393. සබ්බකිත්තිකත්ථෙරාපදානං
393. සබ්බකිත්තිකත්ථෙරාපදානං
393. සබ්බකිත්තික ස්ථවිරාවදානය
3677. කණිකාරංව ජොතන්තං දීපරුක්ඛංව උජ්ජලං, ඔසධිංව විරොචන්තං විජ්ජුතං ගගනෙ යථා.
3677. පිපුණු කිණිහිරිරුකක් මෙන් බබලන්නා වූ ප්රදිපවෘක්ෂයක් මෙන් දිලියෙන්නා වූ ඕසධී තාරකාවක් මෙන් ආලොකවත් වූ අහසෙහි විදුලියක් බඳු වූ -
3678. අසම්භීතං අනුත්රාසිං මිගරාජංව කෙසරිං, ඤාණාලොකං පකාසෙන්තං මද්දන්තං තිත්ථියෙ ගණො.
3678. බිය නොමැති තැතිගැනුම් නොමැති කේශරසිංහරාජයකු වැනි වූ තීර්තකසමූහයා මඩින්නා වූ ඤාණලෝකය ප්‍රකට කරන්නා වූ-
3679. උද්ධරන්තං ඉමං ලොකං ඡින්දන්තං සබ්බසංසයං, ගජ්ජන්තං මිගරාජංව අද්දසං ලොකනායකං.
3679. මෙම ලෝකයා (දුකින්) ගොඩලන සියලු සැක සිඳලන සිංහ රාජයකු මෙන් ගුගුරන ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.
3680. ජටාජිනධරො ආසිං රහා උජු පතාපවා, වාකචීරං ගහෙත්වාන පාදමූලෙ අවත්ථරිං.
3680. (එකල්හි) මම ජටා සහ අඳුන් දිවිසම් දරන්නෙකිම් වීමි. වැඩෙන්නා වූ ඍජු වූ ප්රතාපවත් වූවෙකිම් වීමි. වැහැරි සිවුර ගෙණ ඒ (බුදුරජුන්ගේ) පාමුල අතුළෙමි.
3681. කාළානුසාරියං ගය්හ අනුලිම්පිං තථාගතං, සම්බුද්ධමනුලිම්පෙත්වා සන්ථවිං ලොකනායකං.
3681. කසාවන් කළුවැල් හෙවත් කසාවන් අගිල් ගෙණ බුදුරජුන් ආලේප කෙළෙමි. තථාගතයන් (එයින්) අලෙවි කොට ලෝකනායක වූ උන්වහන්සේට ස්තුති කෙළෙමි.
3682. සමුද්ධරසි’මං ලොකං ඔඝතිණ්ණ, මහාමුනි, ඤාණාලොකෙන ජොතෙසි නාවටං ඤාණමුත්තමං.
3682. චතුරෝඝතරණය කළ උතුමාණෙනි. මහාමුනීන්ද්රයාණෙනි, මුඛ මේ ලෝකයා (සසරදුකින්) ගොඩ ලන්නහු ය. ඤාණාලෝකයෙන් ආලෝක කරන්නාහුය. ඔබගේ උත්තමඥානය ද අනාවෘතයි.
3683. ධම්මචක්කං පවත්තෙසි මද්දසෙ පරතිත්ථීයෙ, උසභො ජිතසඞ්ගාමො සම්පකම්පෙසි මෙදිනිං.
3683. දම්සක් පවත්වහු ය. අන්‍යතීර්‍ත්‍ථකයන් මඩනහු ය. දිනන ලද සඞ්ග්‍රාම ඇති ශ්‍රෙෂ්ඨ වූ ඔබ පෘථිවිය කම්පා කෙරහු ය.
3684. මහාසමුද්දො ඌමියො වෙලන්තම්භි පභිජ්ජරෙ, තථෙව තව ඤාණම්හි සබ්බදිට්ඨි පභිජ්ජරෙ.
3684. මහසමුදුරෙහි තරඞ්ගයෝ වෙරලෙහි (ගැටී) බිඳෙති. එසේ ම දෘෂ්ටීහු මුබගේ නුවණෙහි (ගැටී) බිඳෙති.
3685. සුඛුමච්ඡිකජාලෙන සරම්භි සම්පතානිතෙ, අන්තොජාලගතා පාණා පීළිතා හොන්ති තාවදෙ.
3685. විලක් සියුම් ඇස් ඇති දැලකින් අතුළ කල්හි එකෙණෙහි දැලතුළට ගිය ප්‍රාණීහු (මත්ස්‍යයෝ) පෙළුනාහු වෙත් ද,
3686. තථෙව තිත්ථියා ලොකෙ පුථුපාසණ්ඩනිස්සිතා, අන්තොඤාණවරෙ තුය්හං පරිවත්තන්ති මාරිස.
3686. එසේ ම ලෝකයෙහි අන්යපාෂණ්ඩ ධර්මයන් ඇසුරු කළ තීර්ත්ථකයෝ නිදුකානන් වහන්ස, මුබවහන්සේගේ උතුම් නුවණ ඇතුළත පෙරළෙත්.
3687. පතිට්ඨා වුය්හතං ඔඝෙ ත්වං හි නාථො අබන්ධුනං, භයට්ටිතානං සරණං මුත්තත්ථිනං පරායණං.
3687. චතුරෝඝ නම් වූ සැඩපහරෙහි ගසාගෙණ යන්නවුනට පිහිට වූ මුබ වනාහි නො නෑයනට ද පිහිට (වහු) ය. භයින් පීඩිතයනට ද පිහිට (වහු) ය. (ලෝකයා විසින්) අත්හැර දමන ලද අනාථයන්ට ද පිහිට (වහු) ය.
3688. එකවීරො අසදිසො කරුණාමෙත්තසඤ්චයො, සුසීලො අසමො සන්තො වසී තාදි ජිතඤ්ජසො.
3688. අසහාය වීර වූ අසදෘශ වූ කරුණා මෛත්‍රී සඤ්චය ඇති උතුම් සිල් ඇති අසම වූ ශාන්ත වූ (ධ්‍යාන) වශී වූ තාදීගුණ ඇති දිනන ලද මාර්ගය ඇති-
3689. ධීරො විගතසම්මොහො අනෙජො අකථඞ්කථී, වුසිතො වන්තදොසො’සි නිම්මලො පයතො සුචී.
3689. ප්‍රාඥ වූ, පහ කළ මොහො ඇති, නිදොස් වූ, සැක (=විචිකිච්ඡා) දුරුකළ, වැස නිම වූ බඹසර ඇති, නිර්මල වූ, අශූචීන් දොවා හළ, එහෙයින් ම පිරිසිදු ඔබ වමාරා හළ දොස් ඇත්තාහු ය.
3690. සඞ්ගාතිගො හතමාදො තෙවිජ්ජො තිභවන්තගො, සීමාතිගො ධම්මගරු කතත්ථො හිතවප්පථො.
3690. කෙලෙස් ඇලුම් ඉක්ම වූ නැසුවා වූ මද ඇති ත්‍රිවිද්‍යා ඇති තුන්ලෝමුදුන් පත් (ලෞකික) සීමාව ඉක්ම ගිය ධර්මගරුක වූ කෘතකෘත්‍ය වූ ඔබ (සත්ත්‍වලෝකයාට) හිතමාර්ග ඇත්තෙහි ය.
3691. තාරකො ත්වං යථා නාවා නිධීවස්සාසකාරකො, අසම්භීතො යථා සීහො ගජරාජාව දප්පිතො.
3691. ඔබ නැවකට (ගමන්මග පෙන්වන) තරුවක් මෙන් වෙහි ය. අස්වැසිලි කරණ නිධානයක් බඳු වෙහි ය. සිංහයකු මෙන් බිය රහිත වෙහි ය. හස්තිරාජයකු මෙන් ගර්විත වෙහි ය.
3692. ථොමෙත්වා දසගාථාහි පදුමුත්තරං මිහායසං, වන්දිත්වා සත්ථුනො පාදෙ තුණ්හී අට්ඨාසහං තදා.
3692. මම එකල්හි (මෙසේ) දසගයකින් මහායශස් ඇති පදුමුත්තර බුදුරජානන් වහන්සේට ස්තුති කොට (ඒ) ශාස්තෲන් වහන්සේගේ පා වැඳ තුෂ්ණිම්භූතව සිටියෙමි.
3693. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, භික්ඛුසඞ්ඝෙ ඨිතො සත්ථා ඉමා ගාථා අභාසථ.
3693. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජ තෙම බික්සඟන මැද හිඳ මේ ගාථාවන් වදාළේ යි:
3694. “යො මෙ සීලඤ්ච ඤාණඤ්ච ධම්මඤ්චාපි පකිත්තයි, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
3694. “යමෙක් මාගේ ශීලය ද ඥානය ද ධර්මය ද පැසසී ද, හේ (කවරෙක් දැයි) මම ප්‍රකාශ කරන්නෙමි. (එය) පවසන්නා වූ මාගේ (වචනය) අසවු.
3695. සට්ඨිකප්පසහස්සානි දෙවලොකෙ රමිස්සති, අඤ්ඤෙ දෙවෙ අභිහොත්වා ඉස්සරං කාරයිස්සති.
3695. (හෙතෙම) කල්ප සැටදහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. අනෙක් දෙවියන් මැඩගෙණ ආධිපත්‍යය කරවන්නේ ය.
3696. සො පච්ඡා පබ්බජිත්වාන සුක්කමූලෙන චොදිතො, ගොතමස්ස භගවතො සාසනෙ පබ්බජිස්සති.
3696. හෙතෙම පසුව පැවිදිව ඒ කුශලමූලයෙන් මෙහෙයන ලද්දේ ගෞතම බුදුරජානන් වහන්සේගේ සසුනෙහි ද පැවිදි වන්නේ ය.
3697. පබ්බජිත්වාන කායෙන පාපකම්මං විවජ්ජිය, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සතනාසවො.
3697. පැවිදිව, කයින් පව්කම් දුරු කොට සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥාවශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පානේ ය.”
3698. යථාපි මෙඝො ථනයං තප්පෙති මෙදිනිං ඉමං, තථෙව ත්වං මහාවීර ධම්මෙන තප්පයී මමං.
3698. යම් සේ වැසිවලාවක් ගුගුරා වස්මින් මේ පොළොව තෘප්තියට පත් කෙරේ ද, එසේ ම මහාවීරයන් වහන්ස, ඔබවහන්සේ ධර්මයෙන් මා තුටු කළ සේක.
3699. සීලං පඤ්ඤච ධම්මඤ්ච ථවිත්ථා ලොකනායකං, පතොම්භි පරමං සන්තිං නිබ්බානං පදමච්චුතං.
3699. මම ශීලය ද ප්‍රඥාව ද ධර්මය ද ලෝකනායකයන් වහන්සේ ද පසසා අමෘතපදය වූ උතුම් වූ නිර්වාණ නමැති ශාන්තියට පැමිණියෙම් වෙමි.
3700. අහො නූන ස භගවා චිරං තිට්ඨෙය්ය චක්ඛුමා, අඤ්ඤාතඤ්ච විජානෙය්යුං ඵුසෙය්යුං අමතං පදං.
3700. පසැස් ඇති ඒ භාග්‍යවත් තෙමේ බොහෝ කල් වැඩ සිටින්නේ නම් ඒකාන්තයෙන් ඉතා යෙහෙකි. (එවිට සියල්ලෝ) නො දත් දෙය දැනගන්නාහු ය. අමෘතපදය (නිවණ) ස්පර්ශ කරන්නාහු ය. (=ලබන්නාහුය)
3701. අයං මෙ පච්ඡිමා ජාති භවා සබ්බෙ සමූහතා, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
3701. මේ මාගේ පශ්චිම ජාතිය යි. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥාවශයෙන්) දැන ආශ්‍රව රහිතව වෙසෙමි.
3702. සතසහස්සෙ ඉතො කප්පෙ යං බුද්ධමභිථොමයිං, දුග්ගතිං නාභිජානාමි කිත්තනාය ඉදං ඵලං.
3702. මෙයින් සියක්දහස් වන කපෙහි බුදුරජානන් වහන්සේට යම් පැසසීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදුරජුන් පැසසීමෙහි මේ විපාක යි.
3703. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා නත්ථිදානි පුනබ්භවො.
3703. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමෙක් නැත.
3704. ස්වාගතං වත මෙ ආසි මම බුද්ධස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
3704. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන් මාගේ පැමැණීම යහපත් පැමිණීමෙක් විය. බුදුරජානන් වහන්සේගේ සසුන කරන ලදි.
3705. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
3705. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරන ලදී.
ඉත්ථං සුදං ආයස්මා සබ්බකිත්තිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ‘සබ්බකිතතික’ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සබ්බකිත්තිකත්ථෙරස්ස අපදානං තතියං.
සබ්බකිතතිකස්ථවිරාවදානය තෙවැනි යි.