යෙදුමෙන් කියවන්න

415. නාගපල‍්ලවකත්‍ථෙරාපදානං

415. නාගපල‍්ලවකත්‍ථෙරාපදානං

415. නාගපල්ලවක ස්ථවිරාවදානය

4385. නගරෙ බන්‍ධුමතියා රාජුය්‍යානෙ වසාමහං, මම අස‍්සමසාමන‍්තා නිසීදි ලොකනායකො.

4385. මම බන්‍ධුමතී නගරයෙහි රජඋයනෙහි වෙසෙමි. මාගේ අසපුව සමීපයෙහි ලෝකනායක වූ බුදුරජහු වැඩහුන් සේක.

4386. නාගපල‍්ලවමාදාය බුද‍්ධස‍්ස අභිරොපයිං, පසන‍්නචිත‍්තො සුමනො සුගතං අභිවාදයිං.

4386. මම නාදලු ගෙණ බුදුරජුන් පිදීමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් තථාගතයන් වහන්සේට වැන්දෙමි.

4387. එකනවුතෙ ඉතො කප‍්පෙ යං පල‍්ලවමපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

4387. මෙයින් එක් අනූවන කපෙහි යම් නාදලු පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යී.

4388. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගො’ව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4388. ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.

4389. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සෙ විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4389. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4390. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4390. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා නාගපල‍්ලවකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මේ අයුරින් ආයුෂ්මත් නාගපල්ලවක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.

නාගපල‍්ලවකත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

නාගපල්ලවක ස්ථවිරාවදානය පස්වැනි යි.