414. මධුමංසදායකත්‍ථෙරාපදානං
414. මධුමංසදායකත්‍ථෙරාපදානං
414. මධුමංසදායක ස්ථවිරාවදානය
4373. නගරෙ බන්‍ධුමතියා සූකරිකො අහොසහං, උක‍්කොටකං රන්‍ධයිත්‍වා මධු මංසම‍්හි ඔකිරිං.
4373. මම බන්‍ධුමතී නගරයෙහි හුරුවැද්දෙක් වීමි. කැවුතු පපුමස් පිස ඒ මසෙහි මීපැණි වත් කෙළෙමි.
4374. සන‍්නිපාතං අහං ගන‍්ත්‍වා එකං පත‍්තං ගහෙසහං, පූරයිත්‍වාන තං පත‍්තං භික‍්ඛුසඞ‍්ඝස‍්ස’දාසහං.
4374. මම භික්‍ෂූන් රැස් වන (ශාලාවට) ගොස් එක් පාත්‍රයක් ගතිමි. මම ඒ පාත්‍රය මසින් පුරා භික්‍ෂුසඞ්ඝයාට දුනිමි.
4375. යො’ත්‍ථ ථෙරතරො භික‍්ඛු නිය්‍යාදෙසි මමං තදා, ඉමිනා පත‍්තපූරෙන ලභස‍්සු විපුලං සුඛං.
4375. යමෙක් මේ භික්‍ෂුපිරිසෙහි වෘද්ධතර ස්ථවිර වී ද, හේ මට පින් දුන්නේ ය. “පාත්‍රය පුරවා දුන් මේ දනින් මහත් සුව ලබාවා.”
4376. ද‍්වෙසම‍්පත‍්තියො භුත්‍වා සුක‍්කමූලෙන චොදිතො, පච‍්ඡිමෙ වත‍්තමානම‍්හි කිලෙසෙ ඣාපයිස‍්සති.
4376. මේ කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ (දිව්‍ය මනුෂ්‍ය) ද්විවිධ සම්පත් අනුභව කොට අන්තිම භවය පවත්නා කල්හි ක්ලේශයන් දවන්නේ ය” (කියායි.)
4377. තත්‍ථ චිත‍්තං පසාදෙත්‍වා තාවතිංසං අගච‍්ඡහං, තත්‍ථ භුත්‍වා පිවිත්‍වා ච ලභාමි විපුලං සුඛං.
4377. මම එහි හිත පහදවා තව්තිසාවට (උත්පත්ති වශයෙන්) ගියෙමි. එහි (දිවබොජුන්) අනුභව කොට (දිවපැන්) පානය කොට මහත් වූ සුව ලබමි.
4378. මණ‍්ඩපෙ රුක‍්ඛමූලෙ වා පුබ‍්බකම‍්මං අනුස‍්සරිං, අන‍්නපානාභිවස‍්සො මෙ අභිවස‍්සති තාවදෙ.
4378. මඩුවෙක්හි හෝ රුක්මුලක හෝ (හිඳ) පූර්‍වකර්‍මය සිහි කෙළෙම් ද, එකෙණෙහි මට ආහාර පාන වැසි වසී.
4379. ඉදං පච‍්ඡිමකං මය‍්හං චරිමො වත‍්තතෙ භවො, ඉධාපි අන‍්නපානං මෙ වස‍්සතෙ සබ‍්බකාලිකං.
4379. මේ මාගේ පශ්චිම භවය යි. අන්තිම භවය පවතී. මෙහි දු මට හැම කල්හි ආහාර පාන (වැසි) වසී.
4380. තෙනෙව මංසදානෙන සන්‍ධාවිත්‍වා භවෙ අහං, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය විහරාමි අනාසවො.
4380. මම ඒ මාංසදානය කරණ කොට ගෙණ භවයෙහි සැරිසරා සියලු ආස්‍රවයන් ප්‍රහාණ කොට ආස්‍රව රහිතව වෙසෙමි.
4381. එකනවුතෙ ඉතො කප‍්පෙ යං දානමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි මධුදානස‍්සිදං ඵලං.
4381. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මධුදානයාගේ මේ විපාක යි.
4382. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.
4382. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
4383. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.
4383. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4384. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.
4384. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්‍ථං සුදං ආයස‍්මා මධුමංසදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මේ අයුරින් ආයුෂ්මත් මධුමංසදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
මධුමංසදායකත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.
මධුමංසදායක ස්ථවිරාවදානය සිවුවැනි යී.