යෙදුමෙන් කියවන්න

3-4. සබ‍්බහුලකුමාරකවත්‍ථු අට‍්ඨකථා

3-4. සබ‍්බහුලකුමාරකවත්‍ථු

3-4. බොහෝ කුමාරවරුන්ගේ කථාපුවත

සුඛකාමානි භූතානීති ඉමං ධම‍්මදෙසනං සත්‍ථා ජෙතවනෙ විහරන‍්තො සම‍්බහුලෙ කුමාරකෙ ආරබ‍්භ කථෙසි.

“සුඛකාමානි භූතානී” - යන මේ දම් දෙසුම ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටිය දී දරුවන් පිරිසක් නිමිති කරගෙන දෙසූහ.

එකස‍්මිඤ‍්හි සමයෙ සත්‍ථා සාවත්‍ථියං පිණ‍්ඩාය පවිසන‍්තො අන‍්තරාමග‍්ගෙ සම‍්බහුලෙ කුමාරකෙ එකං ඝරසප‍්පජාතිකං අහිං දණ‍්ඩකෙන පහරන‍්තෙ දිස‍්වා “කුමාරකා කිං කරොථා”ති පුච‍්ඡිත්‍වා “අහිං, භන‍්තෙ, දණ‍්ඩකෙන පහරාමා”ති වුත‍්තෙ “කිං කාරණා”ති පුන පුච‍්ඡිත්‍වා “ඩංසනභයෙන, භන‍්තෙ”ති වුත‍්තෙ “තුම‍්හෙ ‘අත‍්තනො සුඛං කරිස‍්සාමා’ති ඉමං පහරන‍්තා නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ සුඛලාභිනො න භවිස‍්සථ. අත‍්තනො සුඛං පත්‍ථෙන‍්තෙන හි පරං පහරිතුං න වට‍්ටතී”ති වත්‍වා අනුසන්‍ධිං ඝටෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ඉමා ගාථා අභාසි –

එක් දිනක් බුදුරජාණන් වහන්සේ සැවත් නුවර පිඬු පිණිස පිවිසියේ අතරමග දී දරුවන් බොහෝ දෙනෙක් ගැරැඩියෙකුට දණ්ඩකින් පහර දෙනු දැක. දරුවනි ! කුමක් කරන්නේදැයි විමසූහ. අපි දණ්ඩෙන් සර්පයෙකු මරන්නෙමුයි පැවසූහ. කුමක් හෙයින් මරන්නේදැයි විමසා දෂ්ටකරයි යන බියෙන් මරන්නෙමුයි පැවසූවිට, නුඹලා තමන්ට සැපයක් කරගන්නේ යයි සිතමින් මේ සතා මැරීමෙන් ඉපදෙන හැමතැනකදීම සුවය නො ලබන්නෝය. තම සුවය සිතන්නවුන් විසින් අන් අය නැසීම සුදුසු නොවේයි පවසා පිළිවෙළ කථාව සසඳා දහම් දෙසමින් මේ ගාථාව පැවසූහ.

“සුඛකාමානි භූතානි, යො දණ‍්ඩෙන විහිංසති; අත‍්තනො සුඛමෙසානො, පෙච‍්ච සො න ලභතෙ සුඛං.

සුව කැමති සත්නට එපා දුක් ගෙන දෙන්නට දුක් දෙන දනන් හට නිරය දුක් සිදුවේ ගෙවන්නට

“සුඛකාමානි භූතානි, යො දණ‍්ඩෙන න හිංසති; අත‍්තනො සුඛමෙසානො, පෙච‍්ච සො ලභතෙ සුඛ”න‍්ති.

අවිමුගුරු අරගෙන මිනිසුන් සතුන් නොමරන මෙත්සිතින් වැජඹෙන දනෝවෙති දෙව්සුවය වළඳන

“සැප කැමැතිව යමෙක් (දණ්ඩකින්) දඬුවම් කිරීමෙන් අන් සතුන් පෙළන්නේද එබඳු ඇය සැප කැමතිවුවද පරලොවදී සැප නොලබති සැප කැමැත්තේ දඬුවම් දීමෙන් අන් සතුන් නොපෙළත් ද? ඔවුහු පරලොව දී සැප ලබති.

තත්‍ථ යො දණ‍්ඩෙනාති යො පුග‍්ගලො දණ‍්ඩෙන වා ලෙඩ‍්ඩුආදීහි වා විහෙඨෙති.

එහි යො දණ්ඩෙන - යනු යම් පුද්ගලයෙක් දණ්ඩකින් හෝ ගල් කැට කැබලි ආදියෙන් හෝ පෙළන්නේද?

පෙච‍්ච සො න ලභතෙ සුඛන‍්ති සො පුග‍්ගලො පරලොකෙ මනුස‍්සසුඛං වා දිබ‍්බසුඛං වා පරමත්‍ථභූතං වා නිබ‍්බානසුඛං න ලභති. දුතියගාථාය පෙච‍්ච සො ලභතෙති සො පුග‍්ගලො පරලොකෙ වුත‍්තප‍්පකාරං තිවිධම‍්පි සුඛං ලභතීති අත්‍ථො.

පෙච්ච සො නලභතෙ සුඛං - යනු ඒ පුද්ගලයා පරලොවදී මිනිස් සුවයක් හෝ දිව්‍ය සුවයක් හෝ පරමාර්ථ වශයෙන් නිවන් සුවයක් හෝ නො ලබයි. පෙච්ච සො ලභතෙ - යනු යම් පුද්ගලයෙක් පරලොවදී කියන ලද ලෙසට තුන් ආකාර වූ සුවයක් ලබයි යන අර්ථ දෙයි.

දෙසනාවසානෙ පඤ‍්චසතාපි තෙ කුමාරකා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහිංසූති.

දේශනය අවසානයේ දී පන්සියයක් වූ ඒ දරුවෝ සෝවාන් ඵලයෙහි පිහිටියහ.

සම‍්බහුලකුමාරකවත්‍ථු තතියං.

බොහෝ කුමාරවරුන්ගේ කථාපුවත