2. ඡබ්බග්ගියභික්ඛුවත්ථු අට්ඨකථා
2. ඡබ්බග්ගියභික්ඛුවත්ථු
2. සවග මහණුන් පිළිබඳ දෙවැනි කථා පුවත.
සබ්බෙ තසන්තීති ඉමං ධම්මදෙසනං සත්ථා ජෙතවනෙ විහරන්තො ඡබ්බග්ගියෙ භික්ඛූ ආරබ්භ කථෙසි.
“සබ්බේ තසන්තීති” මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩසිටිය දී ඡබ්බග්ගිය (ෂඩ්වර්ගීය) භික්ෂූන් නිමිති කරගෙන දේශනා කළහ.
තෙයෙව එකස්මිඤ්හි සමයෙ තෙනෙව කාරණෙන පුරිමසික්ඛාපදෙ සත්තරසවග්ගියෙ පහරිංසු. තෙනෙව කාරණෙන තෙසං තලසත්තිකං උග්ගිරිංසු. ඉධාපි සත්ථා තෙසං සද්දං සුත්වා “කිං ඉද”න්ති පුච්ඡිත්වා “ඉදං නාමා”ති ආරොචිතෙ “න, භික්ඛවෙ, ඉතො පට්ඨාය භික්ඛුනා නාම එවං කත්තබ්බං, යො කරොති, සො ඉමං නාම ආපත්තිං ආපජ්ජතී”ති තලසත්තිකසික්ඛාපදං (පාචි· 454 ආදයො) පඤ්ඤාපෙත්වා, “භික්ඛවෙ, භික්ඛුනා නාම ‘යථා අහං, තථෙව අඤ්ඤෙපි දණ්ඩස්ස තසන්ති, යථා ච මය්හං, තථෙව නෙසං ජීවිතං පිය’න්ති ඤත්වා පරො න පහරිතබ්බො න ඝාටෙතබ්බො”ති වත්වා අනුසන්ධිං ඝටෙත්වා ධම්මං දෙසෙන්තො ඉමං ගාථමාහ –
එම භික්ෂූන් විසින් එක් අවස්ථාවක දී යම් කරුණක් නිසාම පළමු ලෙසම පහර දීම කළහ. එවැනි කරුණක් නිසාම පහර දෙන අයුරු දක්වා අත් ඔසවා උළුක් කළහ. මෙහිදී ද බුදුහු ඔවුන්ගේ ඝෝෂාව අසා මේ කුමක්දැයි විමසා මෙම සිදුවීම ගැන දැනගත් පසු - මහණෙනි. මෙතැන් සිට භික්ෂුවකට මෙසේ නො කළ යුතුය. යමෙක් මෙලෙස භික්ෂුවකට පහරදීම කරයිද ඔහු මේ ඇවතට පත්වන්නේ යයි (පහරදීමට අත එසවීමේ) තලසත්තික ශික්ෂාපදය පමුණුවා මහණෙනි. භික්ෂුවක් විසින් යම්ලෙස තමන් තමන් පිළිබඳව එලෙසම අන් අය ගැනද සිතා මා ලෙසටම අන් අය ද ජීවිතයට ප්රිය වේ යයි තේරුම් ගෙන අන්අයට හිංසා නොකළ යුතුය ඝාතනය නොකළ යුතුයයි පවසා අනුපිළිවෙල සසඳා දහම් දෙසමින් මෙම ගාථා ධර්මය දෙසූහ.
“සබ්බෙ තසන්ති දණ්ඩස්ස, සබ්බෙසං ජීවිතං පියං; අත්තානං උපමං කත්වා, න හනෙය්ය න ඝාතයෙ”ති.
හැම දෙන කැමතියි තම ජීවිතයට අකමැති වේමැයි ගුටිබැට කෑමට තමන්ගේ දිවියම ගෙන උපමාවට හිරිහැර නොකරනු අනුන්ට කිසිවිට
තත්ථ සබ්බෙසං ජීවිතං පියන්ති ඛීණාසවං ඨපෙත්වා සෙසසත්තානං ජීවිතං පියං මධුරං, ඛීණාසවො පන ජීවිතෙ වා මරණෙ වා උපෙක්ඛකොව හොති. සෙසං පුරිමසදිසමෙවාති.
එහිදී සබ්බේසං ජීවිතං පියන්ති යනු - රහතන් වහන්සේලා හැර අනෙක් සත්ත්වයින්ට ජීවිතය ප්රිය වේ. මධුර වේ රහත්හු නම් ජීවිතය පිළිබඳවත් මරණය පිළිබඳවත් උපේක්ෂා සහගත වෙති. සෙසු අය පළමු දැක්වූ පරිදිමය
දෙසනාවසානෙ බහූ සොතාපත්තිඵලාදීනි පාපුණිංසූති.
දෙසුම අවසාන බොහෝ දෙන සෝවාන් ආදී ඵලයන්ට පත්වූහ.
ඡබ්බග්ගියභික්ඛුවත්ථු දුතියං.
සවග මහණුන් පිළිබඳ දෙවැනි කථා පුවත.