‍්ජන‍්ති පභඞ‍්කරා, කිලෙසෙ ඣාපයිත්‍වාන ආලොකං දස‍්සයන‍්ති තෙ.

4357. යම් කලෙක්හි පසැස් ඇති ආලෝකවත් වූ බුදුවරයෝ ලොව උපදිත් ද, ඔහු කෙලෙස් දවා ආලෝකය දක්වත්.

4358. කිත‍්තයිත්‍වාන සම‍්බුද‍්ධං තිස‍්සං ලොකග‍්ගනායකං, හට‍්ඨො හට‍්ඨෙන චිත‍්තෙන තිණසූලං අපූජයිං.

4358. මෙසේ ලෝකාග්‍රනායක වූ තිස්ස බුදුරජුන්හට ස්තූති කොට සතුටු වූයෙම් සතුටු සිතින් බෝලිද් ද (මල්) පිදීමි.

4359. මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය තිස‍්සො ලොකග‍්ගනායකො, සකාසනෙ නිසීදිත්‍වා ඉමා ගාථා අභාසථ:

4359. ලෝකාග්‍රනායක වූ තිස්ස බුදුරජ තෙමේ මාගේ අදහස දැන සිය අසුනෙහි වැඩ හිඳ මේ ගාථාවන් වදාළේ ය.

4360. “යො මං පුප‍්ඵෙහි ඡාදෙසි පසන‍්නො සෙහි පාණිහි, තමහං කිත‍්තයිස‍්සාමි සුණාථ මම භාසතො.

4360. “යමෙක් තෙම පහන් සිතැත්තේ සියතින් ම මා මල්වලින් වැසී (පිදී) ද, මම හේ කවරෙක්දැ යි කියන්නෙමි. කියන්නා වූ මාගේ වචනය අසවු.

4361. පඤ‍්චවීසතික‍්ඛත‍්තුං සො දෙවරජ‍්ජං කරිස‍්සති, පඤ‍්චසත‍්තතික‍්ඛත‍්තුඤ‍්ච චක‍්කවත‍්තී භවිස‍්සති.

4361. හෙතෙම පස්විසිවරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. පන්සැත්තෑවරක් සක්විතිරජ වන්නේ ය.

4362. පදෙසරජ‍්ජං විපුලං ගණනාතො අසංඛියං, තස‍්ස කම‍්මස‍්ස නිස‍්සන්‍දො පුප‍්ඵානං පූජනාය ච.

4362. (ලබන) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකිය. මේ පුෂ්ප පූජාවෙන් වූ ඒ කර්‍මයාගේ ඵලය යි.

4363. සීසං නහාතො ච’යං පොසො පුප‍්ඵමාකඞ‍්ඛතෙ යදි, පුඤ‍්ඤකම‍්මෙන සංයුත‍්තො පුරතො පාතුභවිස‍්සති.

4363. පුණ්‍යකර්‍මයෙන් යුක්ත වූ මේ පුරුෂ තෙමේ හිස නෑවේ ඉදින් මල් කැමති වේ නම් එය ඉදිරියෙහි පහළ වන්නේ ය.

4364. යං යං ඉච‍්ඡති කාමෙහි තං තං පාතුභවිස‍්සති, සංකප‍්පං පරිපූරෙත්‍වා නිබ‍්බායිස‍්සතනාසවො.”

4364. කාමවස්තූන්ගෙන් යමක් යමක් කැමති වේ ද, ඒ ඒ දැය පහළ වන්නේ ය. අදහස සම්පූර්‍ණ කොට ආස්‍රව රහිතව පිරිනිවන් පානේ ද වන්නේ ය.

(අට‍්ඨාරසමං භාණවාරං.)

(අටළොස් වැනි බණවර යි.)

4365. කිලෙසෙ ඣාපයිත්‍වාන සම‍්පජානො පතිස‍්සතො, එකාසනෙ නිසීදිත්‍වා අරහත‍්තමපාපුණිං.

4365. කෙලෙස් දවා සම්‍යක් ප්‍රඥාවෙන් හා සිහියෙන් යුක්තවූයෙම් ඒ අසුනෙහි ම හිඳ රහත්බවට පැමිණියෙමි.

4366. චඞ‍්කමන‍්තො නිපජ‍්ජන‍්තො නිසින‍්නො උදවා ඨිතො, බුද‍්ධසෙට‍්ඨං සරිත්‍වාන විහරාමි අහං සදා.

4366. මම හැම කල්හි සක්මන් කරමින් ද, නිදමින් ද, හිඳිමින් ද, යලි සිටිමින් ද බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ ගැණ ම සිතා වසමි.

4367. චීවරෙ පිණ‍්ඩපාතෙ ච පච‍්චයෙ සයනාසනෙ, තත්‍ථ මෙ ඌනතා නත්‍ථි බුද‍්ධපූජායිදං ඵලං.

4367. චීවර පිණ්ඩපාත ගිලානප්‍රත්‍යය සයනාසන යන මේ සිවු පසයෙහි මට අඩුබවක් නැත. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

4368. සො’දානි පත‍්තො අමතං සන‍්තං පදමනුත‍්තරං, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය විහරාමි අනාසවො.

4368. ඒ මම දැන් අමෘත වූ ශාන්ත වූ නිරුත්තර පදය වූ නිවනට පැමිණියෙම් වෙමි. සියලු ආස්‍රවයන් ප්‍රහාණ කොට ආස්‍රව රහිතව වෙසෙමි.

4369. ද‍්වෙනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

4369. මෙයින් දෙයානූ වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

4370. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4370. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

4371. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4371. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4372. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4372. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා තිණසූලකඡදනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මේ අයුරින් ආයුෂ්මත් තිණසුලකඡදනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.

තිණසූලකඡදනියත්‍ථෙරස‍්ස අපදානං තතියං.

තිණසූලකඡදනිය ස්ථවිරාවදානය තෙවැනි යි.