394. මධුදායකත්ථෙරාපදානං
394. මධුදායකත්ථෙරාපදානං.
394. මධුදායක ස්ථවිරාවදානය
3706. සින්ධුයා නදියා තීරෙ සුකතො අස්සමො මම, තත්ථ වාචෙමහං සිස්සෙ ඉතිහාසං සලක්ඛණං.
3706. සින්‍ධුනදීතීරයෙහි මැනවින් කරණ ලද මාගේ අසපුවෙක් විය. එහි දී මම ලක්ෂණශාස්ත්රය සහිත ඉතිහාසය සිසුනට උගන්වමි.
3707. ධම්මකාමා විනීතා තෙ සොතුකාමා සුසාසනං, ඡළඞ්ගෙ පාරමිප්පත්තා සින්ධුකූලෙ වසන්ති තෙ.
3707. ධර්මකාමී වූ විනීත වූ අනුශාසනය අසනු කැමැත්තා වූ ෂඩඞ්ග වේදයෙහි පරතෙරට ගියා වූ ඒ ශිෂ්‍යයෝ සින්ධුගංඉවුරෙහි වෙසෙති.
3708. උප්පාතගමනෙ චෙව ලක්ඛණෙසු ච කොවිදා, උත්තමත්ථං ගවෙසන්තා වසන්ති පවනෙ තදා.
3708. (භූතයන් පිළිබඳ අස්වාභාවික වෙනස්වීම් බලා ශුභාශුභ ප්‍රකාශකරණ) උත්පාතශාස්ත්‍රයෙහි ද (අඞ්ග) ලක්ෂණ ශාස්ත්‍රයෙහි ද දක්ෂ වූ උත්තමාර්‍ත්‍ථය සොයන්නා වූ ඔහු එකල්හි වෙනෙහි වෙසෙත්.
3709. සුමෙධො නාම සම්බුද්ධො ලොකෙ උප්පජ්ජි තාවදො, අම්හාකං අනුකම්පන්තො උපගච්ඡි විනායකො.
3709. සුමේධ නම් සම්බුදු රජ තෙම ලොව පහළ විය. අපට අනුකම්පා කරන්නා වූ ඒ බුදුරජ තෙම් එකෙණෙහි ම (අප වෙත) එළඹියේ ය.
3710. උපාගතං මහාවීරං සුමෙධං ලොකනායකං, තිණසන්ථාරකං කත්වා ලොකජෙට්ඨස්ස’දාසහං.
3710. එසේ එළෙඹියා වූ මහාවීර වූ සුමේධ නම් ලෝකනායකයන් වහන්සේ (දිටිමි). දැක මම තණඇතිරියක් කොට ලෝකජ්‍යේෂ්ඨ වූ බුදු රජුන්හට දුනිමි.
3711. පවනාතො මධුං ගය්හ බුද්ධසෙට්ඨස්ස’දාසහං, සම්බුද්ධො පරිභුඤ්ජිත්වා ඉදං වචනමබ්රවි:
3711. මම වනයෙන් මී ගෙණ (අවුත්) බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි. සම්බුදුරජ තෙම එය වළඳා මේ වචනය වදාළේය:
3712. “යො තං අදාසි මධුං මෙ පසන්නො සෙහි පාණිහි, තමහං කිත්තසිස්සාමි සුණාථ මම භාසතො.
3712. “යමෙක් තෙම පැහැදුනේ සියතින් මට ඒ මධු (=මීපැණි) දානයක් දුන්නේ ද, මම හේ (කවරෙක්දැයි) පවසන්නෙමි. එසේ පවසන්නා වූ මාගේ වචනය අසවු.
3713. ඉමිනා මධුදානෙන තිණසන්ථාරකෙන ච, තිංසකප්පසහස්සානි දෙවලොකෙ රමිස්සති.
3713. මේ මධුදානය හේතු කොට ගෙණ ද තිණසන්ථාර (=තණ ඇතිරි) දානය හේතු කොට ගෙණ ද කප්තිස්දහසක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය.
3714. තිංසකප්පසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
3714. මෙයින් කල්ප තිස්දහසෙකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදනා වූ නමින් ගෞතම වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
3715. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සත’නාසවො.
3715. (මෙතෙම) උන්වහන්සේගේ ධර්මයෙහි දායාදී (අයිතිකරුවෙක්) ව ධර්මයෙන් නිර්මිත කළාක් වැනි ඖරස බුද්ධපුත්රයෙක් ව සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන් පිරිසිඳ) දැන ආශ්‍රව රහිතව පිරිනිවන් පානේ ය” යි.
3716. දෙවලොකා ඉධාගන්ත්වා මාතුකුච්ඡිං උපාගතෙ, මධුවස්සං පවස්සිත්ථ ඡාදයං මධුනා මහිං.
3716. දෙව්ලොවින් (පෙරළා) මෙහි පැමිණ මවුකුසට (පිළිසිඳීම් වශයෙන්) පැමිණි කල්හි මිහියෙන් පොළොව වසමින් මිහි වැස්සක් වැස්සේ ය.
3717. මයි නික්ඛන්තමත්තම්හි කුච්ඡියා ච සුදුත්තරං, තත්රාපි මධුවස්සං මෙ වස්සතෙ නිච්චකාලිකං.
3717. මා ඉතා දුකසේ බිහි විය යුතු මවුකුසින් නික්මුණු කෙණෙහි එහි දී ද නිරතුරු ව මීවැසි වසියි.
3718. අගාරා අභිනික්ඛම්ම පබ්බජිං අනගාරියං, ලාභී අන්නස්ස පානස්ස මධුදානස්සි’දං ඵලං.
3718. ගිහිගෙන් නික්ම (අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) සසුනෙහි පැවිදි වීමි. ආහාර පාන සුලභ වූවෙක් ද වීමි. මධුදානයාගේ මේ විපාක යි.
3719. සබ්බකාමසමිද්ධො’හං භවිත්වා දෙවමානුසෙ, තෙනෙව මධුදානෙන පත්තොම්හි ආසවක්ඛයං.
3719. මම දෙව්මිනිස් දෙගතියෙහි සියලු කාමසම්පත්තීන්ගෙන් සමෘද්ධයෙක් ව ඒ මධුදානබලයෙන් ම ආස්රවක්ෂයසඞ්ඛ්යාත නිවණට ද පැමිණියෙම් වෙමි.
3720. වුට්ඨම්හි දෙවෙ චතුරඞ්ගුලෙ තිණෙ සම්පුප්ඵිතෙ ධරණිරුහෙ සඤ්ඡන්නෙ, සුඤ්ඤෙ ඝරෙ මණ්ඩපරුක්ඛමූලෙ, වසාමි නිච්චං සුඛිතො අනාසවො.
3720. වැසි වස්නා කල්හි ද, සිවුඅඟුල් (උස් ව වැඩුනු) තණබිම්හි ද, සුපුෂ්පිත වෘක්ෂයෙන් වැසුනා වූ තන්හි ද, ජන ගෘහය, මණ්ඩපය, වෘක්ෂමූලය, යන මේ තන්හි ද නිතර ආස්‍රව රහිතව සුඛිත යෙම් වෙසෙමි.
3721. මජ්ඣෙ මහන්තෙ හීනෙ ච භවෙ සබ්බෙ අතික්කමිං, අජ්ජ මෙ ආසවා ඛීණා නත්ථිදානි පුනබ්භවො.
3721. මහත් වූ හෙවත් ප්‍රණීත වූ ද මධ්‍යම වූ ද හීන වූ ද සියලු භවයන් ඉක්ම වීමි. අද මාගේ ආස්‍රවයෝ ක්ෂය වූහ. දැන් නැවත ඉපදීමෙක් නැත.
3722. තිංසකප්පසහස්සම්හි යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි මධුදාන’ස්සිදං ඵලං.
3722. මෙයින් තිස්දහස් කපකින් පෙර වූ එකල්හි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මධුදානයාගේ මේ විපාක යි.
3723. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා නත්ථිදානි පුනබ්භවො.
3723. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ද ක්ෂය කරන ලදහ. දැන් නැවත ඉපදීමෙක් නැත.
3724. ස්වාගතං වත මෙ ආසි මම බුද්ධස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
3724. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
3725. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
3725. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා මධුදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් මධුදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මධුදායකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
මධුදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.