යෙදුමෙන් කියවන්න

395. පදුමකූටාගාරියත්‍ථෙරාපදානං

395. පදුමකූටාගාරියත්‍ථෙරාපදානං.

395. පදුමකූටාගාරිය ස්ථවිරාවදානය

3726. පියදස‍්සී නාම භගවා සයම‍්භු ලොකනායකො, විවෙකකාමො සම‍්බුද‍්ධො සමාධිකුසලො මුනි.

3726. තෙමේ ම සියල්ල අවබෝධ කළා වූ ලෝකනායක වූ සර්‍වඥ වූ මෝනෙය්‍යගුණ යුත් වූ සමාධියෙහි දක්‍ෂ වූ පියදස්සී භාග්‍යවත් තෙමේ විවෙක කැමැත්තේ (විය).

3727. වනසණ‍්ඩං සමොගය‍්හ පියදස‍්සී මහාමුනි, පංසුකූලං පත්‍ථරිත්‍වා නිසීදි පුරිසුත‍්තමො.

3727. මහාමුනි වූ පුරුෂෝත්තම වූ ඒ පියදස්සී බුදුරජ තෙම වන ලැහැබට පිවිස පවුල්සිවුර අතුට වැඩහුන්නේ ය.

3728. මිගලුද‍්දො පුරෙ ආසිං විපිනෙ කානනෙ අහං, පසදං මිගමෙසන‍්තො ආහිණ‍්ඩාමි අහං තදා

3728. මම පෙර මහවෙනෙහි මුවවැද්දෙකිම් වීමි. මම එකල්හි පස දමෘගයකු (=තිත්මුවකු) සොයන්නෙම් ඇවිදිමි.

3729. තත්‍ථ’ද‍්දසාසිං සම‍්බුද‍්ධං ඔඝතිණ‍්ණමනාසවං, පුප‍්ඵි තං සාලරාජාංව සතරංසිංව උග‍්ගතං.

3729. එහි දී චතුරෝඝයන් තරණය කළ ආස්‍රව රහිත වූ පිපියා වූ ශාලවෘක්‍ෂරාජයකු වැනි වූ උඩට නැගී ආ හිරු වැනි වූ සම්බුදුරජුන් දිටිමි.

3730. දිස‍්වාන’හං දෙවදෙවං පියදස‍්සිං මහායසං, ජාතස‍්සරං සමොගය‍්හ පදුමං ආහරිං තදා.

3730. මම දේවාතිදේව වූ මහත් යශස් ඇති ඒ පියදස්සී බුදුරජුන් දැක එකල්හි ස්වයංජාත විලකට බැස පියුම් ගෙණ ආමි.

3731. ආහරිත්‍වාන පදුමං සතපත‍්තං මනොරමං, කූටාගාරං කරිත්‍වාන ඡාදයිං පදුමෙන’හං.

3731. මම සියක් පත් ඇති මනරම් වූ පියුම් ගෙණවුත් කුළුගෙයක් කොට (එය) පියුමෙන් වැසීමි. (සෙවිලි කෙළෙමි).

3732. අනුකම‍්පකො කාරුණිකො පියදස‍්සී මහාමුනි, සත‍්තරත‍්තින්‍දිවං බුද‍්ධො කූටාගාරෙ වසී ජිනො.

3732. පස්මරුන් ජයගත් (සර්‍වසත්නට) අනුකම්පා කරන්නා වූ කාරුණික වූ මහාමුනි වූ පියදස්සී බුදුරජ තෙම දවරෑ සතක් ඒ කුළුගෙයි විසීය.

3733. පුරාණං ඡඩ‍්ඩයිත්‍වාන නවෙන ඡාදයිං අහං, අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වාන අට‍්ඨාසිං තාවදෙ අහං.

3733. මම පරණ (පියුම්) අස් කොට අලුත් පියුමින් (ඒ කුළුගෙය නැවත) වැසීමි (=සෙවිලි කෙළෙමි). එකෙණෙහි මම ඇඳිලි බැඳ ගෙණ සිටියෙමි.

3734. වුට‍්ඨහිත්‍වා සමාධිම‍්හා පියදස‍්සී මහාමුනි, දිසා අනුවිලොකෙන‍්තො නිසීදි ලොකනායකො

3734. ලෝකනායක වූ පියදස්සි බුදුරජ තෙම සමාධියෙන් නැගිට දස දිගුන් පිළිවෙළින් බලමින් වැඩහුන්නේ ය.

3735. තදා සුදස‍්සනො නාම උපට‍්ඨාකො මහිද‍්ධිකො, චිත‍්තමඤ‍්ඤාය බුද‍්ධස‍්ස පියදස‍්සිස‍්ස සත්‍ථුනො.

3735. එකල්හි පියදස්සී බුදුරජුන්ගේ සුදස්සන නම් උපස්ථායක තෙමේ ඒ බුදුරජුන් සිත දැන,

3736. අසීතියා සහස‍්සෙහි භික‍්ඛූහි පරිවාරිතො, වනන‍්තෙ සුඛමාසීනං උපෙසි ලොකනායකං.

3736. අසූදහසක් භික්‍ෂූන් විසින් පිරිවරණ ලදුයේ වනයෙහි සුවසේ වැඩහුන් ලෝකනායක වූ බුදුරජුන් වෙත එළඹියේ ය.

3737. යාවතා වනසණ‍්ඩම‍්හි අධිවත්‍ථා ච දෙවතා, බුද‍්ධස‍්ස චිත‍්තමඤ‍්ඤාය සබ‍්බෙ සන‍්තිපතූං තදා.

3737. එකල්හි වනලැහැබෙහි අධිගෘහිත වූ යම් තාක් දෙවිවරු වෙත් නම් ඒ සියලු දෙවිවරු ද බුදුරජානන් වහන්සේගේ සිත දැන එහි රැස් වූහ.

3738. සමාගතෙසු යක‍්ඛෙසු කුම‍්භණ‍්ඩෙ සහ රක‍්ඛසෙ, භික‍්ඛුසඞ‍්ඝෙ ච සම‍්පත‍්තෙ ගාථා’මා ව්‍යාහරී ජිනො:

3738. කුම්භාණ්ඩයන් ද, රකුසන් සහිත වූ යකුන් ද රැස් වූ කල්හි, බික්සඟන ද පැමිණි කල්හි බුදුරජ තෙම මේ ගාථාවන් වදාළේය:

3739. “යො මං සත‍්තාහං පූජෙසි ආවාසඤ‍්ච අකාසි මෙ, තමහං කිත‍්තයිස‍්සාමි සුණොථ මම භාසතො.

3739. “යමෙක් තෙම සතියක් මුළුල්ලෙහි මා පිදී ද, (එසේ ම) මට ආවාසයක් කරවී ද, හේ (කවරෙක්දැයි) මම පවසන්නෙමි. එය පවසන්නා වූ මාගේ වචනය අසවු.

3740. සුදුද‍්දසං සුනිපුණං ගම‍්භීරං සුප‍්පකාසිතං, ඤාණෙන කිත‍්තයිස‍්සාමි සුණාථ මම භාසතො.

3740. ඉතා දුකසේ (කලාතුරකින්) දැකිය හැකි වු ඉතා සියුම් වූ ද ගැඹුරු වූ ද ඒ පුණ්‍යකර්‍මය මැනවින් ප්‍රකාශිත ය. එය නුවණින් (බලා) පවසන්නෙමි. (එසේ) පවසන්නා වූ මාගේ වචනය අසවු.

3741. චතුද‍්දසානි කප‍්පානි දෙවරජ‍්ජං කරිස‍්සති, කූටාගාරං බ්‍රහං තස‍්ස පදුමපුප‍්ඵෙහි ඡාදිතං, ආකාසෙ ධාරයිස‍්සති පුප‍්ඵකම‍්මස‍්සි’දං ඵලං.

3741. “(මෙ තෙම) තුදුස්කපක් (මුළුල්ලෙහි) දිව්‍යරාජ්‍යය කරන්නේ ය. ඔහු පියුමක් මෙන් වැසුනු මහත් වූ කුළුගෙයක් අහස්හි දරන්නේ ය. පුෂ්පකර්‍මයාගේ මේ විපාක යි.

3742. චතුබ‍්බීසෙ කප‍්පසතෙ වොකිණ‍්ණං සංසරිස‍්සති, තත්‍ථ පුප‍්ඵමයං ව්‍යම‍්හං ආකාසෙ ධාරයිස‍්සති.

3742. සූවිසිකප් සියයක් (කල් මුළුල්ලෙහි) දෙව්මිනිස් දෙගතියෙහි ඔබ මොබ සැරිසරන්නේ ය. ඒ සියලු තන්හි දී (මට) මල්මුවා විමනක් අහසෙහි පහළවන්නේ ය.

3743. යථා පදුමපත‍්තම‍්භි තොයං න උපලිම‍්පති, තථෙවිමස‍්ස ඤාණම‍්හි කිලෙසා නොපලිම‍්පරෙ.

3743. යම්සේ පියුම්පතෙහි දිය නො වැකේ ද, එසේ ම මොහුගේ නුවණෙහි ක්ලේශයෝ නො තැවරෙත්.

3744. මනසා විනිවට‍්ටෙත්‍වා පඤ‍්චනීවරණෙ අයං, චිත‍්තං ජනෙත්‍වා නෙක‍්ඛම‍්මෙ අගාරා පබ‍්බජිස‍්සති, තතො පුප‍්ඵමයෙ ව්‍යම‍්හෙ ධාරෙන‍්තෙ නික‍්ඛමිස‍්සති.

3744. මෙ තෙම පඤ්චනීවරණයන් සිතින් නඟා හැර (=බැහැර කොට) සසුන්ගතවීමෙහි සිත් උපදවා ගිහිගෙන් (නික්ම) පැවිදි වන්නේ ය. ඉක්බිති මල්මුවා විමනක් දරමින් නික්මෙන්නේ ය.

3745. රුක‍්ඛමූලෙ වසන‍්තස‍්ස නිපකස‍්ස සතීමතො, තත්‍ථ පුප‍්ඵමයං ව්‍යම‍්හං මත්‍ථකෙ ධාරයිස‍්සති.

3745. ප්‍රාඥ වූ සිහියෙන් යුත් වූ රුක්මුල්හි වසන්නා වූ (මොහුට) එහිදී මල්මුවා විමනක් මුදුනෙහි දරන්නේ ය.

3746. චීවරං පිණ‍්ඩපාතඤ‍්ච පච‍්චයං සයනාසනං, දත්‍වාන භික‍්ඛුසඞ‍්ඝස‍්ස නිබ‍්බායිස‍්සත’නාසවො.

3746. මෙතෙම චීවර පිණ්ඩපාත (ගිලාන) ප්‍රත්‍යය සේනාසන යන සිවුපස බික්සඟනට දී ආස්‍රව රහිතව පිරිනිවන් පානේ ය යී.

3747. කූටාගාරෙන චරතා පබ‍්බජ‍්ජං අභිනික‍්ඛමිං, රුක‍්ඛමූලෙ වසන‍්තම‍්හි කූටාගාරං ධරීයති.

3747. කුළුගෙයකින් පැවිද්දට නික්මුනෙමි. රුක්මුල්හි වසන කල්හි කුළුගෙය (ද) දැරේ.

3748. චීවරෙ පිණ‍්ඩපාතෙ ච චෙතනා මෙ න විජ‍්ජති, පුඤ‍්ඤකම‍්මෙන සංයුත‍්තො ලභාමි පරිනිට‍්ඨිතං.

3748. චීවරයෙහි ද පිණ්ඩපාතයෙහි ද මාගේ චේතනාවක් නැත. (කරණලද) පින්කම හා යෙදුනෙම් (ඒ චීවර ආදිය) අනූනව ලබමි.

3749. ගණනාතො අසංඛෙය්‍යා කප‍්පකොටී බහූ මම, රිත‍්තකා තෙ අතික‍්කන‍්තා පමුත‍්තා ලොකනායකා.

3749. මා විසින් ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නො හැකි බොහෝ කෙළගණන් කල්‍පයෝ ඉක්මවන ලදහ. මා විසින් හිස් ලෙස ඒ කල්‍පයෝ ඉක්මවන ලදහ. බුදුවරු අතහැර දමන ලදහ.

3750. අට‍්ඨාරසෙ කප‍්පසතෙ පියදස‍්සී විනායකො, තමහං පයිරුපාසිත්‍වා ඉමං යොනිං උපාගතො.

3750. අටළොස් සිය වැනි කපෙහි හෙවත් (මෙයින්) එක්දහස් අටසිය වන කපෙහි පියදස්සී නම් බුදුරජ තෙම ලොව පහළ විය. මම උන්වහන්සේ ඇසුරු කොට මේ යෝනිය (=ජන්මය) ට එළඹියෙම් වෙමි.

3751. ඉධද‍්දසාසිං සම‍්බුද‍්ධං අනොමං නාම චක‍්ඛුමං, තමහං උපගන‍්ත්‍වාන පබ‍්බජිං අනගාරියං.

3751. මෙහි දී පසැස් ඇති අනෝම නම් වූ සම්බුදුරජුන් දිටිමි. මම උන්වහන්සේ වෙත එළඹ අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදිවීමි.

3752. දුක‍්ඛස‍්සන‍්තකරො බුද‍්ධො මග‍්ගං මෙ දෙසයී ජිනො, තස‍්ස ධම‍්මං සුණිත්‍වාන පත‍්තොම‍්හි අචලං පදං.

3752. පස්මරුන් ජය ගත් දුක් කෙළවර කරන්නා වූ බුදුරජ තෙම මට (ප්‍රතිපත්ති) මාර්‍ගය දේශනා කෙළේ ය. උන්වහන්සේගේ ධර්‍මය අසා නිවණට පැමිණියෙමි.

3753. තොසයිත්‍වාන සම‍්බුද‍්ධං ගොතමං සක්‍යපුඞ‍්ගවං, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය විහරාමි අනසාවො.

3753. සැකිකුලතිලක වූ ගොයුම් සම්බුදුන් තුටු කොට සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව වෙසෙමි.

3754. අට‍්ඨාරසෙ කප‍්පසතෙ යං බුද‍්ධමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායි’දං ඵලං.

3754. එක්දහස් අටසිය වැනි කපෙහි බුදුරජුන්හට යම් පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.

3755. කිලෙසා ඣාපිතා මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, සබ‍්බාසවා පරික‍්ඛීණා නත්‍ථිදානි පුනබ‍්භවො.

3755. ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.

3756. ස‍්වාගතං වත මෙ ආසි මම බුද‍්ධස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

3756. (බුදුරජුන් වෙතට) මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

3757. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

3757. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා පදුමකූටාගාරියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමකූටාගාරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.

පදුමකූටාගාරියත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

පදුමකූටාගාරිය ස්ථවිරාවදානය පස්වැනි යි.