යෙදුමෙන් කියවන්න

1. ඡබ‍්බග‍්ගියභික‍්ඛුවත්‍ථු අට‍්ඨකථා

1. ඡබ‍්බග‍්ගියභික‍්ඛුවත්‍ථු

1. සවග මහණුන්ගේ කථා පුවත.

සබ‍්බෙ තසන‍්තීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ කථෙසි.

“සබ්බේ තසන්ති” යන මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ සැවත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩසිටිය දී ෂඩ්වර්ගීය (හයේ කණ්ඩායම වූ) භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළ සේක.

එකස‍්මිඤ‍්හි සමයෙ සත‍්තරසවග‍්ගියෙහි සෙනාසනෙ පටිජග‍්ගිතෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ “නික‍්ඛමථ, මයං මහල‍්ලකතරා, අම‍්හාකං එතං පාපුණාතී”ති වත්‍වා තෙහි “න මයං දස‍්සාම, අම‍්හෙහි පඨමං පටිජග‍්ගිත”න‍්ති වුත‍්තෙ තෙ භික‍්ඛූ පහරිංසු. සත‍්තරසවග‍්ගියා මරණභයතජ‍්ජිතා මහාවිරවං විරවිංසු. සත්‍ථා තෙසං සද‍්දං සුත්‍වා “කිං ඉද”න‍්ති පුච‍්ඡිත්‍වා “ඉදං නාමා”ති ආරොචිතෙ “න, භික‍්ඛවෙ, ඉතො පට‍්ඨාය භික‍්ඛුනා නාම එවං කත‍්තබ‍්බං, යො කරොති, සො ඉමං නාම ආපත‍්තිං ආපජ‍්ජතී”ති පහාරදානසික‍්ඛාපදං (පාචි· 449 ආදයො) පඤ‍්ඤාපෙත්‍වා, “භික‍්ඛවෙ, භික‍්ඛුනා නාම ‘යථා අහං, තථෙව අඤ‍්ඤෙපි දණ‍්ඩස‍්ස තසන‍්ති, මච‍්චුනො භායන‍්තී’ති ඤත්‍වා පරො න පහරිතබ‍්බො, න ඝාතෙතබ‍්බො”ති වත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමං ගාථමාහ –

එක් අවස්ථාවකදී භික්ෂූන් දහසයේ කණ්ඩායමක් විසින් සෙනසුන් පිළියෙළ කරන අතරතුරදී - සයවර්ගීය භික්ෂූන් - අපි වඩා වැඩිහිටි අය වෙමු. එනිසා මෙය අපට අයත් වේ. යයි කියා සිටියදී. එම දහසය වර්ගීය භික්ෂූන් විසින් අපි නොදන්නෙමු. අප විසින් මෙය පළමුවෙන් පිළියෙළ කරන ලදැයි පැවසූවිට - එම භික්ෂූන්ට පහර දෙන ලදී. දහසය වර්ගීය භික්ෂූහු මරණ බියෙන් යුතුව මහා හඬින් විලාප නගන්නට වූහ. බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ හඬ අසා මේ මහ ශබ්දය කුමක්දැයි විමසා - මේ හේතුවෙන් යයි දැනගත් විට මහණෙනි ! මෙතැන් සිට භික්ෂූන් විසින් නම් මෙසේ නොකළ යුතුය. යම් භික්ෂුවක් නැවත මෙසේ පහර දෙයිද ඇවත් සිදුවේයයි “පහරදාන විනය සිඛ පදය” පනවන ලදහ. මෙම ශික්ෂාපදය පනවා මහණෙනි ! තමන් දඬුවමට බියවන්නා සේම අනෙක් අයද දඬුවමට බිය වෙතැයිද, මරණයට බිය වේයයිද. දැනගෙන භික්ෂුවක් විසින් අන් භික්ෂුවකට පහර නොදිය යුතුය. ඝාතනය නොකළ යුතුයයි පවසා, පෙර පසු සම්බන්ධ කර දහම් දෙසමින් මෙම ගාථාව දේශනා කළහ.

“සබ‍්බෙ තසන‍්ති දණ‍්ඩස‍්ස, සබ‍්බෙ භායන‍්ති මච‍්චුනො; අත‍්තානං උපමං කත්‍වා, න හනෙය්‍ය න ඝාතයෙ”ති.

බිය වෙති හැම දෙනම මරණෙට දඬුවමට හොඳ නැහැ මරණ දඬුවම් නැති වරදකට තම සිත තම සිරුර අරගෙන උවමකට සතෙකුටම මෙත පතුරනු දියුණුවට

සියල්ලෝ දඬුවමට බියවෙති සියල්ලෝ මරණයට බියවෙති - තමාගේ බියවීම උපමා වශයෙන් ගෙන සත්ත්ව හිංසාවෙන් හා ඝාතනයෙන් වැළකිය යුතුය.

තත්‍ථ සබ‍්බෙ තසන‍්තීති සබ‍්බෙපි සත‍්තා අත‍්තනි දණ‍්ඩෙ පතන‍්තෙ තස‍්ස දණ‍්ඩස‍්ස තසන‍්ති. මච‍්චුනොති මරණස‍්සාපි භායන‍්තියෙව. ඉමිස‍්සා ච දෙසනාය බ්‍යඤ‍්ජනං නිරවසෙසං, අත්‍ථො පන සාවසෙසො. යථා හි රඤ‍්ඤා “සබ‍්බෙ සන‍්නිපතන‍්තූ”ති භෙරියා චරාපිතායපි රාජමහාමත‍්තෙ ඨපෙත්‍වා සෙසා සන‍්නිපතන‍්ති, එවමිධ “සබ‍්බෙ තසන‍්තී”ති වුත‍්තෙපි හත්‍ථාජානෙය්‍යො අස‍්සාජානෙය්‍යො උසභාජානෙය්‍යො ඛීණාසවොති ඉමෙ චත‍්තාරො ඨපෙත්‍වා අවසෙසාව තසන‍්තීති වෙදිතබ‍්බා. ඉමෙසු හි ඛීණාසවො සක‍්කායදිට‍්ඨියා පහීනත‍්තා මරණකසත‍්තං අපස‍්සන‍්තො න භායති, ඉතරෙ තයො සක‍්කායදිට‍්ඨියා බලවත‍්තා අත‍්තනො පටිපක‍්ඛභූතං සත‍්තං අපස‍්සන‍්තා න භායන‍්තීති.

එහි සබ්බේ තසන්ති - යනු සියළු සත්ත්වයෝ තමා කෙරෙහි දඬු මුඟුරු පතිත වන විට ඒ දඬුවමට - දඬුවම්වලට බියවෙති. මච්චුනො මරණයට ද බියවෙත්ම ය. මෙම දේශනයේ ව්‍යඤ්ජනාර්ථය, සම්පූර්ණ අර්ථය නම් අවශේෂ වෙයි. යම් ලෙස රජු විසින් සියල්ලන් එක් රැස් වේවායි. අණබෙර යැවූවිට - රජ මහ ඇමති අත්හැර සෙසු අය රැස්වෙති. මෙලෙසම සියල්ලෝ බියවෙත් යයි පැවසූවිටද ආජානේය ඇත් - අස් හා කේශර සිංහයෝ ද රහතන්වහන්සේලා ද යන මේ සිව් පිරිස අත්හැර අනෙක් අය බිය වෙතියි දතයුතු මොවුන් අතර රහතන් වහන්සේලා නම් සක්කාය දෘෂ්ටිය දුරුකර ඇති හෙයින් කයේ බිඳීමක් විනා මියයන කෙනෙක් නොදකින්නේ බිය නොවෙති. අනෙක් තිදෙන මමය මාගේය යන දෘෂ්ටියෙන් බලවත් නිසා තමන්ට ප්‍රතිපක්ෂ වූ කෙනෙක් නොදකින්නේ බිය නො වෙති.

න හනෙය්‍ය න ඝාතයෙති යථා අහං, එවං අඤ‍්ඤෙපි සත‍්තාති නෙව පරං පහරෙය්‍ය න පහරාපෙය්‍යාති අත්‍ථො.

න හන්‍යාන න ඝාතයෙ, යම්සේ මා මෙන්ම අනෙක් සත්ත්වයෝ ද මරණයට බියවෙතියි අන් අය නොපෙළති අන් සතුනට අන් අය ලවා හෝ හිංසා නොකරවති යන අරුත් දේ

දෙසනාවසානෙ බහූ සොතාපත‍්තිඵලාදීනි පාපුණිංසූති.

දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ඵලය ආදීයට පත්වූහ.

ඡබ‍්බග‍්ගියභික‍්ඛුවත්‍ථු පඨමං.

සවග මහණුන්ගේ කථා පුවත.