යෙදුමෙන් කියවන්න

416. එකදීපියත්‍ථෙරාපදානං

416. එකදීපියත්‍ථෙරාපදානං

416. ඒකදීපිය ස්ථවිරාවදානය

4391. පරිනිබ‍්බුතම‍්හි සුගතෙ සිද‍්ධත්‍ථෙ ලොකනායකෙ, සදෙවමානුසා සබ‍්බෙ පූජෙන‍්ති දිපදුත‍්තමං.

4391. ලෝකනායක වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි සියලු දිව්‍යමනුෂ්‍යයෝ බුදුරජුන්හට පූජා කෙරෙත්.

4392. ආරොපිතෙ ච චිතකෙ සිද‍්ධත්‍ථෙ ලොකනායකෙ, යථාසකෙන ථාමෙන චිතං පූජෙන‍්ති සත්‍ථුනො.

4392. සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්ගේ (දේහය) චිතකයට නැගූ කල්හි සියල්ලෝ තමන්ට හැකි පමණින් ශාස්තෲන් වහන්සේගේ චිතකය පුදත්.

4393. අවිදූරෙ චිතකස‍්ස දීපමුජ‍්ජාලයිං අහං, යාව උදෙති සුරියො දීපං මෙ තාව උජ‍්ජලි.

4393. මම් ඒ චිතකයට නුදුරෙහි පහනක් දැල්වීමි. මාගේ පහන හිරු උදාවන තුරු ම දැල්වුනේ ය.

4394. තෙන කම‍්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසමගච‍්ඡහං.

4394. මම මැනවින් කරණ ලද එම කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.

4395. තත්‍ථ මෙ සුකතං ව්‍යම‍්හං එකදීපිති ඤායති, දීපසතසහස‍්සානි ව්‍යම‍්හෙ පජ‍්ජලරෙ මම.

4395. එහි මට කරණ ලද (=මැවුනු) විමානය “එකදීපී” යි කියනු ලැබේ. මාගේ විමනෙහි දස දහසක් ප්‍රදීපයෝ දැල්වෙත්.

4396. උදයන‍්තොව සුරියො දෙහො මෙ ජොතතෙ සදා, සබ‍්බභාහි සරීරස‍්ස ආලොකො හොති මෙ සදා.

4396. හැම කල්හි මාගේ සිරුර උදාවන හිරු මෙන් බබලයි. මාගේ ශරීරප්‍රභා කරණ කොට ගෙණ හැම කල්හි ආලොකය වේ.

4397. තිරොකුඩ‍්ඩං තිරොසෙලං සසමතිග‍්ගය‍්හං පබ‍්බතං, සමන‍්තා යොජනසතං පස‍්සාමි චක‍්ඛුනා අහං.

4397. මම පවුරු සරස ද, ගල් සරස ද, පර්‍වත ද සම්පූර්‍ණයෙන් විනිවිද සියැසින් හාත්පස යොදුන් සියයක් දකිමි.

4398. සත‍්තසත‍්තතික‍්ඛත‍්තුඤ‍්ච දෙවලොකෙ රමිං අහං, එකතිංසතික‍්ඛත‍්තුඤ‍්ච දෙවරජ‍්ජමකාරයිං.

4398. මම සත්සැත්තෑ වරක් දෙව්ලොවෙහි සිත් අලවා විසීමි. එක්තිස්වරක් දිව්‍ය රාජ්‍යය කෙළෙමි.

4399. අට‍්ඨිවීසතික‍්ඛත‍්තුඤ‍්ච චක‍්කවත‍්තී අහොසහං, පදෙසරජ‍්ජං විපුලං ගණනාතො අසංඛියං.

4399. මම අටවිසි වරක් සක්විතිරජ වීමි. (ලබන ලද) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි යි.

4400. දෙවලොකා චවිත්‍වාන නිබ‍්බත‍්තිං මාතුකුච‍්ඡියං, මාතුකුච‍්ඡිගතස‍්සාපි අක‍්ඛි මෙ න නිමීලති.

4400. දෙව්ලොවින් චුතව මවුකුසෙහි උපන්මි. මවුකුසට පැමිණියාවූ ද මාගේ ඇස් නො පිය වේ. (=ඇසිපිය නො වැටේ.)

4401. ජාතියා චතුවස‍්සොහං පබ‍්බජිං අනගාරියං, අඩ‍්ඪමාසෙ අසම‍්පත‍්තෙ අරහත‍්තමපාපුණිං.

4401. උත්පත්තියෙන් සිවුවස් වූ මම අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදි වීමි. (පැවිදිව) අඩ මසක් පිරෙන්නට පෙර රහත්බවට පැමිණියෙමි.

4402. දිබ‍්බචක‍්ඛුං විසොධෙසිං භවා සබ‍්බෙ සමූහතා, සබ‍්බෙ කිලෙසා සඤ‍්ඡින‍්නා එකදීපස‍්සිදං ඵලං.

4402. දිවැස පිරිසිදු කෙළෙමි. සියලු භවයෝ නසන ලදහ. සියලු ක්ලේශයෝ සිඳින ලදහ. එක පහනක් පිදීමෙහි මේ විපාක යි.

4403. තිරොකුඩ‍්ඩං තිරොසෙලං පබ‍්බතඤ‍්චාපි කෙවලං, සමතික‍්කම‍්ම පස‍්සාමි එකදීපස‍්සිදං ඵලං.

4403. පවුරු සරස ද ගල් සරස ද හුදු පර්‍වතය ද, විනිවිද දකිමි. එක පහනක් පිදීමෙහි මේ විපාක යි.

4404. විසමා මෙ සමා හොන‍්ති අන්‍ධකාරො න විප‍්පති, නාහං පස‍්සාමි තිමිරං එකදීපස‍්සිදං ඵලං.

4404. මට විෂමස්ථානයෝ සම වෙති. අඳුරක් නො මැත. මම ඝනාන්‍ධකාරයක් නො දකිමි. එක පහනක් පිදීමෙහි මේ විපාක යි.

4405. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං දීපමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි දීපදානස‍්සිදං ඵලං.

4405. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් පහනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ප්‍රදීපදානයාගේ මේ විපාක යි.

4406. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4406. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ අනාස්‍රව ව වෙසෙමි.

4407. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4407. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

4408. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4408. සිවු පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා එකදීපියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මේ අයුරින් ආයුෂ්මත් ඒකදීපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

එකදීපියත්‍ථෙරස‍්ස අපදානං ඡට‍්ඨං.

ඒකදීපිය ස්ථවිරාවදානය සවැනි යි.