යෙදුමෙන් කියවන්න

417. උච‍්ඡඞ‍්ගපුප‍්ඵියත්‍ථෙරාපදානං

417. උච‍්ඡඞ‍්ගපුප‍්ඵියත්‍ථෙරාපදානං

417. උච්ඡඞ්ගපුප්ඵිය ස්ථවිරාවදානය

4409. නගරෙ බන්‍ධුමතියා අහොසිං මාලිකො තදා, උච‍්ඡඞ‍්ගං පූරයිත්‍වාන අගමං අන‍්තරාපණං.

4409. මම එකල්හි බන්‍ධුමතී නගරයෙහි මල්කරුවෙක් විමි. මල් උකුළක් (ඔඩොක්කුවක්) පුරවාගෙණ ඇතුළු වීථියට ගියෙමි.

4410. භගවා තම‍්හි සමයෙ භික‍්ඛුසඞ‍්ඝපුරක‍්ඛතො, මහතා අනුභාවෙන නිය්‍යාති ලොකනායකො.

4410. එසමයෙහි ලෝකනායක වූ භාග්‍යවත් තෙමේ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරන ලදුයේ මහත් වූ අනුභාවයෙන් මාර්‍ගයෙහි වඩියි.

4411. දිස‍්වාන ලොකපජ‍්ජොතං විපස‍්සිං ලොකතාරණං, පුප‍්ඵං පග‍්ගය‍්හ උච‍්ඡඞ‍්ගා බුද‍්ධසෙට‍්ඨං අපූජයිං.

4411. ලොව බබුළුවන්නා වූ ලෝවැස්සන් සසරින් එතෙර කරන්නා වූ විපස්සී බුදුරජුන් දැක ඔඩොක්කුවෙන් මල් ගෙණ පිදීමි.

4412. එකනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

4412. මෙයින් එක් අනූවන කපෙහි යම් පුෂ්පදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

4413. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, නාගොව බන්‍ධනං ඡෙත්‍වා විහරාමි අනාසවො.

4413. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ. දැන් පුනර්‍භවයෙක් නැත.

4414. ස‍්වාගතං වත මෙ ආසි බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

4414. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

4415. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛො පි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

4415. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා උච‍්ඡඞ‍්ගපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මේ අයුරින් ආයුෂ්මත් උච්ඡඞ්ගපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

උච‍්ඡඞ‍්ගපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං

උච්ඡඞ්ගපුප්ඵිය ස්ථවිරාවදානය සත්වැනි යි.